caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Taariq الطارق

වාක්‍ය 17 · මක්කා · revelation order 36

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස මත ද තාරික් මත ද දිවුරමින්,

See all translations of this verse →

وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ

Sinhalese Translation - Rowwad Translation Centerතාරික් යනු කුමක් දැ? යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

See all translations of this verse →

ٱلنَّجْمُ ٱلثَّاقِبُ

Sinhalese Translation - Rowwad Translation Center(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

See all translations of this verse →

إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ

Sinhalese Translation - Rowwad Translation Centerනිරීක්ෂකයකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

See all translations of this verse →

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ

Sinhalese Translation - Rowwad Translation Centerමිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැ? යි සිතා බලත්වා!

See all translations of this verse →

خُلِقَ مِن مَّآءٍ دَافِقٍ

Sinhalese Translation - Rowwad Translation Centerවිදින ජලයෙන් ඔහු මවනු ලැබුවේ ය.

See all translations of this verse →

يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ

Sinhalese Translation - Rowwad Translation Centerකොඳු ඇට පෙළ හා පපු පෙදෙස අතරින් එය පිට වේ.

See all translations of this verse →

إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

See all translations of this verse →

يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින රහස්‍ය දෑ හෙළි කරනු ලැබේ.

See all translations of this verse →

فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.

See all translations of this verse →

وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (වර්ෂාව) නැවත නැවතත් ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්,

See all translations of this verse →

وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ

Sinhalese Translation - Rowwad Translation Centerපැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්,

See all translations of this verse →

إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම එය තීරණාත්මක වදනකි.

See all translations of this verse →

وَمَا هُوَ بِٱلْهَزْلِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එය සරදමක් නො වේ.

See all translations of this verse →

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින්ම ඔවුහු කුමන්ත්‍රණයක් සැලසුම් කරති.

See all translations of this verse →

وَأَكِيدُ كَيْدًا

Sinhalese Translation - Rowwad Translation Centerමම ද සැලසුමක් සැලසුම් කරමි.

See all translations of this verse →

فَمَهِّلِ ٱلْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය දෙනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70