caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Ghaashiya الغاشية

වාක්‍ය 26 · මක්කා · revelation order 68

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَٰشِيَةِ

Sinhalese Translation - Rowwad Translation Center(විනාශය) ආවරණය කරන සිද්ධිය පිළිබඳ පුවත නුඹ වෙත පැමිණියේ ද?

See all translations of this verse →

وُجُوهٌ يَوْمَئِذٍ خَٰشِعَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින (ඇතැම් අයගේ) මුහුණු යටහත් පහත්ව අවමානයෙන් පවතී.

See all translations of this verse →

عَامِلَةٌ نَّاصِبَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerවෙහෙසව හා විඩාවට පත්ව පවතී.

See all translations of this verse →

تَصْلَىٰ نَارًا حَامِيَةً

Sinhalese Translation - Rowwad Translation Centerඇවිළෙන ගින්නට ඒවා පිවිස දැවෙනු ඇත.

See all translations of this verse →

تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) උණු දිය උල්පතින් පොවනු ලබනු ඇත.

See all translations of this verse →

لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට කටු සහිත ශාක මිස වෙනත් අහරක් නැත.

See all translations of this verse →

لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑය (ඔවුන් ව) පුෂ්ටිමත් නො කරයි. තවද කුසගින්න (නිවන්න)ට උපාකර නො වෙයි.

See all translations of this verse →

وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ

Sinhalese Translation - Rowwad Translation Center(ඇතැම්) මුහුණු සතුටින් පිරී පවතී.

See all translations of this verse →

لِّسَعْيِهَا رَاضِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඒවායෙහි ශ්‍රමයන් පිළිබඳව තෘප්තියට පත් ව,

See all translations of this verse →

فِى جَنَّةٍ عَالِيَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඋසස් ස්වර්ග උයන්හි (පවතී.)

See all translations of this verse →

لَّا تَسْمَعُ فِيهَا لَٰغِيَةً

Sinhalese Translation - Rowwad Translation Centerඑහි පුහු වදන් ශ්‍රවණය නො කරයි.

See all translations of this verse →

فِيهَا عَيْنٌ جَارِيَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි ගලා යන උල්පත් ඇත.

See all translations of this verse →

فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි උස් නිදියහන් ද ඇත.

See all translations of this verse →

وَأَكْوَابٌ مَّوْضُوعَةٌ

Sinhalese Translation - Rowwad Translation Center(බීමට) තබන ලද ගුරුලේත්තු ද,

See all translations of this verse →

وَنَمَارِقُ مَصْفُوفَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerවියන ලද කොට්ට ද,

See all translations of this verse →

وَزَرَابِىُّ مَبْثُوثَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerදිග හරින ලද බුමුතුරුණු ද ඇත.

See all translations of this verse →

أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ

Sinhalese Translation - Rowwad Translation Centerඔටුවා දෙස එය කෙසේ මවනු ලැබුවේ දැ? යි ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?

See all translations of this verse →

وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස දෙස එය කෙසේ ඔසවනු ලැබුවේ දැ? යි ද;

See all translations of this verse →

وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ

Sinhalese Translation - Rowwad Translation Centerකඳු දෙස එය කෙසේ සවි කරනු ලැබුවේ දැ? යි ද;

See all translations of this verse →

وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව දෙස එය කෙසේ ව්‍යාප්ත කරනු ලැබුවේ දැ? යි ද (ඔවුහු නිරීක්ෂා කොට බැලිය යුතු නො වේ ද?)

See all translations of this verse →

فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ සිහිපත් කරනු. නියත වශයෙන් ම නුඹ සිහිපත් කරන්නෙකු පමණි.

See all translations of this verse →

لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ ඔවුන් කෙරෙහි බලය දරන්නෙක් නො වන්නෙහි ය.

See all translations of this verse →

إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු පිටුපාමින් ප්‍රතික්ෂේප කළේ ද ඔහු කෙරෙහි පමණක් මිස.

See all translations of this verse →

فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් (පිටුපාමින් ප්‍රතික්ෂේප කළ) ඔහුට අතිමහත් දඬුවමකින් දඬුවම් කරන්නේ ය.

See all translations of this verse →

إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය.

See all translations of this verse →

ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم

Sinhalese Translation - Rowwad Translation Centerපසුව සැබැවින් ම ඔවුන් (කළ ක්‍රියාවන්)ගේ ගණනය අප මත ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70