සූරා Ad-Dukhaan الدخان
වාක්‍ය 59 · මක්කා · revelation order 64
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
Sinhalese Translation - Rowwad Translation Centerහා මීම්.[1]
See all translations of this verse →
وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ
Sinhalese Translation - Rowwad Translation Centerපැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.
See all translations of this verse →
إِنَّآ أَنزَلْنَٰهُ فِى لَيْلَةٍ مُّبَٰرَكَةٍ إِنَّا كُنَّا مُنذِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන් ම අපි අවවාද කරන්නන් වූයෙමු.
See all translations of this verse →
فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක් ම තීරණය කරනු ලබයි.
See all translations of this verse →
أَمْرًا مِّنْ عِندِنَآ إِنَّا كُنَّا مُرْسِلِينَ
Sinhalese Translation - Rowwad Translation Center(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
See all translations of this verse →
رَحْمَةً مِّن رَّبِّكَ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ
Sinhalese Translation - Rowwad Translation Center(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන් ම ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.
See all translations of this verse →
رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ إِن كُنتُم مُّوقِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපති ය.
See all translations of this verse →
لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපති ය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපති ය.
See all translations of this verse →
بَلْ هُمْ فِى شَكٍّ يَلْعَبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති.
See all translations of this verse →
فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් අහස පැහැදිලි දුමාරයක් රැගෙන එන දිනය (නබිවරය!) නුඹ බලාපෙරොත්තුවෙන් සිටිනු.
See all translations of this verse →
يَغْشَى ٱلنَّاسَ هَٰذَا عَذَابٌ أَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඑය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි.
See all translations of this verse →
رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපතියාණනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන් ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති.)
See all translations of this verse →
أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට උපදෙස කෙසේ නම් (ප්‍රයෝජනවත්) වන්නේ ද? තවද සැබැවින් ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත.
See all translations of this verse →
ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌ مَّجْنُونٌ
Sinhalese Translation - Rowwad Translation Centerපසු ව ඔවුහු ඔහුට පිටු පා “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තෙකි, උම්මත්තකයෙකි” යැයි පැවසුවෝ ය.
See all translations of this verse →
إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا إِنَّكُمْ عَآئِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන් ම නුඹලා (මුල් තත්ත්වයට) නැවත හැරී යන්නෝ ය.
See all translations of this verse →
يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerදැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන් ම අපි සම ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.
See all translations of this verse →
وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌ كَرِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය ධර්ම දූතයකු පැමිණියේ ය.
See all translations of this verse →
أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ
Sinhalese Translation - Rowwad Translation Center“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන් ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය ධර්ම දූතයකු වෙමි” (යැයි ඔහු පැවසී ය.)
See all translations of this verse →
وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَٰنٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Center“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නො වනු. නියත වශයෙන් ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන එන්නෙක් මි.”
See all translations of this verse →
وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ
Sinhalese Translation - Rowwad Translation Center“තවද නුඹලා මා ගල් ගසා මැරීමෙන් නියත වශයෙන් ම මම මාගේ පරමාධිපති වෙතින් ද එමෙන් ම නුඹලාගේ පරමාධිපති වෙතින් ද ආරක්ෂාව පතමි.”
See all translations of this verse →
وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ
Sinhalese Translation - Rowwad Translation Center“තවද නුඹලා මා විශ්වාස නො කළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත්ව සිටිනු.”
See all translations of this verse →
فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු ‘නියත වශයෙන් ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේ ය.
See all translations of this verse →
فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ
Sinhalese Translation - Rowwad Translation Center(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන් ම නුඹලා ලුහුබඳිනු ලබන්නන් ය.”
See all translations of this verse →
وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “මුහුද ඒ අයුරින් ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන් ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
See all translations of this verse →
كَمْ تَرَكُوا۟ مِن جَنَّٰتٍ وَعُيُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද?
See all translations of this verse →
وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන ද
See all translations of this verse →
وَنَعْمَةٍ كَانُوا۟ فِيهَا فَٰكِهِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් ද (අතහැර දමා ගියෝ ද?)
