caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Naazi'aat النازعات

වාක්‍ය 46 · මක්කා · revelation order 81

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ وَٱلنَّٰزِعَٰتِ غَرْقًا

Sinhalese Translation - Rowwad Translation Centerසාහසික ලෙස (ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.

See all translations of this verse →

وَٱلنَّٰشِطَٰتِ نَشْطًا

Sinhalese Translation - Rowwad Translation Centerමෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.

See all translations of this verse →

وَٱلسَّٰبِحَٰتِ سَبْحًا

Sinhalese Translation - Rowwad Translation Centerපාවෙමින් පිහිනා යන්නන් මත ද දිවුරමින්.

See all translations of this verse →

فَٱلسَّٰبِقَٰتِ سَبْقًا

Sinhalese Translation - Rowwad Translation Centerතරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)

See all translations of this verse →

فَٱلْمُدَبِّرَٰتِ أَمْرًا

Sinhalese Translation - Rowwad Translation Centerකටයුතු මෙහෙයවන්නන් මත ද (දිවුරමින්)

See all translations of this verse →

يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින කම්පනය වන දෑ කම්පනය වේ.

See all translations of this verse →

تَتْبَعُهَا ٱلرَّادِفَةُ

Sinhalese Translation - Rowwad Translation Centerඑයට පරව කම්පනය නැවත සිදු වනු ඇත.

See all translations of this verse →

قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින හදවත් (බියෙන්) තැති ගනියි.

See all translations of this verse →

أَبْصَٰرُهَا خَٰشِعَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.

See all translations of this verse →

يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම අපි පෙර තත්ත්වයට ම නැවත හරවනු ලබන්නෙමු දැ” යි ඔවුහු පවසති.

See all translations of this verse →

أَءِذَا كُنَّا عِظَٰمًا نَّخِرَةً

Sinhalese Translation - Rowwad Translation Center“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ පසුව ද?”

See all translations of this verse →

قَالُوا۟ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Center“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.

See all translations of this verse →

فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් එය එක් භයානක හඬක් පමණි.

See all translations of this verse →

فَإِذَا هُم بِٱلسَّاهِرَةِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.

See all translations of this verse →

هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerමූසාගේ තොරතුරු (නබිවරය!) නුඹට ලැබුණේ ද?

See all translations of this verse →

إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ පරමාධිපති ඔහුව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,

See all translations of this verse →

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

See all translations of this verse →

فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි නුඹ විමසනු.

See all translations of this verse →

وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මා ඔබට ඔබේ පරමාධිපති වෙත මඟ පෙන්වන්නෙමි. එවිට ඔබ බියබැතිමත් වනු ඇත.

See all translations of this verse →

فَأَرَىٰهُ ٱلْـَٔايَةَ ٱلْكُبْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වී ය.

See all translations of this verse →

فَكَذَّبَ وَعَصَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔහු (ෆිර්අවුන් එය) බොරු යැයි පවසා පිටුපෑවේ ය.

See all translations of this verse →

ثُمَّ أَدْبَرَ يَسْعَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේ ය.

See all translations of this verse →

فَحَشَرَ فَنَادَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට ඇමතුවේ ය.

See all translations of this verse →

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْـَٔاخِرَةِ وَٱلْأُولَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහුව හසු කර ගත්තේ ය.

See all translations of this verse →

إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.

See all translations of this verse →

ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ بَنَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerමැවීමට දුෂ්කර වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේ ය.

See all translations of this verse →

رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු එහි වියන ඔසවා පසුව එය නිවැරදිව සැකසුවේ ය.

See all translations of this verse →

وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේ ය.

See all translations of this verse →

وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොව ඉන් පසුව ඔහු එය දිග හැරියේ ය.

See all translations of this verse →

أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද හටගැන්වී ය.

See all translations of this verse →

وَٱلْجِبَالَ أَرْسَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු එය ඔහු ස්ථාපිත කළේ ය.

See all translations of this verse →

مَتَٰعًا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ

Sinhalese Translation - Rowwad Translation Center(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.

See all translations of this verse →

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,

See all translations of this verse →

يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَٰنُ مَا سَعَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේ ය.

See all translations of this verse →

وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්ෂ කරනු ලබයි.

See all translations of this verse →

فَأَمَّا مَن طَغَىٰ

Sinhalese Translation - Rowwad Translation Center"එහෙයින් සීමාව උල්ලංඝනය කර"

See all translations of this verse →

وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

Sinhalese Translation - Rowwad Translation Center"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"

See all translations of this verse →

فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම නිරය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

See all translations of this verse →

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Center"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"

See all translations of this verse →

فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ස්වර්ගය වන එය මය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

See all translations of this verse →

يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerඑම හෝරාව එය කවදා සිදු වන්නේ දැ? යි ඔවුහු ඔබගෙන් විමසති.

See all translations of this verse →

فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ

Sinhalese Translation - Rowwad Translation Centerඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේ ද?

See all translations of this verse →

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.

See all translations of this verse →

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින් ම නුඹ අවවාද කරන්නෙක් පමණි.

See all translations of this verse →

كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නො සිටියාක් මෙන් සිතනු ඇත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70