සූරා Adh-Dhaariyat الذاريات
වාක්‍ය 60 · මක්කා · revelation order 67
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلذَّٰرِيَٰتِ ذَرْوًا
Sinhalese Translation - Rowwad Translation Centerදූවිලි විසුරු වන සුළං මත දිවුරමින්;
See all translations of this verse →
فَٱلْحَٰمِلَٰتِ وِقْرًا
Sinhalese Translation - Rowwad Translation Center(වැසි) බර උසුලන වළාකුළු මත දිවුරමින්;
See all translations of this verse →
فَٱلْجَٰرِيَٰتِ يُسْرًا
Sinhalese Translation - Rowwad Translation Centerපහසුවෙන් යාත්‍රා කරන නැව් මත දිවුරමින්;
See all translations of this verse →
فَٱلْمُقَسِّمَٰتِ أَمْرًا
Sinhalese Translation - Rowwad Translation Centerකටයුතු බෙදා හරින්නන් මත දිවුරමින්;
See all translations of this verse →
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ සත්‍යයක් ම ය.
See all translations of this verse →
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම විනිශ්චය සිදු වන්නක්ම ය.
See all translations of this verse →
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ
Sinhalese Translation - Rowwad Translation Centerමාර්ගවලින් යුත් අහස මත දිවුරමින්;
See all translations of this verse →
إِنَّكُمْ لَفِى قَوْلٍ مُّخْتَلِفٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලා (එකිනෙකට) පටහැනි වූ ප්‍රකාශ අතර ය.
See all translations of this verse →
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ
Sinhalese Translation - Rowwad Translation Centerහරවනු ලැබූවන් වෙනතකට එයින් හරවනු ලබති.
See all translations of this verse →
قُتِلَ ٱلْخَرَّٰصُونَ
Sinhalese Translation - Rowwad Translation Centerබොරුකාරයින් විනාශ කරනු ලැබුවෝ ය.
See all translations of this verse →
ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි නොදැනුවත්කමෙහි ගැලී (මරණින් මතු දිනය ගැන) නො සැලකිලිමත් වූවෝ වෙති.
See all translations of this verse →
يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ
Sinhalese Translation - Rowwad Translation Centerවිනිශ්චය දිනය කවදා දැ? යි ඔවුහු විමසති.
See all translations of this verse →
يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑදින (නිරා) ගින්නේ ඔවුහු දඬුවම් කරනු ලබති.
See all translations of this verse →
ذُوقُوا۟ فِتْنَتَكُمْ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerකවර දෙයක් පිළිබඳ නුඹලා ඉක්මණින් පතමින් සිටියහු ද එවන් නුඹලාගේ පරීක්ෂණය නුඹලා රස විඳිනු.
See all translations of this verse →
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّٰتٍ وَعُيُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා (ජල) උල්පත්වල ය.
See all translations of this verse →
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ ලබා ගන්නන් වශයෙනි. නියත වශයෙන් ම ඔවුහු එයට පෙර දැහැමියන් ලෙස සිටියෝ ය.
See all translations of this verse →
كَانُوا۟ قَلِيلًا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු (සලාතය සඳහා අවදි ව) රාත්‍රියෙහි ස්වල්ප කාලයක් නිදාගන්නන් වූහ.
See all translations of this verse →
وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අලුයම් කාලයන්හි ඔවුහු (පාපොච්චාරණය කරමින්) සමාව අයැදිති.
See all translations of this verse →
وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉල්ලා සිටින්නාට හා (ධනය) වළක්වනු ලැබූවන්ට ඔවුන්ගේ ධනයෙන් කොටසක් විය.
See all translations of this verse →
وَفِى ٱلْأَرْضِ ءَايَٰتٌ لِّلْمُوقِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද තරයේ විශ්වාස කරන්නන්හට මහපොළොවේ සංඥාවන් ඇත.
See all translations of this verse →
وَفِىٓ أَنفُسِكُمْ أَفَلَا تُبْصِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා තුළ ද (සංඥාවන් ඇත). එහෙයින් නුඹලා අවධානයෙන් නො බලන්නෙහු ද?
See all translations of this verse →
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ පෝෂණය හා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබු දෑ අහස තුළ ඇත.
See all translations of this verse →
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවේ හිමිපාණන් මත දිවුරමින්. නියත වශයෙන් ම නුඹලා කතා කරනවාක් මෙන් සැබැවින් ම එය සත්‍යයක් ම ය.
