caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Nahl النحل

වාක්‍ය 128 · මක්කා · revelation order 70

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَتَىٰٓ أَمْرُ ٱللَّهِ فَلَا تَسْتَعْجِلُوهُ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ නියෝගය පැමිණ ඇත. එහෙයින් නුඹලා එයට ඉක්මන් නො වනු. ඔවුහු ආදේශ කරන දැයින් ඔහු සුපිවිතුරු ය. තවද උත්තරීතර ය.

See all translations of this verse →

يُنَزِّلُ ٱلْمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنْ أَمْرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ أَنْ أَنذِرُوٓا۟ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මා හැර වෙනත් දෙවිඳෙක් නොමැත. එහෙයින් නුඹලා මට බිය බැතිමත් විය යුතු යැයි (පවසා) නුඹලා අවවාද කිරීම සඳහා ඔහුගේ ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය වෙත ඔහුගේ නියෝගයෙන් ජීවමාන(දේව පණිවිඩ)ය රැගත් මලක්වරුන් ඔහු පහළ කරයි.

See all translations of this verse →

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ تَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසත්‍යයෙන් යුතුව, අහස් හා මහපොළොව ඔහු මැව්වේ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය.

See all translations of this verse →

خَلَقَ ٱلْإِنسَٰنَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerශුක්‍රාණු බිඳුවකින් ඔහු මිනිසාව මැව්වේ ය. එවිට පවා ඔහු ප්‍රකට වාද කරන්නෙකු වී ඇත.

See all translations of this verse →

وَٱلْأَنْعَٰمَ خَلَقَهَا لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَٰفِعُ وَمِنْهَا تَأْكُلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගොවිපළ සතුන් ද ඔහු නුඹලා වෙනුවෙන් ඒවා මැව්වේ ය. එහි නුඹලාට ආරක්ෂිත ඇඟලුම් හා ප්‍රයෝජන ඇත. තවද නුඹලා ඒවායින් අනුභව කරන්නෙහු ය.

See all translations of this verse →

وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගාල් කරන්නට සවසට දක්කාගෙන එන විට ද තණ බුදින්නට (උදෑසන) දක්කාගෙන යන විට ද නුඹලාට එහි අලංකාරය ඇත.

See all translations of this verse →

وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَىٰ بَلَدٍ لَّمْ تَكُونُوا۟ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلْأَنفُسِ إِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අසීරුවෙන් මිස ඒ වෙත ගෙන යාමට නොහැකි වූ ගමක් වෙත උන් නුඹලාගේ බඩුබාහිරාදිය උසුලාගෙන යති. නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති සානුකම්පිත ය. මහා කාරුණික ය.

See all translations of this verse →

وَٱلْخَيْلَ وَٱلْبِغَالَ وَٱلْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً وَيَخْلُقُ مَا لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අලංකාරයක් ලෙස ද ඒවායෙහි නැග ප්‍රවාහනය කරනු පිණිස ද අශ්වයින් කොටළුවන් හා බූරුවන් ද (ඔහු මැව්වේ ය.) තවද නුඹලා නොදන්නා දෑ ද ඔහු මවනු ඇත.

See all translations of this verse →

وَعَلَى ٱللَّهِ قَصْدُ ٱلسَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَآءَ لَهَدَىٰكُمْ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඍජු මාර්ගය පහදා දීම අල්ලාහ් සතු ය. තවද මාර්ග අතරින් වැරදි මාර්ග ද ඇත. තවද ඔහු අභිමත කළේ නම් ඔහු නුඹලා සියලු දෙනාට මග පෙන්වන්නට තිබුණි.

See all translations of this verse →

هُوَ ٱلَّذِىٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහසින් ජලය පහළ කළේ ඔහු ම ය. ඉන් නුඹලාට පානය ඇත. තවද එහි නුඹලා (සතුන්ට) බුදින්නට දෙන ගස් ද ඇත.

See all translations of this verse →

يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرْعَ وَٱلزَّيْتُونَ وَٱلنَّخِيلَ وَٱلْأَعْنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹලාට එමඟින් ගොයම ද, ඔලිව් ද, ඉඳි ද, මිදි ද තවත් සියලු බවභෝගවලින් ද හට ගන්වයි. සිතා බලන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.

See all translations of this verse →

وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ وَٱلشَّمْسَ وَٱلْقَمَرَ وَٱلنُّجُومُ مُسَخَّرَٰتٌۢ بِأَمْرِهِۦٓ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. තවද සියලු තාරකා ඔහුගේ අණසකට වසඟ කරනු ලැබ ඇත. වටහා ගන්නා ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවන් ඇත.

See all translations of this verse →

وَمَا ذَرَأَ لَكُمْ فِى ٱلْأَرْضِ مُخْتَلِفًا أَلْوَٰنُهُۥٓ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවේ නුඹලාට එහි විවිධ වර්ණයෙන් වෙනස්ව බිහි කළ දෑ ද (ඔහු වසඟ කර දුන්නේ ය.) මෙනෙහි කරන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.

See all translations of this verse →

وَهُوَ ٱلَّذِى سَخَّرَ ٱلْبَحْرَ لِتَأْكُلُوا۟ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُوا۟ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى ٱلْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි මහ මුහුද නුඹලා එයින් නැවුම් මස් අනුභව කරනු පිණිස ද නුඹලා පලඳින ආභරණ එයින් ගොඩ ගනු පිණිස ද වසඟ කර දුන්නේ ය. තවද එහි (රළ) හාන නැව් ද නුඹ දකිනු ඇත. එමෙන් ම ඔහුගේ භාග්‍යය නුඹලා සොයනු පිණිස ද වේ. තවද (එය) නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ය.

See all translations of this verse →

وَأَلْقَىٰ فِى ٱلْأَرْضِ رَوَٰسِىَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَٰرًا وَسُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය නුඹලා සමඟ කම්පනය නො වනු වස් මහපොළොවේ ස්ථීරව පිහිටන කඳුහෙල් ඔහු හෙළුවේ ය. තවද ගංගා හා මාර්ග ද (ඇති කළේය). නුඹලා නිසිමග ලැබිය හැකි වනු පිණිස.

See all translations of this verse →

وَعَلَٰمَٰتٍ وَبِٱلنَّجْمِ هُمْ يَهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සලකුණු ද (ඔහු ඇති කළේ ය.) තරු මඟින් ඔවුහු නිසිමග දැන ගනු ඇත.

See all translations of this verse →

أَفَمَن يَخْلُقُ كَمَن لَّا يَخْلُقُ أَفَلَا تَذَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මවන්නා නොමවන අය මෙන් වේවී ද? නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?

