caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ash-Shu'araa الشعراء

වාක්‍ය 227 · මක්කා · revelation order 47

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طسٓمٓ

Sinhalese Translation - Rowwad Translation Centerතා, සීන්, මීම්.[1]

See all translations of this verse →

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඒවා පැහැදිලි ධර්ම ග්‍රන්ථයේ වදන් ය.

See all translations of this verse →

لَعَلَّكَ بَٰخِعٌ نَّفْسَكَ أَلَّا يَكُونُوا۟ مُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් දේවත්වය විශ්වාස කරන්නන් නො වීම හේතුවෙන් නුඹ නුඹගේ ආත්මය විනාශ කරගන්නට බලයි.

See all translations of this verse →

إِن نَّشَأْ نُنَزِّلْ عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةً فَظَلَّتْ أَعْنَٰقُهُمْ لَهَا خَٰضِعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි අභිමත කරන්නේ නම් අහසින් සංඥාවක් ඔවුනට එරෙහිව අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට යටහත් වන්නන් බවට පත් වනු ඇත.

See all translations of this verse →

وَمَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّنَ ٱلرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا۟ عَنْهُ مُعْرِضِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමහා කරුණාන්විතයාණන්ගෙන් යම් නව මෙනෙහි කිරීමක් ඔවුන් වෙත පැමිණි කල ඒ ගැන පිටුපාන්නන් ලෙසින් මිස ඔවුන් සිටියේ නැත.

See all translations of this verse →

فَقَدْ كَذَّبُوا۟ فَسَيَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට සැබැවින් ම ඔවුහු බොරු කළෝ ය. එහෙයින් ඔවුහු කවර දෙයක් ගැන සරදම් කරමින් සිටියෝ ද එහි පුවත ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.

See all translations of this verse →

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلْأَرْضِ كَمْ أَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍ كَرِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි අපි ගරුසැරැති සෑම ජෝඩුවකින් ම කොපමණක් දෑ හටගන්වා ඇති දැ? යි මහපොළොව දෙස ඔවුහු නො බැලුවෝ ද?

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන්. නො වූවෝ ය.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වනාහි ඔහු මය මහා කරුණාන්විත සර්ව බලධාරී.

See all translations of this verse →

وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئْتِ ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘අපරාධකාරී ජනයා වෙත නුඹ යනු’යි මූසාට නුඹගේ පරමාධිපති ඇමතූ අවස්ථාව මෙනෙහි කරනු.

See all translations of this verse →

قَوْمَ فِرْعَوْنَ أَلَا يَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerෆිර්අවුන්ගේ ජනයා (වෙත යනු). ඔවුහු බිය බැතිමත් විය යුතු නො වේ ද?

See all translations of this verse →

قَالَ رَبِّ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කරනු ඇතැයි නියත වශයෙන් ම මම බිය වෙමි යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

وَيَضِيقُ صَدْرِى وَلَا يَنطَلِقُ لِسَانِى فَأَرْسِلْ إِلَىٰ هَٰرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ හදවත පීඩනයට පත් වනු ඇත. මාගේ දිව පැහැදිලිව කතා නො කරනු ඇත. එහෙයින් හාරූන් වෙත (දූත මෙහෙය) නුඹ එවනු.

See all translations of this verse →

وَلَهُمْ عَلَىَّ ذَنۢبٌ فَأَخَافُ أَن يَقْتُلُونِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මට එරෙහිව වූ පාපයක් ඔවුන් සතුව ඇත. එහෙයින් ඔවුහු මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.

See all translations of this verse →

قَالَ كَلَّا فَٱذْهَبَا بِـَٔايَٰتِنَآ إِنَّا مَعَكُم مُّسْتَمِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, අපගේ සංඥා රැගෙන නුඹලා දෙදෙනා යනු. නියත වශයෙන් ම අපි නුඹලා සමඟ සිට සවන් දෙන්නෝ වෙමු යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَأْتِيَا فِرْعَوْنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් නියත වශයෙන් ම අපි සර්ව ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයන් වෙමු යැයි පවසනු.

See all translations of this verse →

أَنْ أَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් අප සමඟ ඉස්රාඊල් දරුවන් යවන මෙන් ද නුඹ දෙදෙනා පවසනු.

See all translations of this verse →

قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි නුඹව අප තුළ දරුවකු සේ හදා වඩා නො ගත්තෙමු ද? නුඹගේ ආයු කාලයෙන් වසර ගණනාවක් නුඹ අප අතර රැඳී සිටියෙහිය යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.

See all translations of this verse →

وَفَعَلْتَ فَعْلَتَكَ ٱلَّتِى فَعَلْتَ وَأَنتَ مِنَ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ සිදු කළා වූ නුඹගේ ක්‍රියාව නුඹ සිදු කර ඇත. තවද නුඹ ගුණමකුවන් අතරිනි (යැයි ෆිර්අවුන් පැවසී ය.)

See all translations of this verse →

قَالَ فَعَلْتُهَآ إِذًا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ

Sinhalese Translation - Rowwad Translation Centerමුළාවූවන් අතරින් කෙනෙකුව මා සිටිය දී මම එය සිදු කළෙමි යැයි ඔහු (මූසා) පැවසී ය.

