caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'laa الأعلى

වාක්‍ය 19 · මක්කා · revelation order 8

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى

Sinhalese Translation - Rowwad Translation Centerනුඹගේ උත්කෘෂ්ට පරමාධිපතිගේ නාමය පිවිතුරු කරනු.

See all translations of this verse →

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු (සියල්ල) මවා නිසි ලෙස සකස් කළේ ය.

See all translations of this verse →

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු(සියල්ල) නිර්ණය කර මඟ ද පෙන් වූයේ ය.

See all translations of this verse →

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද උලා කන තණ බිම් පිට කළේ ඔහු ය.

See all translations of this verse →

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසු ව එය (වියැළුණු) කළු පැහැති ඉපැනලි බවට පත් කළේ ය.

See all translations of this verse →

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.

See all translations of this verse →

إِلَّا مَا شَآءَ ٱللَّهُ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් අභිමත ළ දෑ හැර (වෙනත් කිසිවක් අමතක නො කරනු ඇත.) සැබැවින්ම ඔහු ප්‍රකට දෑ ද සැඟවුණු දෑ ද දනී.

See all translations of this verse →

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි පහසුව වෙත නුඹට පහසු කරවන්නෙමු.

See all translations of this verse →

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් සිහිපත් කිරීම ප්‍රයෝජනවත් වේ නම් නුඹ උපදෙස් දෙනු.

See all translations of this verse →

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු (අල්ලාහ්ට) බිය වන්නේ ද ඔහු උපදෙස් ලබනු ඇත.

See all translations of this verse →

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى

Sinhalese Translation - Rowwad Translation Centerතවද අභාග්‍යවන්තයා එයින් වැළකෙනු ඇත.

See all translations of this verse →

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු (නිරයේ) මහත් ගින්නට පිවිසෙයි.

See all translations of this verse →

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසු ව ඔහු එහි මරණයට පත් නො වෙයි. ජීවත් ද නො වෙයි.

See all translations of this verse →

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම (උපදෙසින්) පිවිතුරු කර ගත් අය ජයග්‍රහණය කළේ ය.

See all translations of this verse →

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු තම පරමාධිපතිගේ නාමය සිහිපත් කර පසු ව සලාතය ද ඉටු කළේ ය.

See all translations of this verse →

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا

Sinhalese Translation - Rowwad Translation Centerනමුත් නුඹලා මෙලොව ජීවිතය තෝරා ගන්නෙහු ය.

See all translations of this verse →

وَٱلْـَٔاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Center(මෙලොව ජීවිතයට වඩා) මතු ලොව උතුම් ය. තවද සදා පවතින්නකි.

See all translations of this verse →

إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerසත්‍ය වශයෙන් ම මෙය පූර්ව ලේඛනයන්හි (සඳහන් ව) ඇත.

See all translations of this verse →

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඉබ්රාහීම් හා මූසාගේ ලේඛනයන්හි.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70