සූරා Nooh نوح
වාක්‍ය 28 · මක්කා · revelation order 71
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِنَّآ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerවේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින් ම එව්වෙමු.
See all translations of this verse →
قَالَ يَٰقَوْمِ إِنِّى لَكُمْ نَذِيرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Center“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”
See all translations of this verse →
يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُ لَوْ كُنتُمْ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලාව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නො ලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”
See all translations of this verse →
قَالَ رَبِّ إِنِّى دَعَوْتُ قَوْمِى لَيْلًا وَنَهَارًا
Sinhalese Translation - Rowwad Translation Center“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන් ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසී ය.
See all translations of this verse →
فَلَمْ يَزِدْهُمْ دُعَآءِىٓ إِلَّا فِرَارًا
Sinhalese Translation - Rowwad Translation Center“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නො කළේ ය.”
See all translations of this verse →
وَإِنِّى كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوٓا۟ أَصَٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِمْ وَٱسْتَغْشَوْا۟ ثِيَابَهُمْ وَأَصَرُّوا۟ وَٱسْتَكْبَرُوا۟ ٱسْتِكْبَارًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන් ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝ ය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝ ය. තවද පාපකම්හි නිරත වූවෝ ය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
See all translations of this verse →
ثُمَّ إِنِّى دَعَوْتُهُمْ جِهَارًا
Sinhalese Translation - Rowwad Translation Center“පසුව නියත වශයෙන් ම මම ඔවුනට විවෘතව ඇරයුම් කළෙමි.”
See all translations of this verse →
ثُمَّ إِنِّىٓ أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا
Sinhalese Translation - Rowwad Translation Center“පසුව නියත වශයෙන් ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහසිගතවද ඔවුනට දැනුම් දුනිමි.”
See all translations of this verse →
فَقُلْتُ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ إِنَّهُۥ كَانَ غَفَّارًا
Sinhalese Translation - Rowwad Translation Center“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.”
See all translations of this verse →
يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًا
Sinhalese Translation - Rowwad Translation Center“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරුව එවනු ඇත.”
See all translations of this verse →
وَيُمْدِدْكُم بِأَمْوَٰلٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّٰتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَٰرًا
Sinhalese Translation - Rowwad Translation Center“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
See all translations of this verse →
مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නො කරන්නෙහු ය.”
See all translations of this verse →
وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද සැබැවින් ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේ ය.”
See all translations of this verse →
أَلَمْ تَرَوْا۟ كَيْفَ خَلَقَ ٱللَّهُ سَبْعَ سَمَٰوَٰتٍ طِبَاقًا
Sinhalese Translation - Rowwad Translation Center“ස්ථර වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ? යි නුඹලා නො දුටුවෙහු ද?”
See all translations of this verse →
وَجَعَلَ ٱلْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ ٱلشَّمْسَ سِرَاجًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේ ය. තවද හිරු පහනක් බවට පත් කළේ ය.”
See all translations of this verse →
وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلْأَرْضِ نَبَاتًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය.”
See all translations of this verse →
ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا
Sinhalese Translation - Rowwad Translation Center“පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.”
See all translations of this verse →
وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلْأَرْضَ بِسَاطًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේ ය.
See all translations of this verse →
لِّتَسْلُكُوا۟ مِنْهَا سُبُلًا فِجَاجًا
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එහි විවෘත මංමාවත්වල ගමන් කිරීම පිණිස.
See all translations of this verse →
قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِى وَٱتَّبَعُوا۟ مَن لَّمْ يَزِدْهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارًا
Sinhalese Translation - Rowwad Translation Center“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඔවුන් මට පිටුපෑවෝ ය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නො කළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසී ය.
See all translations of this verse →
وَمَكَرُوا۟ مَكْرًا كُبَّارًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝ ය.”
See all translations of this verse →
وَقَالُوا۟ لَا تَذَرُنَّ ءَالِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නො හරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නො හරිනු යැයි ඔවුහු පැවසුවෝ ය.”
See all translations of this verse →
وَقَدْ أَضَلُّوا۟ كَثِيرًا وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلًا
Sinhalese Translation - Rowwad Translation Center“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝ ය. අපරාධකරුවන්ට මුළාව මිස වෙනත් කිසිවක් ඔබ අධික නො කරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
See all translations of this verse →
مِّمَّا خَطِيٓـَٰٔتِهِمْ أُغْرِقُوا۟ فَأُدْخِلُوا۟ نَارًا فَلَمْ يَجِدُوا۟ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝ ය. පසුව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝ ය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නො ලැබුවෝ ය.
See all translations of this verse →
وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى ٱلْأَرْضِ مِنَ ٱلْكَٰفِرِينَ دَيَّارًا
Sinhalese Translation - Rowwad Translation Center“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නො හරිනු මැනව!” යැයි නූහ් පැවසී ය.
See all translations of this verse →
إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا۟ عِبَادَكَ وَلَا يَلِدُوٓا۟ إِلَّا فَاجِرًا كَفَّارًا
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන්ව ඔවුන් නොමග යවනු ඇත. තවද ඔවුන් ගුණමකු පාපතරයකු හැර බිහි නො කරනු ඇත.”
See all translations of this verse →
رَّبِّ ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيْتِىَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارًۢا
Sinhalese Translation - Rowwad Translation Center“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නො කරනු මැනව!”
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→