caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qamar القمر

වාක්‍ය 55 · මක්කා · revelation order 37

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱقْتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلْقَمَرُ

Sinhalese Translation - Rowwad Translation Centerඅවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.

See all translations of this verse →

وَإِن يَرَوْا۟ ءَايَةً يُعْرِضُوا۟ وَيَقُولُوا۟ سِحْرٌ مُّسْتَمِرٌّ

Sinhalese Translation - Rowwad Translation Centerතවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුව ද ඔවුන් පිටුපා (මෙය) “පැවත එන මායාවක්” යැයි පවසති.

See all translations of this verse →

وَكَذَّبُوا۟ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කළෝ ය. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක් ම සිදුවන්නකි.

See all translations of this verse →

وَلَقَدْ جَآءَهُم مِّنَ ٱلْأَنۢبَآءِ مَا فِيهِ مُزْدَجَرٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අවවාදයන් ඇතුළත් තොරතුරු ඔවුන් වෙත සැබැවින් ම පැමිණ ඇත.

See all translations of this verse →

حِكْمَةٌۢ بَٰلِغَةٌ فَمَا تُغْنِ ٱلنُّذُرُ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ගැඹුරු ප්‍රඥාවකි. නමුත් එම අවවාදය ඵලක් නොවීය.

See all translations of this verse →

فَتَوَلَّ عَنْهُمْ يَوْمَ يَدْعُ ٱلدَّاعِ إِلَىٰ شَىْءٍ نُّكُرٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු එදින (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවනු ඇත;

See all translations of this verse →

خُشَّعًا أَبْصَٰرُهُمْ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී යන පළඟැටියන් මෙන් මිනිවළවල් වෙතින් බැහැර වෙති.

See all translations of this verse →

مُّهْطِعِينَ إِلَى ٱلدَّاعِ يَقُولُ ٱلْكَٰفِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ

Sinhalese Translation - Rowwad Translation Centerකැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.

See all translations of this verse →

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا۟ عَبْدَنَا وَقَالُوا۟ مَجْنُونٌ وَٱزْدُجِرَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝ ය. එසේ ම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබී ය.

See all translations of this verse →

فَدَعَا رَبَّهُۥٓ أَنِّى مَغْلُوبٌ فَٱنتَصِرْ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු නියත වශයෙන් ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේ ය.

See all translations of this verse →

فَفَتَحْنَآ أَبْوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٍ مُّنْهَمِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අපි ඇද වැටෙන වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.

See all translations of this verse →

وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًا فَٱلْتَقَى ٱلْمَآءُ عَلَىٰٓ أَمْرٍ قَدْ قُدِرَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මහපොළොවෙහි උල්පත්හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමඟ) එකතු විය.

See all translations of this verse →

وَحَمَلْنَٰهُ عَلَىٰ ذَاتِ أَلْوَٰحٍ وَدُسُرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ලෑලි හා ඇන සහිත දෑ (නැව) මත අපි ඔහු ඉසිලුවෙමු.

See all translations of this verse →

تَجْرِى بِأَعْيُنِنَا جَزَآءً لِّمَن كَانَ كُفِرَ

Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ අධීක්ෂණය යටතේ එය යාත්‍රා විය.

See all translations of this verse →

وَلَقَد تَّرَكْنَٰهَآ ءَايَةً فَهَلْ مِن مُّدَّكِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?

See all translations of this verse →

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

See all translations of this verse →

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

See all translations of this verse →

كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerආද් සමූහයා බොරු කළෝ ය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

See all translations of this verse →

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِى يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ

Sinhalese Translation - Rowwad Translation Centerඅඛණ්ඩව පැවතුණු අභාග්‍යයමත් දිනක නියත වශයෙන් ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් එව්වෙමු.

See all translations of this verse →

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමී ය.

See all translations of this verse →

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

See all translations of this verse →

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

See all translations of this verse →

كَذَّبَتْ ثَمُودُ بِٱلنُّذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerසමූද් ජනයා එම අවවාදය බොරු කළෝ ය.

See all translations of this verse →

فَقَالُوٓا۟ أَبَشَرًا مِّنَّا وَٰحِدًا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذًا لَّفِى ضَلَٰلٍ وَسُعُرٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගෙන් එක් මිනිසෙකු වූ ඔහුව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන් ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

أَءُلْقِىَ ٱلذِّكْرُ عَلَيْهِ مِنۢ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ

Sinhalese Translation - Rowwad Translation Center“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”

See all translations of this verse →

سَيَعْلَمُونَ غَدًا مَّنِ ٱلْكَذَّابُ ٱلْأَشِرُ

Sinhalese Translation - Rowwad Translation Centerගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැ? යි මතු දින ඔවුන් දැන ගනු ඇත.

