සූරා As-Saaffaat الصافات
වාක්‍ය 182 · මක්කා · revelation order 56
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلصَّٰٓفَّٰتِ صَفًّا
Sinhalese Translation - Rowwad Translation Centerපෙළට පෙළ ගැසී සිටින්නන් මත දිවුරමින්.
See all translations of this verse →
فَٱلزَّٰجِرَٰتِ زَجْرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද පසුපසින් මෙහෙයවා යන්නන් මත දිවුරමින්.
See all translations of this verse →
فَٱلتَّٰلِيَٰتِ ذِكْرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද අනුශාසනාව පාරායනය කරන්නන් මත දිවුරමින්.
See all translations of this verse →
إِنَّ إِلَٰهَكُمْ لَوَٰحِدٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලාගේ දෙවියා එක ම ය.
See all translations of this verse →
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ ٱلْمَشَٰرِقِ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. තවද නැගෙනහිර දිශාවන්හි ද හිමිපාණන් ය.
See all translations of this verse →
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ
Sinhalese Translation - Rowwad Translation Centerසමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මඟින් නියත වශයෙන් ම අලංකාරවත් කළෙමු.
See all translations of this verse →
وَحِفْظًا مِّن كُلِّ شَيْطَٰنٍ مَّارِدٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන් ම ආරක්ෂාවක් වශයෙනි.
See all translations of this verse →
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلْمَلَإِ ٱلْأَعْلَىٰ وَيُقْذَفُونَ مِن كُلِّ جَانِبٍ
Sinhalese Translation - Rowwad Translation Centerඋසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකි ය. තවද ඔවුහු සෑම පැත්තකින් ම පහර දෙනු ලබති.
See all translations of this verse →
دُحُورًا وَلَهُمْ عَذَابٌ وَاصِبٌ
Sinhalese Translation - Rowwad Translation Center(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.
See all translations of this verse →
إِلَّا مَنْ خَطِفَ ٱلْخَطْفَةَ فَأَتْبَعَهُۥ شِهَابٌ ثَاقِبٌ
Sinhalese Translation - Rowwad Translation Center(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.
See all translations of this verse →
فَٱسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَم مَّنْ خَلَقْنَآ إِنَّا خَلَقْنَٰهُم مِّن طِينٍ لَّازِبٍۭ
Sinhalese Translation - Rowwad Translation Center“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙනසුළු මැටියෙන් මැව්වෙමු.
See all translations of this verse →
بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නුඹ පුදුම වූයෙහි ය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.
See all translations of this verse →
وَإِذَا ذُكِّرُوا۟ لَا يَذْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නො ලබති.
See all translations of this verse →
وَإِذَا رَأَوْا۟ ءَايَةً يَسْتَسْخِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.
See all translations of this verse →
وَقَالُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු මෙසේ පවසා සිටියෝ ය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
See all translations of this verse →
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
See all translations of this verse →
أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද?)”
See all translations of this verse →
قُلْ نَعَمْ وَأَنتُمْ دَٰخِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ නබිවරය! “එසේ ය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි නුඹ පවසනු.
See all translations of this verse →
فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ فَإِذَا هُمْ يَنظُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.
See all translations of this verse →
وَقَالُوا۟ يَٰوَيْلَنَا هَٰذَا يَوْمُ ٱلدِّينِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “අහෝ! අපගේ විනාශ ය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.
See all translations of this verse →
هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)
See all translations of this verse →
ٱحْشُرُوا۟ ٱلَّذِينَ ظَلَمُوا۟ وَأَزْوَٰجَهُمْ وَمَا كَانُوا۟ يَعْبُدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපරාධ කළවුන් හා ඔවුන්ගේ සහකරුවන් නුඹලා එක්රැස් කරනු. තවද ඔවුන් නමදිමින් සිටි දෑ ද.
See all translations of this verse →
مِن دُونِ ٱللَّهِ فَٱهْدُوهُمْ إِلَىٰ صِرَٰطِ ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගෙන් තොරව (ඔවුන් නමදිමින් සිටි දෑ ද එක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
See all translations of this verse →
وَقِفُوهُمْ إِنَّهُم مَّسْـُٔولُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන් ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝ ය.
See all translations of this verse →
مَا لَكُمْ لَا تَنَاصَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට කුමක් වී ද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන් ද?).
