caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Jinn الجن

වාක්‍ය 28 · මක්කා · revelation order 40

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أُوحِىَ إِلَىَّ أَنَّهُ ٱسْتَمَعَ نَفَرٌ مِّنَ ٱلْجِنِّ فَقَالُوٓا۟ إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ජින්නුන්ගෙන් පිරිසක් (අල් කුර්ආනයට) සවන් දී "සැබැවින් ම අපි පුදුමාකාර පාරායනයකට සවන් දුන්නෙමු යැයි පැවසූ වග මා වෙත දේව පණිවිඩය මඟින් දන්වනු ලැබීය” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

يَهْدِىٓ إِلَى ٱلرُّشْدِ فَـَٔامَنَّا بِهِۦ وَلَن نُّشْرِكَ بِرَبِّنَآ أَحَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නො කරන්නෙමු යැයි පැවසූ බවත් (දන්වනු ලැබී ය.)

See all translations of this verse →

وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةً وَلَا وَلَدًا

Sinhalese Translation - Rowwad Translation Center“තවද නියත වශයෙන් ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නො ගත්තේ ය.”

See all translations of this verse →

وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහිව ප්‍රබන්ධ කතා පවසා සිටියේ ය.

See all translations of this verse →

وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَى ٱللَّهِ كَذِبًا

Sinhalese Translation - Rowwad Translation Center“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහිව බොරුවක් කිසිවිටෙක නො පවසනු ඇතැයි නියත වශයෙන් ම අපි සිතමින් සිටියෙමු.”

See all translations of this verse →

وَأَنَّهُۥ كَانَ رِجَالٌ مِّنَ ٱلْإِنسِ يَعُوذُونَ بِرِجَالٍ مِّنَ ٱلْجِنِّ فَزَادُوهُمْ رَهَقًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් මිනිස් වර්ගයාගෙන් පිරිසක් ආරක්ෂාව පැතුවෝ ය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝ ය.

See all translations of this verse →

وَأَنَّهُمْ ظَنُّوا۟ كَمَا ظَنَنتُمْ أَن لَّن يَبْعَثَ ٱللَّهُ أَحَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කිසිවකුත් නැවත (පණ දී) නැගිටුවන්නේ ම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින් ම ඔවුහු ද සිතුවෝ ය.

See all translations of this verse →

وَأَنَّا لَمَسْنَا ٱلسَّمَآءَ فَوَجَدْنَٰهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම (ජින්වරුන් වන) අපි අහස ස්පර්ශ කළෙමු. එවිට එය දැඩි ආරක්ෂාවෙන් හා උල්කාපාතවලින් පිරී තිබෙනු අපි දුටුවෙමු.

See all translations of this verse →

وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَٰعِدَ لِلسَّمْعِ فَمَن يَسْتَمِعِ ٱلْـَٔانَ يَجِدْ لَهُۥ شِهَابًا رَّصَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද (අහසේ සිදු වන කතා බහ) සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ එසේ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහු ලබනු ඇත.

See all translations of this verse →

وَأَنَّا لَا نَدْرِىٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِى ٱلْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවේ වෙසෙන්නන්හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැ? යි නියත වශයෙන් ම අපි නො දනිමු.

See all translations of this verse →

وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ كُنَّا طَرَآئِقَ قِدَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අප අතරින් දැහැමියෝ ද වෙති. එමෙන් ම අප අතරින් එසේ නො වන්නන් ද වෙති. අපි විවිධ මාර්ගවල වෙන්ව සිටියෙමු.

See all translations of this verse →

وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعْجِزَ ٱللَّهَ فِى ٱلْأَرْضِ وَلَن نُّعْجِزَهُۥ هَرَبًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින් ම අපි සිතුවෙමු.

See all translations of this verse →

وَأَنَّا لَمَّا سَمِعْنَا ٱلْهُدَىٰٓ ءَامَنَّا بِهِۦ فَمَن يُؤْمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නො වනු ඇත.

See all translations of this verse →

وَأَنَّا مِنَّا ٱلْمُسْلِمُونَ وَمِنَّا ٱلْقَٰسِطُونَ فَمَنْ أَسْلَمَ فَأُو۟لَٰٓئِكَ تَحَرَّوْا۟ رَشَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අප වනාහි අප අතරින් අවනත වන්නෝ ද වෙති. එමෙන් ම අප අතරින් (සත්‍යයෙන්) බැහැර වන්නෝ ද වෙති. එහෙයින් කවුරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝ ය.

See all translations of this verse →

وَأَمَّا ٱلْقَٰسِطُونَ فَكَانُوا۟ لِجَهَنَّمَ حَطَبًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද (සත්‍යයෙන්) බැහැර වන්නෝ වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූවෝ ය.

See all translations of this verse →

وَأَلَّوِ ٱسْتَقَٰمُوا۟ عَلَى ٱلطَّرِيقَةِ لَأَسْقَيْنَٰهُم مَّآءً غَدَقًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ ම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවරව සිටියේ නම් අපි ඔවුනට බහුල වශයෙන් ජලය සපයන්නෙමු යන වගත් (මට දන්වනු ලැබී ය.)

See all translations of this verse →

لِّنَفْتِنَهُمْ فِيهِ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِۦ يَسْلُكْهُ عَذَابًا صَعَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිස ය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීම පිටු දකින්නේ ද ඔහු ඔහුව දරුණු දඬුවමට යොමු කරනු ඇත.

See all translations of this verse →

وَأَنَّ ٱلْمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدْعُوا۟ مَعَ ٱللَّهِ أَحَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු.

See all translations of this verse →

وَأَنَّهُۥ لَمَّا قَامَ عَبْدُ ٱللَّهِ يَدْعُوهُ كَادُوا۟ يَكُونُونَ عَلَيْهِ لِبَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූවෝ ය.

See all translations of this verse →

قُلْ إِنَّمَآ أَدْعُوا۟ رَبِّى وَلَآ أُشْرِكُ بِهِۦٓ أَحَدًا

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම මා අයදිනුයේ මාගේ පරමාධිපතිව ය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නො කරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

قُلْ إِنِّى لَآ أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන් ම මා බලය නො දරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

قُلْ إِنِّى لَن يُجِيرَنِى مِنَ ٱللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا

Sinhalese Translation - Rowwad Translation Center“(මා අවනත නො වුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නො හැක්කේ ම ය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නො ලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

إِلَّا بَلَٰغًا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හා ඔහුගේ දූත පණිවිඩය ගැන දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නො වේ.) තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන් ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති.

See all translations of this verse →

حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැ? යි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැ? යි ද ඔවුහු මතු දැන ගනු ඇත.

See all translations of this verse →

قُلْ إِنْ أَدْرِىٓ أَقَرِيبٌ مَّا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُۥ رَبِّىٓ أَمَدًا

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේ දැ? යි ද මම නො දනිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

عَٰلِمُ ٱلْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِۦٓ أَحَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ගුප්ත දෑ දන්නා ය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නො කරයි.

See all translations of this verse →

إِلَّا مَنِ ٱرْتَضَىٰ مِن رَّسُولٍ فَإِنَّهُۥ يَسْلُكُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ رَصَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන් ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.

See all translations of this verse →

لِّيَعْلَمَ أَن قَدْ أَبْلَغُوا۟ رِسَٰلَٰتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَىْءٍ عَدَدًۢا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන්ට දැනුම් දී ඇත්තේ දැ? යි ඔහු දැන ගනු පිණිස ය. ඔවුන් සමඟ ඇති දෑ පිළිබඳව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70