caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Ma'aarij المعارج

වාක්‍ය 44 · මක්කා · revelation order 79

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَأَلَ سَآئِلٌۢ بِعَذَابٍ وَاقِعٍ

Sinhalese Translation - Rowwad Translation Centerසිදු වන දඬුවමක් පිළිබඳ විමසන්නෙකු විමසුවේ ය.

See all translations of this verse →

لِّلْكَٰفِرِينَ لَيْسَ لَهُۥ دَافِعٌ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට එය වළක්වන කිසිවෙකු හෝ නොමැත.

See all translations of this verse →

مِّنَ ٱللَّهِ ذِى ٱلْمَعَارِجِ

Sinhalese Translation - Rowwad Translation Center(එම දඬුවම) උසස්ථාන හිමි අල්ලාහ්ගෙන් (සිදුවෙයි).

See all translations of this verse →

تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි කාල ප්‍රමාණය වසර පනස් දහසක් වන දිනයක මලක්වරුන් ද ආත්මය ද (ජිබ්රීල් ද) ඔහු (අල්ලාහ්) වෙත ආරෝහණය වෙති.

See all translations of this verse →

فَٱصْبِرْ صَبْرًا جَمِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ අලංකාර අයුරින් ඉවසා දරා ගනු.

See all translations of this verse →

إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එය (දඬුවම) අධික දුරින් ඇති බව ඔවුහු සිතති.

See all translations of this verse →

وَنَرَىٰهُ قَرِيبًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අපි එය සමීපයෙන් දකිමු.

See all translations of this verse →

يَوْمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلْمُهْلِ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින අහස උණු වූ ලෝදිය මෙන් වනු ඇත.

See all translations of this verse →

وَتَكُونُ ٱلْجِبَالُ كَٱلْعِهْنِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු ලොම් මෙන් වනු ඇත.

See all translations of this verse →

وَلَا يَسْـَٔلُ حَمِيمٌ حَمِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිතුරෙක් මිතුරෙකු ගැන ප්‍රශ්න නො කරයි.

See all translations of this verse →

يُبَصَّرُونَهُمْ يَوَدُّ ٱلْمُجْرِمُ لَوْ يَفْتَدِى مِنْ عَذَابِ يَوْمِئِذٍۭ بِبَنِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් එකිනෙකා දකිනු ඇත. එවිට අපරාධකරුවා එදින දඬුවමින් මිදීම සඳහා (වන්දි වශයෙන්) තම දරුවන් එමෙන් ම;

See all translations of this verse →

وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerතම බිරිය, තම සොහොයුරන්;

See all translations of this verse →

وَفَصِيلَتِهِ ٱلَّتِى تُـْٔوِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු සමඟ සම්බන්ධකම් පැවැත් වූ තම ඥාතීන්;

See all translations of this verse →

وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවේ සිටින සියලු දෙනා හෝ වන්දි වශයෙන් ලබා දී පසු තමන් මුදවා ගත යුතු යැයි ප්‍රිය කරයි.

See all translations of this verse →

كَلَّآ إِنَّهَا لَظَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව නියත වශයෙන් ම එය දවාළන ගින්න ය.

See all translations of this verse →

نَزَّاعَةً لِّلشَّوَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(එය හිස්කබලේ) හම (පුඵස්සා) ගලවා දමන්නකි.

See all translations of this verse →

تَدْعُوا۟ مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑය (සත්‍ය ප්‍රතික්ෂේප කර) පසුපස හැරී පලා ගිය අය ආරාධනා කරයි.

See all translations of this verse →

وَجَمَعَ فَأَوْعَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වස්තුව රැස් කොට තැන්පත් කළේ ය.

See all translations of this verse →

إِنَّ ٱلْإِنسَٰنَ خُلِقَ هَلُوعًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මිනිසා කලබලකාරීභාවයෙන් මවනු ලැබ ඇත.

See all translations of this verse →

إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහුට අයහපත වැළඳුණු විට වික්ෂිප්ත වේ.

See all translations of this verse →

وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුට යහපත වැළඳුණු විට (අන් අයට නො දී) වළක්වන්නෙකු වේ.