See all translations of this verse →
بَلْ هُمُ ٱلْيَوْمَ مُسْتَسْلِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව ඔවුහු අද දින යටත් වූවෝ ය.
See all translations of this verse →
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
See all translations of this verse →
قَالُوٓا۟ إِنَّكُمْ كُنتُمْ تَأْتُونَنَا عَنِ ٱلْيَمِينِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියෝ ය.
See all translations of this verse →
قَالُوا۟ بَل لَّمْ تَكُونُوا۟ مُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Center“එසේ නොව නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් නො වූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියෝ ය.
See all translations of this verse →
وَمَا كَانَ لَنَا عَلَيْكُم مِّن سُلْطَٰنٍۭ بَلْ كُنتُمْ قَوْمًا طَٰغِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නො වීය. එහෙත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූයෙහු ය.
See all translations of this verse →
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَآ إِنَّا لَذَآئِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අපට එරෙහිව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන් ම අපි (එය) රස විඳින්නෝ වෙමු.
See all translations of this verse →
فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන් ම අප ද නොමග ගියවුන් වූයෙමු.
See all translations of this verse →
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නියත වශයෙන් ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.
See all translations of this verse →
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි වැරදිකරුවන් සමඟ කටයුතු කරන්නේ එලෙස ය.
See all translations of this verse →
إِنَّهُمْ كَانُوٓا۟ إِذَا قِيلَ لَهُمْ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسْتَكْبِرُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පවසනු ලැබූ විට, නියත වශයෙන් ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියෝ ය.
See all translations of this verse →
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓا۟ ءَالِهَتِنَا لِشَاعِرٍ مَّجْنُونٍۭ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමු දැ?” යි ඔවුහු පවසා සිටිති.
See all translations of this verse →
بَلْ جَآءَ بِٱلْحَقِّ وَصَدَّقَ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔහු (මුහම්මද්) සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔහු (පෙර සිටි) ධර්ම දූතයින් තහවුරු කළේ ය.
See all translations of this verse →
إِنَّكُمْ لَذَآئِقُوا۟ ٱلْعَذَابِ ٱلْأَلِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම (අශිෂ්ඨ ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝම ය.
See all translations of this verse →
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල දෙනු නො ලබනු ඇත.
See all translations of this verse →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ لَهُمْ رِزْقٌ مَّعْلُومٌ
Sinhalese Translation - Rowwad Translation Centerහඳුනා ගනු ලබන පෝෂණය ඇත්තෝ ඔවුහු ම ය.
See all translations of this verse →
فَوَٰكِهُ وَهُم مُّكْرَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝ ය.
See all translations of this verse →
فِى جَنَّٰتِ ٱلنَّعِيمِ
Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි ය.
See all translations of this verse →
عَلَىٰ سُرُرٍ مُّتَقَٰبِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerයහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.
See all translations of this verse →
يُطَافُ عَلَيْهِم بِكَأْسٍ مِّن مَّعِينٍۭ
Sinhalese Translation - Rowwad Translation Center(සුරා) උල්පතින් වූ කුසලාන ඔවුන් වටා යවනු ලැබේ.
See all translations of this verse →
بَيْضَآءَ لَذَّةٍ لِّلشَّٰرِبِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑය සුදු පැහැති ය. පානය කරන්නන්හට ප්‍රණීත ය.
See all translations of this verse →
لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنزَفُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහි උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් මත් නො වෙති.
See all translations of this verse →
وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ عِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සංවර බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.
See all translations of this verse →
كَأَنَّهُنَّ بَيْضٌ مَّكْنُونٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන් සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.
See all translations of this verse →
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑමෙන් ම ඔවුන් (ස්වර්ග වැසියන්) එකිනෙකා විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.
See all translations of this verse →
قَالَ قَآئِلٌ مِّنْهُمْ إِنِّى كَانَ لِى قَرِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතරින් ප්‍රකාශකයකු පවසනු ඇත.
See all translations of this verse →
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلْمُصَدِّقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ (විනිශ්චය දිනය) සත්‍ය කරන්නන් අතරින් කෙනෙකු දැ? යි ඔහු විමසයි.
See all translations of this verse →
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අප ප්‍රතිඵල දෙනු ලබන්නෙම් දැ? (යි ද ඔහු විමසයි.)