See all translations of this verse →

فَفَرَرْتُ مِنكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِى رَبِّى حُكْمًا وَجَعَلَنِى مِنَ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මම නුඹලාට බිය වූ කල්හි මම නුඹලාගෙන් පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්‍රඥාව ප්‍රදානය කළේ ය. තවද ඔහු මා ධර්ම දූතයින් අතරට පත් කළේ ය.

See all translations of this verse →

وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَىَّ أَنْ عَبَّدتَّ بَنِىٓ إِسْرَٰٓءِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය ආශිර්වාදයකි. ඉස්රාඊල් දරුවන්ව (ෆිර්අවුන් වන) නුඹ වහල් භාවයට පත් කරමින් නුඹ මට එය කියා පෙන්වන්නෙහි ය.

See all translations of this verse →

قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසර්ව ලෝකයන්හි පරමාධිපති යනු කවරෙක් දැ? යි ෆිර්අවුන් විමසී ය.

See all translations of this verse →

قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ إِن كُنتُم مُّوقِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) අහස්හි හා මහපොළවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය.

See all translations of this verse →

قَالَ لِمَنْ حَوْلَهُۥٓ أَلَا تَسْتَمِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සවන් නො දෙන්නෙහු දැ? යි අවට සිටියවුන්ගෙන් ඔහු (ෆිර්අවුන්) පැවසී ය.

See all translations of this verse →

قَالَ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) නුඹලාගේ පරමාධිපති ද නුඹලාගේ මුල් මුතුන් මිත්තන්ගේ පරමාධිපති ද වේ යැයි (මූසා) පැවසී ය.

See all translations of this verse →

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِىٓ أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා වෙත එවනු ලැබූ නුඹලාගේ ධර්ම දූතයා නියත වශයෙන් ම උම්මත්තකයෙකි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.

See all translations of this verse →

قَالَ رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ إِن كُنتُمْ تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු) නැගෙනහිර බටහිර හා ඒ දෙක අතර ඇති දෑහි හිමිපාණන් (ඔහු)ය යැයි ඔහු (මූසා) පැවසී ය.

See all translations of this verse →

قَالَ لَئِنِ ٱتَّخَذْتَ إِلَٰهًا غَيْرِى لَأَجْعَلَنَّكَ مِنَ ٱلْمَسْجُونِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමා හැර වෙනත් දෙවියකු නුඹ ගත්තෙහි නම් සැබැවින් ම මම නුඹව සිරකරුවන් අතරට පත් කරමි යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.

See all translations of this verse →

قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerමම නුඹ වෙත පැහැදිලි කරුණක් රැගෙන ආ විට වුව දැ? යි ඔහු (මූසා) විමසී ය.

See all translations of this verse →

قَالَ فَأْتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ සත්‍යවාදීන් අතරින් නම් එය නුඹ ගෙන එනු යැයි ඔහු (ෆිර්අවුන්) පැවසී ය.

See all translations of this verse →

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු (මූසා) ඔහුගේ සැරයටිය (බිම) හෙළුවේ ය. එවිට එය පැහැදිලි සර්පයකු විය.

See all translations of this verse →

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِىَ بَيْضَآءُ لِلنَّٰظِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ අත ඉවතට ගත්තේ ය. එවිට එය නරඹන්නන්හට (දීප්තියෙන් බැබළෙන) සුදුවන් (සේ දිස්) විය.

See all translations of this verse →

قَالَ لِلْمَلَإِ حَوْلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මොහු මනා දැනුමැති මායාකරුවකු යැයි තමන් අවට සිටි ප්‍රධානීන්හට ඔහු (ෆිර්අවුන්) පැවසී ය.

See all translations of this verse →

يُرِيدُ أَن يُخْرِجَكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِۦ فَمَاذَا تَأْمُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ මායාවෙන් නුඹලාව නුඹලාගේ දේශයෙන් පිටුවහල් කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් (ඔහු ගැන මට) නුඹලා කුමක් අණ කරන්නෙහු ද?

See all translations of this verse →

قَالُوٓا۟ أَرْجِهْ وَأَخَاهُ وَٱبْعَثْ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු හා ඔහුගේ සහෝදරයාට කල් දෙනු. තවද නගරවලට (ජනයා) එක්රැස් කරන්නන් එවනු යැයි ඔවුහු (ප්‍රධානීහු) පැවසුවෝ ය.

See all translations of this verse →

يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerමනා දැනුමැති සියලු ම මායාකරුවන් නුඹ වෙත ඔවුන් ගෙන එනු ඇත.

See all translations of this verse →

فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوْمٍ مَّعْلُومٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නියමිත දිනක නියමිත වේලාවක මායාකරුවන් එක්රැස් කරන ලදි.

See all translations of this verse →

وَقِيلَ لِلنَّاسِ هَلْ أَنتُم مُّجْتَمِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ද එක්රැස්වන්නෝ දැ? යි ජනයාගෙන් විමසන ලදි.

See all translations of this verse →

لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමායාකරුවන් වන ඔවුහු අබිබවා යන්නන් වූයේ නම් අපට ඔවුන් පිළිපැදිය හැකි වනු ඇත.

