සූරා Al-Kahf الكهف
වාක්‍ය 110 · මක්කා · revelation order 69
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِىٓ أَنزَلَ عَلَىٰ عَبْدِهِ ٱلْكِتَٰبَ وَلَمْ يَجْعَل لَّهُۥ عِوَجَا
Sinhalese Translation - Rowwad Translation Centerතම ගැත්තා වෙත ධර්ම ග්‍රන්ථය (අල්-කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා! තවද ඔහු එහි කිසිදු ඇදයක් තැබුවේ නැත.
See all translations of this verse →
قَيِّمًا لِّيُنذِرَ بَأْسًا شَدِيدًا مِّن لَّدُنْهُ وَيُبَشِّرَ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا
Sinhalese Translation - Rowwad Translation Center(එය) ඍජු ය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට නියත වශයෙන් ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ) ය.
See all translations of this verse →
مَّٰكِثِينَ فِيهِ أَبَدًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් නිරන්තරයෙන් ම එහි රැඳී සිටින්නන් ලෙසින්.
See all translations of this verse →
وَيُنذِرَ ٱلَّذِينَ قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًا
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේ ය.)
See all translations of this verse →
مَّا لَهُم بِهِۦ مِنْ عِلْمٍ وَلَا لِـَٔابَآئِهِمْ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَٰهِهِمْ إِن يَقُولُونَ إِلَّا كَذِبًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්ට ඒ පිළිබඳව කිසිදු දැනුමක් නො වීය. ඔවුන්ගේ මුඛවලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස වෙනෙකක් නො පවසති.
See all translations of this verse →
فَلَعَلَّكَ بَٰخِعٌ نَّفْسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمْ إِن لَّمْ يُؤْمِنُوا۟ بِهَٰذَا ٱلْحَدِيثِ أَسَفًا
Sinhalese Translation - Rowwad Translation Centerමෙම දෙසුම (අල්-කුර්ආනය) ඔවුහු විශ්වාස නො කළේ නම් ඔවුන් හේතුවෙන් දුකට පත්ව නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත.
See all translations of this verse →
إِنَّا جَعَلْنَا مَا عَلَى ٱلْأَرْضِ زِينَةً لَّهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් අතරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන් දැ? යි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.
See all translations of this verse →
وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි ඒ මත ඇති දෑ (විනාශ කර) පැළෑටි රහිත හිස් තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු.
See all translations of this verse →
أَمْ حَسِبْتَ أَنَّ أَصْحَٰبَ ٱلْكَهْفِ وَٱلرَّقِيمِ كَانُوا۟ مِنْ ءَايَٰتِنَا عَجَبًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එම ලෙනට හා සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතරින් පුදුම සහගත අය වශයෙන් සිටියහ යැයි (නබිවරය!) නුඹ අදහස් කරන්නෙහි ද?.
See all translations of this verse →
إِذْ أَوَى ٱلْفِتْيَةُ إِلَى ٱلْكَهْفِ فَقَالُوا۟ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව! අපගේ කටයුතු සෘජු ලෙස අපට සකස් කර දෙනු මැනව!’ යැයි ප්‍රාර්ථනා කළහ.
See all translations of this verse →
فَضَرَبْنَا عَلَىٰٓ ءَاذَانِهِمْ فِى ٱلْكَهْفِ سِنِينَ عَدَدًا
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.
See all translations of this verse →
ثُمَّ بَعَثْنَٰهُمْ لِنَعْلَمَ أَىُّ ٱلْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوٓا۟ أَمَدًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුන් රැඳී සිටි කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැ? යි අපි දන්වනු පිණිස අපි ඔවුන්ව අවදි කළෙමු.
See all translations of this verse →
نَّحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُم بِٱلْحَقِّ إِنَّهُمْ فِتْيَةٌ ءَامَنُوا۟ بِرَبِّهِمْ وَزِدْنَٰهُمْ هُدًى
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ පුවත පිළිබඳව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන් ම ඔවුහු තරුණයෝ ය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.
See all translations of this verse →
وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا۟ فَقَالُوا۟ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَن نَّدْعُوَا۟ مِن دُونِهِۦٓ إِلَٰهًا لَّقَدْ قُلْنَآ إِذًا شَطَطًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන් ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නො කරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින් ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු.
See all translations of this verse →
هَٰٓؤُلَآءِ قَوْمُنَا ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ ءَالِهَةً لَّوْلَا يَأْتُونَ عَلَيْهِم بِسُلْطَٰنٍۭ بَيِّنٍ فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا
Sinhalese Translation - Rowwad Translation Centerමොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
See all translations of this verse →
وَإِذِ ٱعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا ٱللَّهَ فَأْوُۥٓا۟ إِلَى ٱلْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحْمَتِهِۦ وَيُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا
Sinhalese Translation - Rowwad Translation Centerමොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝ ය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නො වේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?