See all translations of this verse →

وَإِن تَعُدُّوا۟ نِعْمَةَ ٱللَّهِ لَا تُحْصُوهَآ إِنَّ ٱللَّهَ لَغَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ ආශිර්වාද නුඹලා ගණන් කළ ද නුඹලා ඒවා තක්සේරු නො කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; කරුණා ගුණයෙන් යුක්ත ය.

See all translations of this verse →

وَٱللَّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සඟවන දෑ ද නුඹලා හෙළි කරන දෑ ද අල්ලාහ් දනී.

See all translations of this verse →

وَٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخْلُقُونَ شَيْـًٔا وَهُمْ يُخْلَقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හැර දමා ඔවුන් අයැද සිටින අය කිසිවක් නොමවන අතර ඔවුහු ද (අල්ලාහ් විසින්) මවනු ලබන්නෝ වෙති.

See all translations of this verse →

أَمْوَٰتٌ غَيْرُ أَحْيَآءٍ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ප්‍රාණය නොමැති මළවුන් ය. තවද ඔවුහු නැවත නැගිටුවනු ලබනුයේ කවදා දැ? යි වටහා නො ගනිති.

See all translations of this verse →

إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ දෙවිඳු එක ම දෙවිඳා ය. එහෙයින් පරමාන්ත දිනය පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුන්ගේ හදවත් (එය විශ්වාස කිරීමට) පිළිකුල් කරයි. තවද ඔවුහු අහංකාරකම් පාන්නෝ වෙති.

See all translations of this verse →

لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْتَكْبِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන් ම අල්ලාහ් දන්නා බවට කිසිදු සැකයක් නැත. නියත වශයෙන් ම ඔහු අහංකාරකම් පාන්නන් ප්‍රිය නො කරයි.

See all translations of this verse →

وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمْ قَالُوٓا۟ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි ඔවුන් විමසනු ලැබූ විට මුතුන්මිත්තන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

لِيَحْمِلُوٓا۟ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ ٱلْقِيَٰمَةِ وَمِنْ أَوْزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ أَلَا سَآءَ مَا يَزِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ බර හා ඔවුන් කිසිදු දැනුමකින් තොරව නොමග හැරියවුන්ගේ බර ඔවුන් සම්පූර්ණයෙන් උසුලනු පිණිස (මෙසේ ඔවුහු පවසති.) දැන ගනු! ඔවුන් උසුලන දෑ නපුරු ය.

See all translations of this verse →

قَدْ مَكَرَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَأَتَى ٱللَّهُ بُنْيَٰنَهُم مِّنَ ٱلْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ ٱلسَّقْفُ مِن فَوْقِهِمْ وَأَتَىٰهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර සිටියවුන් සැබැවින් ම කුමන්ත්‍රණ කළෝ ය. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ගොඩනැගිල්ල මුලිනුපුටා දැමුවේ ය. එවිට ඔවුනට ඉහළින් ඔවුන් මත වියන ඇද වැටිණ. තවද ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේ ය.

See all translations of this verse →

ثُمَّ يَوْمَ ٱلْقِيَٰمَةِ يُخْزِيهِمْ وَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تُشَٰٓقُّونَ فِيهِمْ قَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ إِنَّ ٱلْخِزْىَ ٱلْيَوْمَ وَٱلسُّوٓءَ عَلَى ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු (අල්ලාහ්) ඔවුන්ව අවමානයට ලක් කරයි. තවද නුඹලා තර්ක කරමින් සිටි එවන් මගේ හවුල්කරුවන් කොහේ දැ? යි විමසයි. නියත වශයෙන් ම අද දින නින්දාව හා නපුර දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් වෙත යැයි ඥානය දෙනු ලැබූවන් පවසති.

See all translations of this verse →

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ فَأَلْقَوُا۟ ٱلسَّلَمَ مَا كُنَّا نَعْمَلُ مِن سُوٓءٍۭ بَلَىٰٓ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි තමන් විසින් ම තමන්ට අපරාධ කරමින් සිටිය දී සුරදූතයින් ඔවුන්ව මරණයට පත් කළ අය වෙති. එවිට ඔවුන් (සුරදූතයින් වෙත) "අපි කිසිදු නපුරක් නො කළෙමු" යැයි පවසමින් යටහත්භාවය ඉදිරිපත් කරති. එසේ නොව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.

See all translations of this verse →

فَٱدْخُلُوٓا۟ أَبْوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَا فَلَبِئْسَ مَثْوَى ٱلْمُتَكَبِّرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා නිරයේ දොරටුවලින් එහි සදාතනිකයින් ලෙස ඇතුලු වනු. එවිට එම අහංකාරයින්ගේ නවාතැන සැබැවින් ම නපුරු විය.

See all translations of this verse →

وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوْا۟ مَاذَآ أَنزَلَ رَبُّكُمْ قَالُوا۟ خَيْرًا لِّلَّذِينَ أَحْسَنُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا حَسَنَةٌ وَلَدَارُ ٱلْـَٔاخِرَةِ خَيْرٌ وَلَنِعْمَ دَارُ ٱلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ පරමාධිපති පහළ කළේ කුමක් දැ? යි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන්ගෙන් විමසනු ලැබී ය. යහපතය යැයි ඔවුහු පැවසූහ. දැහැමි දෑ කළවුනට මෙලොවෙහි යහපත ඇත. එමෙන් ම මතු ලොව නිවහන උතුම් ය. තවද බිය බැතිමතුන්ගේ නිවහන යහපත් විය.

See all translations of this verse →

جَنَّٰتُ عَدْنٍ يَدْخُلُونَهَا تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ لَهُمْ فِيهَا مَا يَشَآءُونَ كَذَٰلِكَ يَجْزِى ٱللَّهُ ٱلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅද්න් (නම් සදා ස්ථීරව පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවාට පහළින් ගංගාවෝ ගලා බසිති. ඔවුන් අභිමත කරන දෑ එහි ඔවුනට ඇත. බිය බැතිමතුන්හට අල්ලාහ් ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.

See all translations of this verse →

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيْكُمُ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි ඔවුන් දැහැමියන්ව සිටිය දී මලක්වරුන් ඔවුන්ගේ ප්‍රාණය අත්පත් කර ගන්නා අය වෙති. නුඹලාට සලාම් (ශාන්තිය) අත්වේවා! නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් (ස්වර්ග) උයනට නුඹලා පිවිසෙනු යැයි ඔවුහු පවසති.

