caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Maryam مريم

වාක්‍ය 98 · මක්කා · revelation order 44

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ كٓهيعٓصٓ

Sinhalese Translation - Rowwad Translation Centerකාෆ්, හා, යා, අයින්, සාද්.[1]

See all translations of this verse →

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُۥ زَكَرِيَّآ

Sinhalese Translation - Rowwad Translation Center(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.

See all translations of this verse →

إِذْ نَادَىٰ رَبَّهُۥ نِدَآءً خَفِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු තම පරමාධිපතිව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

قَالَ رَبِّ إِنِّى وَهَنَ ٱلْعَظْمُ مِنِّى وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි! මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නො වූයෙමි.

See all translations of this verse →

وَإِنِّى خِفْتُ ٱلْمَوَٰلِىَ مِن وَرَآءِى وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا فَهَبْ لِى مِن لَّدُنكَ وَلِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවකි. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.

See all translations of this verse →

يَرِثُنِى وَيَرِثُ مِنْ ءَالِ يَعْقُوبَ وَٱجْعَلْهُ رَبِّ رَضِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerමට උරුමකම්පාන එමෙන් ම යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව! තවද මාගේ පරමාධිපතියාණනි! ඔහුව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.

See all translations of this verse →

يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسْمُهُۥ يَحْيَىٰ لَمْ نَجْعَل لَّهُۥ مِن قَبْلُ سَمِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ සකරිය්යා! යහ්යා නමින් වූ දරුවකු පිළිබඳව නියත වශයෙන් ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර මේ නමින් කිසිවකුට නම් නො තැබුවෙමු.

See all translations of this verse →

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌ وَكَانَتِ ٱمْرَأَتِى عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ ٱلْكِبَرِ عِتِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවා ය. මා ද මහලුවියේ අවසානයට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَىَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْـًٔا

Sinhalese Translation - Rowwad Translation Center(එය) එලෙසය යැයි ඔහු කී ය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක්ව නො සිටිය දී සැබැවින් ම මම නුඹව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේ ය.

See all translations of this verse →

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٍ سَوِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerපරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසී ය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගීව සිටිය දී රාත්‍රී තුනක් ජනයා සමඟ කතා නො කිරීමය යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ مِنَ ٱلْمِحْرَابِ فَأَوْحَىٰٓ إِلَيْهِمْ أَن سَبِّحُوا۟ بُكْرَةً وَعَشِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැරට පැමිණියේ ය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.

See all translations of this verse →

يَٰيَحْيَىٰ خُذِ ٱلْكِتَٰبَ بِقُوَّةٍ وَءَاتَيْنَٰهُ ٱلْحُكْمَ صَبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ යහ්යා! ධර්ම ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.

See all translations of this verse →

وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَوٰةً وَكَانَ تَقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.

See all translations of this verse →

وَبَرًّۢا بِوَٰلِدَيْهِ وَلَمْ يَكُن جَبَّارًا عَصِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නො වීය.

See all translations of this verse →

وَسَلَٰمٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමානව නැගිටුවනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!

See all translations of this verse →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مَرْيَمَ إِذِ ٱنتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මෙම ධර්ම ග්‍රන්ථයේ මර්යම් ගැන ඇය තම පවුලෙන් වෙන්ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාව (නබිවරය!) නුඹ සිහිපත් කරනු.

See all translations of this verse →

فَٱتَّخَذَتْ مِن دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඇය ඔවුන්ගෙන් වෙන්ව තිරයක් ගත්තා ය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු පූර්ණ මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේ ය.

See all translations of this verse →

قَالَتْ إِنِّىٓ أَعُوذُ بِٱلرَّحْمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නො වනු) යැයි ඇය පැවසුවා ය.

See all translations of this verse →

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمًا زَكِيًّا

Sinhalese Translation - Rowwad Translation Center‘නියත වශයෙන් ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

قَالَتْ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا

Sinhalese Translation - Rowwad Translation Center‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නො තිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නො වූයෙමි’ යැයි ඇය පැවසුවා ය.

See all translations of this verse →

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَىَّ هَيِّنٌ وَلِنَجْعَلَهُۥٓ ءَايَةً لِّلنَّاسِ وَرَحْمَةً مِّنَّا وَكَانَ أَمْرًا مَّقْضِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑය එලෙසය යැයි ඔහු පැවසුවේ ය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිස ය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේ ය.

