caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Infitaar الإنفطار

වාක්‍ය 19 · මක්කා · revelation order 82

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස පිපිරී වෙන්ව ගිය විට,

See all translations of this verse →

وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තාරුකා වැටී විසිරී ගිය විට,

See all translations of this verse →

وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සමුද්‍රයන් පුපුරා යන විට,

See all translations of this verse →

وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

See all translations of this verse →

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلْإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳව නුඹව මුළා කළේ කුමක් ද?

See all translations of this verse →

ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේ ය.

See all translations of this verse →

فِىٓ أَىِّ صُورَةٍ مَّا شَآءَ رَكَّبَكَ

Sinhalese Translation - Rowwad Translation Centerකවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේ ය.)

See all translations of this verse →

كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහු ය.

See all translations of this verse →

وَإِنَّ عَلَيْكُمْ لَحَٰفِظِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් සිටිති.

See all translations of this verse →

كِرَامًا كَٰتِبِينَ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

See all translations of this verse →

يَعْلَمُونَ مَا تَفْعَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝ ය.

See all translations of this verse →

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දැහැමියන් සුව සැපයෙහි ය.

See all translations of this verse →

وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

See all translations of this verse →

يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerවිනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙනු ඇත.

See all translations of this verse →

وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟ වී සිටින්නන් නො වෙති.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerවිනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

See all translations of this verse →

ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ද විනිශ්ච දිනය කුමක් දැ? යි නුඹව දැනුවත් කළේ කුමක් ද?

See all translations of this verse →

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْـًٔا وَٱلْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් බලය නො දරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් සතු ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70