සූරා Yaseen يس
වාක්‍ය 83 · මක්කා · revelation order 41
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يسٓ
Sinhalese Translation - Rowwad Translation Centerයාසීන්.[1]
See all translations of this verse →
وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerප්‍රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,
See all translations of this verse →
إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Center(නබි මුහම්මද්!) නියත වශයෙන් ම නුඹ ධර්ම දූතවරුන් අතරින් කෙනෙකි.
See all translations of this verse →
عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Sinhalese Translation - Rowwad Translation Center(ඔබ) ඍජු මාර්ගය මත ය.
See all translations of this verse →
تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ
Sinhalese Translation - Rowwad Translation Center(මෙය) මහා කරුණාන්විත සර්ව බලධාරියාණන්ගේ පහළ කිරීමකි.
See all translations of this verse →
لِتُنذِرَ قَوْمًا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නො ලැබූ අනවධානීන් ලෙස සිටි පිරිසකට නුඹ අවවාද කරනු පිණිස ය.
See all translations of this verse →
لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින් ම නියම විය. එහෙයින් ඔවුහු දේවත්වය විශ්වාස නො කරති.
See all translations of this verse →
إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَٰقِهِمْ أَغْلَٰلًا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ඔවුන්ගේ ගෙලවලට විලංගු දැමුවෙමු. එවිට එය නිකටවල් දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස ඔසවා ගෙන සිටින්නෝ වෙති.
See all translations of this verse →
وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එසේ අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකි ය.
See all translations of this verse →
وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ ඔවුනට අවවාද කළ ද නුඹ ඔවුනට අවවාද නො කළ ද ඔවුන් වෙත එය එක සමාන ය. ඔවුහු විශ්වාස නො කරති.
See all translations of this verse →
إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكْرَ وَخَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ට ය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
See all translations of this verse →
إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَٰرَهُمْ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ فِىٓ إِمَامٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි මළවුන්ට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි ලේඛනයක සටහන් කර ඇත්තෙමු.
See all translations of this verse →
وَٱضْرِبْ لَهُم مَّثَلًا أَصْحَٰبَ ٱلْقَرْيَةِ إِذْ جَآءَهَا ٱلْمُرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ගම්මානයට ධර්ම දූතවරුන් පැමිණි අවස්ථාවේ එහි වැසියන් පිළිබඳ උපමාවක් නුඹ ඔවුනට ගෙන හැර දක්වනු.
See all translations of this verse →
إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුන් වෙත දෙදෙනකු එවූ විට ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට අපි තුන්වැන්නාගෙන් බලවත් කළෙමු. එවිට “නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ.
See all translations of this verse →
قَالُوا۟ مَآ أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحْمَٰنُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. තවද මහාකරුණාන්විතයාණන් කිසිවක් පහළ කළේ නැත. නුඹලා බොරු පවසන්නන් මිස නැතැයි” ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
قَالُوا۟ رَبُّنَا يَعْلَمُ إِنَّآ إِلَيْكُمْ لَمُرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් බව අපගේ පරමාධිපති දනී” යැයි ඔවුහු (රසූල්වරුන්) පැවසූහ.
See all translations of this verse →
وَمَا عَلَيْنَآ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ
Sinhalese Translation - Rowwad Translation Center“තවද පැහැදිලිව දන්වා සිටීම මිස අප වෙත (වෙනත් වගකීමක්) නොමැත.”
See all translations of this verse →
قَالُوٓا۟ إِنَّا تَطَيَّرْنَا بِكُمْ لَئِن لَّمْ تَنتَهُوا۟ لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා නිසා අපි අසුබ තත්ත්වයට පත්ව ඇත්තෙමු. නුඹලා නො වැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
قَالُوا۟ طَٰٓئِرُكُم مَّعَكُمْ أَئِن ذُكِّرْتُم بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ
Sinhalese Translation - Rowwad Translation Center(එවිට) නුඹලාට අනුශාසනා කරනු ලැබුව ද? නුඹලාගේ අගුණ නුඹලා සමඟ ය. එසේය නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය යැයි ඔවුහු (එම රසූල්වරු) පැවසූහ.