See all translations of this verse →

فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُوا۟ لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْرًا إِن كُنَّا نَحْنُ ٱلْغَٰلِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමායාකරුවන් පැමිණි කල්හි අප අබිබවා යන්නන් වූයේ නම් අපට කුලියක් තිබේ දැ? යි ඔවුහු ෆිර්අවුන්ගෙන් විමසූහ.

See all translations of this verse →

قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذًا لَّمِنَ ٱلْمُقَرَّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේය: එවිට නියත වශයෙන් ම නුඹලා (මට) සමීපතයින් අතරින් වන්නෙහුය යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

قَالَ لَهُم مُّوسَىٰٓ أَلْقُوا۟ مَآ أَنتُم مُّلْقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා හෙළන දෑ හෙළනු යැයි මූසා ඔවුනට පැවසී ය.

See all translations of this verse →

فَأَلْقَوْا۟ حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا۟ بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ ٱلْغَٰلِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ යෂ්ටි හෙළූහ. තවද ෆිර්අවුන්ගේ ගෞරවය මත දිවුරමින් නියත වශයෙන් ම අබිබවා යන්නෝ අප මය යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

فَأَلْقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِىَ تَلْقَفُ مَا يَأْفِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මූසා ඔහුගේ සැරයටිය හෙළී ය. එවිට එය ඔවුන් මවා පාන දෑ ගිල ගත්තේ ය.

See all translations of this verse →

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سَٰجِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව මායාකරුවන් සිරස නමා නමස්කාර කරන්නන් බවට පත් කර දමන ලදි.

See all translations of this verse →

قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් ගැන අපි විශ්වාස කළෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

رَبِّ مُوسَىٰ وَهَٰرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති ය.

See all translations of this verse →

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَسَوْفَ تَعْلَمُونَ لَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු විශ්වාස කළෙහු ද? නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන් ම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුවට මම කපා දමමි. තවද මම නුඹලා සියල්ල කුරිසියේ බැද දමමි ඔහු යැයි පැවසී ය.

See all translations of this verse →

قَالُوا۟ لَا ضَيْرَ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකිසිදු ප්‍රශ්නයක් නොමැත. නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපතියාණන් වෙත හැරෙන්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

إِنَّا نَطْمَعُ أَن يَغْفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කරන්නන් අතරින් අප ප්‍රමුඛයින් වූ බැවින් අපගේ වැරදිවලට අපගේ පරමාධිපති අපට සමාව දෙනු ඇතැයි නියත වශයෙන් ම අපි ප්‍රිය කරන්නෙමු.

See all translations of this verse →

وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ إِنَّكُم مُّتَّبَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ ගැත්තන් රැගෙන නුඹ රාත්‍රියේ පිටත්ව යනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නෝ යැයි මූසා වෙත අපි දේව පණිවිඩ එව්වෙමු.

See all translations of this verse →

فَأَرْسَلَ فِرْعَوْنُ فِى ٱلْمَدَآئِنِ حَٰشِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ෆිර්අවුන් (මොවුන් ගැන නිවේදනය කරනු වස්) නගරවලට රැස් කරන්නන් එ වී ය.

See all translations of this verse →

إِنَّ هَٰٓؤُلَآءِ لَشِرْذِمَةٌ قَلِيلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මොවුන් (මූසාගේ පිරිස) ස්වල්ප පිරිසක් පමණි.

See all translations of this verse →

وَإِنَّهُمْ لَنَا لَغَآئِظُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මොවුහු අපට කෝපය ඇති කළවුන් වෙති.

See all translations of this verse →

وَإِنَّا لَجَمِيعٌ حَٰذِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි සියලු දෙනා අවදියෙන් සිටිය යුත්තෝ වෙමු.

See all translations of this verse →

فَأَخْرَجْنَٰهُم مِّن جَنَّٰتٍ وَعُيُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (ෆිර්අවුන් හා ඔහුගේ සමූහය භුක්ති විඳිමින් සිටි) උයන්වලින් හා උල්පත්වලින් අපි ඔවුන් බැහැර කළෙමු.

See all translations of this verse →

وَكُنُوزٍ وَمَقَامٍ كَرِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනිධන්වලින් හා ගෞරවනීය ස්ථානයෙන් ද (අපි ඔවුන් බැහැර කළෙමු.)

See all translations of this verse →

كَذَٰلِكَ وَأَوْرَثْنَٰهَا بَنِىٓ إِسْرَٰٓءِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerඑලෙස අපි ඒවා ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුන්නෙමු.

See all translations of this verse →

فَأَتْبَعُوهُم مُّشْرِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව උදෑසනට උදාවෙමින් ඔවුහු ඔවුන් ලුහු බැන්දෝ ය.

See all translations of this verse →

فَلَمَّا تَرَٰٓءَا ٱلْجَمْعَانِ قَالَ أَصْحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدْرَكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකණ්ඩායම් දෙක එකිනෙකා දුටු කල්හි, නියත වශයෙන් ම අපි කොටු කරනු ලබන්නෝ වූයෙමු යැයි මූසාගේ සගයෝ පැවසූහ.