See all translations of this verse →

فَحَمَلَتْهُ فَٱنتَبَذَتْ بِهِۦ مَكَانًا قَصِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඇය ඔහු ගැබ් ගත්තා ය. ඇය ඔහු දරමින් දුර ස්ථානයකට වෙන්ව ගියා ය.

See all translations of this verse →

فَأَجَآءَهَا ٱلْمَخَاضُ إِلَىٰ جِذْعِ ٱلنَّخْلَةِ قَالَتْ يَٰلَيْتَنِى مِتُّ قَبْلَ هَٰذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerවිලිරුදාව ඇයව ඉඳි කඳක් වෙත ගෙන ආවේ ය. අහෝ! මීට පෙර මා මිය යා යුතු නො වේ ද? තවද මුළුමනින් ම අමතක වූ කෙනකු බවට පත් විය යුතු නො වේ දැ? යි පැවසුවා ය.

See all translations of this verse →

فَنَادَىٰهَا مِن تَحْتِهَآ أَلَّا تَحْزَنِى قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹ දුක් නො වනු සැබැවින් ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි ඇයව පහළ දෙසින් ඔහු ඇමතී ය.

See all translations of this verse →

وَهُزِّىٓ إِلَيْكِ بِجِذْعِ ٱلنَّخْلَةِ تُسَٰقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වැටෙනු ඇත.

See all translations of this verse →

فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින් ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමඟ සැබැවින් ම මම කතා නො කරන්නෙමි යැයි පවසනු.

See all translations of this verse →

فَأَتَتْ بِهِۦ قَوْمَهَا تَحْمِلُهُۥ قَالُوا۟ يَٰمَرْيَمُ لَقَدْ جِئْتِ شَيْـًٔا فَرِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඔහුව උසුලා ගෙන ඔහු සමඟ ම ඇයගේ සමූහය වෙත ඇය පැමිණියා ය. ‘අහෝ මර්යම්! සැබැවින් ම නුඹ බරපතළ කරුණක් ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

يَٰٓأُخْتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ හාරූන්ගේ සහෝදරිය! නුඹේ පියා නරක පුද්ගලයකු නො වීය. එමෙන් ම නුඹේ මව ද අපචාරී (කාන්තාවක්) නො වීය.

See all translations of this verse →

فَأَشَارَتْ إِلَيْهِ قَالُوا۟ كَيْفَ نُكَلِّمُ مَن كَانَ فِى ٱلْمَهْدِ صَبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඇය ඔහු දෙසට (ඔවුන් කතා කිරීම සඳහා) ඉඟි කළා ය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමඟ අපි කෙසේ කතා කරන්නෙමි දැ? යි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ إِنِّى عَبْدُ ٱللَّهِ ءَاتَىٰنِىَ ٱلْكِتَٰبَ وَجَعَلَنِى نَبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

وَجَعَلَنِى مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَٰنِى بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمْتُ حَيًّا

Sinhalese Translation - Rowwad Translation Centerමා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේ ය. තවද මා ජීවමානව සිටින තාක්කල් සලාතය හා zසකාතය (ඉටු කිරීම) පිළිබඳ මට උපදෙස් දුන්නේ ය.

See all translations of this verse →

وَبَرًّۢا بِوَٰلِدَتِى وَلَمْ يَجْعَلْنِى جَبَّارًا شَقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේ ය.) තවද ඔහු මා අභාග්‍යවන්ත දරුණු පාලකයකු ලෙස මා පත් නො කළේ ය.

See all translations of this verse →

وَٱلسَّلَٰمُ عَلَىَّ يَوْمَ وُلِدتُّ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!

See all translations of this verse →

ذَٰلِكَ عِيسَى ٱبْنُ مَرْيَمَ قَوْلَ ٱلْحَقِّ ٱلَّذِى فِيهِ يَمْتَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති.

See all translations of this verse →

مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٍ سُبْحَٰنَهُۥٓ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

Sinhalese Translation - Rowwad Translation Centerදරුවකු තබා ගැනීම අල්ලාහ්ට (සුදුසු) නො වීය. ඔහු සුවිශුද්ධ ය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණ ය. එය සිදු වනු ඇත.

See all translations of this verse →

وَإِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට නැමදුම් කරනු. මෙය ඍජු මාර්ගයයි.

See all translations of this verse →

فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن مَّشْهَدِ يَوْمٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝ ය. අතිමහත් දින දර්ශනය වන ස්ථානයේ ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා!