See all translations of this verse →

إِلَّا ٱلْمُصَلِّينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් සලාතය ඉටු කරන්නන් හැර;

See all translations of this verse →

ٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَآئِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි ඔවුන්ගේ සලාතයෙහි නිරතුරුවම නිරතවන්නෝ වෙති.

See all translations of this verse →

وَٱلَّذِينَ فِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ مَّعْلُومٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනයෙහි නියමිත කොටසක්;

See all translations of this verse →

لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ

Sinhalese Translation - Rowwad Translation Centerඅයදින්නන්ට හා (අයදීමෙන්) වළක්වනු ලැබූවන්ට ඇත.

See all translations of this verse →

وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වනාහි විනිශ්චය දිනය පිළිබඳව තහවුරු කරති.

See all translations of this verse →

وَٱلَّذِينَ هُم مِّنْ عَذَابِ رَبِّهِم مُّشْفِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම පිළිබඳ බියෙන් සිටිති.

See all translations of this verse →

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපතිගේ දඬුවම ආරක්ෂිත නො වන්නකි.

See all translations of this verse →

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.

See all translations of this verse →

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ට හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුන් දොස් නගනු ලබන්නන් නො වෙති.

See all translations of this verse →

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.

See all translations of this verse →

وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.

See all translations of this verse →

وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمْ قَآئِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවරව සිටින්නෝ වෙති.

See all translations of this verse →

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ فِى جَنَّٰتٍ مُّكْرَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහු ම ය.

See all translations of this verse →

فَمَالِ ٱلَّذِينَ كَفَرُوا۟ قِبَلَكَ مُهْطِعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙම ප්‍රතික්ෂේප කළවුන්ට සිදුවී ඇත්තේ කුමක්ද? ඔවුන් නුඹ ඉදිරිටයට කඩිනමින් පැමිණෙති.

See all translations of this verse →

عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ

Sinhalese Translation - Rowwad Translation Centerදකුණු පැත්තෙන් හා වම් පැත්තෙන් කණ්ඩායම් වශයෙන් (පැමිණෙති).

See all translations of this verse →

أَيَطْمَعُ كُلُّ ٱمْرِئٍ مِّنْهُمْ أَن يُدْخَلَ جَنَّةَ نَعِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අතරින් සෑම කෙනෙකුම සුව පහසුකම් ඇති ස්වර්ග උයනට ඇතුළු කරනු ලැබීම ගැන ආශා කරන්නේ ද?

See all translations of this verse →

كَلَّآ إِنَّا خَلَقْنَٰهُم مِّمَّا يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.

See all translations of this verse →

فَلَآ أُقْسِمُ بِرَبِّ ٱلْمَشَٰرِقِ وَٱلْمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපෙරදිගවල් හා අපරදිගවල්හි පරමාධිපති මත දිවුරා පවසමි. නියත වශයෙන් ම අපි බලය දරන්නෝ වෙමු.

See all translations of this verse →

عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيْرًا مِّنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන් වෙනුවට) ඔවුනට වඩා යහපත් අයවලුන් බිහි කිරීමට (බලය දරන්නෝ වෙමු.) මන්ද අපි පරාජිතයින් නො වෙමු.

See all translations of this verse →

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තුරු ඔවුන් නිෂ්ඵල කතාවෙහි නිරත වීමට ද කෙළි ලොල් කිරීමට ද ඔවුනට ඉඩ දෙනු.

See all translations of this verse →

يَوْمَ يَخْرُجُونَ مِنَ ٱلْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපිළිම වෙත ඔවුන් වේගයෙන් දුවන්නාක් මෙන් ඉතා වේගයෙන් එදින මිනිවළවලින් ඔවුන් බැහැර වනු ඇත.

See all translations of this verse →

خَٰشِعَةً أَبْصَٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ذَٰلِكَ ٱلْيَوْمُ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ බැල්ම පහත්ව පවතී. අවමානය ඔවුන් වෙළා ගනු ඇත. ඔවුන් ප්‍රතිඥා දෙනු ලබමින් සිටි දිනය එය වේ.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70