See all translations of this verse →

هَلْ يَنظُرُونَ إِلَّآ أَن تَأْتِيَهُمُ ٱلْمَلَٰٓئِكَةُ أَوْ يَأْتِىَ أَمْرُ رَبِّكَ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වෙත මලක්වරුන් පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ නියෝගය පැමිණීම හෝ හැර වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝ ද? ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද මෙලෙස ම ය. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගත්තෝ ය.

See all translations of this verse →

فَأَصَابَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන් සිදු කළ දෑහි නපුරු විපාක ඔවුනට අත් විය. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.

See all translations of this verse →

وَقَالَ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ نَّحْنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَهَلْ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් අභිමත කළේ නම් අප හෝ අපගේ මුතුන්මිත්තන් හෝ ඔහු හැර වෙනත් කිසිවකු නො නමදින්නට තිබුණි. එමෙන් ම ඔහුගේ නියෝගයෙන් තොරව කිසිවක් තහනම් නො කරන්නට තිබුණි යැයි අල්ලාහ්ට ආදේශ කළවුන් පැවසූහ. ඔවුනට පෙර සිටියවුන් සිදු කළේ ද එලෙස ම ය. (අපගේ නිවේදනය) පැහැදිලිව දන්වා සිටීම මිස වෙනත් කිසිදු වගකීමක් රසූල්වරුන් වෙත වී ද?

See all translations of this verse →

وَلَقَدْ بَعَثْنَا فِى كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱجْتَنِبُوا۟ ٱلطَّٰغُوتَ فَمِنْهُم مَّنْ هَدَى ٱللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ ٱلضَّلَٰلَةُ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු. එහෙයින් ඔවුන් අතරින් අල්ලාහ් මග පෙන්වූවන් වෙති. එමෙන් ම ඔවුන් අතරින් තමන් වෙත නොමග නියම වූවන් ද වෙති. එහෙයින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අවධානයෙන් බලනු.

See all translations of this verse →

إِن تَحْرِصْ عَلَىٰ هُدَىٰهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَهْدِى مَن يُضِلُّ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ යහ මග පිළිබඳ නුඹ ආශා කළ ද නියත වශයෙන් ම අල්ලාහ් නොමග හැරියවුනට මග නො පෙන්වනු ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු ද නොමැත.

See all translations of this verse →

وَأَقْسَمُوا۟ بِٱللَّهِ جَهْدَ أَيْمَٰنِهِمْ لَا يَبْعَثُ ٱللَّهُ مَن يَمُوتُ بَلَىٰ وَعْدًا عَلَيْهِ حَقًّا وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මියැදෙන්නන් අල්ලාහ් අවදි නො කරනු ඇතැයි ඔවුන් ස්ථීර විශ්වාසයෙන් යුතුව අල්ලාහ් මත දිවුරා පවසති. එසේ නොව එය ඔහු වෙත වූ සැබෑ ප්‍රතිඥාවකි. එනමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.

See all translations of this verse →

لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِى يَخْتَلِفُونَ فِيهِ وَلِيَعْلَمَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّهُمْ كَانُوا۟ كَٰذِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තෝ ද එය ඔවුනට ඔහු පැහැදිලි කරනු පිණිස ද නියත වශයෙන් ම තමන් මුසාවාදීහු වූවෙහි යැයි ප්‍රතික්ෂේප කළවුන් දැන ගනු පිණිස ද (එලෙස මළවුන් කෙරෙන් අවදි කරනු ලබනු ඇත.)

See all translations of this verse →

إِنَّمَا قَوْلُنَا لِشَىْءٍ إِذَآ أَرَدْنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ

Sinhalese Translation - Rowwad Translation Centerයම් දෙයක් අපි අභිමත කළ විට ඒ සඳහා අපගේ ප්‍රකාශය වනුයේ ‘කුන්’ (වනු) යැයි පැවසීම ය. එවිට එය සිදු වනු ඇත.

See all translations of this verse →

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ لَنُبَوِّئَنَّهُمْ فِى ٱلدُّنْيَا حَسَنَةً وَلَأَجْرُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපරාධ කරනු ලැබූවායින් පසුව අල්ලාහ් විෂයයෙහි නික්ම ගියවුන් වන ඔවුනට මෙලොවෙහි යහපත් ලෙස ඉඩ සලසා දෙන්නෙමු. තවද මතුලොව ප්‍රතිඵල අතිමහත් ය. ඔවුහු එය දැන සිටියාහු නම්.

See all translations of this verse →

ٱلَّذِينَ صَبَرُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි ඉවසා දරා ගත් අය වෙති. එමෙන් ම තම පරමාධිපති වෙත (සියල්ල) භාරකරන්නන් වෙති.

See all translations of this verse →

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًا نُّوحِىٓ إِلَيْهِمْ فَسْـَٔلُوٓا۟ أَهْلَ ٱلذِّكْرِ إِن كُنتُمْ لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹට පෙර සිටම, අපි ඔවුන් වෙත දේව පණිවිඩ දන්වමින් එවන ලද්දේ පිරිමීන් මිස වෙනත් කිසිවකු නො වේ. එහෙයින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුමැත්තන්ගෙන් විමසනු.

See all translations of this verse →

بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَأَنزَلْنَآ إِلَيْكَ ٱلذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපැහැදිලි සාධක හා ධර්ම ග්‍රන්ථ සමඟ (ඔවුහු පැමිණියහ.) තවද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ජනයාට නුඹ පැහැදිලි කරනු පිණිස නුඹ වෙත (අල් කුර්ආනය හෙවත්) මෙම මෙනෙහි කිරීම අපි පහළ කළෙමු. තවද එය ඔවුන් සිතා බලනු පිණිස ය.

See all translations of this verse →

أَفَأَمِنَ ٱلَّذِينَ مَكَرُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن يَخْسِفَ ٱللَّهُ بِهِمُ ٱلْأَرْضَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනපුරුකම් කුමන්ත්‍රණය කළවුන් අල්ලාහ් ඔවුන්ව මහපොළොවෙහි ගිලා බැස්සවීම පිළිබඳව හෝ ඔවුන් නො සිතූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුන් නිර්භියව සිටිත් ද?

See all translations of this verse →

أَوْ يَأْخُذَهُمْ فِى تَقَلُّبِهِمْ فَمَا هُم بِمُعْجِزِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොමැති නම් ඔවුන් සැරිසැරීමේ දී ඔවුන්ව ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) තවද ඔවුන් (අල්ලාහ් ව) නො හැකියාවට පත් කරන්නන් නො වෙති.