See all translations of this verse →
قَالَ هَلْ أَنتُم مُّطَّلِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ඔහුව එබී බලන්නේ දැ? යි ඔහු (අල්ලාහ්) විමසයි.
See all translations of this verse →
فَٱطَّلَعَ فَرَءَاهُ فِى سَوَآءِ ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.
See all translations of this verse →
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرْدِينِ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පවසයි.
See all translations of this verse →
وَلَوْلَا نِعْمَةُ رَبِّى لَكُنتُ مِنَ ٱلْمُحْضَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නො වී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතරින් වෙමි.
See all translations of this verse →
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නම් අප මිය යන්නන් ලෙස නො වන්නෙමු ද?
See all translations of this verse →
إِلَّا مَوْتَتَنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නො වෙමු.
See all translations of this verse →
إِنَّ هَٰذَا لَهُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙය මය අතිමහත් ජයග්‍රහණ ය.
See all translations of this verse →
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ ٱلْعَٰمِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!
See all translations of this verse →
أَذَٰلِكَ خَيْرٌ نُّزُلًا أَمْ شَجَرَةُ ٱلزَّقُّومِ
Sinhalese Translation - Rowwad Translation Centerසංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගස ද?
See all translations of this verse →
إِنَّا جَعَلْنَٰهَا فِتْنَةً لِّلظَّٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.
See all translations of this verse →
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِىٓ أَصْلِ ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එය නිරය පතුලෙහි මතු වන ගසකි.
See all translations of this verse →
طَلْعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
Sinhalese Translation - Rowwad Translation Centerඑහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.
See all translations of this verse →
فَإِنَّهُمْ لَـَٔاكِلُونَ مِنْهَا فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කර එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.
See all translations of this verse →
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِّنْ حَمِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව නියත වශයෙන් ම ඔවුනට එහි ලෝ දියෙන් යුත් පානයක් ඇත.
See all translations of this verse →
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව නියත වශයෙන් ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙත ය.
See all translations of this verse →
إِنَّهُمْ أَلْفَوْا۟ ءَابَآءَهُمْ ضَآلِّينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුහු (මෙලොවෙහි) ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝ ය.
See all translations of this verse →
فَهُمْ عَلَىٰٓ ءَاثَٰرِهِمْ يُهْرَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු ඔවුන්ගේ පා සලකුණු මත යන්නට ඉක්මන් කරනු ලබති.
See all translations of this verse →
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින් ම නොමග ගියෝ ය.
See all translations of this verse →
وَلَقَدْ أَرْسَلْنَا فِيهِم مُّنذِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.
See all translations of this verse →
فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُنذَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅවවාද කරනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැ? යි මැනවින් බලනු.
See all translations of this verse →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).
See all translations of this verse →
وَلَقَدْ نَادَىٰنَا نُوحٌ فَلَنِعْمَ ٱلْمُجِيبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම නූහ් අප ඇමතුවේ ය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු.
See all translations of this verse →
وَنَجَّيْنَٰهُ وَأَهْلَهُۥ مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.
See all translations of this verse →
وَجَعَلْنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلْبَاقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔහුගේ පරපුර පමණක් ඉතිරිවූවන් බවට පත් කළෙමු.
See all translations of this verse →
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
See all translations of this verse →
سَلَٰمٌ عَلَىٰ نُوحٍ فِى ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerලෝවැසියන් අතර නූහ්ට ශාන්තිය අත්වේවා!
See all translations of this verse →
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
See all translations of this verse →
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම (නූහ් වන) ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
See all translations of this verse →
ثُمَّ أَغْرَقْنَا ٱلْـَٔاخَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.
See all translations of this verse →
وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبْرَٰهِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්රාහීම්.
See all translations of this verse →
إِذْ جَآءَ رَبَّهُۥ بِقَلْبٍ سَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerසන්සුන් හදවතින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.
See all translations of this verse →
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِۦ مَاذَا تَعْبُدُونَ
Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
See all translations of this verse →
أَئِفْكًا ءَالِهَةً دُونَ ٱللَّهِ تُرِيدُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
See all translations of this verse →
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Center“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
See all translations of this verse →
فَنَظَرَ نَظْرَةً فِى ٱلنُّجُومِ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේ ය.
