සූරා Al-Hijr الحجر
වාක්‍ය 99 · මක්කා · revelation order 54
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓر تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ وَقُرْءَانٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඅලිෆ්, ලාම්, රා.[1] එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.
See all translations of this verse →
رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ كَانُوا۟ مُسْلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Center(මෙලොව දී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.
See all translations of this verse →
ذَرْهُمْ يَأْكُلُوا۟ وَيَتَمَتَّعُوا۟ وَيُلْهِهِمُ ٱلْأَمَلُ فَسَوْفَ يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන්ව වෙනතකට යොමු කරයි. තවද ඔවුහු මතු දැන ගනු ඇත.
See all translations of this verse →
وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَّعْلُومٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නො කළෙමු.
See all translations of this verse →
مَّا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerකිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නො කරයි. තවද ඔවුහු ප්‍රමාද ද නො වෙති.
See all translations of this verse →
وَقَالُوا۟ يَٰٓأَيُّهَا ٱلَّذِى نُزِّلَ عَلَيْهِ ٱلذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මෙනෙහි කිරීම (අල් කුර්ආනය) කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණනි! නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.
See all translations of this verse →
لَّوْ مَا تَأْتِينَا بِٱلْمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ සත්‍යවාදීන් අතරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නො වේ ද?
See all translations of this verse →
مَا نُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ إِلَّا بِٱلْحَقِّ وَمَا كَانُوٓا۟ إِذًا مُّنظَرِينَ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) සත්‍ය හේතුවකින් මිස මලක්වරුන් පහළ නො කරන්නෙමු. එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නො වෙති.
See all translations of this verse →
إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු.
See all translations of this verse →
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى شِيَعِ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹට පෙර වූ ආරම්භක පිරිස් අතරට ද සැබැවින් ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.
See all translations of this verse →
وَمَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කරමින් ම සිටියහ.
See all translations of this verse →
كَذَٰلِكَ نَسْلُكُهُۥ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerවැරදිකරුවන්ගේ හදවත් තුළට ද අපි එය කාවද්දනුයේ එලෙස ය.
See all translations of this verse →
لَا يُؤْمِنُونَ بِهِۦ وَقَدْ خَلَتْ سُنَّةُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු එය විශ්වාස නො කරති. තවද සැබැවින් ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.
See all translations of this verse →
وَلَوْ فَتَحْنَا عَلَيْهِم بَابًا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّوا۟ فِيهِ يَعْرُجُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නො කරති.)
See all translations of this verse →
لَقَالُوٓا۟ إِنَّمَا سُكِّرَتْ أَبْصَٰرُنَا بَلْ نَحْنُ قَوْمٌ مَّسْحُورُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. එමෙන් ම අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු සැබැවින් ම පැවසූහ.
See all translations of this verse →
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّٰهَا لِلنَّٰظِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.
See all translations of this verse →
وَحَفِظْنَٰهَا مِن كُلِّ شَيْطَٰنٍ رَّجِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන් ම අපි එය ආරක්ෂා කළෙමු.
See all translations of this verse →
إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.
See all translations of this verse →
وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ شَىْءٍ مَّوْزُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මහපොළොව දිගු හැරියෙමු. තවද එහි අපි ස්ථීර කඳු හෙළුවෙමු. තවද අපි එහි සෑම වස්තුවකින් ම නිර්ණය කළ දෑ හට ගැන්වූයෙමු.
See all translations of this verse →
وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ وَمَن لَّسْتُمْ لَهُۥ بِرَٰزِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටත් ජීවන පහසුකම් ඇති කළෙමු.
See all translations of this verse →
وَإِن مِّن شَىْءٍ إِلَّا عِندَنَا خَزَآئِنُهُۥ وَمَا نُنَزِّلُهُۥٓ إِلَّا بِقَدَرٍ مَّعْلُومٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව මිස වෙනත් කිසිවකු සතුව නැත. තවද අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නො කරන්නෙමු.
See all translations of this verse →
وَأَرْسَلْنَا ٱلرِّيَٰحَ لَوَٰقِحَ فَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَسْقَيْنَٰكُمُوهُ وَمَآ أَنتُمْ لَهُۥ بِخَٰزِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි සුළඟ (ජලය) උසුලන අයුරින් එවා අහසින් ජලය පහළ කොට නුඹලා එයට රැස් කරන්නන් ලෙස නො සිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.
See all translations of this verse →
وَإِنَّا لَنَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَنَحْنُ ٱلْوَٰرِثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අප ම ය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.