See all translations of this verse →

أَوْ يَأْخُذَهُمْ عَلَىٰ تَخَوُّفٍ فَإِنَّ رَبَّكُمْ لَرَءُوفٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොමැති නම් බියෙන් පසුවෙමින් සිටිය දී ඔහු ඔවුන් ග්‍රහණය කිරීම ගැන (ඔවුන් නිර්භියව සිටිත් ද?) නමුත් නුඹගේ පරමාධිපති මහත් සෙනෙහෙවන්ත ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය.

See all translations of this verse →

أَوَلَمْ يَرَوْا۟ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ يَتَفَيَّؤُا۟ ظِلَٰلُهُۥ عَنِ ٱلْيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدًا لِّلَّهِ وَهُمْ دَٰخِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කවර දෙයක් මැව්වේ ද (ඒ) කිසිවක් දෙස ඔවුහු අවධානයෙන් නො බැලුවෝ ද? එහි සෙවණැල්ල දකුණතට හා වම්පැතිවලට නැඹුරු වී යටහත් පහත්ව අල්ලාහ්ට සිරස නමා වැඳ වැටෙයි.

See all translations of this verse →

وَلِلَّهِ يَسْجُدُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ مِن دَآبَّةٍ وَٱلْمَلَٰٓئِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජීවීන්ගෙන් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ද මලක්වරුන්ද අල්ලාහ්ට සුජූද් කරති. තවද ඔවුහු උඩඟු නො වෙති.

See all translations of this verse →

يَخَافُونَ رَبَّهُم مِّن فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ඉහළින් සිටින ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු සිදු කරති.

See all translations of this verse →

وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓا۟ إِلَٰهَيْنِ ٱثْنَيْنِ إِنَّمَا هُوَ إِلَٰهٌ وَٰحِدٌ فَإِيَّٰىَ فَٱرْهَبُونِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දෙවියන් දෙදෙනෙකු වශයෙන් නො ගනු. නියත වශයෙන් ම ඔහු එක ම දෙවිඳා ය. එබැවින් මට ම නුඹලා බිය වනු යැයි අල්ලාහ් පැවසුවේ ය.

See all translations of this verse →

وَلَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًا أَفَغَيْرَ ٱللَّهِ تَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සතු ය. තවද සදා අවනතභාවය ද ඔහු සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් නො වන දෑට බිය බැතිමත් වන්නෙහු ද?

See all translations of this verse →

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ ٱللَّهِ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيْهِ تَجْـَٔرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට කවර හෝ ආශිර්වාදයක් වී නම් එය අල්ලාහ්ගෙනි. පසුව නුඹලාට යම් හානියක් අත් වූ විට නුඹලා විලාප නගනුයේ ඔහු වෙත ම ය.

See all translations of this verse →

ثُمَّ إِذَا كَشَفَ ٱلضُّرَّ عَنكُمْ إِذَا فَرِيقٌ مِّنكُم بِرَبِّهِمْ يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව නුඹලාගෙන් එම හානිය ඔහු ඉවත් කළ විට, එම අවස්ථාවේ නුඹලා අතරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ කරති.

See all translations of this verse →

لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත.

See all translations of this verse →

وَيَجْعَلُونَ لِمَا لَا يَعْلَمُونَ نَصِيبًا مِّمَّا رَزَقْنَٰهُمْ تَٱللَّهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَفْتَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් කොටසක් ඔවුන් නො දන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳව නියත වශයෙන් ම නුඹලා විමසනු ලබනු ඇත.

See all translations of this verse →

وَيَجْعَلُونَ لِلَّهِ ٱلْبَنَٰتِ سُبْحَٰنَهُۥ وَلَهُم مَّا يَشْتَهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ (පුතුන්) පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධ ය.

See all translations of this verse →

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِٱلْأُنثَىٰ ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.

See all translations of this verse →

يَتَوَٰرَىٰ مِنَ ٱلْقَوْمِ مِن سُوٓءِ مَا بُشِّرَ بِهِۦٓ أَيُمْسِكُهُۥ عَلَىٰ هُونٍ أَمْ يَدُسُّهُۥ فِى ٱلتُّرَابِ أَلَا سَآءَ مَا يَحْكُمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකවර දෙයක් පිළිබඳව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි නපුර හේතුවෙන් එය අවමානය සමඟ රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැ? යි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු! ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.

See all translations of this verse →

لِلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ مَثَلُ ٱلسَّوْءِ وَلِلَّهِ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerමතු ලොව පිළිබඳ විශ්වාස නො කළවුනට ඇත්තේ නපුරු උදාහරණයකි. අල්ලාහ්ට ඇත්තේ උසස් උදාහරණයකි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلْمِهِم مَّا تَرَكَ عَلَيْهَا مِن دَآبَّةٍ وَلَٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَـْٔخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර නො දමන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නො වන අතර ඔවුන් ඉක්මන් ද නො වනු ඇත.

See all translations of this verse →

وَيَجْعَلُونَ لِلَّهِ مَا يَكْرَهُونَ وَتَصِفُ أَلْسِنَتُهُمُ ٱلْكَذِبَ أَنَّ لَهُمُ ٱلْحُسْنَىٰ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفْرَطُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන් ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. නියත වශයෙන් ම ඔවුනට (නිරා) ගින්න ඇති බවටත් නියත වශයෙන් ම ඔවුන් (නිරා ගින්නෙහි) ප්‍රමුඛත්වය දෙනු ලැබූවන් බවටත් කිසිදු සැකයක් නොමැත.

See all translations of this verse →

تَٱللَّهِ لَقَدْ أَرْسَلْنَآ إِلَىٰٓ أُمَمٍ مِّن قَبْلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيْطَٰنُ أَعْمَٰلَهُمْ فَهُوَ وَلِيُّهُمُ ٱلْيَوْمَ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම, සැබැවින් ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. එහෙත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේ ය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහු ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

See all translations of this verse →

وَمَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِى ٱخْتَلَفُوا۟ فِيهِ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද දේවත්වය විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ නො කළෙමු.

See all translations of this verse →

وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَسْمَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් අහසින් ජලය පහළ කොට මහපොළොව මිය ගිය පසුව එමඟින් ඔහු එය ප්‍රාණවත් කරයි. සවන් දෙන ජනයාට නියත වශයෙන් ම එහි සංඥාවක් ඇත.

See all translations of this verse →

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهِۦ مِنۢ بَيْنِ فَرْثٍ وَدَمٍ لَّبَنًا خَالِصًا سَآئِغًا لِّلشَّٰرِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට ආදර්ශයක් ඇත. උන්ගේ කුස තුළ මල හා ලේ අතර වූ දැයින් පානය කරන්නන්හට රසවත් පිරිසිදු කිරි අපි නුඹලාට පානය කිරීමට සපයන්නෙමු.

