caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Mursalaat المرسلات

වාක්‍ය 50 · මක්කා · revelation order 33

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلْمُرْسَلَٰتِ عُرْفًا

Sinhalese Translation - Rowwad Translation Centerඅඛණ්ඩව එවනු ලබන සුළං මත දිවුරමින්,

See all translations of this verse →

فَٱلْعَٰصِفَٰتِ عَصْفًا

Sinhalese Translation - Rowwad Translation Centerදැඩි ලෙස හමන සැඩ සුළං මත දිවුරමින්,

See all translations of this verse →

وَٱلنَّٰشِرَٰتِ نَشْرًا

Sinhalese Translation - Rowwad Translation Center(වලාවන්) විසිරුවා හරින සුළං මත දිවුරමින්

See all translations of this verse →

فَٱلْفَٰرِقَٰتِ فَرْقًا

Sinhalese Translation - Rowwad Translation Centerවෙන් වෙන්ව වෙන් කරන අය මත දිවුරමින්,

See all translations of this verse →

فَٱلْمُلْقِيَٰتِ ذِكْرًا

Sinhalese Translation - Rowwad Translation Centerමෙනෙහි කිරීමක් වශයෙන් (හදවතට) හෙළන අය මත දිවුරමින්,

See all translations of this verse →

عُذْرًا أَوْ نُذْرًا

Sinhalese Translation - Rowwad Translation Center(එම මෙනෙහි කිරීම) සමාවක් වශයෙන් නැතහොත් අවවාදයක් වශයෙන් හෝ පවතී.

See all translations of this verse →

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සිදු වන්නකි.

See all translations of this verse →

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතරු එහි ආලෝකය මකා දමනු ලබන විට,

See all translations of this verse →

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස පුපුරා හරිනු ලබන විට,

See all translations of this verse →

وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ

Sinhalese Translation - Rowwad Translation Centerකඳු දූවිලි බවට පත් කරනු ලබන විට,

See all translations of this verse →

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ධර්ම දූතවරුන් එක් රැස් කරනු ලබන විට,

See all translations of this verse →

لِأَىِّ يَوْمٍ أُجِّلَتْ

Sinhalese Translation - Rowwad Translation Centerකවර දිනයක් සඳහා මෙය කල් දමනු ලද්දේ ද?

See all translations of this verse →

لِيَوْمِ ٱلْفَصْلِ

Sinhalese Translation - Rowwad Translation Center(එය) විනිශ්චය දිනය සඳහා ය.

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ

Sinhalese Translation - Rowwad Translation Centerවිනිශ්චය දිනය යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමුල සිටියවුන් අපි විනාශ නො කළෙමු ද?

See all translations of this verse →

ثُمَّ نُتْبِعُهُمُ ٱلْـَٔاخِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි ඔවුන් සමඟ පසු පැමිණියවුන් ද අනුගමනය කළෙමු.

See all translations of this verse →

كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපරාධකරුවන්ට අපි සිදු කරනුයේ එලෙස ය.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerඉතා පහත් වූ ද්රාවණයකින් අප නුඹලා නො මැව්වෙමු ද?

See all translations of this verse →

فَجَعَلْنَٰهُ فِى قَرَارٍ مَّكِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ආරක්ෂිත ස්ථානයක අපි එය තැන්පත් කළෙමු.

See all translations of this verse →

إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියමිත කාල පරිච්ඡේදයක් දක්වා.

See all translations of this verse →

فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَٰدِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ ම අපි ම එය නියම කළෙමු. එහෙයින් අපි නියම කරන්නන්ගෙන් විශිෂ්ටයන් වෙමු.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව රැස් කරන්නක් ලෙස අපි පත් නො කළෙමු ද?

See all translations of this verse →

أَحْيَآءً وَأَمْوَٰتًا

Sinhalese Translation - Rowwad Translation Centerජීවත් වන්නන් හා මළවුන්.

See all translations of this verse →

وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَٰمِخَٰتٍ وَأَسْقَيْنَٰكُم مَّآءً فُرَاتًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද එහි අපි උස් කඳු ඇති කළෙමු. තවද නුඹලාට ඉමිහිරි ජලය ද සම්පාදනය කළෙමු

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියේ ද ඒ වෙතට නුඹලා ගමන් කරනු.

See all translations of this verse →

ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَٰثِ شُعَبٍ

Sinhalese Translation - Rowwad Translation Centerශාඛා තුනකින් සමන්විත හෙවණ වෙත ගමන් කරනු.

See all translations of this verse →

لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ

Sinhalese Translation - Rowwad Translation Centerඑය හෙවණ ලබා දෙන්නක් ලෙසින් නැත. එමෙන් ම එය ගිනි දැල්ලෙන් ආරක්ෂා නො කරයි.

See all translations of this verse →

إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එය මාලිගා මෙන් (උසට) දරුණු ලෙස ගිනි දැල් හෙළයි.

See all translations of this verse →

كَأَنَّهُۥ جِمَٰلَتٌ صُفْرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑය කහ පැහැති ඔටු රංචුවක් මෙන් පවතී.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඔවුන් කතා නො කරන දිනයකි.

See all translations of this verse →

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඔවුනට අනුමැතිය දෙනු නො ලැබේ.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

هَٰذَا يَوْمُ ٱلْفَصْلِ جَمَعْنَٰكُمْ وَٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය විනිශ්චයේ දිනයයි. අපි නුඹලා හා මුතුන් මිත්තන් එක් රැස් කළෙමු.

See all translations of this verse →

فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලාට යම් කුමන්ත්‍රණයක් තිබේ නම් නුඹලා මට කුමන්ත්‍රණය කරනු.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَٰلٍ وَعُيُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන් හෙවණ හා උල්පත් අතර වෙති.

See all translations of this verse →

وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් ආශා කරන පලතුරු අතර ද (වෙති).

See all translations of this verse →

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා සැපසේ අනුභව කරනු. තවද පානය කරනු (යැයි කියනු ලැබේ.)

See all translations of this verse →

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙලෙසය අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අනුභව කරනු. තවද මද කලක් භුක්ති විඳිනු. නියත වශයෙන් ම නුඹලා අපරාධකරුවන් ය.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ

Sinhalese Translation - Rowwad Translation Center(මෙලොවෙහි) ඔවුනට (දණින් අල්ලමින් නැවී) රුකූඋ කරන්නැයි පවසනු ලබන විට ඔවුහු රුකූඋ නො කරති.

See all translations of this verse →

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerබොරු කළවුනට එදින විනාශයයි.

See all translations of this verse →

فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මින් පසුව ඔවුන් විශ්වාස කරනුයේ කවර ප්‍රකාශයක් ද?

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70