See all translations of this verse →
وَتَرَى ٱلشَّمْسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهْفِهِمْ ذَاتَ ٱلْيَمِينِ وَإِذَا غَرَبَت تَّقْرِضُهُمْ ذَاتَ ٱلشِّمَالِ وَهُمْ فِى فَجْوَةٍ مِّنْهُ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ مَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُۥ وَلِيًّا مُّرْشِدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීම ද, අවරට ගිය විට වම් දෙසින් ඔවුන්ව මග හැරී යාම ද නුඹ දකිනු ඇත. (එහෙත්) ඔවුහු එහි විශාල ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සාධකයන් අතරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්ම ය. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නො දකිනු ඇත.
See all translations of this verse →
وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ وَنُقَلِّبُهُمْ ذَاتَ ٱلْيَمِينِ وَذَاتَ ٱلشِّمَالِ وَكَلْبُهُم بَٰسِطٌ ذِرَاعَيْهِ بِٱلْوَصِيدِ لَوِ ٱطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදිව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. එහෙත් ඔවුහු නිදාගෙන සිටිති. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන්ව පෙරළමින් සිටියෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් දොරටුව මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.
See all translations of this verse →
وَكَذَٰلِكَ بَعَثْنَٰهُمْ لِيَتَسَآءَلُوا۟ بَيْنَهُمْ قَالَ قَآئِلٌ مِّنْهُمْ كَمْ لَبِثْتُمْ قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ قَالُوا۟ رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَٱبْعَثُوٓا۟ أَحَدَكُم بِوَرِقِكُمْ هَٰذِهِۦٓ إِلَى ٱلْمَدِينَةِ فَلْيَنظُرْ أَيُّهَآ أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُم بِرِزْقٍ مِّنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන්ව අපි අවදි කළෙමු. ඔවුන් අතරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැ? යි විමසා සිටියේ ය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝ ය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපති ය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමඟ නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා! තවද නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නො හැඟවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
إِنَّهُمْ إِن يَظْهَرُوا۟ عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِى مِلَّتِهِمْ وَلَن تُفْلِحُوٓا۟ إِذًا أَبَدًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලාව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලාව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලාව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නො ලබන්නෙහු ම ය.
See all translations of this verse →
وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوٓا۟ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيْبَ فِيهَآ إِذْ يَتَنَٰزَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ فَقَالُوا۟ ٱبْنُوا۟ عَلَيْهِم بُنْيَٰنًا رَّبُّهُمْ أَعْلَمُ بِهِمْ قَالَ ٱلَّذِينَ غَلَبُوا۟ عَلَىٰٓ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِم مَّسْجِدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍ය බවද, නියත වශයෙන් ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙනු ඇතැයිද යන්න ජනයා දැන ගනු පිණිස එලෙස අපි ඔවුන්ගේ තත්ත්වය ගැන නගරවාසීන්ට ප්‍රකාශ කළෙමු. එවිට (ලෙනෙහි සිටි) ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් (නගරවාසීන්) එකිනෙකා අතර වාද කරමින් සිටියහ. ඔවුන්ගෙන් සමහරුන් ගොඩනැගිල්ලක් ඔවුන්(ගේ ලෙන) මත ඉදි කරනු යැයි පැවැසූහ. ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳව මැනවින් දන්නා ය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් ඉදි කරමු යැයි පැවසුවෝ ය.
See all translations of this verse →
سَيَقُولُونَ ثَلَٰثَةٌ رَّابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًۢا بِٱلْغَيْبِ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ قُل رَّبِّىٓ أَعْلَمُ بِعِدَّتِهِم مَّا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَآءً ظَٰهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපති ය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ වෙනත් කිසිවකු නො දනියි යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නො කරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නො අසනු.
See all translations of this verse →
وَلَا تَقُولَنَّ لِشَا۟ىْءٍ إِنِّى فَاعِلٌ ذَٰلِكَ غَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද යම් කරුණක් සඳහා නියත වශයෙන් ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතු ය.
See all translations of this verse →
إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَٱذْكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰٓ أَن يَهْدِيَنِ رَبِّى لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපතිව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.
See all translations of this verse →
وَلَبِثُوا۟ فِى كَهْفِهِمْ ثَلَٰثَ مِا۟ئَةٍ سِنِينَ وَٱزْدَادُوا۟ تِسْعًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියෝ ය. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතරව එකතු කළහ.