See all translations of this verse →

وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلْأَعْنَٰبِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉඳි හා මිදි (වැනි) පලතුරුවලින් ද (පානය කිරීමට සපයන්නෙමු.) නුඹලා ඉන් මත් පැන් හා ප්‍රණීත ආහාර ගන්නෙහු ය. නියත වශයෙන් ම එහි අවබෝධ කර ජනයාට සංඥාවක් ඇත.

See all translations of this verse →

وَأَوْحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحْلِ أَنِ ٱتَّخِذِى مِنَ ٱلْجِبَالِ بُيُوتًا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعْرِشُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳුවල ද ගස්වල ද ඔවුන් ඉදි කරන දෑහි ද නුඹ නිවෙස් තනා ගනුයි මී මැස්සියට නුඹගේ පරමාධිපති හැඟෙව්වේ ය.

See all translations of this verse →

ثُمَّ كُلِى مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسْلُكِى سُبُلَ رَبِّكِ ذُلُلًا يَخْرُجُ مِنۢ بُطُونِهَا شَرَابٌ مُّخْتَلِفٌ أَلْوَٰنُهُۥ فِيهِ شِفَآءٌ لِّلنَّاسِ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව නුඹ සියලු පලතුරුවලින් අනුභව කර නුඹගේ පරමාධිපතිගේ මං මාවත්වල පහසුවෙන් ගමන් ගනු. උගේ කුස තුළින් එහි විවිධ වර්ණයෙන් වූ පානය පිටවෙයි. එහි ජනයාට සුවය ඇත. නියත වශයෙන් ම එහි සිතා බලන ජනයාහට සංඥාවක් ඇත.

See all translations of this verse →

وَٱللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّىٰكُمْ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَىْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْـًٔا إِنَّ ٱللَّهَ عَلِيمٌ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නුඹලාව මැව්වේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. දැනුම ලැබුවායින් පසු කිසිවක් දැනගත නොහැකි පරිදි දුබල වියට යොමු කරනු ලබන්නන් ද නුඹලා අතර වෙති. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහා ශක්තිවන්ත ය.

See all translations of this verse →

وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِى ٱلرِّزْقِ فَمَا ٱلَّذِينَ فُضِّلُوا۟ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වඩා සම්පත්වලින් උසස් කළේ ය. එසේ උසස් කරනු ලැබූවන් ඔවුන්ගේ සම්පත් ඔවුන්ගේ දකුණත් හිමිකර ගත් අයට දී ඔවුන් තමන්ට සමානයින් බවට පත් කර නො ගනී. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?

See all translations of this verse →

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِ أَفَبِٱلْبَٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා තුළින් ම නුඹලාට කලත්‍රයන් අල්ලාහ් ඇති කළේ ය. තවද නුඹලාගේ කලත්‍රයන් තුළින් නුඹලාට දරුවන් හා මුණුබුරන් ඇති කළේ ය. තවද නුඹලාට යහපත් දැයින් පෝෂණය කළේ ය. එහෙයින් ඔවුහු අසත්‍යය විශ්වාස කර අල්ලාහ්ගේ ආශිර්වාදය ප්‍රතික්ෂේප කරන්නෝ ද?

See all translations of this verse →

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ شَيْـًٔا وَلَا يَسْتَطِيعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් හැර දමා, අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන් ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු නැමදුම් කරන්නෝ ද.

See all translations of this verse →

فَلَا تَضْرِبُوا۟ لِلَّهِ ٱلْأَمْثَالَ إِنَّ ٱللَّهَ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නො දක්වනු. නියත වශයෙන් ම අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය.

See all translations of this verse →

ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبْدًا مَّمْلُوكًا لَّا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَمَن رَّزَقْنَٰهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ يُنفِقُ مِنْهُ سِرًّا وَجَهْرًا هَلْ يَسْتَوُۥنَ ٱلْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අප ඔහුට පිරිනමා එයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ වියපැහැදම් කරන්නෙකු (යන දෙදෙනා) අල්ලාහ් උපමා ගෙන හැර දැක් වීය. ඔවුන් (දෙදෙනා) එක හා සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.

See all translations of this verse →

وَضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلَيْنِ أَحَدُهُمَآ أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَىْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَىٰهُ أَيْنَمَا يُوَجِّههُّ لَا يَأْتِ بِخَيْرٍ هَلْ يَسْتَوِى هُوَ وَمَن يَأْمُرُ بِٱلْعَدْلِ وَهُوَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උදාහරණයක් වශයෙන් ගෙන හැර දැක් වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහුව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා (යන දෙදෙනා) එක සමාන වේවි ද?

See all translations of this verse →

وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. තවද අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා එය සමීප ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්ත ය.

See all translations of this verse →

وَٱللَّهُ أَخْرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمْ لَا تَعْلَمُونَ شَيْـًٔا وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලාව බැහැර කළේ අල්ලාහ් ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද, බැල්ම ද, හදවත් ද ඇති කළේ ය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.

See all translations of this verse →

أَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ مُسَخَّرَٰتٍ فِى جَوِّ ٱلسَّمَآءِ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱللَّهُ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නො බැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.

See all translations of this verse →

وَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمْ سَكَنًا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلْأَنْعَٰمِ بُيُوتًا تَسْتَخِفُّونَهَا يَوْمَ ظَعْنِكُمْ وَيَوْمَ إِقَامَتِكُمْ وَمِنْ أَصْوَافِهَا وَأَوْبَارِهَا وَأَشْعَارِهَآ أَثَٰثًا وَمَتَٰعًا إِلَىٰ حِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේ ය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නවාතැන් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේ ය. තවද උන්ගේ බැටළු රෝමවලින් ද, එළු රෝමවලින් ද, ඔටු රෝමවලින් ද භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේ ය.)

See all translations of this verse →

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَٰلًا وَجَعَلَ لَكُم مِّنَ ٱلْجِبَالِ أَكْنَٰنًا وَجَعَلَ لَكُمْ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلْحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأْسَكُمْ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් තමන් මැවූ දැයින් නුඹලාට සෙවණ ඇති කළේ ය. තවද ඔහු නුඹලාට කඳුවල ලෙන් ද ඇති කළේ ය. උණුසුමින් නුඹලාව ආරක්ෂා කරන කබා හා (යුද්ධයේ දී) නුඹලාට ඇති වන අනතුරුවලින් ආරක්ෂා කරන කබා ද ඔහු නුඹලාට ඇති කළේ ය. එලෙස නුඹලා යටහත් විය හැකි වනු පිණිස ඔහු ඔහුගේ ආශිර්වාදය නුඹලාට සම්පූර්ණ කරන්නේ ය.