See all translations of this verse →
وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَقْدِمِينَ مِنكُمْ وَلَقَدْ عَلِمْنَا ٱلْمُسْتَـْٔخِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපි නුඹලා අතරින් පෙර ගියවුන් පිළිබඳව දනිමු. එමෙන් ම පසු පැමිණෙන්නවුන් පිළිබඳව ද අපි දනිමු.
See all translations of this verse →
وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ إِنَّهُۥ حَكِيمٌ عَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් එක්රැස් කරනු ඇත. නියත වශයෙන් ම ඔහු ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.
See all translations of this verse →
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.
See all translations of this verse →
وَٱلْجَآنَّ خَلَقْنَٰهُ مِن قَبْلُ مِن نَّارِ ٱلسَّمُومِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.
See all translations of this verse →
وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى خَٰلِقٌۢ بَشَرًا مِّن صَلْصَٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මම (දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.
See all translations of this verse →
فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَٰجِدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව මම ඔහුව විධිමත්ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. (යැයි නුඹගේ පරමාධිපති පැවසී ය.)
See all translations of this verse →
فَسَجَدَ ٱلْمَلَٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනා ම සිරස නමා සුජූද් කළෝ ය.
See all translations of this verse →
إِلَّآ إِبْلِيسَ أَبَىٰٓ أَن يَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමඟ වීමට පිටුපෑවේ ය.
See all translations of this verse →
قَالَ يَٰٓإِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ ٱلسَّٰجِدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ඉබ්ලීස්! නුඹ සුජූද් කරන්නන් සමඟ නො වීමට නුඹට කුමක් වී දැ? යි ඔහු විමසුවේ ය.
See all translations of this verse →
قَالَ لَمْ أَكُن لِّأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُۥ مِن صَلْصَٰلٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ
Sinhalese Translation - Rowwad Translation Center(දිගු කල් පැවතීමෙන්) වෙනස් වන සුළු, වියළුණු කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කරන්නට නො වෙමි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නම් නුඹ මින් බැහැරව යනු. නියත වශයෙන් ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
وَإِنَّ عَلَيْكَ ٱللَّعْنَةَ إِلَىٰ يَوْمِ ٱلدِّينِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත.
See all translations of this verse →
قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේනම් නියත වශයෙන් ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ
Sinhalese Translation - Rowwad Translation Centerනියමිත වේලාවේ දිනය දක්වා.
See all translations of this verse →
قَالَ رَبِّ بِمَآ أَغْوَيْتَنِى لَأُزَيِّنَنَّ لَهُمْ فِى ٱلْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කර පෙන්වන්නෙමි. තවද සැබැවින් ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේ ය.
See all translations of this verse →
إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන් අතරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.
See all translations of this verse →
قَالَ هَٰذَا صِرَٰطٌ عَلَىَّ مُسْتَقِيمٌ
Sinhalese Translation - Rowwad Translation Center"මෙය මා වෙත පිහිටි ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.
See all translations of this verse →
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌ إِلَّا مَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْغَاوِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. එහෙත් සීමාව ඉක්මවා ගියවුන් අතරින් නුඹව පිළිපදින්නන්ට හැර.
See all translations of this verse →
وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නිරය ඔවුන් සියලු දෙනා හට ම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.
See all translations of this verse →
لَهَا سَبْعَةُ أَبْوَٰبٍ لِّكُلِّ بَابٍ مِّنْهُمْ جُزْءٌ مَّقْسُومٌ
Sinhalese Translation - Rowwad Translation Center"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් අතරින් වෙන් කරන ලද කොටසක් ඇත"
See all translations of this verse →
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَعُيُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත්වල වෙති.
See all translations of this verse →
ٱدْخُلُوهَا بِسَلَٰمٍ ءَامِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එහි නිර්භයව සාමයෙන් පිවිසෙනු.
See all translations of this verse →
وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّ إِخْوَٰنًا عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.
See all translations of this verse →
لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُم مِّنْهَا بِمُخْرَجِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහි ඔවුනට කිසිදු වෙහෙසක් වෙළා නො ගනී. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නො වෙති.
See all translations of this verse →
نَبِّئْ عِبَادِىٓ أَنِّىٓ أَنَا ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බව මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.
See all translations of this verse →
وَأَنَّ عَذَابِى هُوَ ٱلْعَذَابُ ٱلْأَلِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මාගේ දඬුවම වන එය මය වේදනීය දඬුවම බව ඔවුනට දන්වා සිටිනු.