See all translations of this verse →
وَجَآءَ مِنْ أَقْصَا ٱلْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَٰقَوْمِ ٱتَّبِعُوا۟ ٱلْمُرْسَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නගරයේ කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් “මාගේ ජනයිනි! (අල්ලාහ් විසින්) එවනු ලැබූවන් නුඹලා අනුගමනය කරනු” යැයි පැවසුවේ ය.
See all translations of this verse →
ٱتَّبِعُوا۟ مَن لَّا يَسْـَٔلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ
Sinhalese Translation - Rowwad Translation Center“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නො සිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවෝ වෙති.”
See all translations of this verse →
وَمَا لِىَ لَآ أَعْبُدُ ٱلَّذِى فَطَرَنِى وَإِلَيْهِ تُرْجَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “මා මැවූ ඔහුට මා ගැතිකම් නො කර සිටීමට මට කුමක් වී ද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතට ම ය.”
See all translations of this verse →
ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدْنِ ٱلرَّحْمَٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّى شَفَٰعَتُهُمْ شَيْـًٔا وَلَا يُنقِذُونِ
Sinhalese Translation - Rowwad Translation Center“මා ඔහුගෙන් තොරව වෙනත් දෙවිවරුන් ගන්නෙම් ද? මහාකරුණාන්විතයාණෝ යම් හානියක් අභිමත කරන්නේ නම් ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් මට ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු මා මුදවා නො ගනිති.”
See all translations of this verse →
إِنِّىٓ إِذًا لَّفِى ضَلَٰلٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම මම එවිට පැහැදිලි මුළාවෙහි වෙමි.”
See all translations of this verse →
إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු.”
See all translations of this verse →
قِيلَ ٱدْخُلِ ٱلْجَنَّةَ قَالَ يَٰلَيْتَ قَوْمِى يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Center‘නුඹ ස්වර්ගයට පිවිසෙනු’ යැයි කියන ලදි. “අහෝ! මාගේ ජනයා (ඒ ගැන) දැනගන්නේ නම් මැනව!”යැයි පැවැසුවේ ය.
See all translations of this verse →
بِمَا غَفَرَ لِى رَبِّى وَجَعَلَنِى مِنَ ٱلْمُكْرَمِينَ
Sinhalese Translation - Rowwad Translation Center“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම් මැනව)”
See all translations of this verse →
وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහුගෙන් පසුව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නො කළෙමු. තවද එසේ අපි පහළ කරන්නන් ලෙස නො සිටියෙමු.
See all translations of this verse →
إِن كَانَتْ إِلَّا صَيْحَةً وَٰحِدَةً فَإِذَا هُمْ خَٰمِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑය එක ම එක් හඬක් මිස නො වීය. එසැනින් ඔවුහු අළු බවට පත් වූවෝ වූවෝ ය.
See all translations of this verse →
يَٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ගැත්තන් වෙත වූ ඛේදය! ඔවුන් වෙත පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහු සරදම් කරමින් සිටියා මිස නො වූවෝ ය.
See all translations of this verse →
أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු දැ? යි ඔවුහු නො දුටුවෝ ද? නියත වශයෙන් ම ඔවුන් වෙත ඔවුන් නැවත නො පැමිණෙනු ඇත.
See all translations of this verse →
وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරවනු ලබන්නන් මිස නැත.
See all translations of this verse →
وَءَايَةٌ لَّهُمُ ٱلْأَرْضُ ٱلْمَيْتَةُ أَحْيَيْنَٰهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසුව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.
See all translations of this verse →
وَجَعَلْنَا فِيهَا جَنَّٰتٍ مِّن نَّخِيلٍ وَأَعْنَٰبٍ وَفَجَّرْنَا فِيهَا مِنَ ٱلْعُيُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි එහි ඉඳි හා මිදි උයන් ඇති කළෙමු. තවද එහි උල්පත් පීරා ගලා යන්නට සැලැස්වූයෙමු.
See all translations of this verse →
لِيَأْكُلُوا۟ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ أَفَلَا يَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Center(එසේ කරනු ලැබුවේ) එහි බවභෝගවලින් ඔවුන් අනුභව කරනු පිණිසයි. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?
See all translations of this verse →
سُبْحَٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් තුළින් ද එමෙන් ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධ ය.
See all translations of this verse →
وَءَايَةٌ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති.
See all translations of this verse →
وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّ لَّهَا ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි.