See all translations of this verse →
قُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا۟ لَهُۥ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَبْصِرْ بِهِۦ وَأَسْمِعْ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِىٍّ وَلَا يُشْرِكُ فِى حُكْمِهِۦٓ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ් ය. අහස්හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතු ය. ඒ පිළිබඳව (ඔහු) කෙතරම් මහා නිරීක්ෂක ද? සර්ව ශ්‍රාවක ද? ඔහුගෙන් තොරව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නො ගනී යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
وَٱتْلُ مَآ أُوحِىَ إِلَيْكَ مِن كِتَابِ رَبِّكَ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلْتَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොරව ආරක්ෂිත ස්ථානයක් නුඹ කිසිවිටෙක නො ලබනු ඇත.
See all translations of this verse →
وَٱصْبِرْ نَفْسَكَ مَعَ ٱلَّذِينَ يَدْعُونَ رَبَّهُم بِٱلْغَدَوٰةِ وَٱلْعَشِىِّ يُرِيدُونَ وَجْهَهُۥ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُۥ عَن ذِكْرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمْرُهُۥ فُرُطًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නො කරනු. අපව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නො සැලකිලිමත්භාවයට අප පත් කළ, තවද තම ආශාවන් අනුගමනය කළ, තවද තම කටයුතු අපතේ ගිය අයට නුඹ අවනත නො වනු.
See all translations of this verse →
وَقُلِ ٱلْحَقُّ مِن رَّبِّكُمْ فَمَن شَآءَ فَلْيُؤْمِن وَمَن شَآءَ فَلْيَكْفُرْ إِنَّآ أَعْتَدْنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا وَإِن يَسْتَغِيثُوا۟ يُغَاثُوا۟ بِمَآءٍ كَٱلْمُهْلِ يَشْوِى ٱلْوُجُوهَ بِئْسَ ٱلشَّرَابُ وَسَآءَتْ مُرْتَفَقًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය!) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන් ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන්ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින් ම අපි අපතේ නො හරින්නෙමු.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ لَهُمْ جَنَّٰتُ عَدْنٍ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِّن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلْأَرَآئِكِ نِعْمَ ٱلثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලුවලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේදවලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය.
See all translations of this verse →
وَٱضْرِبْ لَهُم مَّثَلًا رَّجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَٰبٍ وَحَفَفْنَٰهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදිවලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.
See all translations of this verse →
كِلْتَا ٱلْجَنَّتَيْنِ ءَاتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِم مِّنْهُ شَيْـًٔا وَفَجَّرْنَا خِلَٰلَهُمَا نَهَرًا
Sinhalese Translation - Rowwad Translation Centerඑම වතු දෙක එහි ඵලදාව දුන්නේ ය. ඉන් කිසිවකින් අඩුවක් නො කළේ ය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු.
See all translations of this verse →
وَكَانَ لَهُۥ ثَمَرٌ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكْثَرُ مِنكَ مَالًا وَأَعَزُّ نَفَرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමඟ සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අතිගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේ ය.
See all translations of this verse →
وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٌ لِّنَفْسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු තමන්ට ම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසී ය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නො සිතමි යැයි ඔහු පැවසී ය.
See all translations of this verse →
وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةً وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّى لَأَجِدَنَّ خَيْرًا مِّنْهَا مُنقَلَبًا
Sinhalese Translation - Rowwad Translation Centerඅවසන් හෝරාව සිදු වන්නක් බව ද මම නො සිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرْتَ بِٱلَّذِى خَلَقَكَ مِن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ سَوَّىٰكَ رَجُلًا
Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ මිතුරා ඔහු සමඟ සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹව පසින් ද පසුව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේ ය.
See all translations of this verse →
لَّٰكِنَّا۠ هُوَ ٱللَّهُ رَبِّى وَلَآ أُشْرِكُ بِرَبِّىٓ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerඑනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහු ය. තවද මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කරමි.
See all translations of this verse →
وَلَوْلَآ إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَآءَ ٱللَّهُ لَا قُوَّةَ إِلَّا بِٱللَّهِ إِن تَرَنِ أَنَا۠ أَقَلَّ مِنكَ مَالًا وَوَلَدًا
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොරව කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නො වේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!
See all translations of this verse →
فَعَسَىٰ رَبِّىٓ أَن يُؤْتِيَنِ خَيْرًا مِّن جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِّنَ ٱلسَّمَآءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත.
See all translations of this verse →
أَوْ يُصْبِحَ مَآؤُهَا غَوْرًا فَلَن تَسْتَطِيعَ لَهُۥ طَلَبًا
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නො දරනු ඇත.