See all translations of this verse →
كَذَٰلِكَ وَأَوْرَثْنَٰهَا قَوْمًا ءَاخَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑලෙසය! අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු.
See all translations of this verse →
فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නො වූවෝ ය.
See all translations of this verse →
وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින් ම අපි මුදවා ගත්තෙමු.
See all translations of this verse →
مِن فِرْعَوْنَ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ
Sinhalese Translation - Rowwad Translation Centerෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන් ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතරින් උද්දච්ච අයෙකු විය.
See all translations of this verse →
وَلَقَدِ ٱخْتَرْنَٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද දැනුවත්ව ම ලෝවැසියනට වඩා සැබැවින් ම අපි ඔවුන් තෝරා ගත්තෙමු.
See all translations of this verse →
وَءَاتَيْنَٰهُم مِّنَ ٱلْـَٔايَٰتِ مَا فِيهِ بَلَٰٓؤٌا۟ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය.
See all translations of this verse →
إِنَّ هَٰٓؤُلَآءِ لَيَقُولُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මොවුහු මෙසේ පවසති.
See all translations of this verse →
إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ
Sinhalese Translation - Rowwad Translation Center“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.”
See all translations of this verse →
فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
See all translations of this verse →
أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ أَهْلَكْنَٰهُمْ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන් ම ඔවුහු අපරාධකරුවන් වූවෝ ය.
See all translations of this verse →
وَمَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَٰعِبِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සෙල්ලමට අපි නො මැව්වෙමු.
See all translations of this verse →
مَا خَلَقْنَٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙක සත්‍යයෙන් යුතුව මිස අපි නො මැව්වෙමු. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
See all translations of this verse →
إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَٰتُهُمْ أَجْمَعِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි.
See all translations of this verse →
يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًى شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නො වනු ඇත. තවද ඔවුහු උදව් කරනු නො ලබති.
See all translations of this verse →
إِلَّا مَن رَّحِمَ ٱللَّهُ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අල්ලාහ් කරුණාව පෙන්වූ අය හැර. නියත වශයෙන් ම ඔහු මය සර්ව බලධාරී මහා කරුණාන්විත වනුයේ.
See all translations of this verse →
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම zසක්කූම් ගස වනාහි,
See all translations of this verse →
طَعَامُ ٱلْأَثِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerපාපතරයින්ගේ ආහාරයයි.
See all translations of this verse →
كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ
Sinhalese Translation - Rowwad Translation Centerඑය උණු කළ තඹ මෙන් ය. එය උදර තුළ නටමින් පවතින්නේ ය.
See all translations of this verse →
كَغَلْىِ ٱلْحَمِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerලෝ දිය නටන්නාක් මෙනි.
See all translations of this verse →
خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Center(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසුව නුඹලා ඔහු නිරය මධ්‍යයට ඇද ගෙන යනු.
See all translations of this verse →
ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔහුගේ හිසට ඉහළින් වේදනා ගෙන දෙන ලෝ දිය වක් කරනු.
See all translations of this verse →
ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ විඳිනු. නියත වශයෙන් ම නුඹ (මෙලොව) ගරුසරු ඇති බලධාරියෙකු විය.
See all translations of this verse →
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එය වේ.
See all translations of this verse →
إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති.
See all translations of this verse →
فِى جَنَّٰتٍ وَعُيُونٍ
Sinhalese Translation - Rowwad Translation Centerඋයන් හා දිය උල්පත් අතර ය.
See all translations of this verse →
يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَٰبِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු සිනිඳු සේද හා ඝන සේදවලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති.
See all translations of this verse →
كَذَٰلِكَ وَزَوَّجْنَٰهُم بِحُورٍ عِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑලෙස ය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු.
See all translations of this verse →
يَدْعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති.
See all translations of this verse →
لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerමුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නො විඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කළේ ය.
See all translations of this verse →
فَضْلًا مِّن رَّبِّكَ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
Sinhalese Translation - Rowwad Translation Center(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණ ය.
See all translations of this verse →
فَإِنَّمَا يَسَّرْنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය නුඹේ දිවට (නුඹේ භාෂාවෙන්) පහසු කළෙමු.
See all translations of this verse →
فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන් ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→