See all translations of this verse →
وَٱلْقَمَرَ قَدَّرْنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සඳු, අපි එය නැවුනු ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු.
See all translations of this verse →
لَا ٱلشَّمْسُ يَنۢبَغِى لَهَآ أَن تُدْرِكَ ٱلْقَمَرَ وَلَا ٱلَّيْلُ سَابِقُ ٱلنَّهَارِ وَكُلٌّ فِى فَلَكٍ يَسْبَحُونَ
Sinhalese Translation - Rowwad Translation Centerසඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.
See all translations of this verse →
وَءَايَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි උසුලා ගෙනයාම ඔවුනට තවත් සංඥාවක් වේ.
See all translations of this verse →
وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِۦ مَا يَرْكَبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට ඒ හා සමාන ඔවුන් ප්‍රවාහනය කරන දෑ මැව්වෙමු.
See all translations of this verse →
وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අභිමත කරන්නේ නම් ඔවුන් අපි ගිල්වා දමන්නෙමු. එවිට ඔවුනට පක්ෂව කිසිඳු හඬක් නො වනු ඇත. තවද ඔවුහු මුදවා ගනු නො ලබති.
See all translations of this verse →
إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් (එය) අපගෙන් වූ කරුණාවක් හා ටික කලකට භුක්ති විඳීමක් වශයෙන් මිස නැත.
See all translations of this verse →
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُوا۟ مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉදිරියේ ඇති දැයින් හා නුඹලාට පසුපසින් ඇති දැයින් ආරක්ෂා වනු යැයි ඔවුනට කියනු ලැබූ විට (ඔවුහු නො සැලකිලිමත් වූවෝ ය.)
See all translations of this verse →
وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතරින් යම් සංඥාවක් ඔවුන් වෙත පැමිණි විට ඔවුන් එය පිටුපාන්නන් ලෙස සිටියා මිස නැත.
See all translations of this verse →
وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَنُطْعِمُ مَن لَّوْ يَشَآءُ ٱللَّهُ أَطْعَمَهُۥٓ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර ලබා දිය යුතු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියෝ ය.
See all translations of this verse →
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “නුඹලා සත්‍යවාදීන් වූයෙහු නම් මෙම ප්‍රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදා දැ?”යි ඔවුහු විමසති.
See all translations of this verse →
مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَٰحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑක ම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නො වෙති. ඔවුන් තර්ක කරමින් සිටිය දී එය ඔවුන් හසු කර ගනී.
See all translations of this verse →
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَآ إِلَىٰٓ أَهْلِهِمْ يَرْجِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නො දරති.
See all translations of this verse →
وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද හොරණෑවෙහි පිඹිනු ලැබී ය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැරව යති.
See all translations of this verse →
قَالُوا۟ يَٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا هَٰذَا مَا وَعَدَ ٱلرَّحْمَٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවු දැ?” යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයාණන් ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්‍ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ.)
See all translations of this verse →
إِن كَانَتْ إِلَّا صَيْحَةً وَٰحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑය එක ම හඬක් මිස නො වීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති.
See all translations of this verse →
فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නො ලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලා ප්‍රතිඵල පිරිනමනු නො ලබන්නෙහු ය.
See all translations of this verse →
إِنَّ أَصْحَٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍ فَٰكِهُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එදින ස්වර්ග වාසීහු කාර්යයන්හි සතුටින් නිරතව සිටින්නෝ වෙති.
See all translations of this verse →
هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු හා ඔවුන්ගේ බිරියන් සෙවනෙහි ඇති කවිච්චි මත (ඉතා සතුටින්) හාන්සි වී සිටින්නෝ වෙති.
See all translations of this verse →
لَهُمْ فِيهَا فَٰكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත.
See all translations of this verse →
سَلَٰمٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerසලාම්! (ශාන්තිය). මෙය මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙනි.
See all translations of this verse →
وَٱمْتَٰزُوا۟ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ.
See all translations of this verse →
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُوا۟ ٱلشَّيْطَٰنَ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නො කරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද? නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.
See all translations of this verse →
وَأَنِ ٱعْبُدُونِى هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මට නැමදුම් කරනු (යැයි ප්‍රතිඥාවක් නො ගත්තෙම් ද?) ඍජු මාර්ගය මෙය වේ.
See all translations of this verse →
وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම නුඹලා අතරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේ ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?