See all translations of this verse →
وَأُحِيطَ بِثَمَرِهِۦ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَآ أَنفَقَ فِيهَا وَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَٰلَيْتَنِى لَمْ أُشْرِكْ بِرَبِّىٓ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබී ය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘අහෝ මාගේ විනාශය! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නො කර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.
See all translations of this verse →
وَلَمْ تَكُن لَّهُۥ فِئَةٌ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مُنتَصِرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ගෙන් තොරව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නො වීය. තවද ඔහු ඔහුට ම උදව් කර ගන්නකු ද නො වීය.
See all translations of this verse →
هُنَالِكَ ٱلْوَلَٰيَةُ لِلَّهِ ٱلْحَقِّ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا
Sinhalese Translation - Rowwad Translation Centerමෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතු ය. ඔහු කුසල් පිරිනැමීමෙන් අතිශ්රේෂ්ඨ ය. එමෙන් ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨ ය.
See all translations of this verse →
وَٱضْرِبْ لَهُم مَّثَلَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ ٱلرِّيَٰحُ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ مُّقْتَدِرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමඟ මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසුව එය ඉපනැලි බවට පත්ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්න ය.
See all translations of this verse →
ٱلْمَالُ وَٱلْبَنُونَ زِينَةُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱلْبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا
Sinhalese Translation - Rowwad Translation Centerධනය හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන් ය. (කවදත්) ශේෂව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම් ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.
See all translations of this verse →
وَيَوْمَ نُسَيِّرُ ٱلْجِبَالَ وَتَرَى ٱلْأَرْضَ بَارِزَةً وَحَشَرْنَٰهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් ලෙස දකිනු ඇත. තවද අපි ඔවුන්ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකුව අපි අත් නො හරින්නෙමු.
See all translations of this verse →
وَعُرِضُوا۟ عَلَىٰ رَبِّكَ صَفًّا لَّقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَٰكُمْ أَوَّلَ مَرَّةٍۭ بَلْ زَعَمْتُمْ أَلَّن نَّجْعَلَ لَكُم مَّوْعِدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින් ම අපි නුඹලාව මුල් වරට මැව්වාක් මෙන් ම නුඹලා අප වෙත පැමිණ ඇත. එහෙත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි කිසි දිනක ඇති නො කරනු ඇතැයි නුඹලා සිතුවෙහු ය.
See all translations of this verse →
وَوُضِعَ ٱلْكِتَٰبُ فَتَرَى ٱلْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَٰوَيْلَتَنَا مَالِ هَٰذَا ٱلْكِتَٰبِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّآ أَحْصَىٰهَا وَوَجَدُوا۟ مَا عَمِلُوا۟ حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත. තවද ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නො කරයි.
See all translations of this verse →
وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ كَانَ مِنَ ٱلْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِۦٓ أَفَتَتَّخِذُونَهُۥ وَذُرِّيَّتَهُۥٓ أَوْلِيَآءَ مِن دُونِى وَهُمْ لَكُمْ عَدُوٌّۢ بِئْسَ لِلظَّٰلِمِينَ بَدَلًا
Sinhalese Translation - Rowwad Translation Center"නුඹලා ආදම්ට සුජූද් (ආචාර) කරනු" යැයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) සුජූද් (ආචාර) කළෝ ය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරු ය. (අල්ලාහ්) වෙනුවට (වෙනත් ආරක්ෂකයින්) ගැනීම අපරාධකරුවන්ට නපුරු විය.
See all translations of this verse →
مَّآ أَشْهَدتُّهُمْ خَلْقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَا خَلْقَ أَنفُسِهِمْ وَمَا كُنتُ مُتَّخِذَ ٱلْمُضِلِّينَ عَضُدًا
Sinhalese Translation - Rowwad Translation Centerඅහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලාව මැවීමට හෝ මා ඔවුන්ව සහභාගි කරවා ගත්තේ නැත. එමෙන් ම මම උදව්කරුවන් වශයෙන් නොමග යවනවුන් ගන්නෙකු ද නො වූයෙමි.
See all translations of this verse →
وَيَوْمَ يَقُولُ نَادُوا۟ شُرَكَآءِىَ ٱلَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَجَعَلْنَا بَيْنَهُم مَّوْبِقًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන්ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන්ව කැඳවති. එහෙත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නො දක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.
