සූරා Al-Fajr الفجر
වාක්‍ය 30 · මක්කා · revelation order 10
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْفَجْرِ
Sinhalese Translation - Rowwad Translation Centerඅරුණෝදය මත ද දිවුරමින්.
See all translations of this verse →
وَلَيَالٍ عَشْرٍ
Sinhalese Translation - Rowwad Translation Centerදස රාත්‍රියන් මත ද දිවුරමින්.
See all translations of this verse →
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ
Sinhalese Translation - Rowwad Translation Centerඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
See all translations of this verse →
وَٱلَّيْلِ إِذَا يَسْرِ
Sinhalese Translation - Rowwad Translation Centerරාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
See all translations of this verse →
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ
Sinhalese Translation - Rowwad Translation Centerනුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
See all translations of this verse →
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
Sinhalese Translation - Rowwad Translation Centerආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?
See all translations of this verse →
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ
Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) කුලුනුවලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
See all translations of this verse →
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَٰدِ
Sinhalese Translation - Rowwad Translation Centerඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නො ලැබී ය.
See all translations of this verse →
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ
Sinhalese Translation - Rowwad Translation Centerනිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
See all translations of this verse →
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ
Sinhalese Translation - Rowwad Translation Centerරිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැ? යි නුඹ නො දුටුවෙහි ද?)
See all translations of this verse →
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَٰدِ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු දේශයන්හි සීමාව ඉක්මවා කටයුතු කළෝ ය.
See all translations of this verse →
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝ ය.
See all translations of this verse →
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත දඬුවමේ කසය හෙළුවේ ය.
See all translations of this verse →
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම නුඹගේ පරමාධිපති රැක බලා සිටින්නා ය.
See all translations of this verse →
فَأَمَّا ٱلْإِنسَٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ
Sinhalese Translation - Rowwad Translation Centerඑනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහුව පරීක්ෂාවට ලක් කර, පසුව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.
See all translations of this verse →
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَٰنَنِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුව පරීක්ෂාවට ලක් කර පසුව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.
See all translations of this verse →
كَلَّا بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේය, නුඹලා අනාථයාට උපකාර නො කරන්නෙහු ය.
See all translations of this verse →
وَلَا تَحَٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නො ගන්වන්නෙහු ය.
See all translations of this verse →
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහු ය.
See all translations of this verse →
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا
Sinhalese Translation - Rowwad Translation Centerඑමෙන් ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහු ය.
See all translations of this verse →
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
See all translations of this verse →
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا
Sinhalese Translation - Rowwad Translation Centerතවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේ ය.
See all translations of this verse →
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?
See all translations of this verse →
يَقُولُ يَٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى
Sinhalese Translation - Rowwad Translation Center“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇතිව (යහකම්) සිදු කරන්නට තිබුණා නො වේ” දැ? යි ඔහු පවසයි.
See all translations of this verse →
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නො කරයි.
See all translations of this verse →
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නො තබයි.
See all translations of this verse →
يَٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ
Sinhalese Translation - Rowwad Translation Center“අහෝ සැනසුමට පත් ආත්මය!
See all translations of this verse →
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
See all translations of this verse →
فَٱدْخُلِى فِى عِبَٰدِى
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
See all translations of this verse →
وَٱدْخُلِى جَنَّتِى
Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→