caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Abasa عبس

වාක්‍ය 42 · මක්කා · revelation order 24

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මුහුණ හකුළා හැරුනේ ය.

See all translations of this verse →

أَن جَآءَهُ ٱلْأَعْمَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)

See all translations of this verse →

وَمَا يُدْرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු පිවිතුරු වනු ඇතැයි නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?

See all translations of this verse →

أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكْرَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹව දැනුවත් කරනුයේ කුමක් ද?)

See all translations of this verse →

أَمَّا مَنِ ٱسْتَغْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,

See all translations of this verse →

فَأَنتَ لَهُۥ تَصَدَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ ඔහු වෙතට අවධානය යොමු කරන්නෙහි ය.

See all translations of this verse →

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු පිවිතුරු නොවීම ගැන ඔබ කෙරෙහි දොසක් නොමැත.

See all translations of this verse →

وَأَمَّا مَن جَآءَكَ يَسْعَىٰ

Sinhalese Translation - Rowwad Translation Center"තවද ඔබ වෙත කැපවීමෙන් පැමිණි අය පිළිබඳ වූ කලී"

See all translations of this verse →

وَهُوَ يَخْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Center"ඔහු බිය බැතිමත් වන අයකු ලෙස"

See all translations of this verse →

فَأَنتَ عَنْهُ تَلَهَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ ඔහු පිළිබඳ නො සලකා හැරියෙහි ය.

See all translations of this verse →

كَلَّآ إِنَّهَا تَذْكِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව සැබැවින් ම එය උපදෙසකි.

See all translations of this verse →

فَمَن شَآءَ ذَكَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙක් (සුමග යන්නට) අභිමත කළේද ඔහු එය මෙනෙහි කරත්වා!

See all translations of this verse →

فِى صُحُفٍ مُّكَرَّمَةٍ

Sinhalese Translation - Rowwad Translation Center(මෙම උපදෙස) ගෞරවනීය පුස්තකයෙහි ය.

See all translations of this verse →

مَّرْفُوعَةٍ مُّطَهَّرَةٍۭ

Sinhalese Translation - Rowwad Translation Centerපවිත්‍ර වූ උසස් (පුස්තකයෙහි ය.)

See all translations of this verse →

بِأَيْدِى سَفَرَةٍ

Sinhalese Translation - Rowwad Translation Center(මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)

See all translations of this verse →

كِرَامٍۭ بَرَرَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ අත්වලින් ලියන ලද්දකි.)

See all translations of this verse →

قُتِلَ ٱلْإِنسَٰنُ مَآ أَكْفَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerමිනිසාට ශාපය අත් වේවා! ඔහුව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?

See all translations of this verse →

مِنْ أَىِّ شَىْءٍ خَلَقَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerකුමන දෙයකින් ඔහුව ඔහු (අල්ලාහ්) මැව්වේ ද?

See all translations of this verse →

مِن نُّطْفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ඔහුව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහුව ප්‍රමාණවත් ලෙස සැකසුවේ ය.

See all translations of this verse →

ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඅනතුරුව ඔහුට මාර්ගය පහසු කළේ ය.

See all translations of this verse →

ثُمَّ أَمَاتَهُۥ فَأَقْبَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු ඔහුව මරණයට පත් කළේ ය. ඉන් පසුව ඔහු ඔහුව වළ දැමුවේ ය.

See all translations of this verse →

ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු අභිමත කළ විට ඔහු ඔහුව නැගිටුවන්නේ ය.

See all translations of this verse →

كَلَّا لَمَّا يَقْضِ مَآ أَمَرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නො කළේ ය.

See all translations of this verse →

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!

See all translations of this verse →

أَنَّا صَبَبْنَا ٱلْمَآءَ صَبًّا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

See all translations of this verse →

ثُمَّ شَقَقْنَا ٱلْأَرْضَ شَقًّا

Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.

See all translations of this verse →

فَأَنۢبَتْنَا فِيهَا حَبًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑහි බීජ ද අපි හට ගැන්වූයෙමු.

See all translations of this verse →

وَعِنَبًا وَقَضْبًا

Sinhalese Translation - Rowwad Translation Centerමිදි හා එළවළු ද

See all translations of this verse →

وَزَيْتُونًا وَنَخْلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔලිව් හා රටඉඳි ද

See all translations of this verse →

وَحَدَآئِقَ غُلْبًا

Sinhalese Translation - Rowwad Translation Centerඝණ උයන් ද

See all translations of this verse →

وَفَٰكِهَةً وَأَبًّا

Sinhalese Translation - Rowwad Translation Centerපලතුරු හා උදුපියලිය ද (අපි හටගැන්වූයෙමු.)

See all translations of this verse →

مَّتَٰعًا لَّكُمْ وَلِأَنْعَٰمِكُمْ

Sinhalese Translation - Rowwad Translation Center(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.

See all translations of this verse →

فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් මහා හඬ පැමිණි විට,

See all translations of this verse →

يَوْمَ يَفِرُّ ٱلْمَرْءُ مِنْ أَخِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

See all translations of this verse →

وَأُمِّهِۦ وَأَبِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;

See all translations of this verse →

وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)

See all translations of this verse →

لِكُلِّ ٱمْرِئٍ مِّنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඔවුන් අතරින් සෑම මිනිසෙකුට ම ඔහුව නිරත කර වන කරුණු ඇත.

See all translations of this verse →

وُجُوهٌ يَوْمَئِذٍ مُّسْفِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින (ඇතැම්) මුහුණු පැහැපත් ව පවතී.

See all translations of this verse →

ضَاحِكَةٌ مُّسْتَبْشِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerසිනහ මුසු ව ප්‍රීතියෙන් (පවතී.)

See all translations of this verse →

وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (ඇතැම්) මුහුණු එදින ඒවා මත දූවිලි පවතී.

See all translations of this verse →

تَرْهَقُهَا قَتَرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅඳුර ඒවා වසා ගනු ඇත.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَفَرَةُ ٱلْفَجَرَةُ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු මය ප්‍රතික්ෂේප කළ දුෂ්ටයෝ.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70