සූරා Al-Mulk الملك
වාක්‍ය 30 · මක්කා · revelation order 77
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Sinhalese Translation - Rowwad Translation Center(සියලු) පාලන බලය කවරෙකුගේ අතෙහි ඇත්තේද ඔහු භාග්‍ය සම්පන්න විය. තවද ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.
See all translations of this verse →
ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි මරණය සහ ජීවය මැව්වේ ය. (මන්ද) නුඹලා අතරින් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් දැහැමි දැ? යි ඔහු නුඹලාව පරීක්ෂා කරනු පිණිස ය. තවද ඔහු සර්ව බලධාරී ය; අතික්ෂමාශීලී ය.
See all translations of this verse →
ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍ طِبَاقًا مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَٰنِ مِن تَفَٰوُتٍ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි අහස් සතම (එකිනෙක උඩ පිහිටන සේ) තට්ටු වශයෙන් මැව්වේ ය. කරුණාවන්තයාගේ මැවීම්හි පරස්පරතාවයන් නුඹ නො දකිනු ඇත. එහෙයින් යම් පැලීමක් නුඹ දකින්නේ දැ? යි නෙත් යොමු කර බලනු.
See all translations of this verse →
ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerපසුවද නුඹ දෙවරක් නෙත් යොමු කර බලනු. එම නෙත් නුඹ වෙත එය වෙහෙසට පත් තත්ත්වයේ අවමානයෙන් යුතුව හැරෙනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَجَعَلْنَٰهَا رُجُومًا لِّلشَّيَٰطِينِ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි මෙලොව අහස පහන් මඟින් අලංකාරවත් කළෙමු. ඒවා ෂෙයිතානුන් පළවා හරින වස්තූන් බවට අපි පත් කළෙමු. තවද අපි ඔවුනට ඇවිළෙන ගින්නේ දඬුවම ද සූදානම් කර ඇත්තෙමු.
See all translations of this verse →
وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ وَبِئْسَ ٱلْمَصِيرُ
Sinhalese Translation - Rowwad Translation Centerඑමෙන් ම තම පරමාධිපතිව ප්‍රතික්ෂේප කළවුනට නිරයේ දඬුවම ඇත. තවද (ඔවුහු) යොමු වන ස්ථානය නපුරු විය.
See all translations of this verse →
إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًا وَهِىَ تَفُورُ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් එහි හෙළනු ලැබූ කල්හි එය උතුරමින් තිබිය දී ඉන් ඔවුහු දැඩි පිළිකුල් හඬකට සවන් දෙති.
See all translations of this verse →
تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑය කෝපයෙන් පිපිරෙන්නාක් මෙනි. එහි පිරිසක් දමනු ලැබූ සෑම විටකම “අවවාද කරන්නෙකු නුඹලා වෙත නො පැමිණියේ දැ?”යි එහි භාරකරුවෝ ඔවුන්ගෙන් විමසති.
See all translations of this verse →
قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍ كَبِيرٍ
Sinhalese Translation - Rowwad Translation Center“එසේ ය. අප වෙත අනතුරු අඟවන්නෙකු සැබැවින් ම පැමිණියේ ය. එවිට අපි බොරු කළෙමු. තවද අල්ලාහ් කිසිදු දෙයක් පහළ කර නැත. නුඹලා මහත් වූ මුළාවේ මිස නැතැයි” අපි කීවෙමුයි ඔවුහු පවසති.
See all translations of this verse →
وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَٰبِ ٱلسَّعِيرِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අප සවන් දෙමින් හෝ අවබෝධ කර ගනිමින් සිටියෙමු නම් දැවෙන ගින්නේ සහකාරයින්ගෙන් අප නො වන්නෙමුයි ඔවුහු කියති.
See all translations of this verse →
فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًا لِّأَصْحَٰبِ ٱلسَّعِيرِ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු තම වරද පිළිගනිති. එහෙයින් දැවෙන ගින්නේ සහකාරයින්ට ශාපය වේවා!
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අදෘශ්‍යමානයෙහි තම පරමාධිපතිට බිය වන අය වනාහි ඔවුනට සමාව හා මහත් වූ තිළිණයක් ඇත.
See all translations of this verse →
وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගතව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන් ම ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
See all translations of this verse →
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
Sinhalese Translation - Rowwad Translation Center(සියල්ල) මැවූ ඔහු නො දන්නේ ද? ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය.
See all translations of this verse →
هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ وَإِلَيْهِ ٱلنُّشُورُ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහු ය. එහෙයින් එහි පැතිකඩවල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
See all translations of this verse →
ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ
Sinhalese Translation - Rowwad Translation Centerඅහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භියව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී.
See all translations of this verse →
أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භියව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැ? යි නුඹලා මතු දැන ගනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එවිට මාගේ උදහස කෙසේ වී ද?
See all translations of this verse →
أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَٰٓفَّٰتٍ وَيَقْبِضْنَ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَٰنُ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් පියාසර කිරීම ඔවුහු නුදුටුවෝ ද? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නො වෙයි. නියත වශයෙන් ම ඔහු සෑම දෙයක් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
See all translations of this verse →
أَمَّنْ هَٰذَا ٱلَّذِى هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَٰنِ إِنِ ٱلْكَٰفِرُونَ إِلَّا فِى غُرُورٍ
Sinhalese Translation - Rowwad Translation Centerඅපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන නුඹලා සතු සේනාව කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මුළාවෙහි මිස නැත.
See all translations of this verse →
أَمَّنْ هَٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ بَل لَّجُّوا۟ فِى عُتُوٍّ وَنُفُورٍ
Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස්ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
See all translations of this verse →
أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?
See all translations of this verse →
قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහු ය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහු ය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ? යි ඔවුහු ප්‍රශ්න කරති.
See all translations of this verse →
قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Center(එයට) නියත වශයෙන් ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙත ය. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
فَلَمَّا رَأَوْهُ زُلْفَةً سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑය කිට්ටුවෙන් ම ඔවුන් දකින කල්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණු නරක් වී යයි. තවද මෙය නුඹලා (ඉක්මන් කරන්නැයි) වාද කරමින් සිටි දෑ යැයි එවිට ඔවුනට කියනු ලැබේ.
See all translations of this verse →
قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) මා හා මා සමඟ සිටින අය අල්ලාහ් විනාශ කළේ නම් හෝ නැතහොත් අප වෙත ඔහු දයාව දැක් වූයේ නම් හෝ වේදනීය දඬුවමින් ප්‍රතික්ෂේපකයින් ගලවා ගන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (ඔවුන්ගෙන්) විමසනු.
See all translations of this verse →
قُلْ هُوَ ٱلرَّحْمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَٰلٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඅපිරිමිත දයාන්විතයා ඔහු ය. අපි ඔහු ගැන විශ්වාස කළෙමු. තවද ඔහු වෙත ම බලාපොරොත්තු තබන්නෙමු. එහෙයින් කවරෙකු ප්‍රකට නොමගෙහි දැ? යි නුඹලා මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍ مَّعِينٍۭ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ ජලය (මහපොළොව තුළට) කිඳා බැස්සේ නම් ගලා යන දිය දහර නුඹලාට ලබා දෙන්නේ කවුරුන් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි (නබිවරය!) නුඹ විමසනු.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→