See all translations of this verse →

قَالَ كَلَّآ إِنَّ مَعِىَ رَبِّى سَيَهْدِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව නියත වශයෙන් ම මා සමඟ මාගේ පරමාධිපති සිටියි. ඔහු මට මග පෙන්වනු ඇතැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

فَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضْرِب بِّعَصَاكَ ٱلْبَحْرَ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَٱلطَّوْدِ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේ ය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය.

See all translations of this verse →

وَأَزْلَفْنَا ثَمَّ ٱلْـَٔاخَرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි එහි (ෆිර්අවුන්ගේ සේනාව වූ) අනෙක් අයද සමීප කළෙමු.

See all translations of this verse →

وَأَنجَيْنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මූසා හා ඔහු සමඟ සිටි සියලු දෙනා මුදවා ගත්තෙමු.

See all translations of this verse →

ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි අනෙක් අය දියේ ගිල්වීමු.

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විතයා.

See all translations of this verse →

وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ إِبْرَٰهِيمَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ ඔවුන් වෙත ඉබ්රාහීම්ගේ පුවත කියවා පෙන්වනු.

See all translations of this verse →

إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَا تَعْبُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කුමක් නමදින්නෙහු දැ? යි ඔහු තම පියාණන් හා තම ජනයාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

قَالُوا۟ نَعْبُدُ أَصْنَامًا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි පිළිම නමදින්නෙමු. එහෙයින් ඒ වෙනුවෙන් ම අපි රැඳී සිටින්නන් වෙමු යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසී ය.

See all translations of this verse →

أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ? යි (ඉබ්රාහීම් විමසී ය.)

See all translations of this verse →

قَالُوا۟ بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදු කරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි ඔහු (ඉබ්රාහිම්) විමසී ය.

See all translations of this verse →

أَنتُمْ وَءَابَآؤُكُمُ ٱلْأَقْدَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).

See all translations of this verse →

فَإِنَّهُمْ عَدُوٌّ لِّىٓ إِلَّا رَبَّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerහේතුව සර්ව ලෝකයන්හි පරමාධිපති(අල්ලාහ්) හැර ඔවුන් (සියලු දෙනා) මාගේ සතුරන් වන බැවිනි.

See all translations of this verse →

ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු(අල්ලාහ්) වනාහි මා මවා මට මග පෙන්වයි.

See all translations of this verse →

وَٱلَّذِى هُوَ يُطْعِمُنِى وَيَسْقِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි.

See all translations of this verse →

وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි.

See all translations of this verse →

وَٱلَّذِى يُمِيتُنِى ثُمَّ يُحْيِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි.

See all translations of this verse →

وَٱلَّذِىٓ أَطْمَعُ أَن يَغْفِرَ لِى خَطِيٓـَٔتِى يَوْمَ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි මාගේ වැරදිවලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.

See all translations of this verse →

رَبِّ هَبْ لِى حُكْمًا وَأَلْحِقْنِى بِٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!

See all translations of this verse →

وَٱجْعَل لِّى لِسَانَ صِدْقٍ فِى ٱلْـَٔاخِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පසුව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!

See all translations of this verse →

وَٱجْعَلْنِى مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!

See all translations of this verse →

وَٱغْفِرْ لِأَبِىٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන් ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.

See all translations of this verse →

وَلَا تُخْزِنِى يَوْمَ يُبْعَثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නො කරනු මැනව!

See all translations of this verse →

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ධනය හෝ දරුවන් හෝ ප්‍රයෝජනවත් නො වන දිනකි.

See all translations of this verse →

إِلَّا مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.

See all translations of this verse →

وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද බිය බැතිමතුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.

See all translations of this verse →

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِلْغَاوِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.

See all translations of this verse →

وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ

Sinhalese Translation - Rowwad Translation Center(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේ දැ? යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.

See all translations of this verse →

مِن دُونِ ٱللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුහු නුඹලාට උදව් කරන්නෝ ද? එසේ නැතහොත් ඔවුහු උදව් ලබන්නෝ ද?

See all translations of this verse →

فَكُبْكِبُوا۟ فِيهَا هُمْ وَٱلْغَاوُۥنَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එහි ඔවුහු හා සීමාව ඉක්මවූවෝ මුණින් අතට හෙළනු ලබති.

See all translations of this verse →

وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඉබ්ලීස්ගේ සේනාව යන සියලු දෙනා ද (මුණින් අතට) හෙළනු ලබති.

See all translations of this verse →

قَالُوا۟ وَهُمْ فِيهَا يَخْتَصِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු එහි වාද කර ගනිමින් මෙසේ පවසති.

See all translations of this verse →

تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.

See all translations of this verse →

إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ…(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)

See all translations of this verse →

وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلْمُجْرِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එවන් අපරාධකරුවෝ මිස වෙනත් කිසිවකු අපව නොමග නො යැවී ය.

See all translations of this verse →

فَمَا لَنَا مِن شَٰفِعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අප වෙනුවෙන් මැදිහත්වන්නන් කිසිවකු හෝ නොමැත.

