caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Najm النجم

වාක්‍ය 62 · මක්කා · revelation order 23

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّجْمِ إِذَا هَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්;

See all translations of this verse →

مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මුළා නො වීය. තවද ඔහු නොමග නොගියේ ය.

See all translations of this verse →

وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නො කරයි.

See all translations of this verse →

إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑය හෙළි දරව් කරන ලද දිව්‍ය පණිවිඩ මිස නැත.

See all translations of this verse →

عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅතිබලවත් කෙනෙකු (වන ජිබ්රීල්) එය ඉගැන්වී ය.

See all translations of this verse →

ذُو مِرَّةٍ فَٱسْتَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (නබි ඉදිරියේ) දිස් විය.

See all translations of this verse →

وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු ඉහළම ක්‍ෂිතිජයෙහි විය.

See all translations of this verse →

ثُمَّ دَنَا فَتَدَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු පහළට පැමිණ (ඔහු) අසළට ම පැමිණියේ ය.

See all translations of this verse →

فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයක හෝ ඊටත් වඩා සමීප විය.

See all translations of this verse →

فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට (අල්ලාහ්) ඔහුට දන්වා සිටි දෑ ඔහුගේ ගැත්තාට ඔහු (ජිබ්රීල්) දන්වා සිටියේ ය.

See all translations of this verse →

مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු දුටු දෑ (ඔහුගේ) සිත බොරු නො කළේ ය.

See all translations of this verse →

أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?

See all translations of this verse →

وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේ ය.

See all translations of this verse →

عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියස ය.

See all translations of this verse →

عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.

See all translations of this verse →

إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;

See all translations of this verse →

مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහුගේ) බැල්ම ඉවත් නො වීය. එසේ ම එය සීමාව ඉක්මවා නොගියේ ය.

See all translations of this verse →

لَقَدْ رَأَىٰ مِنْ ءَايَٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින් ම ඔහු දුටුවේ ය.

See all translations of this verse →

أَفَرَءَيْتُمُ ٱللَّٰتَ وَٱلْعُزَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerලාත් හා උzස්zසා (නමැති පිළිම) නුඹලා දුටුවෙහු ද?

See all translations of this verse →

وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلْأُخْرَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඅනෙක් තුන්වැනියා මනාත් ය.

See all translations of this verse →

أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلْأُنثَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට පිරිමි (දරුව)න් හා ඔහුට ගැහැනු (දරුව)න් ද?

See all translations of this verse →

تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එය අසාධාරණ බෙදීමකි.

See all translations of this verse →

إِنْ هِىَ إِلَّآ أَسْمَآءٌ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهْوَى ٱلْأَنفُسُ وَلَقَدْ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلْهُدَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස වෙනෙකක් අනුගමනය නො කරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින් ම යහමග පැමිණ ඇත.

See all translations of this verse →

أَمْ لِلْإِنسَٰنِ مَا تَمَنَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?

See all translations of this verse →

فَلِلَّهِ ٱلْـَٔاخِرَةُ وَٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතු ය.

See all translations of this verse →

وَكَم مِّن مَّلَكٍ فِى ٱلسَّمَٰوَٰتِ لَا تُغْنِى شَفَٰعَتُهُمْ شَيْـًٔا إِلَّا مِنۢ بَعْدِ أَن يَأْذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرْضَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසුව මිස ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ لَيُسَمُّونَ ٱلْمَلَٰٓئِكَةَ تَسْمِيَةَ ٱلْأُنثَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම කවුරුන් මතු ලොව පිළිබඳ විශ්වාස නො කරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.

See all translations of this verse →

وَمَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නො කරති. තවද නියත වශයෙන් ම අනුමානය සත්‍යයට එරෙහිව කිසිදු ප්‍රයෝජනයක් ලබා නො දෙයි.

See all translations of this verse →

فَأَعْرِضْ عَن مَّن تَوَلَّىٰ عَن ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අපව මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නො කරන අය ඔබ නො සලකා හරිනු.

See all translations of this verse →

ذَٰلِكَ مَبْلَغُهُم مِّنَ ٱلْعِلْمِ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِمَنِ ٱهْتَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නා ය. එමෙන් ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නා ය.

See all translations of this verse →

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ لِيَجْزِىَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතු ය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය.

See all translations of this verse →

ٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلْمَغْفِرَةِ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَإِذْ أَنتُمْ أَجِنَّةٌ فِى بُطُونِ أُمَّهَٰتِكُمْ فَلَا تُزَكُّوٓا۟ أَنفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ ٱتَّقَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටින්නන් වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණ ය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහු ය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නො සලකනු. බිය බැතිමතුන් පිළිබඳව මැනවින් දන්නා ඔහු ය.