See all translations of this verse →

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلْيَوْمَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! එහෙත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.

See all translations of this verse →

وَأَنذِرْهُمْ يَوْمَ ٱلْحَسْرَةِ إِذْ قُضِىَ ٱلْأَمْرُ وَهُمْ فِى غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු විශ්වාස නො කරමින් හා ඔවුන් නො සැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.

See all translations of this verse →

إِنَّا نَحْنُ نَرِثُ ٱلْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි මහපොළොව හා ඒ මත සිටිනවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ ද අප වෙත ම ය.

See all translations of this verse →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِبْرَٰهِيمَ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථයේ ඉබ්රාහීම්ව මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

See all translations of this verse →

إِذْ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًٔا

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පියාණනි! සවන් නො දෙන තවද නො බලන එමෙන් ම ඔබට කිසිදු පලක් නො දෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැ? යි ඉබ්රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

يَٰٓأَبَتِ إِنِّى قَدْ جَآءَنِى مِنَ ٱلْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَٱتَّبِعْنِىٓ أَهْدِكَ صِرَٰطًا سَوِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පියාණනි! ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින් ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.

See all translations of this verse →

يَٰٓأَبَتِ لَا تَعْبُدِ ٱلشَّيْطَٰنَ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මාගේ පියාණනි! ෂෛයිතාන්ට ගැතිකම් නො කරනු. නියත වශයෙන් ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්ට පිටුපාන්නෙකු විය.

See all translations of this verse →

يَٰٓأَبَتِ إِنِّىٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٌ مِّنَ ٱلرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَٰنِ وَلِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මාගේ පියාණනි! ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහි ය.

See all translations of this verse →

قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَٰٓإِبْرَٰهِيمُ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ وَٱهْجُرْنِى مَلِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ මාගේ දෙවියන් පිළිකුල් කරන්නෙකු ද? අහෝ ඉබ්රාහීම්! නුඹ මෙයින් නො වැළකුණෙහි නම් මම නුඹට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහට ම ඈත්ව සිටිනු යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

قَالَ سَلَٰمٌ عَلَيْكَ سَأَسْتَغْفِرُ لَكَ رَبِّىٓ إِنَّهُۥ كَانَ بِى حَفِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඔබට ශාන්තිය අත්වේවා! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමාව අයැදිමි. නියත වශයෙන් ම ඔහු මාහට කරුණාවන්ත විය යැයි ඔහු (ඉබ්රාහීම්) පැවසී ය.

See all translations of this verse →

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدْعُوا۟ رَبِّى عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّى شَقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මම නුඹලාගෙන් ද අල්ලාහ් හැර දමා නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනාවෙන් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නො වන්නට පුළුවන.

See all translations of this verse →

فَلَمَّا ٱعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبْنَا لَهُۥٓ إِسْحَٰقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ්ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.

See all translations of this verse →

وَوَهَبْنَا لَهُم مِّن رَّحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුනට උසස් ප්‍රශංසාව ද ඇති කළෙමු.

See all translations of this verse →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ مُوسَىٰٓ إِنَّهُۥ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَّبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ධර්ම ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.

See all translations of this verse →

وَنَٰدَيْنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلْأَيْمَنِ وَقَرَّبْنَٰهُ نَجِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහුව සමීප කළෙමු.

See all translations of this verse →

وَوَهَبْنَا لَهُۥ مِن رَّحْمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ ආශිර්වාදයෙන් අපි ඔහුට ඔහුගේ සහෝදර හාරූන්ව නබිවරයකු ලෙස පිරිනැමුවෙමු.

See all translations of this verse →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِسْمَٰعِيلَ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلْوَعْدِ وَكَانَ رَسُولًا نَّبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථයේ ඉස්මාඊල්ව ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු ප්‍රතිඥාව සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයකු විය.

See all translations of this verse →

وَكَانَ يَأْمُرُ أَهْلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرْضِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු සලාතය හා zසකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.

