caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Taa-Haa طه

වාක්‍ය 135 · මක්කා · revelation order 45

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ طه

Sinhalese Translation - Rowwad Translation Centerතාහා.[1]

See all translations of this verse →

مَآ أَنزَلْنَا عَلَيْكَ ٱلْقُرْءَانَ لِتَشْقَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ අපහසුතාවයට පත් වනු පිණිස අපි නුඹ වෙත අල්-කුර්ආනය පහළ නො කළෙමු.

See all translations of this verse →

إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerබියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නො කළෙමු).

See all translations of this verse →

تَنزِيلًا مِّمَّنْ خَلَقَ ٱلْأَرْضَ وَٱلسَّمَٰوَٰتِ ٱلْعُلَى

Sinhalese Translation - Rowwad Translation Center(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.

See all translations of this verse →

ٱلرَّحْمَٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerමහා කරුණාන්විතයාණෝ (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය.

See all translations of this verse →

لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ ٱلثَّرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතු ය.

See all translations of this verse →

وَإِن تَجْهَرْ بِٱلْقَوْلِ فَإِنَّهُۥ يَعْلَمُ ٱلسِّرَّ وَأَخْفَى

Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින් ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන් ම ඔහු දනී.

See all translations of this verse →

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ لَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.

See all translations of this verse →

وَهَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?

See all translations of this verse →

إِذْ رَءَا نَارًا فَقَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى ٱلنَّارِ هُدًى

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන් ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න අසලින් මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ يَٰمُوسَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ මූසා! යැයි අමතනු ලැබී ය.

See all translations of this verse →

إِنِّىٓ أَنَا۠ رَبُّكَ فَٱخْلَعْ نَعْلَيْكَ إِنَّكَ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන් ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහි ය’.

See all translations of this verse →

وَأَنَا ٱخْتَرْتُكَ فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මම නුඹව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.

See all translations of this verse →

إِنَّنِىٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعْبُدْنِى وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكْرِىٓ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට නැමදුම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත්ව ඉටු කරනු.

See all translations of this verse →

إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا تَسْعَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකට ම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.

See all translations of this verse →

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَن لَّا يُؤْمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرْدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඒ පිළිබඳ විශ්වාස නො කර තම ආශාවන් අනුගමනය කළ අය නුඹව එයින් නො වැළැක්විය යුතු ය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහි ය.

See all translations of this verse →

وَمَا تِلْكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇති එය කුමක් ද?

See all translations of this verse →

قَالَ هِىَ عَصَاىَ أَتَوَكَّؤُا۟ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِى وَلِىَ فِيهَا مَـَٔارِبُ أُخْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Center‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමඟින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසී ය.

See all translations of this verse →

قَالَ أَلْقِهَا يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

See all translations of this verse →

فَأَلْقَىٰهَا فَإِذَا هِىَ حَيَّةٌ تَسْعَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු එය බිම හෙළී ය. එසැණින් එය උරගා වේගයෙන් යන සර්පයෙකු බවට පත් විය.

See all translations of this verse →

قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ එය අල්ලනු. තවද නුඹ බිය නො වනු. එහි මුල් ස්වභාවයට ම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

See all translations of this verse →

وَٱضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍ ءَايَةً أُخْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොරව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.

See all translations of this verse →

لِنُرِيَكَ مِنْ ءَايَٰتِنَا ٱلْكُبْرَى

Sinhalese Translation - Rowwad Translation Center(එය) අපගේ මහත් වූ සංඥාවන් අප නුඹට පෙන්වීම පිණිස ය.

See all translations of this verse →

ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

See all translations of this verse →

قَالَ رَبِّ ٱشْرَحْ لِى صَدْرِى

Sinhalese Translation - Rowwad Translation Center(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි! මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව! යැයි ප්‍රාර්ථනා කළේය.

See all translations of this verse →

وَيَسِّرْ لِىٓ أَمْرِى

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව!

See all translations of this verse →

وَٱحْلُلْ عُقْدَةً مِّن لِّسَانِى

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ දිවෙහි ගැටය ලිහා දෙනු මැනව!

See all translations of this verse →

يَفْقَهُوا۟ قَوْلِى

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නට..

See all translations of this verse →

وَٱجْعَل لِّى وَزِيرًا مِّنْ أَهْلِى

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!

See all translations of this verse →

هَٰرُونَ أَخِى

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ සහෝදර හාරූන් ව..