See all translations of this verse →
وَنَبِّئْهُمْ عَن ضَيْفِ إِبْرَٰهِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ ඉබ්රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳව ඔවුනට දන්වා සිටිනු.
See all translations of this verse →
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًا قَالَ إِنَّا مِنكُمْ وَجِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඔහු වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝ ය. නියත වශයෙන් ම අපි නුඹලා ගැන තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالُوا۟ لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ عَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ (අප ගැන) තැති නො ගනු. නියත වශයෙන් ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
قَالَ أَبَشَّرْتُمُونِى عَلَىٰٓ أَن مَّسَّنِىَ ٱلْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමහලු විය මා වෙළාගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේ ය.
See all translations of this verse →
قَالُوا۟ بَشَّرْنَٰكَ بِٱلْحَقِّ فَلَا تَكُن مِّنَ ٱلْقَٰنِطِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි නුඹට සැබෑව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂා රහිත වූවන් අතරින් නො වනු.
See all translations of this verse →
قَالَ وَمَن يَقْنَطُ مِن رَّحْمَةِ رَبِّهِۦٓ إِلَّا ٱلضَّآلُّونَ
Sinhalese Translation - Rowwad Translation Centerනොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ වෙනත් කවුරුන් දැ? යි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ එවනු ලැබූවනි! නුඹලාගේ දෙසුම කුමක් දැ? යි ඔහු විමසුවේ ය.
See all translations of this verse →
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
إِلَّآ ءَالَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන් ම ඔවුන් සියලු දෙනාව අපි මුදවා ගන්නන් වෙමු.
See all translations of this verse →
إِلَّا ٱمْرَأَتَهُۥ قَدَّرْنَآ إِنَّهَا لَمِنَ ٱلْغَٰبِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන් ම ඇය රැඳී සිටින්නන් අතරින් යැයි අපි නිර්ණය කළෙමු.
See all translations of this verse →
فَلَمَّا جَآءَ ءَالَ لُوطٍ ٱلْمُرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට දූතයෝ ලූත්ගේ පවුලේ අය වෙත පැමිණි කල්හි,
See all translations of this verse →
قَالَ إِنَّكُمْ قَوْمٌ مُّنكَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالُوا۟ بَلْ جِئْنَٰكَ بِمَا كَانُوا۟ فِيهِ يَمْتَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමඟ අපි ඔබ වෙත පැමිණ ඇත්තෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
وَأَتَيْنَٰكَ بِٱلْحَقِّ وَإِنَّا لَصَٰدِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සත්‍යය සමඟ ඔබ වෙත අපි පැමිණ ඇත්තෙමු. තවද නියත වශයෙන් ම අපි සත්‍යවාදීහු ම ය.
See all translations of this verse →
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ وَٱتَّبِعْ أَدْبَٰرَهُمْ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ وَٱمْضُوا۟ حَيْثُ تُؤْمَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමඟ ගමන් කරනු. ඔවුන්ගේ පසුපසින් නුඹද හඹා යනු. තවද නුඹලා අතරින් කිසිවකු හෝ හැරී නො බැලිය යුතු ය. තවද නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.
See all translations of this verse →
وَقَضَيْنَآ إِلَيْهِ ذَٰلِكَ ٱلْأَمْرَ أَنَّ دَابِرَ هَٰٓؤُلَآءِ مَقْطُوعٌ مُّصْبِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම උදෑසන මොවුන් මුලිනුපුටා දමනු ලබනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.
See all translations of this verse →
وَجَآءَ أَهْلُ ٱلْمَدِينَةِ يَسْتَبْشِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනගර වැසියෝ සතුටු විඳින්නට බලමින් පැමිණියෝ ය.
See all translations of this verse →
قَالَ إِنَّ هَٰٓؤُلَآءِ ضَيْفِى فَلَا تَفْضَحُونِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නො කරනු යැයි ඔහු (ලූත්) පැවසුවේ ය.
See all translations of this verse →
وَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නො කරනු.
See all translations of this verse →
قَالُوٓا۟ أَوَلَمْ نَنْهَكَ عَنِ ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Center(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹව නො වැළැක්වෙමු දැ? යි (ලූත්ගෙන්) විමසුවෝ ය.
See all translations of this verse →
قَالَ هَٰٓؤُلَآءِ بَنَاتِىٓ إِن كُنتُمْ فَٰعِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එසේ සිදු කරන්නන් ලෙස සිටියෙහු නම් මේ මාගේ දියණියන් වෙති යැයි ඔහු (ලූත්) පැවසුවේ ය.