See all translations of this verse →
وَرَءَا ٱلْمُجْرِمُونَ ٱلنَّارَ فَظَنُّوٓا۟ أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا۟ عَنْهَا مَصْرِفًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන් ම තමන් එහි වැටෙන්නන් බව දැන ඔවුහු වටහා ගනිති. තවද ඉන් හැරීමක් ඔවුහු නො දකිනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ وَكَانَ ٱلْإِنسَٰنُ أَكْثَرَ شَىْءٍ جَدَلًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි ජනයාට මෙම අල්-කුර්ආනයේ සෑම උපමාවකින් ම විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.
See all translations of this verse →
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰ وَيَسْتَغْفِرُوا۟ رَبَّهُمْ إِلَّآ أَن تَأْتِيَهُمْ سُنَّةُ ٱلْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ ٱلْعَذَابُ قُبُلًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නො පැමිණීම හා (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නො පැමිණීම මිස ජනයා වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටීමට වෙනත් කිසිවක් ඔවුන්ව වැළැක්වූයේ නැත.
See all translations of this verse →
وَمَا نُرْسِلُ ٱلْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ وَيُجَٰدِلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِٱلْبَٰطِلِ لِيُدْحِضُوا۟ بِهِ ٱلْحَقَّ وَٱتَّخَذُوٓا۟ ءَايَٰتِى وَمَآ أُنذِرُوا۟ هُزُوًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නො එව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමඟින් සත්‍යය විනාශ කිරීම පිණිස අසත්‍ය දැයින් තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝ ය.
See all translations of this verse →
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ فَأَعْرَضَ عَنْهَا وَنَسِىَ مَا قَدَّمَتْ يَدَاهُ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا وَإِن تَدْعُهُمْ إِلَى ٱلْهُدَىٰ فَلَن يَهْتَدُوٓا۟ إِذًا أَبَدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසුව එය නො සලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවුරු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකි වන සේ) සැබැවින් ම අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයන් ද ඔවුන්ගේ සවන්වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නො ලබන්නෝම ය.
See all translations of this verse →
وَرَبُّكَ ٱلْغَفُورُ ذُو ٱلرَّحْمَةِ لَوْ يُؤَاخِذُهُم بِمَا كَسَبُوا۟ لَعَجَّلَ لَهُمُ ٱلْعَذَابَ بَل لَّهُم مَّوْعِدٌ لَّن يَجِدُوا۟ مِن دُونِهِۦ مَوْئِلًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපති අතික්ෂමාශීලී ය. කරුණා ගුණයෙන් යුක්ත ය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන්ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. එහෙත් ඔවුනට නියමිත කාලයක් ඇත. ඔහුගෙන් තොරව බේරී යාමක් ඔවුහු නො දකින්නෝම ය.
See all translations of this verse →
وَتِلْكَ ٱلْقُرَىٰٓ أَهْلَكْنَٰهُمْ لَمَّا ظَلَمُوا۟ وَجَعَلْنَا لِمَهْلِكِهِم مَّوْعِدًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන්ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට නියමිත කාල අවකාශයක් ඇති කළෙමු.
See all translations of this verse →
وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَىٰهُ لَآ أَبْرَحُ حَتَّىٰٓ أَبْلُغَ مَجْمَعَ ٱلْبَحْرَيْنِ أَوْ أَمْضِىَ حُقُبًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද මුහුදු දෙක එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නො නවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
See all translations of this verse →
فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ سَرَبًا
Sinhalese Translation - Rowwad Translation Centerඒ (මුහුදු) දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේ ය.
See all translations of this verse →
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَىٰهُ ءَاتِنَا غَدَآءَنَا لَقَدْ لَقِينَا مِن سَفَرِنَا هَٰذَا نَصَبًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත්ව ඇත්තෙමු’ යැයි පැවසී ය.
See all translations of this verse →
قَالَ أَرَءَيْتَ إِذْ أَوَيْنَآ إِلَى ٱلصَّخْرَةِ فَإِنِّى نَسِيتُ ٱلْحُوتَ وَمَآ أَنسَىٰنِيهُ إِلَّا ٱلشَّيْطَٰنُ أَنْ أَذْكُرَهُۥ وَٱتَّخَذَ سَبِيلَهُۥ فِى ٱلْبَحْرِ عَجَبًا
Sinhalese Translation - Rowwad Translation Centerඑම ගල්පර්වතය වෙත (ගොස්) අපි ගිමන් නිවා ගත් අවස්ථාව ඔබට මතක ද? එවිට සැබැවින් ම මත්සයා පිළිබඳ (දැනුම් දීමට) මට අමතක විය? එය මා සිහි කිරීමට මාහට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නො වේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසී ය.
See all translations of this verse →
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ فَٱرْتَدَّا عَلَىٰٓ ءَاثَارِهِمَا قَصَصًا
Sinhalese Translation - Rowwad Translation Centerඅපි සොයමින් සිටි ස්ථානය එය වේ යැයි ඔහු පැවසී ය. පසුව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු හඹා නැවත හැරී ගියෝ ය.