See all translations of this verse →

ٱشْدُدْ بِهِۦٓ أَزْرِى

Sinhalese Translation - Rowwad Translation Centerඔහු මඟින් මාගේ ශක්තිය ඔබ අධික කරනු මැනව!

See all translations of this verse →

وَأَشْرِكْهُ فِىٓ أَمْرِى

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ කරුණෙහි ඔහුව ද හවුල් කරවනු මැනව!

See all translations of this verse →

كَىْ نُسَبِّحَكَ كَثِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅධිකව අපි නුඹව පිවිතුරු කිරීම සඳහා.

See all translations of this verse →

وَنَذْكُرَكَ كَثِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අධිකව අපි නුඹව මෙනෙහි කිරීම සඳහා.

See all translations of this verse →

إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකුව සිටියෙහි ය.

See all translations of this verse →

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින් ම උපකාර කළෙමු.

See all translations of this verse →

إِذْ أَوْحَيْنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Center(නුඹ ගැන) හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

أَنِ ٱقْذِفِيهِ فِى ٱلتَّابُوتِ فَٱقْذِفِيهِ فِى ٱلْيَمِّ فَلْيُلْقِهِ ٱلْيَمُّ بِٱلسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِّى وَعَدُوٌّ لَّهُۥ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِّنِّى وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِىٓ

Sinhalese Translation - Rowwad Translation Centerපෙට්ටිය තුළ ඔහු බහාලනු. පසුව ගඟහි එය දමනු. ගඟ ඔහුව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද (අහෝ මූසා!) මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. එය මාගේ දෑස් ඉදිරිපිට නුඹ හදා වඩා ගනු ලබනු පිණිස ය.

See all translations of this verse →

إِذْ تَمْشِىٓ أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَن يَكْفُلُهُۥ فَرَجَعْنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَٰكَ مِنَ ٱلْغَمِّ وَفَتَنَّٰكَ فُتُونًا فَلَبِثْتَ سِنِينَ فِىٓ أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්න දැ? යි’ ඇය පැවසුවා ය. පසුව අපි ඇය දුක් නො වනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ජීවිතයක් මරා දැමුවෙහි ය. පසුව එම පීඩනයෙන් අපි නුඹව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මඟින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහි ය. පසුව අහෝ මූසා! නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහි ය.

See all translations of this verse →

وَٱصْطَنَعْتُكَ لِنَفْسِى

Sinhalese Translation - Rowwad Translation Centerතවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹව සූදානම් කළෙමි.

See all translations of this verse →

ٱذْهَبْ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِى وَلَا تَنِيَا فِى ذِكْرِى

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමඟ පිටත්ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නො වනු.

See all translations of this verse →

ٱذْهَبَآ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

See all translations of this verse →

فَقُولَا لَهُۥ قَوْلًا لَّيِّنًا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමඟ කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.

See all translations of this verse →

قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفْرُطَ عَلَيْنَآ أَوْ أَن يَطْغَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! ඔහු අප වෙත හිංසා කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන් ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ لَا تَخَافَآ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දෙදෙනා බිය නො වනු. නියත වශයෙන් ම මම නුඹලා දෙදෙනා සමඟ සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

فَأْتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَا تُعَذِّبْهُمْ قَدْ جِئْنَٰكَ بِـَٔايَةٍ مِّن رَّبِّكَ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلْهُدَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත ගොස් මෙසේ පවසනු; ‘නියත වශයෙන් ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමඟ ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නො කරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් සමඟ සැබැවින් ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා!

See all translations of this verse →

إِنَّا قَدْ أُوحِىَ إِلَيْنَآ أَنَّ ٱلْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින් ම අප වෙත දේව පණිවිඩ දෙන ලදි.

See all translations of this verse →

قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය.

See all translations of this verse →

قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකට ම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේ ය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේ ය.

See all translations of this verse →

قَالَ فَمَا بَالُ ٱلْقُرُونِ ٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක් දැ?යි ඔහු විමසී ය.

See all translations of this verse →

قَالَ عِلْمُهَا عِندَ رَبِّى فِى كِتَٰبٍ لَّا يَضِلُّ رَبِّى وَلَا يَنسَى

Sinhalese Translation - Rowwad Translation Centerඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේ ය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّن نَّبَاتٍ شَتَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේ ය. තවද අහසින් ජලය පතිත කර එමඟින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වී ය.

