caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Mutaffifin المطففين

වාක්‍ය 36 · මක්කා · revelation order 86

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَيْلٌ لِّلْمُطَفِّفِينَ

Sinhalese Translation - Rowwad Translation Centerකිරුම් මිනුම්වල වංචා කරන්නන්හට විනාශයම ය.

See all translations of this verse →

ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන් ම කිරා ගනිති.

See all translations of this verse →

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

See all translations of this verse →

أَلَا يَظُنُّ أُو۟لَٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නො සිතන්නෝ ද?

See all translations of this verse →

لِيَوْمٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerමහත් වූ දිනයක් සඳහා.

See all translations of this verse →

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින මිනිස්සු සකල ලෝකයේ පරමාධිපති ඉදිරියේ නැගී සිටිනු ඇත.

See all translations of this verse →

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. නියත වශයෙන් ම අපරාධකරුවන්ගේ ලේඛනය සිජ්ජීන්හි ඇත්තේ ය.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) සිජ්ජීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

See all translations of this verse →

كِتَٰبٌ مَّرْقُومٌ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ලියන ලද වාර්තා පොතකි.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කරන්නන්හට එදින විනාශය ය.

See all translations of this verse →

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerමොවුන් වනාහි විනිශ්චය දිනය බොරු කරති.

See all translations of this verse →

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerසීමාව ඉක්මවා ගිය සෑම පාපතරයකුම මිස වෙනත් කිසිවෙක් එය බොරු නො කරනු ඇත.

See all translations of this verse →

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ වදන් ඔහු වෙත පාරායනා කරනු ලබන විට (මෙය) පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් යැයි ඔහු පවසයි.

See all translations of this verse →

كَلَّا بَلْ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. එහෙත් ඔවුන් උපයමින් සිටි දෑ (මඟින්) ඔවුන්ගේ හදවත් මත මල බැඳී ඇත.

See all translations of this verse →

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. නියත වශයෙන් ම ඔවුහු එදින ඔවුන්ගේ පරමාධිපතිගෙන් තිර දම(මින් වෙන් කර)නු ලබන්නෝ ය.

See all translations of this verse →

ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔවුහු නිරයෙහි පිවිසෙන්නෝ වෙති.

See all translations of this verse →

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඉන් පසුව “නුඹලා බොරු කරමින් සිටි දෑ මෙය වේ” යැයි කියනු ලැබේ.

See all translations of this verse →

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. නියත වශයෙන් ම දැහැමියන්ගේ ලේඛනය ඉල්ලීයියීන්හිම ය.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉල්ලීයියීන් යනු කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

See all translations of this verse →

كِتَٰبٌ مَّرْقُومٌ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ලියන ලද වාර්තා පොතකි.

See all translations of this verse →

يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ

Sinhalese Translation - Rowwad Translation Center(දේව) සමීපතයෝ එයට සාක්ෂි දරති.

See all translations of this verse →

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දැහැමියෝ සැප පහසුකම්හි සිටිති.

See all translations of this verse →

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකවිච්චි මතට වී (සිරි) නරඹමින් සිටිති.

See all translations of this verse →

تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුනට ලැබුණු) සැප පහසුකම්හි සිරියාව නුඹ ඔවුන්ගේ මුහුණු තුළින් දැන ගනු ඇත.

See all translations of this verse →

يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ

Sinhalese Translation - Rowwad Translation Centerමුද්‍රා කරන ලද අමෘතයෙන් ඔවුහු පොවනු ලබති.

See all translations of this verse →

خِتَٰمُهُۥ مِسْكٌ وَفِى ذَٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَٰفِسُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි මුද්‍රාව කස්තූරි ය. එහෙයින් තරඟ වදින්නට අපේක්ෂා කරන්නන් ඒ තුළ තරඟ වදිත්වා.

See all translations of this verse →

وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එහි මිශ්‍රණය තස්නීමයෙනි.

See all translations of this verse →

عَيْنًا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය දේව සමීපතයින් එයින් පානය කරන උල්පතකි.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපරාධ කළ අය විශ්වාස කළවුන් පිළිබඳව සිනහසෙමින් සිටියෝ ය.

See all translations of this verse →

وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් පසු කරමින් ගිය විට ඔවුහු එකිනෙකා අතර ඇස් කොණින් ඉඟි කොට සමච්චල් කර ගත්තෝ ය.

See all translations of this verse →

وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු ඔවුන්ගේ ජනයා වෙත හැරී ගිය විට (ඒ ගෙන) සතුටු වන්නන් ලෙස හැරී ගියෝ ය.

See all translations of this verse →

وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු ඔවුන්ව දුටු විට “සැබැවින් ම මොවුන් නොමග ගියවුන්මය” යැයි පවසති.

See all translations of this verse →

وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَٰفِظِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් මත ආරක්ෂකයින් ලෙස මොවුහු එවනු නො ලැබුවෝ ය.

See all translations of this verse →

فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අද දින විශ්වාස කළවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් දෙස බලා සිනාසෙති.

See all translations of this verse →

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසුව පහසු කවිච්චි මත වී සිරි නරඹති.

See all translations of this verse →

هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂේපකයෝ තමන් කරමින් සිටි දෑ සඳහා ප්‍රතිවිපාක දෙනු ලැබුවෝ ද?

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70