See all translations of this verse →
فَوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَآ ءَاتَيْنَٰهُ رَحْمَةً مِّنْ عِندِنَا وَعَلَّمْنَٰهُ مِن لَّدُنَّا عِلْمًا
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන් දෙදෙනා ම අපගේ ගැත්තන් අතරින් එක් ගැත්තෙකුව මුණ ගැසුණෝ ය. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.
See all translations of this verse →
قَالَ لَهُۥ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰٓ أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا
Sinhalese Translation - Rowwad Translation Centerයහ මඟින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම සඳහා මම ඔබව අනුගමනය කරන්න දැ? යි මූසා ඔහුගෙන් විමසුවේ ය.
See all translations of this verse →
قَالَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මා සමඟින් ඉවසා සිටීමට ඔබ හැකියාව නො දරන්නෙහිම යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِۦ خُبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේ ද?
See all translations of this verse →
قَالَ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ صَابِرًا وَلَآ أَعْصِى لَكَ أَمْرًا
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් අභිමත කළේ නම් ඔබ මා ඉවසිලිවන්තයකු ලෙස දැක ගනු ඇත. තවද කිසිදු අණකට මම නුඹට පිටු නො පාමි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ فَإِنِ ٱتَّبَعْتَنِى فَلَا تَسْـَٔلْنِى عَن شَىْءٍ حَتَّىٰٓ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නො යුතු යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا رَكِبَا فِى ٱلسَّفِينَةِ خَرَقَهَا قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْـًٔا إِمْرًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. ඔහු එය සිදුරු කළේ ය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදු රු කළෙහි ද? සැබැවින් ම ඔබ මහත් වූ කරුණක් කර ඇත්තෙහිය යැයි ඔහු (මූසා) පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම නො කීවෙමි දැ? යි ඔහු විමසී ය.
See all translations of this verse →
قَالَ لَا تُؤَاخِذْنِى بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِى مِنْ أَمْرِى عُسْرًا
Sinhalese Translation - Rowwad Translation Centerමා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නො ගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නො කරනු යැයි ඔහු (මූසා) පැවසුවේ ය.
See all translations of this verse →
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَا لَقِيَا غُلَٰمًا فَقَتَلَهُۥ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةًۢ بِغَيْرِ نَفْسٍ لَّقَدْ جِئْتَ شَيْـًٔا نُّكْرًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව දෙදෙනා ම දරුවකු මුණ ගැසෙන තෙක් ගමන් ගත්හ. එවිට ඔහු ඔහුව මරා දැමුවේ ය. (එවිට මූසා) කිසිදු ප්‍රාණ අයිතියකින් තොරව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් කර ඇත්තෙහිය යැයි පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ أَلَمْ أَقُل لَّكَ إِنَّكَ لَن تَسْتَطِيعَ مَعِىَ صَبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔබ මා සමඟ ඉවසා දරා ගැනීමට හැකියාව නො දරන්නෙහි මය යැයි මම ඔබට නො කීවෙමි දැ? යිඔහු විමසී ය.
See all translations of this verse →
قَالَ إِن سَأَلْتُكَ عَن شَىْءٍۭ بَعْدَهَا فَلَا تُصَٰحِبْنِى قَدْ بَلَغْتَ مِن لَّدُنِّى عُذْرًا
Sinhalese Translation - Rowwad Translation Centerමින් පසුව මම යමක් පිළිබඳව ඔබෙන් විමසා සිටියේ නම් ඔබ මා සඟයෙකු ලෙස නො ගනු. සැබැවින් ම ඔබ මා වෙතින් (ඇති තරම්) නිදහසට කරුණු ලබා ඇතිතෙහිය යැයි ඔහු පැවසී ය.
See all translations of this verse →
فَٱنطَلَقَا حَتَّىٰٓ إِذَآ أَتَيَآ أَهْلَ قَرْيَةٍ ٱسْتَطْعَمَآ أَهْلَهَا فَأَبَوْا۟ أَن يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ فَأَقَامَهُۥ قَالَ لَوْ شِئْتَ لَتَّخَذْتَ عَلَيْهِ أَجْرًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුන් දෙදෙනා ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් ගමන් ගත්තෝ ය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියෝ ය. එහෙත් ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝ ය. එවිට ඔවුහු දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුවෝ ය. එවිට ඔහු එය කෙළින් කළේ ය. (මෙය දුටු) ඔහු (මූසා) ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි පැවසී ය.