See all translations of this verse →

كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَٰمَكُمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට උළා කන්නට හරිනු. නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුන්හට සංඥාවන් ඇත.

See all translations of this verse →

مِنْهَا خَلَقْنَٰكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ.

See all translations of this verse →

وَلَقَدْ أَرَيْنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. එහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.

See all translations of this verse →

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ, මූසා! නුඹ නුඹගේ මායාව මඟින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහි දැ? යි ඔහු පැවසී ය.

See all translations of this verse →

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِّثْلِهِۦ فَٱجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَّا نُخْلِفُهُۥ نَحْنُ وَلَآ أَنتَ مَكَانًا سُوًى

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නම් අපි ද එවැනිම මායාවක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නො වන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.

See all translations of this verse →

قَالَ مَوْعِدُكُمْ يَوْمُ ٱلزِّينَةِ وَأَن يُحْشَرَ ٱلنَّاسُ ضُحًى

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය යැයි (මූසා) පැවසී ය.

See all translations of this verse →

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُۥ ثُمَّ أَتَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කූට උපාය මාර්ග සැලසුම් කර පසුව පැමිණියේ ය.

See all translations of this verse →

قَالَ لَهُم مُّوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا۟ عَلَى ٱللَّهِ كَذِبًا فَيُسْحِتَكُم بِعَذَابٍ وَقَدْ خَابَ مَنِ ٱفْتَرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට විනාශය වේවා! අල්ලාහ්ට එරෙහිව නුඹලා බොරු නො ගොතනු. එවිට ඔහු නුඹලාව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින් ම පරාජයට පත්ව ඇත යැයි මූසා ඔවුනට පැවසී ය.

See all translations of this verse →

فَتَنَٰزَعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ وَأَسَرُّوا۟ ٱلنَّجْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝ ය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝ ය.

See all translations of this verse →

قَالُوٓا۟ إِنْ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخْرِجَاكُم مِّنْ أَرْضِكُم بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ ٱلْمُثْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මොවුන් දෙදෙනා මායාකරුවන් දෙදෙනෙකු වෙති. ඔවුන් දෙදෙනාගේ මායාව මඟින් නුඹලාව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

فَأَجْمِعُوا۟ كَيْدَكُمْ ثُمَّ ٱئْتُوا۟ صَفًّا وَقَدْ أَفْلَحَ ٱلْيَوْمَ مَنِ ٱسْتَعْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසුව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින (අනෙකා) අබිබවා යන්නා සැබැවින් ම ජය ලබනු ඇත.

See all translations of this verse →

قَالُوا۟ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلْقِىَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මූසා! (පළමුව) ඔබ (සතු දෑ බිම) හෙළනු. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැ? යි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

قَالَ بَلْ أَلْقُوا۟ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِن سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ

Sinhalese Translation - Rowwad Translation Center‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේ ය. එවිට ඔවුන්ගේ මායාව හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) උරගා යන්නාක් මෙන් දිස් විය.

See all translations of this verse →

فَأَوْجَسَ فِى نَفْسِهِۦ خِيفَةً مُّوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එය මූසාට, ඔහුගේ සිත තුළ බියක් ඇති කරන්නට විය.

See all translations of this verse →

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنتَ ٱلْأَعْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ බිය නො වනු. නියත වශයෙන් ම අබිබවා යනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.

See all translations of this verse →

وَأَلْقِ مَا فِى يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوٓا۟ إِنَّمَا صَنَعُوا۟ كَيْدُ سَٰحِرٍ وَلَا يُفْلِحُ ٱلسَّاحِرُ حَيْثُ أَتَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිලනු ඇත. එසේ ඔවුන් සිදු කළේ මායාකරුවන්ගේ කුමන්ත්‍රණයයි. මායාකරු කවර අයුරින් පැමිණිය ද ජය නො ලබනු ඇත.

See all translations of this verse →

فَأُلْقِىَ ٱلسَّحَرَةُ سُجَّدًا قَالُوٓا۟ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මායාකරුවෝ සිරස බිම තබමින් වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපතිව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.

See all translations of this verse →

قَالَ ءَامَنتُمْ لَهُۥ قَبْلَ أَنْ ءَاذَنَ لَكُمْ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِى عَلَّمَكُمُ ٱلسِّحْرَ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُم مِّنْ خِلَٰفٍ وَلَأُصَلِّبَنَّكُمْ فِى جُذُوعِ ٱلنَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerමම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහුව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට මායාව ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමමි. තවද අප අතරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැ? යි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේ ය.