See all translations of this verse →

وَلَا صَدِيقٍ حَمِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (උණු වන හදවතක් ඇති) සමීප මිතුරෙකු හෝ නොමැත.

See all translations of this verse →

فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අපහට තවත් වාරයක් වී නම් එවිට අපි දේවත්වය විශ්වාස කරන්නන් අතරින් වන්නෙමු.

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. එහෙත්, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත.

See all translations of this verse →

كَذَّبَتْ قَوْمُ نُوحٍ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝ ය.

See all translations of this verse →

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර නූහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දූතයකි.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් වෙත මිස වෙනත් අයෙකු වෙත නැත.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු. (යැයි පැවසූහ.)

See all translations of this verse →

قَالُوٓا۟ أَنُؤْمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلْأَرْذَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපහත් අය නුඹව අනුගමනය කරමින් සිටියදී අපි නුඹව විශ්වාස කරන්නෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය.

See all translations of this verse →

قَالَ وَمَا عِلْمِى بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිබඳව මට දැනුම නො මැතැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّى لَوْ تَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා වටහා ගන්නේ නම් ඔවුන්ගේ ගිණුම ද මාගේ පරමාධිපති මත මිස වෙනත් කිසිවකු මත නැත.

See all translations of this verse →

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මම දේවත්වය විශ්වාස කරන්නන් පලවා හරින්නෙකු නො වෙමි.

See all translations of this verse →

إِنْ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerමම පැහැදිලි අවවාද කරන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි.

See all translations of this verse →

قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلْمَرْجُومِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ නූහ්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් සැබැවින් ම නුඹ ගල් ගසනු ලබන්නන් අතරින් වනු ඇතැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

فَٱفْتَحْ بَيْنِى وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِى وَمَن مَّعِىَ مِنَ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මා අතර හා ඔවුන් අතර විවෘත තීන්දුවක් දෙනු මැනව! තවද මා ද මා සමඟ සිටින අය අතරින් දේවත්වය විශ්වාස කරන්නන් ද නුඹ මුදවා ගනු මැනව!

See all translations of this verse →

فَأَنجَيْنَٰهُ وَمَن مَّعَهُۥ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට (ජීවරාශීන්) පටවනු ලැබූ නැවෙහි සිටි ඔහු හා ඔහු සමඟ සිටියවුන් ද අපි මුදවා ගත්තෙමු.

See all translations of this verse →

ثُمَّ أَغْرَقْنَا بَعْدُ ٱلْبَاقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඉන් අනතුරුව අපි ඉතිරිවූවන් (දියෙහි) ගිල්වූයෙමු.

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥාවක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා.

See all translations of this verse →

كَذَّبَتْ عَادٌ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerආද් ජනයා (ද) ධර්ම දූතයින් බොරු කළෝ ය.

See all translations of this verse →

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلَا تَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර හූද් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයක්මි.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.

See all translations of this verse →

أَتَبْنُونَ بِكُلِّ رِيعٍ ءَايَةً تَعْبَثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම උස් තැනකම නුඹලා විනෝදය පිණිස සංඥා (කුළුණු) තනන්නෙහු ද?

See all translations of this verse →

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සදා ජීවත් වීමට බලමින් මන්දිර තනා ගන්නෙහු ද?

See all translations of this verse →

وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා (කිසිවකු) හසු කළ විට දැඩි පාලකයින් ලෙසින් නුඹලා හසු කර ගන්නෙහු ය.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَٱتَّقُوا۟ ٱلَّذِىٓ أَمَدَّكُم بِمَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දන්නා දෑ මඟින් නුඹලාට උපකාර කළ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.

See all translations of this verse →

أَمَدَّكُم بِأَنْعَٰمٍ وَبَنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerගොවිපළ සතුන් මෙන් ම දරුවන් මඟින් ඔහු නුඹලාට උපකාර කළේ ය.

See all translations of this verse →

وَجَنَّٰتٍ وَعُيُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද උයන් හා උල්පත් මඟින් ද (ඔහු නුඹලාට උපකාර කළේ ය.)

See all translations of this verse →

إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා කෙරෙහි මහත් දිනයක දඬුවම ගැන බිය වෙමි.

See all translations of this verse →

قَالُوا۟ سَوَآءٌ عَلَيْنَآ أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ ٱلْوَٰعِظِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ උපදෙස් කළ ද එසේ නැතහොත් නුඹ උපදෙස් කරන්නන් අතරින් නො වූව ද අප වෙත එක සමානය යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

إِنْ هَٰذَآ إِلَّا خُلُقُ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය මුතුන් මිත්තන්ගේ ගති පැවතුම් මිස වෙනෙකක් නො වීය.

See all translations of this verse →

وَمَا نَحْنُ بِمُعَذَّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වූයෙමු.

See all translations of this verse →

فَكَذَّبُوهُ فَأَهْلَكْنَٰهُمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝය.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය මහාකරුණාන්විත සර්ව බලධාරී.

See all translations of this verse →

كَذَّبَتْ ثَمُودُ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසමූද් ජනයා ද ධර්ම දූතයින් බොරු කළෝ ය.

See all translations of this verse →

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَٰلِحٌ أَلَا تَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.

