caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Haaqqa الحاقة

වාක්‍ය 52 · මක්කා · revelation order 78

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَآقَّةُ

Sinhalese Translation - Rowwad Translation Centerතිරසාර සිදුවීම වනාහි,

See all translations of this verse →

مَا ٱلْحَآقَّةُ

Sinhalese Translation - Rowwad Translation Centerඑම තිරසාර සිදුවීම යනු කුමක් ද?

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ

Sinhalese Translation - Rowwad Translation Centerතිරසාර සිදු වීම යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

See all translations of this verse →

كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ

Sinhalese Translation - Rowwad Translation Center(හදවත්) තිගැස්සීමට පත් කර වන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝ ය.

See all translations of this verse →

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ

Sinhalese Translation - Rowwad Translation Centerසමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබුවෝ ය.

See all translations of this verse →

وَأَمَّا عَادٌ فَأُهْلِكُوا۟ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළි සුළඟකින් විනාශ කරනු ලැබුවෝ ය.

See all translations of this verse →

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩව ඔහු එවීය. (නුඹ එහි සිටියා නම්) ඔවුන් බොල් වූ ඉඳි ගස්වල කඳන් මෙන් එහි විනාශයට පත්ව සිටිනු නුඹ දකින්නට තිබුණි.

See all translations of this verse →

فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් ඉතිරිව සිටින කිසිවකු හෝ නුඹ දකින්නෙහි ද?

See all translations of this verse →

وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَٰتُ بِٱلْخَاطِئَةِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද, උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝ ය.

See all translations of this verse →

فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑවෝ ය. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේ ය.

See all translations of this verse →

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَٰكُمْ فِى ٱلْجَارِيَةِ

Sinhalese Translation - Rowwad Translation Centerජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන් ම අපි නුඹලාව යාත්‍රාවේ ඉසිලුවෙමු.

See all translations of this verse →

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිස ය.

See all translations of this verse →

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَٰحِدَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerහොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට;

See all translations of this verse →

وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් සුනු විසුනු කරනු ලැබූ විට;

See all translations of this verse →

فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින සිදු වන දෑ සිදු වනු ඇත.

See all translations of this verse →

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වලව පවතී.

See all translations of this verse →

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَٰنِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.

See all translations of this verse →

يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහු ය. සඟවන කිසිවක් නුඹලා අතරින් සැඟවෙන්නේ නැත.

See all translations of this verse →

فَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَٰبِيَهْ

Sinhalese Translation - Rowwad Translation Centerතම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.

See all translations of this verse →

إِنِّى ظَنَنتُ أَنِّى مُلَٰقٍ حِسَابِيَهْ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින් ම මම සිතුවෙමි” යැයි පවසයි.

See all translations of this verse →

فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.

See all translations of this verse →

فِى جَنَّةٍ عَالِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඋසස් (ස්වර්ග) උයනෙහි වෙයි.

See all translations of this verse →

قُطُوفُهَا دَانِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.

See all translations of this verse →

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ

Sinhalese Translation - Rowwad Translation Center“පසු ගිය දිනවල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)

See all translations of this verse →

وَأَمَّا مَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيْتَنِى لَمْ أُوتَ كِتَٰبِيَهْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නො ලැබුවේ නම්!” යැයි පවසයි.

See all translations of this verse →

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ

Sinhalese Translation - Rowwad Translation Center“තවද මාගේ විනිශ්චය කුමක් දැ? යි මා නො දනී නම්!” (කොතරම් අගනේ ද?)

See all translations of this verse →

يَٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ

Sinhalese Translation - Rowwad Translation Center“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේ ද?) යැයි පවසයි.

See all translations of this verse →

مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ

Sinhalese Translation - Rowwad Translation Center“මාගේ ධනය මට කිසිදු ඵලක් නො දුන්නේ ය.”

See all translations of this verse →

هَلَكَ عَنِّى سُلْطَٰنِيَهْ

Sinhalese Translation - Rowwad Translation Center“මාගේ බලය මගෙන් පහව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)

See all translations of this verse →

خُذُوهُ فَغُلُّوهُ

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා ඔහුව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”

See all translations of this verse →

ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ

Sinhalese Translation - Rowwad Translation Center“පසුව ඔහුව නිරයට ඇද දමා පුළුස්සනු.”

See all translations of this verse →

ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහුව එහි බැඳ දමනු.

See all translations of this verse →

إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නො කරන්නෙකු විය.

See all translations of this verse →

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.

See all translations of this verse →

فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَٰهُنَا حَمِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.

See all translations of this verse →

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ

Sinhalese Translation - Rowwad Translation Center(තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.

See all translations of this verse →

لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَٰطِـُٔونَ

Sinhalese Translation - Rowwad Translation Centerවැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නො කරයි.

See all translations of this verse →

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දකින දෑ මත ද මම දිවුරමි.

See all translations of this verse →

وَمَا لَا تُبْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නො දකින දෑ මත ද මම දිවුරමි.

See all translations of this verse →

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.

See all translations of this verse →

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ قَلِيلًا مَّا تُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.

See all translations of this verse →

وَلَا بِقَوْلِ كَاهِنٍ قَلِيلًا مَّا تَذَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නො වෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.

See all translations of this verse →

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Center(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.

See all translations of this verse →

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ

Sinhalese Translation - Rowwad Translation Centerප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,

See all translations of this verse →

لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔහුව දකුණතින් හසුකර ගන්නෙමු.

See all translations of this verse →

ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.

See all translations of this verse →

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَٰجِزِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නො සිටියි.

See all translations of this verse →

وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.

See all translations of this verse →

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹලා අතරින් මුසාවාදීන් සිටින බව සැබැවින් ම අපි දනිමු.

See all translations of this verse →

وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එය දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට බලවත් ශෝකයකි.

See all translations of this verse →

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එය ස්ථීර සත්‍යයකි.

See all translations of this verse →

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70