සූරා Qaaf ق
වාක්‍ය 45 · මක්කා · revelation order 34
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قٓ وَٱلْقُرْءَانِ ٱلْمَجِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerකාෆ්,[1] කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.
See all translations of this verse →
بَلْ عَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌ مِّنْهُمْ فَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا شَىْءٌ عَجِيبٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අවවාද කරන්නෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූවෝ ය. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පැවසුවෝ ය.
See all translations of this verse →
أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا ذَٰلِكَ رَجْعٌۢ بَعِيدٌ
Sinhalese Translation - Rowwad Translation Center“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය (බුද්ධියට) දුරස් හැරීමකි.
See all translations of this verse →
قَدْ عَلِمْنَا مَا تَنقُصُ ٱلْأَرْضُ مِنْهُمْ وَعِندَنَا كِتَٰبٌ حَفِيظٌۢ
Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින් ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.
See all translations of this verse →
بَلْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَهُمْ فِىٓ أَمْرٍ مَّرِيجٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝ ය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූවෝ ය.
See all translations of this verse →
أَفَلَمْ يَنظُرُوٓا۟ إِلَى ٱلسَّمَآءِ فَوْقَهُمْ كَيْفَ بَنَيْنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٍ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැ? යි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැ? යි ද ඔවුහු නො බැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.
See all translations of this verse →
وَٱلْأَرْضَ مَدَدْنَٰهَا وَأَلْقَيْنَا فِيهَا رَوَٰسِىَ وَأَنۢبَتْنَا فِيهَا مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක් ම යුගල වශයෙන්හට ගැන්වූයෙමු.
See all translations of this verse →
تَبْصِرَةً وَذِكْرَىٰ لِكُلِّ عَبْدٍ مُّنِيبٍ
Sinhalese Translation - Rowwad Translation Center(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුට ම මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
See all translations of this verse →
وَنَزَّلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءً مُّبَٰرَكًا فَأَنۢبَتْنَا بِهِۦ جَنَّٰتٍ وَحَبَّ ٱلْحَصِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමඟින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු.
See all translations of this verse →
وَٱلنَّخْلَ بَاسِقَٰتٍ لَّهَا طَلْعٌ نَّضِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)
See all translations of this verse →
رِّزْقًا لِّلْعِبَادِ وَأَحْيَيْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا كَذَٰلِكَ ٱلْخُرُوجُ
Sinhalese Translation - Rowwad Translation Center(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමඟින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙස ය.
See all translations of this verse →
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَأَصْحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද, රස් වාසීහු ද, සමූද් ජනයා ද බොරු කළෝ ය.
See all translations of this verse →
وَعَادٌ وَفِرْعَوْنُ وَإِخْوَٰنُ لُوطٍ
Sinhalese Translation - Rowwad Translation Centerආද් ජනයා ද, ෆිර්අවුන් ද, ලූත්ගේ සහෝදරයෝ ද,
See all translations of this verse →
وَأَصْحَٰبُ ٱلْأَيْكَةِ وَقَوْمُ تُبَّعٍ كُلٌّ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerඅයිකා වාසීහු ද, තුබ්බඃ ජනයා ද (බොරු කළෝය). මේ සියල්ලෝ ම ධර්ම දූතයින් බොරු කළෝ ය. එහෙයින් මාගේ අවවාදය නියම විය.
See all translations of this verse →
أَفَعَيِينَا بِٱلْخَلْقِ ٱلْأَوَّلِ بَلْ هُمْ فِى لَبْسٍ مِّنْ خَلْقٍ جَدِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerමුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.
See all translations of this verse →
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِۦ نَفْسُهُۥ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ ٱلْوَرِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීප ය.
See all translations of this verse →
إِذْ يَتَلَقَّى ٱلْمُتَلَقِّيَانِ عَنِ ٱلْيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerදකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගන්නා අවස්ථාවේ;
See all translations of this verse →
مَّا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerකිසිදු වදනක් ඔහු උච්චාරණය කළ ද (සියල්ල) නිරීක්ෂා කරන සටහන් කරන්නෙකු ඔහු අසලින් සිටින්නේ ම ය.
See all translations of this verse →
وَجَآءَتْ سَكْرَةُ ٱلْمَوْتِ بِٱلْحَقِّ ذَٰلِكَ مَا كُنتَ مِنْهُ تَحِيدُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මරණයේ වේදනාව සැබෑ ලෙසින් ම පැමිණ ඇත. නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.
See all translations of this verse →
وَنُفِخَ فِى ٱلصُّورِ ذَٰلِكَ يَوْمُ ٱلْوَعِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.
See all translations of this verse →
وَجَآءَتْ كُلُّ نَفْسٍ مَّعَهَا سَآئِقٌ وَشَهِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සෑම ආත්මයක් ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමඟ පැමිණ ඇත.
See all translations of this verse →
لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ
Sinhalese Translation - Rowwad Translation Center“සැබැවින් ම නුඹ මේ ගැන නො සැලකිලිමත් කමෙහි සිටියෙහි ය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම තියුණු ය.”
See all translations of this verse →
وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَىَّ عَتِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “මෙන්න, මා සතුව සටහන් කරනු ලැබූ වාර්තාවක් ඇත” යැයි (සටහන් කරන මලක්වරයා වන) ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.