See all translations of this verse →

قَالُوا۟ لَن نُّؤْثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلْبَيِّنَٰتِ وَٱلَّذِى فَطَرَنَا فَٱقْضِ مَآ أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِى هَٰذِهِ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَآ

Sinhalese Translation - Rowwad Translation Centerඅප වෙත පැමිණි පැහැදිලි සාධක හා අප මැවූ අයට වඩා ඉහළින් අපි නුඹ කිසිවටෙක තෝරා නො ගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතය පිළිබඳ පමණය යැයි ඔවුහු (ෆිර්අව්න් අමතා) පැවැසූහ.

See all translations of this verse →

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ ٱلسِّحْرِ وَٱللَّهُ خَيْرٌ وَأَبْقَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදිවලටත් නුඹ කවර මායාවක් කරන්නට අපට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතිශ්‍රේෂ්ඨ ය. වඩාත් ස්ථායී ය.

See all translations of this verse →

إِنَّهُۥ مَن يَأْتِ رَبَّهُۥ مُجْرِمًا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය යන්නේ නැත. ජීවත් වන්නේ ද නැත.

See all translations of this verse →

وَمَن يَأْتِهِۦ مُؤْمِنًا قَدْ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلْعُلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද එවැන්නන් වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.

See all translations of this verse →

جَنَّٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerයටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් ය. එය පිවිතුරු කර ගත්තවුන්ගේ ප්‍රතිඵලයයි.

See all translations of this verse →

وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى فَٱضْرِبْ لَهُمْ طَرِيقًا فِى ٱلْبَحْرِ يَبَسًا لَّا تَخَٰفُ دَرَكًا وَلَا تَخْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ මාගේ ගැත්තන් සමඟ රාත්‍රියෙහි පිටත්ව යනු. තවද මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් ඔවුනට පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නො වනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නො වනු යැයි සැබැවින් ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.

See all translations of this verse →

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلْيَمِّ مَا غَشِيَهُمْ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ෆිර්අව්න් ඔහුගේ සේනාව සමඟ ඔවුන්ව ලුහු බැන්දේ ය. මුහුදෙහි ඔවුන් ආවරණය කළ යුතු දෑ ඔවුන්ව වසා ගත්තේ ය.

See all translations of this verse →

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُۥ وَمَا هَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ෆිර්අව්න් තම සමූහයා නොමග හැරියේ ය. තවද ඔහු මග පෙන්වූයේ ද නැත.

See all translations of this verse →

يَٰبَنِىٓ إِسْرَٰٓءِيلَ قَدْ أَنجَيْنَٰكُم مِّنْ عَدُوِّكُمْ وَوَٰعَدْنَٰكُمْ جَانِبَ ٱلطُّورِ ٱلْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ ٱلْمَنَّ وَٱلسَّلْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ඉස්රාඊල් දරුවනි! නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලාව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (ආහාර වශයෙන්) පහළ කළෙමු.

See all translations of this verse →

كُلُوا۟ مِن طَيِّبَٰتِ مَا رَزَقْنَٰكُمْ وَلَا تَطْغَوْا۟ فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِى وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِى فَقَدْ هَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද එහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. එසේ කළහොත් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින් ම ඔහු විනාශ වනු ඇත.

See all translations of this verse →

وَإِنِّى لَغَفَّارٌ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًا ثُمَّ ٱهْتَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසුව යහ මග යොමු වූවන්හට සැබැවින් ම මම අතික්ෂමාශීලී වෙමි.

See all translations of this verse →

وَمَآ أَعْجَلَكَ عَن قَوْمِكَ يَٰمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහෝ මූසා! නුඹගේ ජනයාගෙන් වෙන්වී (තනිව පැමිණී) මට නුඹව ඉක්මන් කෙරෙව්වේ කුමක් ද?

See all translations of this verse →

قَالَ هُمْ أُو۟لَآءِ عَلَىٰٓ أَثَرِى وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි! ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنۢ بَعْدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِىُّ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කර ඇත. තවද සාමිරී ඔවුන්ව නොමග හරවා ඇතැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.

