සූරා Al-Burooj البروج
වාක්‍ය 22 · මක්කා · revelation order 27
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ
Sinhalese Translation - Rowwad Translation Centerග්‍රහ මණ්ඩල වලින් යුත් අහස මත දිවුරමින්,
See all translations of this verse →
وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ
Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත දිවුරමින්.
See all translations of this verse →
وَشَاهِدٍ وَمَشْهُودٍ
Sinhalese Translation - Rowwad Translation Centerසාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.
See all translations of this verse →
قُتِلَ أَصْحَٰبُ ٱلْأُخْدُودِ
Sinhalese Translation - Rowwad Translation Centerඅගල් වැසියෝ විනාශ කරනු ලැබුවෝ ය.
See all translations of this verse →
ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ
Sinhalese Translation - Rowwad Translation Center(එය) ඉන්ධන වලින් යුක්ත ගින්නකි.
See all translations of this verse →
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඒ මත වාඩි වී සිටියෝ ය.
See all translations of this verse →
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌ
Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කරන්නන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් සිටියෝ ය.
See all translations of this verse →
وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ්ව ඔවුන් විශ්වාස කිරීම හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නො ගත්තෝ ය.
See all translations of this verse →
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි අහස් හා මහපොළොවෙහි ආධිපත්‍ය සතු අයෙකි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය විශ්වාස කරන්නියන්හට හිංසා කර, පසුව පශ්චාත්තාප නො වූවන් වන ඔවුනට නිරයේ දඬුවම ඇත. තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُمْ جَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
See all translations of this verse →
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.
See all translations of this verse →
إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ
Sinhalese Translation - Rowwad Translation Center(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහු ම ය.
See all translations of this verse →
وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු අතික්ෂමාශීලී ය. මහත් දයාලු ය.
See all translations of this verse →
ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ
Sinhalese Translation - Rowwad Translation Centerකීර්තිමත් අර්ෂ්හි හිමිකරු ය.
See all translations of this verse →
فَعَّالٌ لِّمَا يُرِيدُ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු සිතන දේ මැනවින් කරන්නා ය.
See all translations of this verse →
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹට සේනාවන්හි පුවත පැමිණියේ ද?
See all translations of this verse →
فِرْعَوْنَ وَثَمُودَ
Sinhalese Translation - Rowwad Translation Centerෆිර්අවුන් හා සමූද් (සේනාවන්ගේ)
See all translations of this verse →
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.
See all translations of this verse →
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.
See all translations of this verse →
بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් එය කීර්තිමත් කුර්ආනය වේ.
See all translations of this verse →
فِى لَوْحٍ مَّحْفُوظٍۭ
Sinhalese Translation - Rowwad Translation Centerආරක්ෂිත ඵලකයෙහි.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→