See all translations of this verse →
هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඉබ්රාහීම්ගේ සම්භාවනීය ආගන්තුකයින්ගේ කතාව නුඹ වෙත පැමිණියේ ද?
See all translations of this verse →
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَٰمًا قَالَ سَلَٰمٌ قَوْمٌ مُّنكَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඔහු වෙත පිවිසුණු අවස්ථාවේ ඔවුහු සලාම් (සාමය) යැයි පැවසුවෝ ය. ඔහු ද සලාම් (සාමයයි) පැවසී ය. (මොවුහු) නාඳුනන පිරිසකි (යැයි ඉබ්රාහීම් සිතුවේ ය.)
See all translations of this verse →
فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍ سَمِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑසැණින් ඔහු තම පවුල වෙත ගොස් බැඳපු (පුෂ්ටිමත්) වසුපැටවකු ගෙන ආවේ ය.
See all translations of this verse →
فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු එය ඔවුන් වෙත සමීප කරවී ය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නො කරන්නෙහු දැ”යි ඔහු විමසී ය.
See all translations of this verse →
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً قَالُوا۟ لَا تَخَفْ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ගැන බියක් ඔහු තුළ ඇති විය. (එවිට) “නුඹ බිය නො වනු”යි ඔවුහු පැවසූහ. තවද ඥානවන්ත දරුවකු පිළිබඳව ඔවුහු ඔහුට ශුභාරංචි දන්වා සිටියහ.
See all translations of this verse →
فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහුගේ බිරිය හඬ නගමින් ඉදිරියට පැමිණ ඇයගේ මුහුණට ඇය ගසා ගනිමින් (තමන්) “වයෝවෘද්ධ වඳ කතක්” යැයි පැවසුවා ය.
See all translations of this verse →
قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලාගේ පරමාධිපති පවසා ඇත්තේ එලෙස ය. නියත වශයෙන් ම ඔහු සර්ව ඥානී මහා ප්‍රඥාවන්ත ය.” යැයි ඔවුහු පැවසූහ.
See all translations of this verse →
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ එවනු ලැබූ දූතයිනි! එසේනම් නුඹලාගේ දූත පණිවිඩය කුමක් දැ? යි ඔහු (ඉබ්රාහීම්) විමසී ය.
See all translations of this verse →
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Center“සාපරාධි පිරිසක් වෙත නියත වශයෙන් ම අපි එවනු ලැබුවෙමු” යැයි ඔවුහු පැවසූහ.
See all translations of this verse →
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ
Sinhalese Translation - Rowwad Translation Center“මැටියෙන් යුත් ගල් (වර්ෂාවක්) ඔවුන් වෙත අප එවනු පිණිස.”
See all translations of this verse →
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ
Sinhalese Translation - Rowwad Translation Center“සීමාව ඉක්මවා ගියවුන් සඳහා නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවක් ලෙසින්”
See all translations of this verse →
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එහි සිටියවුන් අතරින් දේවත්වය විශ්වාස කරන්නන් අපි බැහැර කළෙමු.
See all translations of this verse →
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අවනතවන්නන්ගෙන් එක් නිවසක් හැර වෙනත් කිසිවක් අපි එහි නො දුටුවෙමු.
See all translations of this verse →
وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද වේදනීය දඬුවමට බියවන්නන්හට අපි එහි සංඥාවක් අත හැර දැමුවෙමු.
See all translations of this verse →
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَٰنٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මූසා තුළ ද (සංඥාවක්) විය. එය අපි ඔහු ෆිර්අවුන් වෙත පැහැදිලි බලයක් සමඟ එවූ අවස්ථාවේ දී ය.
See all translations of this verse →
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوْ مَجْنُونٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු (ෆිර්අවුන්) ඔහුගේ බල ඇණිය හේතුවෙන් පිටුපෑවේ ය. තවද (මූසා) “මායාකරුවෙකි. එසේ නැතහොත් උම්මත්තකයෙකි” යැයි ඔහු පැවසී ය.
See all translations of this verse →
فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අපි ඔහු හා ඔහුගේ සේනාව ග්‍රහණය කළෙමු. එවිට ඔහු දොස් නගනු ලැබූවෙකු ලෙසින් අපි ඔවුන් මුහුදට හෙළුවෙමු.
