caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Tur الطور

වාක්‍ය 49 · මක්කා · revelation order 76

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلطُّورِ

Sinhalese Translation - Rowwad Translation Centerතූර් කන්ද මත දිවුරමින්;

See all translations of this verse →

وَكِتَٰبٍ مَّسْطُورٍ

Sinhalese Translation - Rowwad Translation Centerලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්;

See all translations of this verse →

فِى رَقٍّ مَّنشُورٍ

Sinhalese Translation - Rowwad Translation Centerදිගු හරින ලද ලේඛණයෙහි;

See all translations of this verse →

وَٱلْبَيْتِ ٱلْمَعْمُورِ

Sinhalese Translation - Rowwad Translation Centerබයිතුල් මඃමූර් මත දිවුරමින්;

See all translations of this verse →

وَٱلسَّقْفِ ٱلْمَرْفُوعِ

Sinhalese Translation - Rowwad Translation Centerඉහළට ඔස වන ලද වියන මත දිවුරමින්;

See all translations of this verse →

وَٱلْبَحْرِ ٱلْمَسْجُورِ

Sinhalese Translation - Rowwad Translation Centerගිනි මොළවනු ලබන මුහුද මත දිවුරමින්;

See all translations of this verse →

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම සිදු වන්නක්ම ය.

See all translations of this verse →

مَّا لَهُۥ مِن دَافِعٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑය වළක්වන කිසිවෙකු නැත.

See all translations of this verse →

يَوْمَ تَمُورُ ٱلسَّمَآءُ مَوْرًا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින අහස දරුණු ලෙස කැරකෙමින් පවතී.

See all translations of this verse →

وَتَسِيرُ ٱلْجِبَالُ سَيْرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු දරුණු ලෙස විතැන් වෙමින් පවතී.

See all translations of this verse →

فَوَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

ٱلَّذِينَ هُمْ فِى خَوْضٍ يَلْعَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි (පුහු කටයුතුවල) නිරතව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.

See all translations of this verse →

يَوْمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින නිරයේ ගින්න වෙත (දක්කාගෙන යමින්) වැරෙන් තල්ලු කරනු ලැබේ.

See all translations of this verse →

هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِى كُنتُم بِهَا تُكَذِّبُونَ

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා බොරු කරමින් සිටි ගින්න මෙයයි”

See all translations of this verse →

أَفَسِحْرٌ هَٰذَآ أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නො දකින්නෙහු ද?

See all translations of this verse →

ٱصْلَوْهَا فَٱصْبِرُوٓا۟ أَوْ لَا تَصْبِرُوا۟ سَوَآءٌ عَلَيْكُمْ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නො ඉවසුව ද නුඹලාට එක සමාන ය. නියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා ය.

See all translations of this verse →

إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَنَعِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමත්හු (ස්වර්ග) උයන්හි හා සැප පහසුකම්හි සිටින්නෝ ය.

See all translations of this verse →

فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ وَوَقَىٰهُمْ رَبُّهُمْ عَذَابَ ٱلْجَحِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳව සතුටු වන්නන් ලෙස සිටින්නෝ ය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේ ය.

See all translations of this verse →

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු. (යැයි පවසනු ලැබේ.)

See all translations of this verse →

مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٍ مَّصْفُوفَةٍ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerපෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.

See all translations of this verse →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱتَّبَعَتْهُمْ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلْحَقْنَا بِهِمْ ذُرِّيَّتَهُمْ وَمَآ أَلَتْنَٰهُم مِّنْ عَمَلِهِم مِّن شَىْءٍ كُلُّ ٱمْرِئٍۭ بِمَا كَسَبَ رَهِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවුරුන් දේවත්වය විශ්වාස කොට ඔවුන්ගේ පරපුර ද විශ්වාසයෙන් යුතුව ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමඟ එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නො කරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේ ය.

See all translations of this verse →

وَأَمْدَدْنَٰهُم بِفَٰكِهَةٍ وَلَحْمٍ مِّمَّا يَشْتَهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.