See all translations of this verse →

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوْمِهِۦ غَضْبَٰنَ أَسِفًا قَالَ يَٰقَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ ٱلْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِى

Sinhalese Translation - Rowwad Translation Centerඑවිගස මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතුව කනස්සල්ලෙන් නැවත හැරී ආවේ ය. අහෝ මාගේ ජනයිනි! නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නො කළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අභිමත කොට නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධව කටයුතු කළෙහු ද?

See all translations of this verse →

قَالُوا۟ مَآ أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَآ أَوْزَارًا مِّن زِينَةِ ٱلْقَوْمِ فَقَذَفْنَٰهَا فَكَذَٰلِكَ أَلْقَى ٱلسَّامِرِىُّ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නො වූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පට වන ලදි. එහෙයින් අපි ඒවා (ගින්නට) දැමුවෙමු. එසේ ම සාමිරී ද දැමුවේය යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ فَقَالُوا۟ هَٰذَآ إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِىَ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේ ය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියා ය. මූසාගේ ද දෙවියා ය. එහෙත් ඔහුට (එය) අමතක වී ඇතැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නො දක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බවද ඔවුහු නො දුටුවෝ ද?

See all translations of this verse →

وَلَقَدْ قَالَ لَهُمْ هَٰرُونُ مِن قَبْلُ يَٰقَوْمِ إِنَّمَا فُتِنتُم بِهِۦ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحْمَٰنُ فَٱتَّبِعُونِى وَأَطِيعُوٓا۟ أَمْرِى

Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර හාරූන් මාගේ ජනයිනි! මෙමඟින් නුඹලා අර්බුදයකට පත්ව ඇත. තවද නියත වශයෙන් ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණික ය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසී ය.

See all translations of this verse →

قَالُوا۟ لَن نَّبْرَحَ عَلَيْهِ عَٰكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerමූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නො වන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوٓا۟

Sinhalese Translation - Rowwad Translation Center(මූසා,හාරූන් අමතා) අහෝ හාරූන්! ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹව වැළැක්වූයේ කුමක් දැ? යි විමසී ය.

See all translations of this verse →

أَلَّا تَتَّبِعَنِ أَفَعَصَيْتَ أَمْرِى

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ මා අනුගමනය නො කරන්නෙහි ද? නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?

See all translations of this verse →

قَالَ يَبْنَؤُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِى وَلَا بِرَأْسِىٓ إِنِّى خَشِيتُ أَن تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِى

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මාගේ මවගේ පුතණුවනි! මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නො අල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහි ය. නුඹ මාගේ වචනය (පැමිණෙන තෙක්) බලා පොරොත්තු නො වූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින් ම මම බිය වූයෙමි.

See all translations of this verse →

قَالَ فَمَا خَطْبُكَ يَٰسَٰمِرِىُّ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ සාමිරී! එසේ නම් නුඹේ දෙසුම කුමක් දැ? යි ඔහු (මූසා) විමසී ය.

See all translations of this verse →

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا۟ بِهِۦ فَقَبَضْتُ قَبْضَةً مِّنْ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِى نَفْسِى

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් කවර කරුණක් නො දුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසුව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසී ය.

See all translations of this verse →

قَالَ فَٱذْهَبْ فَإِنَّ لَكَ فِى ٱلْحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَ وَإِنَّ لَكَ مَوْعِدًا لَّن تُخْلَفَهُۥ وَٱنظُرْ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِى ظَلْتَ عَلَيْهِ عَاكِفًا لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِى ٱلْيَمِّ نَسْفًا

Sinhalese Translation - Rowwad Translation Center"එහෙයින් නුඹ පිටත්ව යනු. මට ළං නො වනු යැයි පැවසීම නුඹට මෙලොව ජීවිතයේ හිමි වනු ඇත. තවද කිසිවිටක වෙනස් කළ නොහැකි ප්‍රතිඥාවක් ද නුඹ සතු වනු ඇත. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසුව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَٰهَ إِلَّا هُوَ وَسِعَ كُلَّ شَىْءٍ عِلْمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ දෙවියා අල්ලාහ් ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්ත විය.

See all translations of this verse →

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ مَا قَدْ سَبَقَ وَقَدْ ءَاتَيْنَٰكَ مِن لَّدُنَّا ذِكْرًا

Sinhalese Translation - Rowwad Translation Center(මුහම්මද්) සැබැවින් ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙස ය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින් ම පිරිනමා ඇත්තෙමු.

See all translations of this verse →

مَّنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُۥ يَحْمِلُ يَوْمَ ٱلْقِيَٰمَةِ وِزْرًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන් ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.

