caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qiyaama القيامة

වාක්‍ය 40 · මක්කා · revelation order 31

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ لَآ أُقْسِمُ بِيَوْمِ ٱلْقِيَٰمَةِ

Sinhalese Translation - Rowwad Translation Centerමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරමි.

See all translations of this verse →

وَلَآ أُقْسِمُ بِٱلنَّفْسِ ٱللَّوَّامَةِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දොස් නගන ආත්මය මත දිවුරමි.

See all translations of this verse →

أَيَحْسَبُ ٱلْإِنسَٰنُ أَلَّن نَّجْمَعَ عِظَامَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ අස්ථි අපි එක්රැස් නො කරන්නේ ම යැයි මිනිසා සිතන්නේ ද?

See all translations of this verse →

بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّىَ بَنَانَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

See all translations of this verse →

بَلْ يُرِيدُ ٱلْإِنسَٰنُ لِيَفْجُرَ أَمَامَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

See all translations of this verse →

يَسْـَٔلُ أَيَّانَ يَوْمُ ٱلْقِيَٰمَةِ

Sinhalese Translation - Rowwad Translation Center“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

See all translations of this verse →

فَإِذَا بَرِقَ ٱلْبَصَرُ

Sinhalese Translation - Rowwad Translation Centerදෘෂ්ටිය (නීලංකාරවී) මුළා වී ගිය විට,

See all translations of this verse →

وَخَسَفَ ٱلْقَمَرُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

See all translations of this verse →

وَجُمِعَ ٱلشَّمْسُ وَٱلْقَمَرُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

See all translations of this verse →

يَقُولُ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍ أَيْنَ ٱلْمَفَرُّ

Sinhalese Translation - Rowwad Translation Centerපලා යන තැන කොතැන දැ? යි එදින මිනිසා විමසනු ඇත.

See all translations of this verse →

كَلَّا لَا وَزَرَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

See all translations of this verse →

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمُسْتَقَرُّ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

See all translations of this verse →

يُنَبَّؤُا۟ ٱلْإِنسَٰنُ يَوْمَئِذٍۭ بِمَا قَدَّمَ وَأَخَّرَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු කලින් කළ දෑ හා ඔහු පසුවට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

See all translations of this verse →

بَلِ ٱلْإِنسَٰنُ عَلَىٰ نَفْسِهِۦ بَصِيرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේ ය.

See all translations of this verse →

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද.

See all translations of this verse →

لَا تُحَرِّكْ بِهِۦ لِسَانَكَ لِتَعْجَلَ بِهِۦٓ

Sinhalese Translation - Rowwad Translation Centerඑය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නො සොල්වනු.

See all translations of this verse →

إِنَّ عَلَيْنَا جَمْعَهُۥ وَقُرْءَانَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

See all translations of this verse →

فَإِذَا قَرَأْنَٰهُ فَٱتَّبِعْ قُرْءَانَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

See all translations of this verse →

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُۥ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන් ම අප වෙත පැවරුණු වගකීමකි.

See all translations of this verse →

كَلَّا بَلْ تُحِبُّونَ ٱلْعَاجِلَةَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහු ය.

See all translations of this verse →

وَتَذَرُونَ ٱلْـَٔاخِرَةَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහු ය.

See all translations of this verse →

وُجُوهٌ يَوْمَئِذٍ نَّاضِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

See all translations of this verse →

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerතම පරමාධිපති දෙස බලමින් සිටිති.

See all translations of this verse →

وَوُجُوهٌ يَوْمَئِذٍۭ بَاسِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූපව පවතී.

See all translations of this verse →

تَظُنُّ أَن يُفْعَلَ بِهَا فَاقِرَةٌ

Sinhalese Translation - Rowwad Translation Center(කොඳු ඇට පෙළ කඩා දමන) මහත් දඬුවමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

See all translations of this verse →

كَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِىَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;

See all translations of this verse →

وَقِيلَ مَنْ رَاقٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ආරක්ෂා කරන්නා කවුරුන් දැ? යි විමසනු ලැබු විට;

See all translations of this verse →

وَظَنَّ أَنَّهُ ٱلْفِرَاقُ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම තමන් වෙන්ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;

See all translations of this verse →

وَٱلْتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ

Sinhalese Translation - Rowwad Translation Centerකෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;

See all translations of this verse →

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ ٱلْمَسَاقُ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙත ය.

See all translations of this verse →

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

See all translations of this verse →

وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔහු බොරු කළේ ය. තවද පිටුපෑවේ ය.

See all translations of this verse →

ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهْلِهِۦ يَتَمَطَّىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේ ය.

See all translations of this verse →

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.

See all translations of this verse →

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerපසු ව ද සමීප විය. වඩාත් සමීප විය.

See all translations of this verse →

أَيَحْسَبُ ٱلْإِنسَٰنُ أَن يُتْرَكَ سُدًى

Sinhalese Translation - Rowwad Translation Centerනිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

See all translations of this verse →

أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِىٍّ يُمْنَىٰ

Sinhalese Translation - Rowwad Translation Centerවිදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

See all translations of this verse →

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසුව ඔහුව මවා සැකසුවේ ය.

See all translations of this verse →

فَجَعَلَ مِنْهُ ٱلزَّوْجَيْنِ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ

Sinhalese Translation - Rowwad Translation Centerපසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේ ය.

See all translations of this verse →

أَلَيْسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ

Sinhalese Translation - Rowwad Translation Center(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70