See all translations of this verse →
قَالَ هَٰذَا فِرَاقُ بَيْنِى وَبَيْنِكَ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِع عَّلَيْهِ صَبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerමෙය මා අතර හා ඔබ අතර වෙන්වීම(ට ඇති කාලය) වේ. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
أَمَّا ٱلسَّفِينَةُ فَكَانَتْ لِمَسَٰكِينَ يَعْمَلُونَ فِى ٱلْبَحْرِ فَأَرَدتُّ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَآءَهُم مَّلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا
Sinhalese Translation - Rowwad Translation Centerඑම නැව වූ කලී, එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. (හේතුව) සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය.
See all translations of this verse →
وَأَمَّا ٱلْغُلَٰمُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَآ أَن يُرْهِقَهُمَا طُغْيَٰنًا وَكُفْرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එම දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේවත්වය විශ්වාස කරන දෙදෙනකු වූහ. සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.
See all translations of this verse →
فَأَرَدْنَآ أَن يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِّنْهُ زَكَوٰةً وَأَقْرَبَ رُحْمًا
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට වෙනස් කර දෙනු ඇතැයි අපි සිතුවෙමු.
See all translations of this verse →
وَأَمَّا ٱلْجِدَارُ فَكَانَ لِغُلَٰمَيْنِ يَتِيمَيْنِ فِى ٱلْمَدِينَةِ وَكَانَ تَحْتَهُۥ كَنزٌ لَّهُمَا وَكَانَ أَبُوهُمَا صَٰلِحًا فَأَرَادَ رَبُّكَ أَن يَبْلُغَآ أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنزَهُمَا رَحْمَةً مِّن رَّبِّكَ وَمَا فَعَلْتُهُۥ عَنْ أَمْرِى ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِع عَّلَيْهِ صَبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද එම බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනෙකුට හිමිව තිබිණි. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත්ව පසුව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේ ය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නො කළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.
See all translations of this verse →
وَيَسْـَٔلُونَكَ عَن ذِى ٱلْقَرْنَيْنِ قُلْ سَأَتْلُوا۟ عَلَيْكُم مِّنْهُ ذِكْرًا
Sinhalese Translation - Rowwad Translation Center(අහෝ නබිවරය!) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.
See all translations of this verse →
إِنَّا مَكَّنَّا لَهُۥ فِى ٱلْأَرْضِ وَءَاتَيْنَٰهُ مِن كُلِّ شَىْءٍ سَبَبًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින් ම ඔහුට හේතු මාර්ග පිරිනැමුවෙමු.
See all translations of this verse →
فَأَتْبَعَ سَبَبًا
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَٰذَا ٱلْقَرْنَيْنِ إِمَّآ أَن تُعَذِّبَ وَإِمَّآ أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا
Sinhalese Translation - Rowwad Translation Centerහිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේ ය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේ ය. අහෝ දුල් කර්නයින්! නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.
See all translations of this verse →
قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُۥ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِۦ فَيُعَذِّبُهُۥ عَذَابًا نُّكْرًا
Sinhalese Translation - Rowwad Translation Centerඅපරාධ කළවුන් වූ කළී, අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසුව ඔහුගේ පරමාධිපති වෙත ඔහු නැවත යොමු කරනු ලබනු ඇත. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
وَأَمَّا مَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًا فَلَهُۥ جَزَآءً ٱلْحُسْنَىٰ وَسَنَقُولُ لَهُۥ مِنْ أَمْرِنَا يُسْرًا
Sinhalese Translation - Rowwad Translation Centerතවද විශ්වාස කොට යහකම් කළවුන් වූ කලී, ඔහුට යහපත් ප්‍රතිඵල සතු ය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.
See all translations of this verse →
ثُمَّ أَتْبَعَ سَبَبًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَا بَلَغَ مَطْلِعَ ٱلشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا
Sinhalese Translation - Rowwad Translation Centerහිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නො කළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේ ය.
See all translations of this verse →
كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا
Sinhalese Translation - Rowwad Translation Centerඑලෙස ය. ඔහු සතුව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.
See all translations of this verse →
ثُمَّ أَتْبَعَ سَبَبًا
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේ ය.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَا بَلَغَ بَيْنَ ٱلسَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا
Sinhalese Translation - Rowwad Translation Centerඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේ ය.
See all translations of this verse →
قَالُوا۟ يَٰذَا ٱلْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِى ٱلْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰٓ أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දුල් කර්නයින්! නියත වශයෙන් ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහු ය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැ? යි ඔවුහු විමසුවෝ ය.