See all translations of this verse →

فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ ٱلْمُبِينُ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) පැහැදිලිව දන්වා සිටීම පමණි.

See all translations of this verse →

يَعْرِفُونَ نِعْمَتَ ٱللَّهِ ثُمَّ يُنكِرُونَهَا وَأَكْثَرُهُمُ ٱلْكَٰفِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුහු දනිති. පසුව ඔවුහු එය ප්‍රතික්ෂේප කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ ය.

See all translations of this verse →

وَيَوْمَ نَبْعَثُ مِن كُلِّ أُمَّةٍ شَهِيدًا ثُمَّ لَا يُؤْذَنُ لِلَّذِينَ كَفَرُوا۟ وَلَا هُمْ يُسْتَعْتَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින සෑම සමූහයකින් ම සාක්ෂිකරුවකු අප නැගිටුවන්නෙමු. පසුව ප්‍රතික්ෂේප කළවුනට (කිසිදු කටයුත්තක් සඳහා) අවසර දෙනු නො ලබනු ඇත. තවද ඔවුහු (අල්ලාහ් වෙත නැඹුරු වන මෙන්) බල කරනු ලබන්නන් ද නො වෙති.

See all translations of this verse →

وَإِذَا رَءَا ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلْعَذَابَ فَلَا يُخَفَّفُ عَنْهُمْ وَلَا هُمْ يُنظَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපරාධ කළවුන් එම දඬුවම දුටු විට ඔවුන්ගෙන් එය සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුහු අවකාශය දෙනු ලබන්නන් ද නො වෙති.

See all translations of this verse →

وَإِذَا رَءَا ٱلَّذِينَ أَشْرَكُوا۟ شُرَكَآءَهُمْ قَالُوا۟ رَبَّنَا هَٰٓؤُلَآءِ شُرَكَآؤُنَا ٱلَّذِينَ كُنَّا نَدْعُوا۟ مِن دُونِكَ فَأَلْقَوْا۟ إِلَيْهِمُ ٱلْقَوْلَ إِنَّكُمْ لَكَٰذِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (අල්ලාහ්ගේ දේවත්වයට) සමානයන් තැබූවන් ඔවුන්ගේ (එම) සම දෙවිවරුන් දුටු විට, අපගේ පරමාධිපතියාණනි! නුඹව හැර දමා අප ඇරයුම් කරමින් සිටි අපගේ සම දෙවිවරුන් මොවුන් ය. එවිට නියත වශයෙන් ම නුඹලා මුසාවාදීහුය යැයි ඔවුහු ඔවුනට ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.

See all translations of this verse →

وَأَلْقَوْا۟ إِلَى ٱللَّهِ يَوْمَئِذٍ ٱلسَّلَمَ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින යටහත්භාවය අල්ලාහ් වෙත ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුහු ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා වී යති.

See all translations of this verse →

ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ زِدْنَٰهُمْ عَذَابًا فَوْقَ ٱلْعَذَابِ بِمَا كَانُوا۟ يُفْسِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන්ට, ඔවුන් කලහකම් කරමින් සිටි බැවින් ඔවුනට අපි එම දඬුවමට ඉහළින් දඬුවමක් අධික කරන්නෙමු.

See all translations of this verse →

وَيَوْمَ نَبْعَثُ فِى كُلِّ أُمَّةٍ شَهِيدًا عَلَيْهِم مِّنْ أَنفُسِهِمْ وَجِئْنَا بِكَ شَهِيدًا عَلَىٰ هَٰٓؤُلَآءِ وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَٰبَ تِبْيَٰنًا لِّكُلِّ شَىْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එම දිනයේ දී සෑම සමූහයකට ම ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු ඔවුන් අතරින් නැගිටුවන්නෙමු. මොවුනට (මෙම සමූහයාට) එරෙහිව අපි නුඹව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද ධර්ම ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ يَأْمُرُ بِٱلْعَدْلِ وَٱلْإِحْسَٰنِ وَإِيتَآئِ ذِى ٱلْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ ٱلْفَحْشَآءِ وَٱلْمُنكَرِ وَٱلْبَغْىِ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන් ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි.

See all translations of this verse →

وَأَوْفُوا۟ بِعَهْدِ ٱللَّهِ إِذَا عَٰهَدتُّمْ وَلَا تَنقُضُوا۟ ٱلْأَيْمَٰنَ بَعْدَ تَوْكِيدِهَا وَقَدْ جَعَلْتُمُ ٱللَّهَ عَلَيْكُمْ كَفِيلًا إِنَّ ٱللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ගිවිස ගත් විට අල්ලාහ්ගේ ගිවිසුම නුඹලා පූර්ණව ඉටු කරනු. තවද නුඹලා වෙත භාරකරු වශයෙන් නුඹලා අල්ලාහ්ව පත් කර තිබිය දී නුඹලා එය තහවුරු කිරීමෙන් පසුව කඩ නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ දනී.

See all translations of this verse →

وَلَا تَكُونُوا۟ كَٱلَّتِى نَقَضَتْ غَزْلَهَا مِنۢ بَعْدِ قُوَّةٍ أَنكَٰثًا تَتَّخِذُونَ أَيْمَٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ أَن تَكُونَ أُمَّةٌ هِىَ أَرْبَىٰ مِنْ أُمَّةٍ إِنَّمَا يَبْلُوكُمُ ٱللَّهُ بِهِۦ وَلَيُبَيِّنَنَّ لَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ مَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ශක්තිමත්ව ගෙතුවායින් පසුව එම ගෙතුම කැබලිවලට කඩා දමන්නියක් ලෙස නුඹලා නො වනු. එක් සමූහයකට වඩා තවත් සමූහයකට වාසිදායී වන අයුරින් නුඹලාගේ දිවුරුම් නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා ගත්තෙහු ය. එමඟින් අල්ලාහ් නුඹලාව පරීක්ෂා කරනු ඇත. තවද නුඹලා කවර විෂයක මත ගැටුම් ඇති කර ගත්තේ ද එය මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු නුඹලාට පැහැදිලි කරනු ඇත.

See all translations of this verse →

وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَٰحِدَةً وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ وَلَتُسْـَٔلُنَّ عَمَّا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් අභිමත කර ඇත්නම් එක ම සමූහයක් බවට නුඹලාව පත් කරන්නට තිබුණි. එනමුත් ඔහු අභිමත කරන අයව නොමඟ යන්නට ඉඩ හරී. තවද ඔහු අභිමත කරන අයව යහ මග යොමු කරයි. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳව සැබැවින් ම නුඹලා ප්‍රශ්න කරනු ලබන්නෙහු ය.

