caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Naba النبإ

වාක්‍ය 40 · මක්කා · revelation order 80

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَمَّ يَتَسَآءَلُونَ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.

See all translations of this verse →

عَنِ ٱلنَّبَإِ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerමහඟු වූ ආරංචිය පිළිබඳව ය.

See all translations of this verse →

ٱلَّذِى هُمْ فِيهِ مُخْتَلِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඔවුන් භේද බින්න වී සිටි දෑ ය.

See all translations of this verse →

كَلَّا سَيَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.

See all translations of this verse →

ثُمَّ كَلَّا سَيَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerයළි නොඑසේ ය. ඔවුහු මතු දැන ගනු ඇත.

See all translations of this verse →

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ مِهَٰدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅපි මහපොළොව තොටිල්ලක් ලෙස පත් නො කළෙමු ද?

See all translations of this verse →

وَٱلْجِبَالَ أَوْتَادًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නො කළෙමු ද?)

See all translations of this verse →

وَخَلَقْنَٰكُمْ أَزْوَٰجًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹලාව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් මැව්වෙමු.

See all translations of this verse →

وَجَعَلْنَا نَوْمَكُمْ سُبَاتًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් කළෙමු.

See all translations of this verse →

وَجَعَلْنَا ٱلَّيْلَ لِبَاسًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් කළෙමු.

See all translations of this verse →

وَجَعَلْنَا ٱلنَّهَارَ مَعَاشًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.

See all translations of this verse →

وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.

See all translations of this verse →

وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.

See all translations of this verse →

وَأَنزَلْنَا مِنَ ٱلْمُعْصِرَٰتِ مَآءً ثَجَّاجًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.

See all translations of this verse →

لِّنُخْرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا

Sinhalese Translation - Rowwad Translation Centerඑමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.

See all translations of this verse →

وَجَنَّٰتٍ أَلْفَافًا

Sinhalese Translation - Rowwad Translation Centerතුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)

See all translations of this verse →

إِنَّ يَوْمَ ٱلْفَصْلِ كَانَ مِيقَٰتًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.

See all translations of this verse →

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا

Sinhalese Translation - Rowwad Translation Centerසූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.

See all translations of this verse →

وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتْ أَبْوَٰبًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස විවෘත කරනු ලැබ එය දොරටු බවට පත් වනු ඇත.

See all translations of this verse →

وَسُيِّرَتِ ٱلْجِبَالُ فَكَانَتْ سَرَابًا

Sinhalese Translation - Rowwad Translation Centerකඳු (තිබූ තැන්වලින්) විතැන් කරනු ලැබ එය මිරිඟුවක් වනු ඇත.

See all translations of this verse →

إِنَّ جَهَنَّمَ كَانَتْ مِرْصَادًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නිරය රැක බලා සිටින ස්ථානයක් විය.

See all translations of this verse →

لِّلطَّٰغِينَ مَـَٔابًا

Sinhalese Translation - Rowwad Translation Center(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.

See all translations of this verse →

لَّٰبِثِينَ فِيهَآ أَحْقَابًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙන්නන් වෙති.

See all translations of this verse →

لَّا يَذُوقُونَ فِيهَا بَرْدًا وَلَا شَرَابًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නො විඳිති.

See all translations of this verse →

إِلَّا حَمِيمًا وَغَسَّاقًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නටන උණු දිය සහ සැරව මිස.

See all translations of this verse →

جَزَآءً وِفَاقًا

Sinhalese Translation - Rowwad Translation Centerඑය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.

See all translations of this verse →

إِنَّهُمْ كَانُوا۟ لَا يَرْجُونَ حِسَابًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නො කරමින් සිටියෝ ය.

See all translations of this verse →

وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا كِذَّابًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝ ය.

See all translations of this verse →

وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ كِتَٰبًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි සෑම දෙයක් ම ලිඛිතව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.

See all translations of this verse →

فَذُوقُوا۟ فَلَن نَّزِيدَكُمْ إِلَّا عَذَابًا

Sinhalese Translation - Rowwad Translation Center“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස අන් කිසිවක් අපි නුඹලාට වැඩි නො කරන්නෙමු.”

See all translations of this verse →

إِنَّ لِلْمُتَّقِينَ مَفَازًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ඇත.

See all translations of this verse →

حَدَآئِقَ وَأَعْنَٰبًا

Sinhalese Translation - Rowwad Translation Centerවතු හා මිදි ද (ඇත.)

See all translations of this verse →

وَكَوَاعِبَ أَتْرَابًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).

See all translations of this verse →

وَكَأْسًا دِهَاقًا

Sinhalese Translation - Rowwad Translation Center(පානවලින්) පිරුණු කුසලාන ද (ඇත.)

See all translations of this verse →

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا كِذَّٰبًا

Sinhalese Translation - Rowwad Translation Centerනිෂ්ඵල කතා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නො කරති.

See all translations of this verse →

جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا

Sinhalese Translation - Rowwad Translation Center(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ නිර්ණය කරන ලද දායාදයක ප්‍රතිඵලයකි.

See all translations of this verse →

رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلرَّحْمَٰنِ لَا يَمْلِكُونَ مِنْهُ خِطَابًا

Sinhalese Translation - Rowwad Translation Center(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කතා කිරීමට ඔවුනට බලය නොමැත.

See all translations of this verse →

يَوْمَ يَقُومُ ٱلرُّوحُ وَٱلْمَلَٰٓئِكَةُ صَفًّا لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَقَالَ صَوَابًا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටිති. අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කතා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කතා නො කරයි.

See all translations of this verse →

ذَٰلِكَ ٱلْيَوْمُ ٱلْحَقُّ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

Sinhalese Translation - Rowwad Translation Centerමෙය මය සත්‍යය වූ දින ය. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා!

See all translations of this verse →

إِنَّآ أَنذَرْنَٰكُمْ عَذَابًا قَرِيبًا يَوْمَ يَنظُرُ ٱلْمَرْءُ مَا قَدَّمَتْ يَدَاهُ وَيَقُولُ ٱلْكَافِرُ يَٰلَيْتَنِى كُنتُ تُرَٰبًۢا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් ඉදිරිපත් කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ මා පස් බවට පත් විය යුතු නො වෙමි දැ”යි පවසයි.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70