See all translations of this verse →
أَلْقِيَا فِى جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٍ
Sinhalese Translation - Rowwad Translation Center“හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු!
See all translations of this verse →
مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ مُّرِيبٍ
Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසු වන (අය වෙති).
See all translations of this verse →
ٱلَّذِى جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلْقِيَاهُ فِى ٱلْعَذَابِ ٱلشَّدِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සමඟ වෙනත් දෙවිඳෙකු පත් කර ගත් අය වනාහි, නුඹලා දෙදෙනා ඔහුව දැඩි දඬුවමට හෙළනු.
See all translations of this verse →
قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطْغَيْتُهُۥ وَلَٰكِن كَانَ فِى ضَلَٰلٍۭ بَعِيدٍ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපතියාණනි! මා ඔහුව නොමග යැව්වේ නැත. එහෙත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.
See all translations of this verse →
قَالَ لَا تَخْتَصِمُوا۟ لَدَىَّ وَقَدْ قَدَّمْتُ إِلَيْكُم بِٱلْوَعِيدِ
Sinhalese Translation - Rowwad Translation Center“මා ඉදිරියේ නුඹලා තර්ක නො කරනු. සැබැවින් ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි” යැයි ඔහු (අල්ලාහ්) පවසනු ඇත.
See all translations of this verse →
مَا يُبَدَّلُ ٱلْقَوْلُ لَدَىَّ وَمَآ أَنَا۠ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerමා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නො වෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වෙමි.” (යැයි අල්ලාහ් පවසනු ඇත.)
See all translations of this verse →
يَوْمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمْتَلَأْتِ وَتَقُولُ هَلْ مِن مَّزِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑදින “නුඹ පිරුණෙහි දැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ?” යි එය විමසයි.
See all translations of this verse →
وَأُزْلِفَتِ ٱلْجَنَّةُ لِلْمُتَّقِينَ غَيْرَ بَعِيدٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද දුරස්ථභාවයකින් තොරව බිය බැතිමතුන්හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.
See all translations of this verse →
هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٍ
Sinhalese Translation - Rowwad Translation Centerප්‍රවේශම් වන නැඹුරු වන සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
See all translations of this verse →
مَّنْ خَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ وَجَآءَ بِقَلْبٍ مُّنِيبٍ
Sinhalese Translation - Rowwad Translation Centerකවුරුන් අදෘශ්‍යමාන තත්ත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද;
See all translations of this verse →
ٱدْخُلُوهَا بِسَلَٰمٍ ذَٰلِكَ يَوْمُ ٱلْخُلُودِ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ.)
See all translations of this verse →
لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيْنَا مَزِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.
See all translations of this verse →
وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُم بَطْشًا فَنَقَّبُوا۟ فِى ٱلْبِلَٰدِ هَلْ مِن مَّحِيصٍ
Sinhalese Translation - Rowwad Translation Centerමොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූවෝ ය. එවිට ඔවුහු දේශයන්හි සැරිසරන්නට වූවෝ ය. (ඔවුනට) කිසිදු සරණ පතන තැනක් වී ද?
See all translations of this verse →
إِنَّ فِى ذَٰلِكَ لَذِكْرَىٰ لِمَن كَانَ لَهُۥ قَلْبٌ أَوْ أَلْقَى ٱلسَّمْعَ وَهُوَ شَهِيدٌ
Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන් ම එහි අනුශාසනාවක් ඇත.
See all translations of this verse →
وَلَقَدْ خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِن لُّغُوبٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නො වීය.
See all translations of this verse →
فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ ٱلْغُرُوبِ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන් පවසන දෑ මත (නබිවරය!) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරනු.
See all translations of this verse →
وَمِنَ ٱلَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَٰرَ ٱلسُّجُودِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසුව ද (නුඹ ඔහු සුවිශුද්ධ කරනු).
See all translations of this verse →
وَٱسْتَمِعْ يَوْمَ يُنَادِ ٱلْمُنَادِ مِن مَّكَانٍ قَرِيبٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.
See all translations of this verse →
يَوْمَ يَسْمَعُونَ ٱلصَّيْحَةَ بِٱلْحَقِّ ذَٰلِكَ يَوْمُ ٱلْخُرُوجِ
Sinhalese Translation - Rowwad Translation Centerඑදින සැබෑ ලෙසින් ම මහා හඬට ඔවුන් සවන් දෙනු ඇත. එය (මිනීවලවලින්) බැහැර කරනු ලබනු දිනයයි.
See all translations of this verse →
إِنَّا نَحْنُ نُحْىِۦ وَنُمِيتُ وَإِلَيْنَا ٱلْمَصِيرُ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.
See all translations of this verse →
يَوْمَ تَشَقَّقُ ٱلْأَرْضُ عَنْهُمْ سِرَاعًا ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑදින මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන්ව යනු ඇත. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසු ය.
See all translations of this verse →
نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ وَمَآ أَنتَ عَلَيْهِم بِجَبَّارٍ فَذَكِّرْ بِٱلْقُرْءَانِ مَن يَخَافُ وَعِيدِ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් දන්නෝ අප වෙමු. නුඹ ඔවුන් වෙත ආධිපත්‍ය දරන්නෙකු නො වේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය පිළිබඳ මෙනෙහි කරනු.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→