See all translations of this verse →
قَالَ مَا مَكَّنِّى فِيهِ رَبِّى خَيْرٌ فَأَعِينُونِى بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨ ය. එබැවින් නුඹලා ශක්තිමත්ව මට උදව් කරනු. මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
ءَاتُونِى زُبَرَ ٱلْحَدِيدِ حَتَّىٰٓ إِذَا سَاوَىٰ بَيْنَ ٱلصَّدَفَيْنِ قَالَ ٱنفُخُوا۟ حَتَّىٰٓ إِذَا جَعَلَهُۥ نَارًا قَالَ ءَاتُونِىٓ أُفْرِغْ عَلَيْهِ قِطْرًا
Sinhalese Translation - Rowwad Translation Centerකදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේ ය. ඒ මත උණු කළ තඹ, මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේ ය.
See all translations of this verse →
فَمَا ٱسْطَٰعُوٓا۟ أَن يَظْهَرُوهُ وَمَا ٱسْتَطَٰعُوا۟ لَهُۥ نَقْبًا
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නො දැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නො දැරූහ.
See all translations of this verse →
قَالَ هَٰذَا رَحْمَةٌ مِّن رَّبِّى فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا
Sinhalese Translation - Rowwad Translation Centerමෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය.
See all translations of this verse →
وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِى بَعْضٍ وَنُفِخَ فِى ٱلصُّورِ فَجَمَعْنَٰهُمْ جَمْعًا
Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු.
See all translations of this verse →
وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِّلْكَٰفِرِينَ عَرْضًا
Sinhalese Translation - Rowwad Translation Centerඑදින දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.
See all translations of this verse →
ٱلَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِى غِطَآءٍ عَن ذِكْرِى وَكَانُوا۟ لَا يَسْتَطِيعُونَ سَمْعًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද ඔවුහු සවන් දෙන්නට නොහැකිව සිටියෝ ය.
See all translations of this verse →
أَفَحَسِبَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَن يَتَّخِذُوا۟ عِبَادِى مِن دُونِىٓ أَوْلِيَآءَ إِنَّآ أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ نُزُلًا
Sinhalese Translation - Rowwad Translation Centerමාගෙන් තොරව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු.
See all translations of this verse →
قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَٰلًا
Sinhalese Translation - Rowwad Translation Centerක්‍රියාවන්ගෙන් වඩාත් අලාභහානි කර ගත්තවුන් පිළිබඳව අපි නුඹලාට දන්වන්න දැ? යි (නබිවරය!) නුඹ විමසනු.
See all translations of this verse →
ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම පරිශ්‍රමය නාස්ති වී ගියවුන් ය. නියත වශයෙන් ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَلِقَآئِهِۦ فَحَبِطَتْ أَعْمَٰلُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَزْنًا
Sinhalese Translation - Rowwad Translation Centerතම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමුව ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී ගියේ ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) කිසිදු බරක වටිනාකමක් ඔවුනට නො දෙන්නෙමු.
See all translations of this verse →
ذَٰلِكَ جَزَآؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا۟ وَٱتَّخَذُوٓا۟ ءَايَٰتِى وَرُسُلِى هُزُوًا
Sinhalese Translation - Rowwad Translation Centerඑය, ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුන් සමච්චලයට ගත් බැවින් නිරය ඔවුන්ගේ ප්‍රතිවිපාකයයි.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ كَانَتْ لَهُمْ جَنَّٰتُ ٱلْفِرْدَوْسِ نُزُلًا
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් ස්වර්ග උයන් ඔවුනට විය.
See all translations of this verse →
خَٰلِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا
Sinhalese Translation - Rowwad Translation Centerඑහි ඔවුන් සදාතනිකයින් ය. එයින් මාරුවීමක් ඔවුහු අපේක්ෂා නො කරති.
See all translations of this verse →
قُل لَّوْ كَانَ ٱلْبَحْرُ مِدَادًا لِّكَلِمَٰتِ رَبِّى لَنَفِدَ ٱلْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَٰتُ رَبِّى وَلَوْ جِئْنَا بِمِثْلِهِۦ مَدَدًا
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතරව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නො වනු ඇත.) යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
قُلْ إِنَّمَآ أَنَا۠ بَشَرٌ مِّثْلُكُمْ يُوحَىٰٓ إِلَىَّ أَنَّمَآ إِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَمَن كَانَ يَرْجُوا۟ لِقَآءَ رَبِّهِۦ فَلْيَعْمَلْ عَمَلًا صَٰلِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدًۢا
Sinhalese Translation - Rowwad Translation Centerමම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමුව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි
ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නො කරත්වා! යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→