See all translations of this verse →

أَفَرَءَيْتَ ٱلَّذِى تَوَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Center(සත්‍යය මාර්ගයෙන්) හැරී ගිය අයව නුඹ නො දුටුවෙහි ද?

See all translations of this verse →

وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත්තේ ය.

See all translations of this verse →

أَعِندَهُۥ عِلْمُ ٱلْغَيْبِ فَهُوَ يَرَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුට ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී ඔහු දකින්නේ ද?

See all translations of this verse →

أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِى صُحُفِ مُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ දන්වනු නො ලැබුවේ ද?

See all translations of this verse →

وَإِبْرَٰهِيمَ ٱلَّذِى وَفَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Center(ආඥාවන්) පූර්ණව ඉටු කළ ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ (දන්වනු නො ලැබුවේ ද?)

See all translations of this verse →

أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත.

See all translations of this verse →

وَأَن لَّيْسَ لِلْإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත.

See all translations of this verse →

وَأَنَّ سَعْيَهُۥ سَوْفَ يُرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ.

See all translations of this verse →

ثُمَّ يُجْزَىٰهُ ٱلْجَزَآءَ ٱلْأَوْفَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේ ය. (යනුවෙන් මූසා හා ඉබ්රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)

See all translations of this verse →

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلْمُنتَهَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයෑම, නුඹගේ පරමාධිපති වෙත ය.

See all translations of this verse →

وَأَنَّهُۥ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔහු සිනහව ඇති කරන්නේ ය. ඇඬීමට ද සලස්වන්නේ ය.

See all translations of this verse →

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحْيَا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔහු මරණයට පත් කරවන්නේ ය. තවද නැවත ප්‍රාණය දෙන්නේ ය.

See all translations of this verse →

وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔහු ස්ත්‍රී පුරුෂ වශයෙන් යුවල මවා ඇත්තේ ය.

See all translations of this verse →

مِن نُّطْفَةٍ إِذَا تُمْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerශුක්‍රාණු බිඳුවකින්, එය විදින විට (ඔහු නුඹලාව නිර්මාණය කළේ ය).

See all translations of this verse →

وَأَنَّ عَلَيْهِ ٱلنَّشْأَةَ ٱلْأُخْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නැවතත් නිර්මාණය කිරීම ඔහු මත ය.

See all translations of this verse →

وَأَنَّهُۥ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔහු පොහොසත් කරවන්නේ ය. සෑහීමට පත් කරවන්නේ ය.

See all translations of this verse →

وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ.

See all translations of this verse →

وَأَنَّهُۥٓ أَهْلَكَ عَادًا ٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මුල් කාලීන ආද් ජනයා විනාශ කළේ ද ඔහු ය.

See all translations of this verse →

وَثَمُودَا۟ فَمَآ أَبْقَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සමූද් ජනයා ද (විනාශ කළේ ය.) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නො කළේ ය.

See all translations of this verse →

وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا۟ هُمْ أَظْلَمَ وَأَطْغَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේ ය.) නියත වශයෙන් ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූවෝ ය.

See all translations of this verse →

وَٱلْمُؤْتَفِكَةَ أَهْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද උඩු යටිකුරු වූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.

See all translations of this verse →

فَغَشَّىٰهَا مَا غَشَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේ ය.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?

See all translations of this verse →

هَٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلْأُولَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය පෙර පැවති අවවාද අතරින් වූ අවවාදයකි.

See all translations of this verse →

أَزِفَتِ ٱلْـَٔازِفَةُ

Sinhalese Translation - Rowwad Translation Centerසමීප වන දෑ සමීප වී ඇත.

See all translations of this verse →

لَيْسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගෙන් තොරව නිරාවරණය කරන්නෙකු එයට නැත.

See all translations of this verse →

أَفَمِنْ هَٰذَا ٱلْحَدِيثِ تَعْجَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහු ද?

See all translations of this verse →

وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සිනහ සෙන්නෙහු ය. තවද නුඹලා නො හඬා සිටින්නෙහු ය.

See all translations of this verse →

وَأَنتُمْ سَٰمِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ඒ ගැන නො සැලකිලිමත් වන්නෝ වෙති.

See all translations of this verse →

فَٱسْجُدُوا۟ لِلَّهِ وَٱعْبُدُوا۟

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70