See all translations of this verse →

إِنَّا مُرْسِلُوا۟ ٱلنَّاقَةِ فِتْنَةً لَّهُمْ فَٱرْتَقِبْهُمْ وَٱصْطَبِرْ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.

See all translations of this verse →

وَنَبِّئْهُمْ أَنَّ ٱلْمَآءَ قِسْمَةٌۢ بَيْنَهُمْ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක් ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.

See all translations of this verse →

فَنَادَوْا۟ صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූවෝ ය. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන (ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේ ය.

See all translations of this verse →

فَكَيْفَ كَانَ عَذَابِى وَنُذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

See all translations of this verse →

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَٰحِدَةً فَكَانُوا۟ كَهَشِيمِ ٱلْمُحْتَظِرِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.

See all translations of this verse →

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

See all translations of this verse →

كَذَّبَتْ قَوْمُ لُوطٍۭ بِٱلنُّذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝ ය.

See all translations of this verse →

إِنَّآ أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٍ نَّجَّيْنَٰهُم بِسَحَرٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ඔවුන් වෙත ගල් වර්ෂාවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කර දැමී ය.) එහෙත් ලූත්ගේ (පාර්ශව) ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.

See all translations of this verse →

نِّعْمَةً مِّنْ عِندِنَا كَذَٰلِكَ نَجْزِى مَن شَكَرَ

Sinhalese Translation - Rowwad Translation Center(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙස ය.

See all translations of this verse →

وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا۟ بِٱلنُّذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින් ම ඔහු (ලූත්) ඔවුනට අවවාද කළේ ය. එහෙත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝ ය.

See all translations of this verse →

وَلَقَدْ رَٰوَدُوهُ عَن ضَيْفِهِۦ فَطَمَسْنَآ أَعْيُنَهُمْ فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ ආගන්තුකයින් සමඟ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුගෙන් පැතුවෝ ය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)

See all translations of this verse →

وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින් ම ඔවුනට උදා විය.

See all translations of this verse →

فَذُوقُوا۟ عَذَابِى وَنُذُرِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.

See all translations of this verse →

وَلَقَدْ يَسَّرْنَا ٱلْقُرْءَانَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින් ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

See all translations of this verse →

وَلَقَدْ جَآءَ ءَالَ فِرْعَوْنَ ٱلنُّذُرُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින් ම පැමිණියේ ය.

See all translations of this verse →

كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذْنَٰهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝ ය. එවිට අපි බලවත් බලධාරියකුගේ ග්‍රහණය මෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.

See all translations of this verse →

أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُو۟لَٰٓئِكُمْ أَمْ لَكُم بَرَآءَةٌ فِى ٱلزُّبُرِ

Sinhalese Translation - Rowwad Translation Center(මක්කා වැසියනි!) නුඹලා අතර සිටින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන්හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේ ද?

See all translations of this verse →

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් “අපි සියල්ලෝ ම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

See all translations of this verse →

سَيُهْزَمُ ٱلْجَمْعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.

See all translations of this verse →

بَلِ ٱلسَّاعَةُ مَوْعِدُهُمْ وَٱلسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණු ය. තවද වඩාත් අමිහිරි ය.

See all translations of this verse →

إِنَّ ٱلْمُجْرِمِينَ فِى ضَلَٰلٍ وَسُعُرٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම වැරදි කරුවෝ නොමගෙහි හා (නිරා ගින්නේ) වේදනාවෙහි සිටිති.

See all translations of this verse →

يَوْمَ يُسْحَبُونَ فِى ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا۟ مَسَّ سَقَرَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ. නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)

See all translations of this verse →

إِنَّا كُلَّ شَىْءٍ خَلَقْنَٰهُ بِقَدَرٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු.

See all translations of this verse →

وَمَآ أَمْرُنَآ إِلَّا وَٰحِدَةٌ كَلَمْحٍۭ بِٱلْبَصَرِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි.

See all translations of this verse →

وَلَقَدْ أَهْلَكْنَآ أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?

See all translations of this verse →

وَكُلُّ شَىْءٍ فَعَلُوهُ فِى ٱلزُّبُرِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛනවල (ලියවී) ඇත.

See all translations of this verse →

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.

See all translations of this verse →

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَنَهَرٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා ගංඟාවෙහි සිටිති.

See all translations of this verse →

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍۭ

Sinhalese Translation - Rowwad Translation Centerසර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහි ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70