See all translations of this verse →

أَتُتْرَكُونَ فِى مَا هَٰهُنَآ ءَامِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?

See all translations of this verse →

فِى جَنَّٰتٍ وَعُيُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerඋයන් හා උල්පත් අතර ද,

See all translations of this verse →

وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,

See all translations of this verse →

وَتَنْحِتُونَ مِنَ ٱلْجِبَالِ بُيُوتًا فَٰرِهِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහු ය.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَلَا تُطِيعُوٓا۟ أَمْرَ ٱلْمُسْرِفِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සීමාව ඉක්මවූවන්ගේ නියෝගයට අවනත නො වනු.

See all translations of this verse →

ٱلَّذِينَ يُفْسِدُونَ فِى ٱلْأَرْضِ وَلَا يُصْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි මහපොළොවේ කලහකම් කරන්නෝ වෙති. තවද ඔවුහු විධිමත්ව කටයුතු නො කරති.

See all translations of this verse →

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරින් කෙනෙකු යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

مَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. එහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් නම් සංඥාවක් ගෙන එනු.

See all translations of this verse →

قَالَ هَٰذِهِۦ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය ඔටු දෙනයි. ඇය වෙනුවෙන් පාන වාරයක් ඇත. තවද නුඹලා වෙනුවෙන් ද නියම කරනු ලැබූ දිනයක පාන වාරයක් ඇත යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

وَلَا تَمَسُّوهَا بِسُوٓءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා කිසිදු අයුරින් ඇයට හිරිහැර නො කරනු. එවිට මහත් දිනයක දඬුවම නුඹලා ග්‍රහණය කරනු ඇත.

See all translations of this verse →

فَعَقَرُوهَا فَأَصْبَحُوا۟ نَٰدِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු ඌව මරා දැමුවෝ ය. එහෙයින් ඔවුහු පසුතැවිලි වන්නන් වූවෝ ය.

See all translations of this verse →

فَأَخَذَهُمُ ٱلْعَذَابُ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එම දඬුවම ඔවුන්ව ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එහි සංඥාවක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූහ.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විත.

See all translations of this verse →

كَذَّبَتْ قَوْمُ لُوطٍ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerලූත්ගේ ජනයා ද දහම් දූතයින් බොරු කළෝ ය.

See all translations of this verse →

إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ لُوطٌ أَلَا تَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ඔවුන්ගේ සහෝදර ලූත් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා වෙත (එවනු ලැබුවා) වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.

See all translations of this verse →

أَتَأْتُونَ ٱلذُّكْرَانَ مِنَ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ලෝවැසියන් අතරින් පිරිමින් වෙත යන්නෙහු ද?

See all translations of this verse →

وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَٰجِكُم بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ බිරියන් අතරින් නුඹලාගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මවා ඇති දෑ අත හැර දමමින් (පිරිමින් වෙත යන්නෙහු ද?) නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.

See all translations of this verse →

قَالُوا۟ لَئِن لَّمْ تَنتَهِ يَٰلُوطُ لَتَكُونَنَّ مِنَ ٱلْمُخْرَجِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ලූත්! නුඹ එයින් නො වැළකුණෙහි නම්, සැබැවින් ම නුඹ බැහැර කරනු ලබන්නන් අතරින් වන්නෙහිය යැයි ඔවුහු (නූහ්ගේ ජනයා) පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ إِنِّى لِعَمَلِكُم مِّنَ ٱلْقَالِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලාගේ ක්‍රියාව පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි යැයි ඔහු (ලූත්) පැවසී ය.

See all translations of this verse →

رَبِّ نَجِّنِى وَأَهْلِى مِمَّا يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපරමාධිපතියාණනි! ඔවුන් සිදු කරන දැයින් මා හා මාගේ පවුල මුදවා ගනු මැනව!

See all translations of this verse →

فَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු හා ඔහුගේ දරු පවුලේ සෙසු සියලු දෙනා අපි මුදවා ගත්තෙමු.

See all translations of this verse →

إِلَّا عَجُوزًا فِى ٱلْغَٰبِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට රැඳී සිටියවුන් අතර වූ මැහැල්ලියක් හැර.

See all translations of this verse →

ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසු ව අපි අනෙක් අය විනාශ කර දැමුවෙමු.

See all translations of this verse →

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًا فَسَآءَ مَطَرُ ٱلْمُنذَرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුන් වෙත මහා වර්ෂාවක් පහළ කළෙමු. එවිට අවවාද කරනු ලැබූවන් සඳහා වූ වර්ෂාව දරුණු විය.

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්ව බලධාරී මහාකරුණාන්විතයා.

See all translations of this verse →

كَذَّبَ أَصْحَٰبُ لْـَٔيْكَةِ ٱلْمُرْسَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅය්කා වාසීහු ද ධර්ම දූතයින් බොරු කළෝ ය.

See all translations of this verse →

إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය ධර්ම දූතයෙක්මි.

See all translations of this verse →

فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.

See all translations of this verse →

وَمَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِىَ إِلَّا عَلَىٰ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නො ඉල්ලමි. මාගේ කුලිය සර්ව ලෝකයන්හි පරමාධිපතියාණන් මත මිස වෙනත් අයෙකු මත නො වේ.

