caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Ar-Rahmaan الرحمن

වාක්‍ය 78 · මදීනා · revelation order 97

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلرَّحْمَٰنُ

Sinhalese Translation - Rowwad Translation Centerඅපරිමිත දයාන්විතයාණෝ;

See all translations of this verse →

عَلَّمَ ٱلْقُرْءَانَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු අල් කුර්ආනය ඉගැන්වී ය.

See all translations of this verse →

خَلَقَ ٱلْإِنسَٰنَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මිනිසා මැව්වේය.

See all translations of this verse →

عَلَّمَهُ ٱلْبَيَانَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගැන්වී ය.

See all translations of this verse →

ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ

Sinhalese Translation - Rowwad Translation Centerහිරු හා සඳු නියමිත ගණනයකට අනුව පවතී.

See all translations of this verse →

وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තරු හා ගස් ඔහුට සුජූද් කරති.

See all translations of this verse →

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු අහස උස් කළේය. තවද තුලාව පිහිටුවේ ය.

See all translations of this verse →

أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ

Sinhalese Translation - Rowwad Translation Center(යුක්තියේ) තුලාව නුඹලා උල්ලංඝනය නො කරනු පිණිස.

See all translations of this verse →

وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සාධාරණයෙන් යුතුව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නො කරනු.

See all translations of this verse →

وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා ඔහු තැබුවේ ය.

See all translations of this verse →

فِيهَا فَٰكِهَةٌ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත.

See all translations of this verse →

وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

خَلَقَ ٱلْإِنسَٰنَ مِن صَلْصَٰلٍ كَٱلْفَخَّارِ

Sinhalese Translation - Rowwad Translation Centerවළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේ ය.

See all translations of this verse →

وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේ ය.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන් ය.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරී ය.

See all translations of this verse →

بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙක ඉක්මවා නො යන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ

Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

كُلُّ مَنْ عَلَيْهَا فَانٍ

Sinhalese Translation - Rowwad Translation Centerඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක් ය.

See all translations of this verse →

وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ (තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරතව සිටියි.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

يَٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَٰنٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නො ලබනු ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَٱلدِّهَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فَيَوْمَئِذٍ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නො ලබයි.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ

Sinhalese Translation - Rowwad Translation Centerවැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරනු ලබති.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerවැරදිකරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ.

See all translations of this verse →

يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍ

Sinhalese Translation - Rowwad Translation Centerඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු සැරිසරමින් සිටිති.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ

Sinhalese Translation - Rowwad Translation Centerතම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

ذَوَاتَآ أَفْنَانٍ

Sinhalese Translation - Rowwad Translation Centerසාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකක් ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍ زَوْجَانِ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම පලතුරකින් ම දෙවර්ගයක් බැගින් ඒ දෙකහි ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්ත ය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බර වී පවතී.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ

Sinhalese Translation - Rowwad Translation Centerඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

هَلْ جَزَآءُ ٱلْإِحْسَٰنِ إِلَّا ٱلْإِحْسَٰنُ

Sinhalese Translation - Rowwad Translation Centerයහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් තිබේ ද?

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

وَمِن دُونِهِمَا جَنَّتَانِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

مُدْهَآمَّتَانِ

Sinhalese Translation - Rowwad Translation Center(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්ත ය.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකක් ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فِيهِمَا فَٰكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ

Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙකෙහි පලතුරු ද, රටඉඳි ද, දෙළුම් ද ඇත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌ

Sinhalese Translation - Rowwad Translation Centerරූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

حُورٌ مَّقْصُورَٰتٌ فِى ٱلْخِيَامِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුහු) කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِىٍّ حِسَانٍ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති.

See all translations of this verse →

فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?

See all translations of this verse →

تَبَٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَٰلِ وَٱلْإِكْرَامِ

Sinhalese Translation - Rowwad Translation Centerතේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අතිඋත්කෘෂ්ට විය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70