See all translations of this verse →
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ආද් ජනයා තුළ ද (සංඥාවක් විය). එය ඔවුන් වෙත අපි වද සුළඟක් එවූ අවස්ථාවේ දී ය.
See all translations of this verse →
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerඑය කවර කරුණක් මත ගැටුණ ද එය දිරාපත් වී ගිය දෑ මෙන් පත් කළාක් මිස අත්හැරියේ නැත.
See all translations of this verse →
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සමූද් ජනයා තුළ ද (සංඥාවක්) විය. එය “නුඹලා ටික කලකට භුක්ති විඳිනු” යැයි කියනු ලැබූ අවස්ථාවේ දී ය.
See all translations of this verse →
فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ وَهُمْ يَنظُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගයට ඔවුහු අකීකරු වූවෝ ය. එවිට ඔවුන් බලා සිටියදීම අකුණු පහර ඔවුන් ග්‍රහණය කළේ ය.
See all translations of this verse →
فَمَا ٱسْتَطَٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට සිට ගැනීමට පවා ඔවුනට නොහැකි විය. තවද ඔවුහු තමන්ට ම උදව් කරගන්නන් නො වූවෝ ය.
See all translations of this verse →
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَٰسِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර නූහ්ගේ ජනයා ද (අපි ග්‍රහණය කළෙමු.) නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ සමාජයක් වූහ.
See all translations of this verse →
وَٱلسَّمَآءَ بَنَيْنَٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අහස එය (අපගේ) බල ශක්තිය යොදා ඉදි කළෙමු. තවද නියත වශයෙන් ම අපි ප්‍රසාරණය කරන්නන් වෙමු.
See all translations of this verse →
وَٱلْأَرْضَ فَرَشْنَٰهَا فَنِعْمَ ٱلْمَٰهِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොව, අපි එය දිග හැරියෙමු. (විධිමත් ව) දිග හැරියවුන් යහපත් විය.
See all translations of this verse →
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මෙනෙහි කළ හැකි වනු පිණිස සෑම දෙයක් ම යුගල වශයෙන් ම අපි මැව්වෙමු.
See all translations of this verse →
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා අල්ලාහ් වෙත වේගයෙන් යනු. නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ඔහුගෙන් වූ පැහැදිලි අනතුරු හඟවන්නෙකි.
See all translations of this verse →
وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අල්ලාහ් සමඟ වෙනත් දෙවියෙකු පත් නො කරනු. නියත වශයෙන් ම මම ඔහුගෙන් නුඹලා වෙනුවෙන් පැමිණි පැහැදිලි අවවාද කරන්නෙකු වෙමි.
See all translations of this verse →
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑලෙසය ඔවුනට පෙර සිටියවුන් වෙත යම් ධර්ම දූතයකු පැමිණි විට හූනියම් කරුවෙකි නැතහොත් උම්මත්තකයෙකි යැයි ඔවුහු පැවසුවා මිස නො වීය.
See all translations of this verse →
أَتَوَاصَوْا۟ بِهِۦ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු එකිනෙකා මේ ගැන උපදෙස් කර ගත්තෝ ද? එසේ නොව ඔවුන් සීමාව ඉක්මවා ගිය පිරිසකි.
See all translations of this verse →
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. නුඹ දොස් නගනු ලබන්නෙකු නො වනු ඇත.
See all translations of this verse →
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම මෙනෙහි කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට ප්‍රයෝජනවත් වනු ඇත.
See all translations of this verse →
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි.
See all translations of this verse →
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් මම කිසිදු පෝෂණයක් අපේක්ෂා නො කරමි. එමෙන් ම ඔවුන් මට ආහාර සැපයිය යුතු යැයි ද මම අපේක්ෂා නො කරමි.
See all translations of this verse →
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ස්ථාවර බලය ඇති මහා පෝෂකයා ය.
See all translations of this verse →
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නියත වශයෙන් ම අපරාධ කළවුන් වනාහි ඔවුන්ගේ සගයින්ගේ පාපයන් මෙන් පාපයන් ඔවුනට ඇත. එහෙයින් ඔවුහු (දඬුවම) ඉක්මන් කරන්නැයි මගෙන් නො පැතිය යුතු ය.
See all translations of this verse →
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂේප කළවුන්ට, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනයේ විනාශය ඇත.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→