See all translations of this verse →

أَوْفُوا۟ ٱلْكَيْلَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُخْسِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කිරුම් මිනුම් පූර්ණවත් ලෙසින් ඉටු කරනු. තවද නුඹලා අලාභ කරන්නන් අතරින් නො වනු.

See all translations of this verse →

وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නිවැරදි තුලනයෙන් නුඹලා කිරනු.

See all translations of this verse →

وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ජනයාට ඔවුන්ගේ භාණ්ඩවල අඩුපාඩු නො කරනු. තවද නුඹලා මහපොළොවේ කලහකාරීන් ලෙස නො සැරිසරනු.

See all translations of this verse →

وَٱتَّقُوا۟ ٱلَّذِى خَلَقَكُمْ وَٱلْجِبِلَّةَ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා හා (නුඹලාට) පෙර මැවීම් මැවූ ඔහුට නුඹලා බිය බැතිමත් වනු.

See all translations of this verse →

قَالُوٓا۟ إِنَّمَآ أَنتَ مِنَ ٱلْمُسَحَّرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවන් අතරිනි යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

وَمَآ أَنتَ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ ٱلْكَٰذِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ අප මෙන් මිනිසෙකු මිස වෙනත් අයෙකු නො වේ. තවද සැබැවින් ම අපි නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යැයි සිතමු.

See all translations of this verse →

فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِّنَ ٱلسَّمَآءِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු නම් අහසින් කැබැල්ලක් අප වෙත වැටෙන්නට සලස්වනු.

See all translations of this verse →

قَالَ رَبِّىٓ أَعْلَمُ بِمَا تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සිදු කරන දෑ පිළිබඳව මාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ ٱلظُّلَّةِ إِنَّهُۥ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු ඔහු බොරු කළෝ ය. එහෙයින් අඳුරු (වළාවෙන්) ආවරණ කරන දිනයේ දඬුවම ඔවුන් ග්‍රහණය කළේ ය. නියත වශයෙන් ම එය දරුණු දිනයක දඬුවමක් විය.

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥාවක් විය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේවත්වය විශ්වාස කරන්නන් නො වූවෝ ය.

See all translations of this verse →

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතියාණන් වන ඔහු මය සර්වබලධාරී මහාකරුණාන්විතයා.

See all translations of this verse →

وَإِنَّهُۥ لَتَنزِيلُ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මෙය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් ම ය.

See all translations of this verse →

نَزَلَ بِهِ ٱلرُّوحُ ٱلْأَمِينُ

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාසනීය ආත්මය එය රැගෙන පහළ විය.

See all translations of this verse →

عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ ٱلْمُنذِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ අවවාද කරන්නන් අතරින් වනු පිණිස (නබිවරය!) නුඹේ හදවත වෙත,

See all translations of this verse →

بِلِسَانٍ عَرَبِىٍّ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerපැහැදිලි අරාබි බසින්.

See all translations of this verse →

وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එය මුතුන් මිත්තන්ගේ ලේඛන වල විය.

See all translations of this verse →

أَوَلَمْ يَكُن لَّهُمْ ءَايَةً أَن يَعْلَمَهُۥ عُلَمَٰٓؤُا۟ بَنِىٓ إِسْرَٰٓءِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉස්රාඊල් දරුවන්ගේ විද්වතුන් ඒ ගැන දැන සිටීම ඔවුනට සංඥාවන් නො වී ද?

See all translations of this verse →

وَلَوْ نَزَّلْنَٰهُ عَلَىٰ بَعْضِ ٱلْأَعْجَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අරාබි නො වන ඇතැමුන් වෙත අපි එය පහළ කළේ නම්,

See all translations of this verse →

فَقَرَأَهُۥ عَلَيْهِم مَّا كَانُوا۟ بِهِۦ مُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඔහු ඔවුනට කියවා පෙන්වූයේ නම් ඔවුන් ඒ ගැන විශ්වාස කරන්නන් නොවනු ඇත.

See all translations of this verse →

كَذَٰلِكَ سَلَكْنَٰهُ فِى قُلُوبِ ٱلْمُجْرِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerවැරදිකරුවන්ගේ හදවත් තුළ අපි එය ඇතුළත් කළේ එලෙස ය.

See all translations of this verse →

لَا يُؤْمِنُونَ بِهِۦ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ

Sinhalese Translation - Rowwad Translation Centerවේදනීය දඬුවම ඔවුන් දකින තෙක් ඒ පිළිබඳව ඔවුහු විශ්වාස නො කරති.

See all translations of this verse →

فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන් නො හඟමින් සිටියදී ක්ෂණිකව ඔවුන් වෙත එය (දඬුවම) පැමිණෙනු ඇත.

See all translations of this verse →

فَيَقُولُوا۟ هَلْ نَحْنُ مُنظَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු අප කල් දෙනු ලබන්නන් වන්නෙමු දැ? යි අසති.

See all translations of this verse →

أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේනම් ඔවුහු අපගේ දඬුවම ඉක්මණින් පතන්නෝ ද?

