caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qalam القلم

වාක්‍ය 52 · මක්කා · revelation order 2

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ نٓ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනූන්,[1] පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,

See all translations of this verse →

مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ.

See all translations of this verse →

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.

See all translations of this verse →

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය.

See all translations of this verse →

فَسَتُبْصِرُ وَيُبْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ මතු දකිනු ඇත. තවද ඔවුහු ද මතු දකිනු ඇත.

See all translations of this verse →

بِأَييِّكُمُ ٱلْمَفْتُونُ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේ දැ? යි (මතු දකිනු ඇත).

See all translations of this verse →

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නා ය. තවද යහමග ලද්දවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය.

See all translations of this verse →

فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ බොරු කළවුනට අවනත නො වනු.

See all translations of this verse →

وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.

See all translations of this verse →

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුට ම නුඹ අවනත නො වනු.

See all translations of this verse →

هَمَّازٍ مَّشَّآءٍۭ بِنَمِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.

See all translations of this verse →

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerයහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.

See all translations of this verse →

عُتُلٍّۭ بَعْدَ ذَٰلِكَ زَنِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerහිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.

See all translations of this verse →

أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වස්තුව හා දරුවන් සතුව සිටි කෙනෙකු වූ බැවින්;

See all translations of this verse →

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ වේ" යැයි කියයි.

See all translations of this verse →

سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ

Sinhalese Translation - Rowwad Translation Centerනාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.

See all translations of this verse →

إِنَّا بَلَوْنَٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඋයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් ම නියත වශයෙන් ම අපි (මක්කාවාසීන් වන) මොවුන්ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට සපත කර ගත්තෝ ය.

See all translations of this verse →

وَلَا يَسْتَثْنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් අභිමත කළේ නම් (එනම් ඉන්ශා අල්ලාහ්) යැයි ඔවුන් පැවැසුවේ නැත.

See all translations of this verse →

فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේ ය.

See all translations of this verse →

فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එය (ගිනිබත් වී) අඳුරු රාත්‍රියක් මෙන් විය.

See all translations of this verse →

فَتَنَادَوْا۟ مُصْبِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූවෝ ය.

See all translations of this verse →

أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَٰرِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූවෝ ය.)

See all translations of this verse →

فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَٰفَتُونَ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) එකිනෙකාට කොඳුරමින් ගමන් ගත්තෝ ය.

See all translations of this verse →

أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නො විය යුතු යැයි (ඔවුන් කොඳුරමින් ගමන් ගත්තෝ ය).

See all translations of this verse →

وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍ قَٰدِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (කිසිවකුට නො දී වැළකීමට) හැකියාව ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූවෝ ය.

See all translations of this verse →

فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන් ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවසුවෝ ය.

See all translations of this verse →

بَلْ نَحْنُ مَحْرُومُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.

See all translations of this verse →

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නො වේ දැ? යි මම නුඹලාට නො කීවෙමි දැ? යි ඔවුන් අතරින් මධ්‍යස්ථ අයෙකු කීවේ ය.

See all translations of this verse →

قَالُوا۟ سُبْحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. නියත වශයෙන් ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَٰوَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආවෝ ය.

See all translations of this verse →

قَالُوا۟ يَٰوَيْلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ

Sinhalese Translation - Rowwad Translation Center“අහෝ අපගේ විනාශය! නියත වශයෙන් ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ

Sinhalese Translation - Rowwad Translation Center“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත බලාපොරොත්තු තබන්නන් වෙමු.” (යැයි ඔවුහු පැවසුවෝ ය.)

See all translations of this verse →

كَذَٰلِكَ ٱلْعَذَابُ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَكْبَرُ لَوْ كَانُوا۟ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑලෙසය (අපගේ) දඬුවම. තවද මතු ලොවෙහි දඬුවම අතිබිහිසුණු ය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.

See all translations of this verse →

إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّٰتِ ٱلنَّعِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.

See all translations of this verse →

أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමු ද?

See all translations of this verse →

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?

See all translations of this verse →

أَمْ لَكُمْ كِتَٰبٌ فِيهِ تَدْرُسُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?

See all translations of this verse →

إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).

See all translations of this verse →

أَمْ لَكُمْ أَيْمَٰنٌ عَلَيْنَا بَٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන් ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේ ද?

See all translations of this verse →

سَلْهُمْ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerමෙයට වගකිව යුත්තේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් විමසනු.

See all translations of this verse →

أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොමැති නම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? එසේ නම් ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!

See all translations of this verse →

يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නො දරති.

See all translations of this verse →

خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් (මෙලොව) නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූවෝ ය. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය.)

See all translations of this verse →

فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلْحَدِيثِ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.

See all translations of this verse →

وَأُمْلِى لَهُمْ إِنَّ كَيْدِى مَتِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන් ම මාගේ උපාය තිරසාර ය.

See all translations of this verse →

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලා ඒ හේතුවෙන් ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත් ද?

See all translations of this verse →

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝ ද?

See all translations of this verse →

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නො වනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.

See all translations of this verse →

لَّوْلَآ أَن تَدَٰرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහුට නො ලැබුනේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.

See all translations of this verse →

فَٱجْتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. තවද ඔහුව දැහැමියන් අතරට පත් කළේ ය.

See all translations of this verse →

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන් ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.

See all translations of this verse →

وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මෙය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70