See all translations of this verse →

يَتَنَٰزَعُونَ فِيهَا كَأْسًا لَّا لَغْوٌ فِيهَا وَلَا تَأْثِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පෙළඹවීමක් හෝ එහි නැත.

See all translations of this verse →

وَيَطُوفُ عَلَيْهِمْ غِلْمَانٌ لَّهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُونٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන් ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.

See all translations of this verse →

وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَآءَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.

See all translations of this verse →

قَالُوٓا۟ إِنَّا كُنَّا قَبْلُ فِىٓ أَهْلِنَا مُشْفِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center“මීට පෙර නියත වශයෙන් ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.

See all translations of this verse →

فَمَنَّ ٱللَّهُ عَلَيْنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ

Sinhalese Translation - Rowwad Translation Center“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේ ය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේ ය.”

See all translations of this verse →

إِنَّا كُنَّا مِن قَبْلُ نَدْعُوهُ إِنَّهُۥ هُوَ ٱلْبَرُّ ٱلرَّحِيمُ

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම අපි පෙර සිට ම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන් ම ඔහු මය උපාකාරශීලී; මහා කරුණාවන්ත.”

See all translations of this verse →

فَذَكِّرْ فَمَآ أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ ජ්‍යෝතිෂ්‍ය වේදියකු හෝ උම්මත්තකයකු හෝ නො වේ.

See all translations of this verse →

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِۦ رَيْبَ ٱلْمَنُونِ

Sinhalese Translation - Rowwad Translation Center“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

See all translations of this verse →

قُلْ تَرَبَّصُوا۟ فَإِنِّى مَعَكُم مِّنَ ٱلْمُتَرَبِّصِينَ

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන් ම මම ද නුඹලා සමඟ බලාපෙරොත්තු වන්නන් අතරින් වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

أَمْ تَأْمُرُهُمْ أَحْلَٰمُهُم بِهَٰذَآ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?

See all translations of this verse →

أَمْ يَقُولُونَ تَقَوَّلَهُۥ بَل لَّا يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නො කරති.

See all translations of this verse →

فَلْيَأْتُوا۟ بِحَدِيثٍ مِّثْلِهِۦٓ إِن كَانُوا۟ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතු ය.

See all translations of this verse →

أَمْ خُلِقُوا۟ مِنْ غَيْرِ شَىْءٍ أَمْ هُمُ ٱلْخَٰلِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

See all translations of this verse →

أَمْ خَلَقُوا۟ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بَل لَّا يُوقِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති.

See all translations of this verse →

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَبِّكَ أَمْ هُمُ ٱلْمُصَۣيْطِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?

See all translations of this verse →

أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ فَلْيَأْتِ مُسْتَمِعُهُم بِسُلْطَٰنٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerනැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි (අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත් ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා!

See all translations of this verse →

أَمْ لَهُ ٱلْبَنَٰتُ وَلَكُمُ ٱلْبَنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වී ද?

See all translations of this verse →

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?

See all translations of this verse →

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?

See all translations of this verse →

أَمْ يُرِيدُونَ كَيْدًا فَٱلَّذِينَ كَفَرُوا۟ هُمُ ٱلْمَكِيدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු මය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.

See all translations of this verse →

أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يُشْرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොරව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධ ය.

See all translations of this verse →

وَإِن يَرَوْا۟ كِسْفًا مِّنَ ٱلسَّمَآءِ سَاقِطًا يَقُولُوا۟ سَحَابٌ مَّرْكُومٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.

See all translations of this verse →

فَذَرْهُمْ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى فِيهِ يُصْعَقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් (නබිවරය!) නුඹ ඔවුන් අතහැර දමනු.

See all translations of this verse →

يَوْمَ لَا يُغْنِى عَنْهُمْ كَيْدُهُمْ شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නො වෙයි. තවද ඔවුහු උදව් කරනු නො ලබති.

See all translations of this verse →

وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපරාධ කළවුන්ට ඒ හැර තවත් දඬුවමක් ඇත. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නො දනිති.

See all translations of this verse →

وَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (නබිවරය!) නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන් ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය යටතේ ය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَٰرَ ٱلنُّجُومِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70