See all translations of this verse →

خَٰلِدِينَ فِيهِ وَسَآءَ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ حِمْلًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහි ඔවුහු සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.

See all translations of this verse →

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ وَنَحْشُرُ ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ (අන්ධ) ඇස් සහිතව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.

See all translations of this verse →

يَتَخَٰفَتُونَ بَيْنَهُمْ إِن لَّبِثْتُمْ إِلَّا عَشْرًا

Sinhalese Translation - Rowwad Translation Center(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නො සිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.

See all translations of this verse →

نَّحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِن لَّبِثْتُمْ إِلَّا يَوْمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එක් දිනක් හැර මෙලොවෙහි රැඳී නො සිටියෙහු යැයි ඔවුන්ගෙන් මාර්ගයෙන් වඩාත් දැනුමැත්තෙක් පවසන අවස්ථාවේ ඔවුන් පවසන දෑ පිළිබඳ අපි මැනවින් දන්නෝ වෙමු.

See all translations of this verse →

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلْجِبَالِ فَقُلْ يَنسِفُهَا رَبِّى نَسْفًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පා වී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසනු.

See all translations of this verse →

فَيَذَرُهَا قَاعًا صَفْصَفًا

Sinhalese Translation - Rowwad Translation Centerපසුව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.

See all translations of this verse →

لَّا تَرَىٰ فِيهَا عِوَجًا وَلَآ أَمْتًا

Sinhalese Translation - Rowwad Translation Centerකිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නො දකිනු ඇත.

See all translations of this verse →

يَوْمَئِذٍ يَتَّبِعُونَ ٱلدَّاعِىَ لَا عِوَجَ لَهُۥ وَخَشَعَتِ ٱلْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඔවුහු නිවේදකයාව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නො වේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පාද ශබ්දය හැර (වෙනත් කිසිවකට) නුඹ සවන් නො දෙනු ඇත.

See all translations of this verse →

يَوْمَئِذٍ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ ٱلرَّحْمَٰنُ وَرَضِىَ لَهُۥ قَوْلًا

Sinhalese Translation - Rowwad Translation Centerමහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහුව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නො වනු ඇත.

See all translations of this verse →

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِۦ عِلْمًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. එහෙත් ඔවුහු ඔහු පිළිබඳ දැනුමෙන් සර්ව ප්‍රකාරයෙන් වටහා නො ගනිති.

See all translations of this verse →

وَعَنَتِ ٱلْوُجُوهُ لِلْحَىِّ ٱلْقَيُّومِ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) වෙනුවෙන් (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. තවද අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.

See all translations of this verse →

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකුව සිට යහකම් අතරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නො වනු ඇත.

See all translations of this verse →

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ قُرْءَانًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ ٱلْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද එලෙස ම අපි (ධර්ම ග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි විවිධ අවවාද විස්තර කර ඇත්තෙමු.

See all translations of this verse →

فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ وَلَا تَعْجَلْ بِٱلْقُرْءَانِ مِن قَبْلِ أَن يُقْضَىٰٓ إِلَيْكَ وَحْيُهُۥ وَقُل رَّبِّ زِدْنِى عِلْمًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නො වනු. මාගේ පරමාධිපතියාණනි! මට දැනුම වර්ධනය කරනු මැනව! යි නුඹ පවසනු.

See all translations of this verse →

وَلَقَدْ عَهِدْنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبْلُ فَنَسِىَ وَلَمْ نَجِدْ لَهُۥ عَزْمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේ ය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නො දුටුවෙමු.

See all translations of this verse →

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ أَبَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝ ය. එහෙත් ඔහු පිටුපෑවේ ය.

See all translations of this verse →

فَقُلْنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ ٱلْجَنَّةِ فَتَشْقَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අහෝ ආදම්! නියත වශයෙන් ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරා ය. එහෙයින් නුඹලා දෙදෙනාව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නො කළ යුතු ය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.

See all translations of this verse →

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ එහි කුසගින්නෙන් නො සිටින අතර තවද නිරුවතින් ද නො සිටිනු ඇත.

See all translations of this verse →

وَأَنَّكَ لَا تَظْمَؤُا۟ فِيهَا وَلَا تَضْحَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එහි නුඹ පිපාසිත නො සිටින අතර හිරු රශ්මියෙන් නො පෙළෙනු ද ඇත.