See all translations of this verse →

وَلَا تَتَّخِذُوٓا۟ أَيْمَٰنَكُمْ دَخَلًۢا بَيْنَكُمْ فَتَزِلَّ قَدَمٌۢ بَعْدَ ثُبُوتِهَا وَتَذُوقُوا۟ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمْ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمْ عَذَابٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නො ගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීරව තැබූ පසුව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත.

See all translations of this verse →

وَلَا تَشْتَرُوا۟ بِعَهْدِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නො විකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන් ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ.

See all translations of this verse →

مَا عِندَكُمْ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٍ وَلَنَجْزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓا۟ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සතුව ඇති දෑ ශූන්‍ය වී යනු ඇත. එහෙත් අල්ලාහ් සතුව ඇති දෑ ඉතිරිව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු.

See all translations of this verse →

مَنْ عَمِلَ صَٰلِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُۥ حَيَوٰةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا۟ يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerයම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු.

See all translations of this verse →

فَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ فَٱسْتَعِذْ بِٱللَّهِ مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.

See all translations of this verse →

إِنَّهُۥ لَيْسَ لَهُۥ سُلْطَٰنٌ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත.

See all translations of this verse →

إِنَّمَا سُلْطَٰنُهُۥ عَلَى ٱلَّذِينَ يَتَوَلَّوْنَهُۥ وَٱلَّذِينَ هُم بِهِۦ مُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ බලය බල පවත්වනුයේ ඔහුව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්)ට සමානයන් තබන්නන් කෙරෙහි ය.

See all translations of this verse →

وَإِذَا بَدَّلْنَآ ءَايَةً مَّكَانَ ءَايَةٍ وَٱللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مُفْتَرٍۭ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට; පහළ කළ යුත්තේ කුමක් ද? පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. නියත වශයෙන් ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නො දනිති.

See all translations of this verse →

قُلْ نَزَّلَهُۥ رُوحُ ٱلْقُدُسِ مِن رَّبِّكَ بِٱلْحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَهُدًى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතුව පහළ කළේ යැයි නුඹ පවසනු.

See all translations of this verse →

وَلَقَدْ نَعْلَمُ أَنَّهُمْ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٌ لِّسَانُ ٱلَّذِى يُلْحِدُونَ إِلَيْهِ أَعْجَمِىٌّ وَهَٰذَا لِسَانٌ عَرَبِىٌّ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඇත්තෙන් ම එය උගන්වනුයේ මිනිසෙකි යැයි නියත වශයෙන් ම ඔවුහු පවසන බව සැබැවින් ම අපි දනිමු. ඔවුන් කවරෙකු වෙත සම්බන්ධ කරමින් පවසන්නේ ද ඔහුගේ භාෂාව අරාබි නො වන භාෂාවයි. එහෙත් මෙය පැහැදිලි අරාබි භාෂාවයි.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ لَا يَهْدِيهِمُ ٱللَّهُ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් විශ්වාස නො කරන්නන් වනාහි ඔහු ඔවුනට මග නො පෙන්වයි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

See all translations of this verse →

إِنَّمَا يَفْتَرِى ٱلْكَذِبَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰذِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ බොරු ගොතනුයේ අල්ලාහ්ගේ වදන් විශ්වාස නො කරන්නන් ය. තවද ඔවුහු මය මුසාවාදීහූ.

See all translations of this verse →

مَن كَفَرَ بِٱللَّهِ مِنۢ بَعْدِ إِيمَٰنِهِۦٓ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُۥ مُطْمَئِنٌّۢ بِٱلْإِيمَٰنِ وَلَٰكِن مَّن شَرَحَ بِٱلْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ ٱللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් පිළිබඳ විශ්වාස කිරීමෙන් පසුව කවරෙකු ඔහුව ප්‍රතික්ෂේප කළේ ද (ඔහු වෙත අල්ලාහ්ගේ කෝපය ඇත.) තම සිත දේව විශ්වාසයේ තැන්පත්ව තිබිය දී බල කරනු ලැබූ අයෙකු හැර. (ඔහු කෙරහි වරදක් නැත.) එනමුත් හදවත දේව ප්‍රතික්ෂේපයෙන් විවෘත කළවුන් වන ඔවුනට අල්ලාහ් වෙතින් වූ කෝපය ඇත. එමෙන් ම ඔවුනට අතිමහත් වූ දඬුවමක් ද ඇත.

See all translations of this verse →

ذَٰلِكَ بِأَنَّهُمُ ٱسْتَحَبُّوا۟ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْـَٔاخِرَةِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඔවුහු මතුලොවට වඩා මෙලොව ජීවිතය ප්‍රිය කළ බැවිනි. තවද නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කරන ජනයාට අල්ලාහ් මග නො පෙන්වයි.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَسَمْعِهِمْ وَأَبْصَٰرِهِمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْغَٰفِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත්, ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්‍රා තැබුවේ ය. තවද ඔවුහු මය අනවධානීව සිටින්නෝ.

See all translations of this verse →

لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْـَٔاخِرَةِ هُمُ ٱلْخَٰسِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මතුලොවෙහි පරාජිතයෝ ඔවුහු මය යන්නට කිසිදු සැකයක් නොමැත.

See all translations of this verse →

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُوا۟ مِنۢ بَعْدِ مَا فُتِنُوا۟ ثُمَّ جَٰهَدُوا۟ وَصَبَرُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ලැබූ පසුව නික්ම ගොස් (තම ජීවිත) කැප කොට ඉවසා දරා ගත්තවුනට නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සිටී. ඉන්පසුව නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය; මහා කරුණා ගුණයෙන් යුක්ත ය.

See all translations of this verse →

يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍ تُجَٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින සෑම ආත්මයක් ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක් ම තමන් කළ දෑට පූර්ණව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.

See all translations of this verse →

وَضَرَبَ ٱللَّهُ مَثَلًا قَرْيَةً كَانَتْ ءَامِنَةً مُّطْمَئِنَّةً يَأْتِيهَا رِزْقُهَا رَغَدًا مِّن كُلِّ مَكَانٍ فَكَفَرَتْ بِأَنْعُمِ ٱللَّهِ فَأَذَٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ بِمَا كَانُوا۟ يَصْنَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් ගම්මානයක් උදාහරණයක් ලෙස ගෙන හැර පෙන්වී ය. එය සුරක්ෂිත සාමකාමී විය. සෑම තැනකින් ම පෝෂණය ඒ වෙත පැමිණියේ ය. එහෙත් එය (ගම් වාසීහු) අල්ලාහ්ගේ ආශිර්වාදය පිළිබඳ ගුණමකු විය. එවිට ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සාගින්නෙහි හා බියෙහි වස්ත්‍රය එයට විඳවන්නට සැලස් විය.