See all translations of this verse →
فَقَالَ إِنِّى سَقِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ‘නියත වශයෙන් මම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
فَتَوَلَّوْا۟ عَنْهُ مُدْبِرِينَ
Sinhalese Translation - Rowwad Translation Center(ඉබ්රාහීම්ගේ සමූහයා වන) ඔවුහු පිටුපාන්නන් ලෙසින් ඔහුගෙන් හැරී ගියෝ ය.
See all translations of this verse →
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නෙහුදැ?” යි විමසා සිටියේය.
See all translations of this verse →
مَا لَكُمْ لَا تَنطِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කතා නො කර සිටීමට නුඹලාට කුමක් වී ද?
See all translations of this verse →
فَرَاغَ عَلَيْهِمْ ضَرْبًۢا بِٱلْيَمِينِ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු (ඉබ්රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේ ය.
See all translations of this verse →
فَأَقْبَلُوٓا۟ إِلَيْهِ يَزِفُّونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු (ඉබ්රාහීම්ගේ සමූහයා) ඔහු වෙත වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට ආවෝ ය.
See all translations of this verse →
قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ?” යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේ ය.
See all translations of this verse →
وَٱللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය.
See all translations of this verse →
قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Center“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් යම් ඉඳිකිරීමක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.
See all translations of this verse →
فَأَرَادُوا۟ بِهِۦ كَيْدًا فَجَعَلْنَٰهُمُ ٱلْأَسْفَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝ ය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.
See all translations of this verse →
وَقَالَ إِنِّى ذَاهِبٌ إِلَىٰ رَبِّى سَيَهْدِينِ
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
رَبِّ هَبْ لِى مِنَ ٱلصَّٰلِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! මාහට දැහැමියන් අතරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්රාහීම් පැවසුවේ ය.)
See all translations of this verse →
فَبَشَّرْنَٰهُ بِغُلَٰمٍ حَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳව අපි ඔහුට ශුභාරංචි දැන් වූයෙමු.
See all translations of this verse →
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ قَالَ يَٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰبِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු (ඉබ්රාහීම්) සමඟ වෙහෙසන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන් ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක් දැ? යි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසී ය.
See all translations of this verse →
فَلَمَّآ أَسْلَمَا وَتَلَّهُۥ لِلْجَبِينِ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහුව මුණින් අතට පෙරළා දැමී ය.
See all translations of this verse →
وَنَٰدَيْنَٰهُ أَن يَٰٓإِبْرَٰهِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘අහෝ ඉබ්රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.
See all translations of this verse →
قَدْ صَدَّقْتَ ٱلرُّءْيَآ إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Center“සැබැවින් ම ඔබ සිහිනය සැබෑ කළෙහි ය.” නියත වශයෙන් ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.
See all translations of this verse →
إِنَّ هَٰذَا لَهُوَ ٱلْبَلَٰٓؤُا۟ ٱلْمُبِينُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම පැහැදිලි පරීක්ෂාව මෙය ම ය.
See all translations of this verse →
وَفَدَيْنَٰهُ بِذِبْحٍ عَظِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.
See all translations of this verse →
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
See all translations of this verse →
سَلَٰمٌ عَلَىٰٓ إِبْرَٰهِيمَ
Sinhalese Translation - Rowwad Translation Center“ඉබ්රාහීම් වෙත ශාන්තිය අත් වේවා!”
See all translations of this verse →
كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
See all translations of this verse →
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
See all translations of this verse →
وَبَشَّرْنَٰهُ بِإِسْحَٰقَ نَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි දැහැමියන් අතරින් වක්තෘවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.
See all translations of this verse →
وَبَٰرَكْنَا عَلَيْهِ وَعَلَىٰٓ إِسْحَٰقَ وَمِن ذُرِّيَّتِهِمَا مُحْسِنٌ وَظَالِمٌ لِّنَفْسِهِۦ مُبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ට ම අපරාධ කර ගන්නා අය ද විය.
See all translations of this verse →
وَلَقَدْ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.
See all translations of this verse →
وَنَجَّيْنَٰهُمَا وَقَوْمَهُمَا مِنَ ٱلْكَرْبِ ٱلْعَظِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.