See all translations of this verse →

وَٱذْكُرْ فِى ٱلْكِتَٰبِ إِدْرِيسَ إِنَّهُۥ كَانَ صِدِّيقًا نَّبِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ධර්ම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කරනු. නියත වශයෙන් ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

See all translations of this verse →

وَرَفَعْنَٰهُ مَكَانًا عَلِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි උසස් ස්ථානයකට ඔහුව උසස් කළෙමු.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِن ذُرِّيَّةِ إِبْرَٰهِيمَ وَإِسْرَٰٓءِيلَ وَمِمَّنْ هَدَيْنَا وَٱجْتَبَيْنَآ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُ ٱلرَّحْمَٰنِ خَرُّوا۟ سُجَّدًا وَبُكِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමඟ අපි ඉසිලූ අයගෙන් ද ඉබ්රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.

See all translations of this verse →

فَخَلَفَ مِنۢ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا۟ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُوا۟ ٱلشَّهَوَٰتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පසුව පසුපරම්පරාවක් පැමිණියේ ය. ඔවුහු සලාතය පැහැර හැරියෝ ය. තවද ආශාවන් අනුගමනය කළෝ ය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.

See all translations of this verse →

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْـًٔا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් පසුතැවිලි වී දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නො ලබති.

See all translations of this verse →

جَنَّٰتِ عَدْنٍ ٱلَّتِى وَعَدَ ٱلرَّحْمَٰنُ عِبَادَهُۥ بِٱلْغَيْبِ إِنَّهُۥ كَانَ وَعْدُهُۥ مَأْتِيًّا

Sinhalese Translation - Rowwad Translation Center(ඒවා) මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන් ය. නියත වශයෙන් ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.

See all translations of this verse →

لَّا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَٰمًا وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයකට එහි සවන් නො දෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.

See all translations of this verse →

تِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِى نُورِثُ مِنْ عِبَادِنَا مَن كَانَ تَقِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑය අපගේ ගැත්තන් අතරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන (ස්වර්ග) උයනයි.

See all translations of this verse →

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُۥ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නො වන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතු ය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නො වීය. (යැයි ජිබ්රීල් පැවසී ය.)

See all translations of this verse →

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا فَٱعْبُدْهُ وَٱصْطَبِرْ لِعِبَٰدَتِهِۦ هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන් ය. එහෙයින් නුඹ ඔහුට නැමදුම් කරනු. තවද ඔහුට නැමදුම් කිරීම සඳහා නුඹ ඉවසනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?

See all translations of this verse →

وَيَقُولُ ٱلْإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මා මිය ගිය විට ජීවය ලබා මම මතු බැහැර කරනු ලබන්නෙමි දැ? යි මිනිසා විමසා සිටියි.

See all translations of this verse →

أَوَلَا يَذْكُرُ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْـًٔا

Sinhalese Translation - Rowwad Translation Centerමීට පෙර කිසිවක් ලෙස නො පැවති තත්ත්වයෙන් සැබැවින් ම අපි ඔහුව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නො වේ ද?

See all translations of this verse →

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් සැබැවින් ම අපි ඔවුන් හා ෂෙයිතානුන්ව නැවත රැස් කරන්නෙමු. පසුව නිරය වටා ඔවුන් දණ ගස්වා ගෙන එන්නෙමු.

See all translations of this verse →

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى ٱلرَّحْمَٰنِ عِتِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerපසුව සෑම කණ්ඩායමකින් ම කවරෙකු මහා කරුණාන්විතයාණන්ට එරෙහිව දැඩි ලෙස පිටුපෑවේ ද ඔවුන්ව අපි වෙන් කරන්නෙමු.

See all translations of this verse →

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِٱلَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳව අපි මැනවින් දනිමු.

See all translations of this verse →

وَإِن مِّنكُمْ إِلَّا وَارِدُهَا كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَّقْضِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අතරින් එය තරණය නො කරන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙතින් නියම වූ තීන්දුවක් විය.

See all translations of this verse →

ثُمَّ نُنَجِّى ٱلَّذِينَ ٱتَّقَوا۟ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.

See all translations of this verse →

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَىُّ ٱلْفَرِيقَيْنِ خَيْرٌ مَّقَامًا وَأَحْسَنُ نَدِيًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ? යි දේවත්වය විශ්වාස කරන්නන්හට පැවසුවෝ ය.

See all translations of this verse →

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هُمْ أَحْسَنُ أَثَٰثًا وَرِءْيًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද?