See all translations of this verse →
لَعَمْرُكَ إِنَّهُمْ لَفِى سَكْرَتِهِمْ يَعْمَهُونَ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹගේ ආයු කාලය මත දිවුරමින්, නියත වශයෙන් ම ඔවුහු ඔවුන්ගේ උන්මාදයෙහි වියවුල්වී සිටියහ.
See all translations of this verse →
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُشْرِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින්, ඔවුන් උදෑසනට එළඹෙත් ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය.
See all translations of this verse →
فَجَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِّن سِجِّيلٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.
See all translations of this verse →
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّلْمُتَوَسِّمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.
See all translations of this verse →
وَإِنَّهَا لَبِسَبِيلٍ مُّقِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එය ප්‍රධාන මාර්ගයේ විය.
See all translations of this verse →
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥාවක් ඇත.
See all translations of this verse →
وَإِن كَانَ أَصْحَٰبُ ٱلْأَيْكَةِ لَظَٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම (ෂුඅයිබ්ගේ ජනයා වන) අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.
See all translations of this verse →
فَٱنتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන් ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක විය.
See all translations of this verse →
وَلَقَدْ كَذَّبَ أَصْحَٰبُ ٱلْحِجْرِ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම (සාලිහ්ගේ ජනයා වන) හිජ්ර් වැසියෝ ද රසූල්වරුන්ව බොරු කළෝ ය.
See all translations of this verse →
وَءَاتَيْنَٰهُمْ ءَايَٰتِنَا فَكَانُوا۟ عَنْهَا مُعْرِضِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා පිටු දකින්නන් වූහ.
See all translations of this verse →
وَكَانُوا۟ يَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا ءَامِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු නිවෙස් වශයෙන් කඳුවල ලෙන් හාරා සුරක්ෂිතයින් ලෙස සිටියහ.
See all translations of this verse →
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ مُصْبِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන් අලුයම එළඹෙත්ම මහා හඬ ඔවුන්ව ග්‍රහණය කළේ ය.
See all translations of this verse →
فَمَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يَكْسِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත.
See all translations of this verse →
وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَإِنَّ ٱلسَّاعَةَ لَـَٔاتِيَةٌ فَٱصْفَحِ ٱلصَّفْحَ ٱلْجَمِيلَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නො මැව්වෙමු. තවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහෙයින් අලංකාර අයුරින් සමාව දෙනු.
See all translations of this verse →
إِنَّ رَبَّكَ هُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව ඥානී මහා මැවුම්කරු.
See all translations of this verse →
وَلَقَدْ ءَاتَيْنَٰكَ سَبْعًا مِّنَ ٱلْمَثَانِى وَٱلْقُرْءَانَ ٱلْعَظِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද (නබිවරය!) සැබැවින් ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන හතක්) ද අතිමහත් අල්-කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.
See all translations of this verse →
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَٱخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අතරින් විවිධ අයට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නො කරනු. තවද ඔවුන් පිළිබඳව නුඹ දුක් නො වනු. දේවත්වය විශ්වාස කරන්නන්හට නුඹගේ පියාපත් පහත් කරනු.
See all translations of this verse →
وَقُلْ إِنِّىٓ أَنَا ٱلنَّذِيرُ ٱلْمُبِينُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම විවෘත අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.
See all translations of this verse →
كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ
Sinhalese Translation - Rowwad Translation Center(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).
See all translations of this verse →
ٱلَّذِينَ جَعَلُوا۟ ٱلْقُرْءَانَ عِضِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝ ය.
See all translations of this verse →
فَوَرَبِّكَ لَنَسْـَٔلَنَّهُمْ أَجْمَعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන් ම අපි විමසන්නෙමු.
See all translations of this verse →
عَمَّا كَانُوا۟ يَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු සිදු කරමින් සිටි දෑ පිළිබඳව (විමසන්නෙමු.)
See all translations of this verse →
فَٱصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ ٱلْمُشْرِكِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිට ම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නො සලකා හරිනු.
See all translations of this verse →
إِنَّا كَفَيْنَٰكَ ٱلْمُسْتَهْزِءِينَ
Sinhalese Translation - Rowwad Translation Centerසමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන් ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.
See all translations of this verse →
ٱلَّذِينَ يَجْعَلُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَسَوْفَ يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි අල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කරති. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත්ව ඇති බව සැබැවින් ම අපි දනිමු.
See all translations of this verse →
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُن مِّنَ ٱلسَّٰجِدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශාව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමඟ වනු.
See all translations of this verse →
وَٱعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ ٱلْيَقِينُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→