See all translations of this verse →

وَلَقَدْ جَآءَهُمْ رَسُولٌ مِّنْهُمْ فَكَذَّبُوهُ فَأَخَذَهُمُ ٱلْعَذَابُ وَهُمْ ظَٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් අතරින් දූතයකු ඔවුන් වෙත සැබැවින් ම පැමිණියේ ය. එහෙත් ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන් අපරාධකරුවන්ව සිටිය දී දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය.

See all translations of this verse →

فَكُلُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ حَلَٰلًا طَيِّبًا وَٱشْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් පිවිතුරු, අනුමත දෑ නුඹලා අනුභව කරනු. තවද නුඹලා අල්ලාහ්ට ම නැමදුම් කරමින් සිටියෙහු නම් ඔහුගේ ආශිර්වාදයට නුඹලා කෘතඥ වනු.

See all translations of this verse →

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ ٱلْمَيْتَةَ وَٱلدَّمَ وَلَحْمَ ٱلْخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيْرِ ٱللَّهِ بِهِۦ فَمَنِ ٱضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලා වෙත ඔහු තහනම් කර ඇත්තේ මළ දෑ, රුධිරය, ශූකර මාංශ හා කවර දෙයක් අල්ලාහ් නො වන දෑට කපන ලද්දේ ද ඒවා ය. එහෙත් කවරෙකු හෝ බල කරනු ලැබුවේ නම් ඔහු අසාධාරණ ලෙසින් හා සීමාව ඉක්මවීමෙන් තොරව (ඒවා අනුභව කළේ නම්) එවිට අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත ය.

See all translations of this verse →

وَلَا تَقُولُوا۟ لِمَا تَصِفُ أَلْسِنَتُكُمُ ٱلْكَذِبَ هَٰذَا حَلَٰلٌ وَهَٰذَا حَرَامٌ لِّتَفْتَرُوا۟ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කෙරෙහි නුඹලා බොරු ගොතනු වස් නුඹලාගේ දිවවල් වර්ණනා කරන දෑට මෙය අනුමත ය. මෙය තහනම්ය යැයි නුඹලා නො පවසනු. නියත වශයෙන් ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නො ලබති.

See all translations of this verse →

مَتَٰعٌ قَلِيلٌ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerස්වල්ප භුක්ති විඳීමකි. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

See all translations of this verse →

وَعَلَى ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ مِن قَبْلُ وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර අපි නුඹ වෙත පැවසූ දෑ යුදෙව් වූවන් වෙත අපි තහනම් කළෙමු. තවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නවුන් වූහ.

See all translations of this verse →

ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ عَمِلُوا۟ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍ ثُمَّ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوٓا۟ إِنَّ رَبَّكَ مِنۢ بَعْدِهَا لَغَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව නියත වශයෙන් ම අනුවනකමින් නපුරක් සිදු කොට ඉන් පසුව පශ්චාත්තාප වී තමන් හැඩ ගස්වා ගත් අයට නුඹගේ පරමාධිපති සිටී. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඉන් පසුව පවා අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය.

See all translations of this verse →

إِنَّ إِبْرَٰهِيمَ كَانَ أُمَّةً قَانِتًا لِّلَّهِ حَنِيفًا وَلَمْ يَكُ مِنَ ٱلْمُشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඉබ්රාහීම් අල්ලාහ්ට අවංකව අවනත වූ (නායකත්ව) සමූහයක් (මෙන්) විය. තවද ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය.

See all translations of this verse →

شَاكِرًا لِّأَنْعُمِهِ ٱجْتَبَىٰهُ وَهَدَىٰهُ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ ආශිර්වාදවලට කෘතවේදියකු විය. ඔහුව ඔහු තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මග පෙන්වී ය.

See all translations of this verse →

وَءَاتَيْنَٰهُ فِى ٱلدُّنْيَا حَسَنَةً وَإِنَّهُۥ فِى ٱلْـَٔاخِرَةِ لَمِنَ ٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මෙලොව යහපත අපි ඔහුට පිරිනැමුවෙමු. තවද නියත වශයෙන් ම ඔහු මතු ලොවෙහි දැහැමියන් අතර වෙයි.

See all translations of this verse →

ثُمَّ أَوْحَيْنَآ إِلَيْكَ أَنِ ٱتَّبِعْ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව “නුඹ ඉබ්රාහීම්ගේ අවංක වූ පිළිවෙත අනුගමනය කරනු. ඔහු ආදේශ කරන්නන් අතරින් නො වීය” යැයි අපි නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියෙමු.

See all translations of this verse →

إِنَّمَا جُعِلَ ٱلسَّبْتُ عَلَى ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ وَإِنَّ رَبَّكَ لَيَحْكُمُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම සෙනසුරාදා දින සීමාව නියම කරනු ලැබුවේ එහි මතභේද ඇති කර ගත්තවුන් කෙරෙහි ය. තවද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගනිමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන් අතර තීන්දු කරනු ඇත.

See all translations of this verse →

ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ وَجَٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඥානයෙන් යුතුව හා යහපත් උපදෙස් මඟින් නුඹ ඇරයුම් කරනු. තවද වඩාත් යහපත් දැයින් ඔවුන් සමඟ නුඹ තර්ක කරනු. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් පිළිබඳව මැනවින් දන්නා ය. තවද ඔහු යහ මග ගියවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය.

See all translations of this verse →

وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا۟ بِمِثْلِ مَا عُوقِبْتُم بِهِۦ وَلَئِن صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِّلصَّٰبِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දඬුවම් කරන්නෙහු නම් නුඹලා කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව නුඹලා දඬුවම් කරනු. තවද නුඹලා ඉවසා දරා ගත්තෙහු නම් ඉවසිලිවන්තයින්හට එය උතුම්ය.

See all translations of this verse →

وَٱصْبِرْ وَمَا صَبْرُكَ إِلَّا بِٱللَّهِ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُ فِى ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ ඉවසා දරා ගනු. තවද නුඹේ ඉවසීම අල්ලාහ් සම්බන්ධයෙන් මිස නො විය යුතු ය. තවද නුඹ ඔවුන් ගැන දුක් නො වනු. තවද ඔවුන් කුමන්ත්‍රණ කරන දැයින් නුඹ පීඩනයක පසු නො වනු.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّٱلَّذِينَ هُم مُّحْسِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් හා දැහැමිව කටයුතු කළවුන් වන ඔවුන් සමඟ ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70