See all translations of this verse →
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නිරයයි.
See all translations of this verse →
ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු.
See all translations of this verse →
ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅද දින අපි ඔවුන්ගේ කටවල්වලට මුද්‍රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමඟ කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.
See all translations of this verse →
وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُوا۟ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ඇස් මත අන්ධභාවය ඇති කරන්නට තිබුණි. එවිට එම මාර්ගය වෙත ඔවුහු තරඟකාරී ලෙස යොමු වෙති. එවිට ඔවුන් කෙසේ නම් දකිනු ඇත් ද?
See all translations of this verse →
وَلَوْ نَشَآءُ لَمَسَخْنَٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَٰعُوا۟ مُضِيًّا وَلَا يَرْجِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නො දරති. තවද ඔවුහු නැවත හැරී නො යති.
See all translations of this verse →
وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ أَفَلَا يَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි කවරෙකුට ආයු කාලය ලබා දුන්නෙමු ද මැවීම් ස්වභාවයෙහි අපි ඔහුව වෙනස් කරමු. ඔවුහු (මෙය) වටහා ගත යුතු නො වේ ද?
See all translations of this verse →
وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْءَانٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔහුට (මුහම්මද්ට) කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්‍ය නො වීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් මිස වෙනෙකක් නැත.
See all translations of this verse →
لِّيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ
Sinhalese Translation - Rowwad Translation Center(මෙය) ජීවමානව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිස ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිස ය.
See all translations of this verse →
أَوَلَمْ يَرَوْا۟ أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَآ أَنْعَٰمًا فَهُمْ لَهَا مَٰلِكُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ අත් නිර්මාණය කළ දැයින් ගොවිපළ සතුන් ඔවුන් වෙනුවෙන් අපි නිර්මාණය කර තිබීම ඔවුහු නො දුටුවෝ ද? එහෙයින් ඔවුහු එයට උරුමක්කරුවෝ වූහ.
See all translations of this verse →
وَذَلَّلْنَٰهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට ඒවා වසඟ කර දුනිමු. එහෙයින් ඒවායින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති.
See all translations of this verse →
وَلَهُمْ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُ أَفَلَا يَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට ඒවායෙහි ප්‍රයෝජන හා පානයන් ඇත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නො වන්නෝ ද?
See all translations of this verse →
وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් උදව් ලබනු ඇතැයි (සිතා) අල්ලාහ්ගෙන් තොර වෙනත් දෙවිවරුන් ඔවුහු ගත්තෝ ය.
See all translations of this verse →
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු තමන්ට ම උදව් කිරීමට ශක්තිය නො දරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති.
See all translations of this verse →
فَلَا يَحْزُنكَ قَوْلُهُمْ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන්ගේ ප්‍රකාශය ඔබ දුකට පත් නො කළ යුතු ය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින් ම අපි දනිමු.
See all translations of this verse →
أَوَلَمْ يَرَ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නො දුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි.
See all translations of this verse →
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِىَ خَلْقَهُۥ قَالَ مَن يُحْىِ ٱلْعِظَٰمَ وَهِىَ رَمِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු අපට උපමා ගෙන හැර පාන්නේ ය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේ ය. “අස්ථි දිරාපත්ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවු දැ?”යි ඔහු විමසයි.
See all translations of this verse →
قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Center“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳව සර්වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළේ ය. එවිට නුඹලා එයින් ගිනි දල්වන්නෙහු ය.
See all translations of this verse →
أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم بَلَىٰ وَهُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස් හා මහපොළොව මැවූ අය ඔවුනට සමාන දෑ මැවීමට ශක්තිය ඇත්තකු නො වේ ද? එසේ නො ව; ඔහුය සර්වඥානී මහා මැවුම්කරු.
See all translations of this verse →
إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් (නිර්මාණය කිරීමට) අදහස් කළ විට එයට ‘වනු’ යැයි පැවසීම පමණ ය. එවිට එය සිදු වනු ඇත.
See all translations of this verse →
فَسُبْحَٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් සියලු දෑහි ආධිපත්‍යයන් තම අතෙහි වූ ඔහු සුවිශුද්ධ විය. තවද ඔහු වෙතට මය නුඹලා යොමු කරනු ලබනුයේ.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→