See all translations of this verse →

أَفَرَءَيْتَ إِن مَّتَّعْنَٰهُمْ سِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔබ නො දන්නෙහි ද? ඔවුනට වසර ගණනාවක් අප භුක්ති විඳීමට සලස්වා,

See all translations of this verse →

ثُمَّ جَآءَهُم مَّا كَانُوا۟ يُوعَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුනට පොරොන්දු දෙනු ලබමින් සිටි දෑ ඔවුන් වෙත පැමිණි විට,

See all translations of this verse →

مَآ أَغْنَىٰ عَنْهُم مَّا كَانُوا۟ يُمَتَّعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ ඔවුනට ඵලක් නො වනු ඇත.

See all translations of this verse →

وَمَآ أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කිසිදු ගම්මානයක් එහි (එ වන ලද) අනතුරු අඟවන්නන්ගෙන් තොරව අපි විනාශ නො කළෙමු.

See all translations of this verse →

ذِكْرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන් එවනු ලැබුවේ) මෙනෙහි කිරීමක් වශයෙනි. තවද අපි අපරාධකරුවන් නො වූයෙමු.

See all translations of this verse →

وَمَا تَنَزَّلَتْ بِهِ ٱلشَّيَٰطِينُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ෂෙයිතාන්නු එය පහළ නො කළෝ ය.

See all translations of this verse →

وَمَا يَنۢبَغِى لَهُمْ وَمَا يَسْتَطِيعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට එය සුදුසු (කාර්යයක්) නො වීය. තවද ඔවුහු එයට ශක්තිය නො දරති.

See all translations of this verse →

إِنَّهُمْ عَنِ ٱلسَّمْعِ لَمَعْزُولُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුහු (එයට) සවන්දීමෙන් ඉවත් කරනු ලැබූවෝ වෙති.

See all translations of this verse →

فَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلْمُعَذَّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් නො කරනු. එවිට නුඹ දඬුවම් කරනු ලබන්නන් අතරින් වනු ඇත.

See all translations of this verse →

وَأَنذِرْ عَشِيرَتَكَ ٱلْأَقْرَبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ සමීප ඥාතීන්ට නුඹ අවවාද කරනු.

See all translations of this verse →

وَٱخْفِضْ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය විශ්වාස කරන්නන් අතරින් නුඹව අනුගමනය කළවුන්හට නුඹගේ (කරුණාවේ) පියාපත් පහත් කරනු.

See all translations of this verse →

فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّى بَرِىٓءٌ مِّمَّا تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන් නුඹට පිටුපෑවේ නම්, නියත වශයෙන් ම නුඹලා සිදු කරන දැයින් මම නිදහස් වූ අයෙකි යැයි නුඹ පවසනු.

See all translations of this verse →

وَتَوَكَّلْ عَلَى ٱلْعَزِيزِ ٱلرَّحِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු.

See all translations of this verse →

ٱلَّذِى يَرَىٰكَ حِينَ تَقُومُ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නා ය.

See all translations of this verse →

وَتَقَلُّبَكَ فِى ٱلسَّٰجِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය).

See all translations of this verse →

إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක සර්ව ඥානී.

See all translations of this verse →

هَلْ أُنَبِّئُكُمْ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ

Sinhalese Translation - Rowwad Translation Centerෂෙයිතානුන් පහළ වන්නේ කවුරුන් වෙත දැ? යි මම (දේවත්වය විශ්වාස කරන) නුඹලාට දන්වන්න ද?

See all translations of this verse →

تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerපාපකම් කරන බොරු ගොතන සෑම කෙනෙකු වෙත ම ඔවුහු පහළ වෙති.

See all translations of this verse →

يُلْقُونَ ٱلسَّمْعَ وَأَكْثَرُهُمْ كَٰذِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසවනට වැකුණු දෑ ඔවුහු ඉදිරිපත් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මුසාවාදීහු ය.

See all translations of this verse →

وَٱلشُّعَرَآءُ يَتَّبِعُهُمُ ٱلْغَاوُۥنَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවිවරුන් වනාහි; නොමග ගියවුන් ඔවුන්ව අනුගමනය කරති.

See all translations of this verse →

أَلَمْ تَرَ أَنَّهُمْ فِى كُلِّ وَادٍ يَهِيمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන් සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරෙනු නුඹ නො දුටුවෙහි ද?

See all translations of this verse →

وَأَنَّهُمْ يَقُولُونَ مَا لَا يَفْعَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔවුහු තමන් සිදු නො කරන දෑ (කළ බවට) පවසති.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُوا۟ ٱللَّهَ كَثِيرًا وَٱنتَصَرُوا۟ مِنۢ بَعْدِ مَا ظُلِمُوا۟ وَسَيَعْلَمُ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَىَّ مُنقَلَبٍ يَنقَلِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් දේවත්වය විශ්වාස කර යහකම් කර අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කර අපරාධ කරනු ලැබූවායින් පසු තම ආරක්ෂාව සලස්වා ගත් අය හැර. තවද තමන් කවර තැනකට යොමු වන්නේ දැ? යි අපරාධ කළවුන් මතු දැන ගනු ඇත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70