See all translations of this verse →

فَوَسْوَسَ إِلَيْهِ ٱلشَّيْطَٰنُ قَالَ يَٰٓـَٔادَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ ٱلْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේ ය. අහෝ ආදම්! සදා ජීවත් කර වන ගසක් හා විනාශ වී නො යන රාජධානියක් පිළිබඳව මම නුඹට දන්වන්නෙමි දැ? යි විමසී ය.

See all translations of this verse →

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ وَعَصَىٰٓ ءَادَمُ رَبَّهُۥ فَغَوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝ ය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළවලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝ ය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේ ය. එහෙයින් ඔහු නොමග ගියේ ය.

See all translations of this verse →

ثُمَّ ٱجْتَبَٰهُ رَبُّهُۥ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහුගේ පරමාධිපති ඔහුව තෝරා ගත්තේ ය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේ ය. තවද මග පෙන්වී ය.

See all translations of this verse →

قَالَ ٱهْبِطَا مِنْهَا جَمِيعًۢا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُم مِّنِّى هُدًى فَمَنِ ٱتَّبَعَ هُدَاىَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකුට සතුරු ය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නො යනු ඇත. තවද අභාග්‍යවන්ත නො වනු ඇත.

See all translations of this verse →

وَمَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُۥ مَعِيشَةً ضَنكًا وَنَحْشُرُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ أَعْمَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන් ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහුව නැවත නැගිටුවන්නෙමු.

See all translations of this verse →

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِىٓ أَعْمَىٰ وَقَدْ كُنتُ بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මැත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.

See all translations of this verse →

قَالَ كَذَٰلِكَ أَتَتْكَ ءَايَٰتُنَا فَنَسِيتَهَا وَكَذَٰلِكَ ٱلْيَوْمَ تُنسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහි ය. එලෙස ම අද දින නුඹව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි.

See all translations of this verse →

وَكَذَٰلِكَ نَجْزِى مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنۢ بِـَٔايَٰتِ رَبِّهِۦ وَلَعَذَابُ ٱلْـَٔاخِرَةِ أَشَدُّ وَأَبْقَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerතවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නො කොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙස ය. තවද මතුලොව දඬුවම ඉතා දරුණු ය. තවද වඩාත් ස්ථායී ය.

See all translations of this verse →

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ඔහු මග පෙන්වීම් නො කළේ ද? ඔවුනට පෙර තම වාසස්ථානවල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? නියත වශයෙන් ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.

See all translations of this verse →

وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِن رَّبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُّسَمًّى

Sinhalese Translation - Rowwad Translation Centerනුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නො වූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.

See all translations of this verse →

فَٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ ٱلشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا وَمِنْ ءَانَآئِ ٱلَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ ٱلنَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්‍රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හි ද සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّنْهُمْ زَهْرَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නො කරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨ ය. තවද වඩාත් ස්ථායී ය.

See all translations of this verse →

وَأْمُرْ أَهْلَكَ بِٱلصَّلَوٰةِ وَٱصْطَبِرْ عَلَيْهَا لَا نَسْـَٔلُكَ رِزْقًا نَّحْنُ نَرْزُقُكَ وَٱلْعَٰقِبَةُ لِلتَّقْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නො ඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපම ය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයට ය.

See all translations of this verse →

وَقَالُوا۟ لَوْلَا يَأْتِينَا بِـَٔايَةٍ مِّن رَّبِّهِۦٓ أَوَلَمْ تَأْتِهِم بَيِّنَةُ مَا فِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනැවිත් තිබිය යුතු නො වේ ද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නො පැමිණියේ ද?

See all translations of this verse →

وَلَوْ أَنَّآ أَهْلَكْنَٰهُم بِعَذَابٍ مِّن قَبْلِهِۦ لَقَالُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ ءَايَٰتِكَ مِن قَبْلِ أَن نَّذِلَّ وَنَخْزَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර යම් දඬුවමකින් සැබැවින් ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි! අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නො වේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.

See all translations of this verse →

قُلْ كُلٌّ مُّتَرَبِّصٌ فَتَرَبَّصُوا۟ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَٰبُ ٱلصِّرَٰطِ ٱلسَّوِىِّ وَمَنِ ٱهْتَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසියලු දෙනා බලාපොරොත්තු වන්නන් ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන් දැ? යි ද යහ මග ගියවුන් කවුරුන් දැ? යි ද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70