See all translations of this verse →

قُلْ مَن كَانَ فِى ٱلضَّلَٰلَةِ فَلْيَمْدُدْ لَهُ ٱلرَّحْمَٰنُ مَدًّا حَتَّىٰٓ إِذَا رَأَوْا۟ مَا يُوعَدُونَ إِمَّا ٱلْعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට කාල අවකාශය දිගු හරිනු ඇත. එය, ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාව වශයෙන් හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන් ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهْتَدَوْا۟ هُدًى وَٱلْبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا

Sinhalese Translation - Rowwad Translation Centerයහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂව සදා පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම් ය. තවද නැවත යොමු වන ස්ථානයෙන් ද වඩාත් උතුම්ය.

See all translations of this verse →

أَفَرَءَيْتَ ٱلَّذِى كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නො දුටුවෙහි ද? සැබැවින් ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

أَطَّلَعَ ٱلْغَيْبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَٰنِ عَهْدًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?

See all translations of this verse →

كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلْعَذَابِ مَدًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.

See all translations of this verse →

وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනිව පැමිණෙනු ඇත.

See all translations of this verse →

وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لِّيَكُونُوا۟ لَهُمْ عِزًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු (බහු දේවවාදීන්) අල්ලාහ් හැර දමා (වෙනත්) දෙවිවරුන් ඔවුනට පිහිටක් වනු පිණිස ගත්තෝ ය.

See all translations of this verse →

كَلَّا سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, ඔවුන් කළ නැමදුම් මොවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහිව මොවුන් සිටිනු ඇත.

See all translations of this verse →

أَلَمْ تَرَ أَنَّآ أَرْسَلْنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلْكَٰفِرِينَ تَؤُزُّهُمْ أَزًّا

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පොලඹ වන ෂෙයිතානුන්ව සැබැවින් ම අපි ඔවුන් වෙත එවා ඇති බව නුඹ නො දුටුවෙහි ද?

See all translations of this verse →

فَلَا تَعْجَلْ عَلَيْهِمْ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුනට එරෙහිව නුඹ ඉක්මන් නො වනු. ඔවුන් සඳහා වූ (නියමිත දින) ගණන් ගණනය කරමින් සිටින්නෙමු.

See all translations of this verse →

يَوْمَ نَحْشُرُ ٱلْمُتَّقِينَ إِلَى ٱلرَّحْمَٰنِ وَفْدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන්නෙමු.

See all translations of this verse →

وَنَسُوقُ ٱلْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද වැරදිකරුවන් පිපාසයෙන් යුතුව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.

See all translations of this verse →

لَّا يَمْلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحْمَٰنِ عَهْدًا

Sinhalese Translation - Rowwad Translation Centerමහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත්වීමට බලය නො දරනු ඇත.

See all translations of this verse →

وَقَالُوا۟ ٱتَّخَذَ ٱلرَّحْمَٰنُ وَلَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

لَّقَدْ جِئْتُمْ شَيْـًٔا إِدًّا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.

See all translations of this verse →

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ ٱلْأَرْضُ وَتَخِرُّ ٱلْجِبَالُ هَدًّا

Sinhalese Translation - Rowwad Translation Centerඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය.

See all translations of this verse →

أَن دَعَوْا۟ لِلرَّحْمَٰنِ وَلَدًا

Sinhalese Translation - Rowwad Translation Center(එසේ සිදු වන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුන් අමතන හෙයිනි.

See all translations of this verse →

وَمَا يَنۢبَغِى لِلرَّحْمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහා කරුණාන්විතයාණන්හට දරුවකු ගැනීමට අවශ්‍ය නො වීය.

See all translations of this verse →

إِن كُلُّ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ إِلَّآ ءَاتِى ٱلرَّحْمَٰنِ عَبْدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස ම පැමිණෙන්නේ ම ය.

See all translations of this verse →

لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන් ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.

See all translations of this verse →

وَكُلُّهُمْ ءَاتِيهِ يَوْمَ ٱلْقِيَٰمَةِ فَرْدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනිව පැමිණෙනු ඇත.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَيَجْعَلُ لَهُمُ ٱلرَّحْمَٰنُ وُدًّا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහසක් ඇති කරයි.

See all translations of this verse →

فَإِنَّمَا يَسَّرْنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلْمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوْمًا لُّدًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නුඹගේ බසින් ම අපි එය පහසු කරනුයේ එමඟින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමඟින් නුඹ අවවාද කිරීමට ය.

See all translations of this verse →

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّن قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُم مِّنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًۢا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට දැනෙනවා ද? නැතහොත් ඔවුන්ගේ කෙඳිරීමට නුඹ සවන් දෙන්නෙහි ද?

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70