See all translations of this verse →
وَنَصَرْنَٰهُمْ فَكَانُوا۟ هُمُ ٱلْغَٰلِبِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට උදව් කළෙමු. එහෙයින් ඔවුහු ජය ලබන්නන් වූහ.
See all translations of this verse →
وَءَاتَيْنَٰهُمَا ٱلْكِتَٰبَ ٱلْمُسْتَبِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
See all translations of this verse →
وَهَدَيْنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
See all translations of this verse →
وَتَرَكْنَا عَلَيْهِمَا فِى ٱلْـَٔاخِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
See all translations of this verse →
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
See all translations of this verse →
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙස ය.
See all translations of this verse →
إِنَّهُمَا مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.
See all translations of this verse →
وَإِنَّ إِلْيَاسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඉල්යාස් ධර්ම දූතයින් අතරිනි.
See all translations of this verse →
إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَلَا تَتَّقُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා බැතිමත් නො වන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.
See all translations of this verse →
أَتَدْعُونَ بَعْلًا وَتَذَرُونَ أَحْسَنَ ٱلْخَٰلِقِينَ
Sinhalese Translation - Rowwad Translation Center“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටයා අතහැර දමා නුඹලා ‘බඅල්’ නම් වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?
See all translations of this verse →
ٱللَّهَ رَبَّكُمْ وَرَبَّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.
See all translations of this verse →
فَكَذَّبُوهُ فَإِنَّهُمْ لَمُحْضَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු ඔහු බොරු කළෝ ය. සැබැවින් ම ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වෙති.
See all translations of this verse →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
See all translations of this verse →
وَتَرَكْنَا عَلَيْهِ فِى ٱلْـَٔاخِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද පසු පැමිණි පරපුර අතර ඔහු පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
See all translations of this verse →
سَلَٰمٌ عَلَىٰٓ إِلْ يَاسِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඉල්යාසීන් වෙත ශාන්තිය අත් වේවා!
See all translations of this verse →
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.
See all translations of this verse →
إِنَّهُۥ مِنْ عِبَادِنَا ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් විය.
See all translations of this verse →
وَإِنَّ لُوطًا لَّمِنَ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ලූත් ධර්ම දූතයින් අතරිනි.
See all translations of this verse →
إِذْ نَجَّيْنَٰهُ وَأَهْلَهُۥٓ أَجْمَعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
See all translations of this verse →
إِلَّا عَجُوزًا فِى ٱلْغَٰبِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර.
See all translations of this verse →
ثُمَّ دَمَّرْنَا ٱلْـَٔاخَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි සෙස්සන් සහමුලින් ම විනාශ කළෙමු.
See all translations of this verse →
وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහු ය.
See all translations of this verse →
وَبِٱلَّيْلِ أَفَلَا تَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රියෙහි ද (ගමන් ගන්නෙහුය). එහෙයින් නුඹලා වටහා නො ගන්නෙහු ද?
See all translations of this verse →
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම යූනුස් ධර්ම දූතයින් අතරිනි.
See all translations of this verse →
إِذْ أَبَقَ إِلَى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ
Sinhalese Translation - Rowwad Translation Centerපටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.
See all translations of this verse →
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلْمُدْحَضِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට (නැවෙහි සිටි අයවළුන්) කුසපත් ඇද්දේ ය. එවිට ඔහු පරාජිතයින් අතරින් විය.
See all translations of this verse →
فَٱلْتَقَمَهُ ٱلْحُوتُ وَهُوَ مُلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමී ය.
See all translations of this verse →
فَلَوْلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلْمُسَبِّحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතරින් කෙනෙකු නො වී නම්,
See all translations of this verse →
لَلَبِثَ فِى بَطْنِهِۦٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.
See all translations of this verse →
فَنَبَذْنَٰهُ بِٱلْعَرَآءِ وَهُوَ سَقِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු රෝගීව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.
See all translations of this verse →
وَأَنۢبَتْنَا عَلَيْهِ شَجَرَةً مِّن يَقْطِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඒ මත වැල්වලින් යුත් ගසක්හට ගැන්වූයෙමු.
See all translations of this verse →
وَأَرْسَلْنَٰهُ إِلَىٰ مِا۟ئَةِ أَلْفٍ أَوْ يَزِيدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත ධර්ම දූතයකු ලෙස එව්වෙමු.
See all translations of this verse →
فَـَٔامَنُوا۟ فَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු විශ්වාස කළෝ ය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
See all translations of this verse →
فَٱسْتَفْتِهِمْ أَلِرَبِّكَ ٱلْبَنَاتُ وَلَهُمُ ٱلْبَنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැ? යි යන්න ගැන (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
See all translations of this verse →
أَمْ خَلَقْنَا ٱلْمَلَٰٓئِكَةَ إِنَٰثًا وَهُمْ شَٰهِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
See all translations of this verse →
أَلَآ إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ
Sinhalese Translation - Rowwad Translation Centerදැනගනු! නියත වශයෙන් ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ.
See all translations of this verse →
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمْ لَكَٰذِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ය.
See all translations of this verse →
أَصْطَفَى ٱلْبَنَاتِ عَلَى ٱلْبَنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේ ද?
See all translations of this verse →
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?
See all translations of this verse →
أَفَلَا تَذَكَّرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?
See all translations of this verse →
أَمْ لَكُمْ سُلْطَٰنٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?
See all translations of this verse →
فَأْتُوا۟ بِكِتَٰبِكُمْ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ පුස්තකය ගෙන එනු.
See all translations of this verse →
وَجَعَلُوا۟ بَيْنَهُۥ وَبَيْنَ ٱلْجِنَّةِ نَسَبًا وَلَقَدْ عَلِمَتِ ٱلْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝ ය. තවද නියත වශයෙන් ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින් ම දැනගත්තෝ ය.
See all translations of this verse →
سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.
See all translations of this verse →
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර.
See all translations of this verse →
فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් සැබැවින් ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි...
See all translations of this verse →
مَآ أَنتُمْ عَلَيْهِ بِفَٰتِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.
See all translations of this verse →
إِلَّا مَنْ هُوَ صَالِ ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerනිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.
See all translations of this verse →
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ
Sinhalese Translation - Rowwad Translation Centerඅපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේ ම ය.
See all translations of this verse →
وَإِنَّا لَنَحْنُ ٱلصَّآفُّونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන්ම අප මය පෙළගැසෙන්නෝ.
See all translations of this verse →
وَإِنَّا لَنَحْنُ ٱلْمُسَبِّحُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අප මය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)
See all translations of this verse →
وَإِن كَانُوا۟ لَيَقُولُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද (දේවත්වයට ආදේශ කරන්නන් වන) ඔවුහු (මෙසේ) පවසමින් සිටියෝය.
See all translations of this verse →
لَوْ أَنَّ عِندَنَا ذِكْرًا مِّنَ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Center(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින් ම අප වෙත තිබුණේ නම්,
See all translations of this verse →
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلْمُخْلَصِينَ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝ ය.)
See all translations of this verse →
فَكَفَرُوا۟ بِهِۦ فَسَوْفَ يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝ ය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ධර්ම දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන්හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින් ම පෙරටු විය.
See all translations of this verse →
إِنَّهُمْ لَهُمُ ٱلْمَنصُورُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුහු මය උදව් කරනු ලබන්නෝ.
See all translations of this verse →
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلْغَٰلِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපගේ සේනාව වන ඔවුහු මය (අබිබවා යමින්) ජය ලබන්නෝ.
See all translations of this verse →
فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත්ව සිටිනු.
See all translations of this verse →
وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
See all translations of this verse →
أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ අපගේ දඬුවම ද ඔවුන් ඉක්මණින් පතනුයේ?
See all translations of this verse →
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَآءَ صَبَاحُ ٱلْمُنذَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.
See all translations of this verse →
وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මද කලක් දක්වා ඔවුන්ගෙන් නුඹ ඉවත්ව සිටිනු.
See all translations of this verse →
وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් ගැන නුඹ අවධානයෙන් සිටිනු. ඔවුන් මතු දකිනු ඇත.
See all translations of this verse →
سُبْحَٰنَ رَبِّكَ رَبِّ ٱلْعِزَّةِ عَمَّا يَصِفُونَ
Sinhalese Translation - Rowwad Translation Centerගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය.
See all translations of this verse →
وَسَلَٰمٌ عَلَى ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සියලු ම ධර්ම දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!
See all translations of this verse →
وَٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා හිමිය.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→