සූරා Al-Jaathiya الجاثية
වාක්‍ය 37 · මක්කා · revelation order 65
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
Sinhalese Translation - Rowwad Translation Centerහා මීම්.[1]
See all translations of this verse →
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
See all translations of this verse →
إِنَّ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَـَٔايَٰتٍ لِّلْمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම අහස් හා මහපොළොවෙහි දේවත්වය විශ්වාස කරන්නන්හට සංඥා ඇත.
See all translations of this verse →
وَفِى خَلْقِكُمْ وَمَا يَبُثُّ مِن دَآبَّةٍ ءَايَٰتٌ لِّقَوْمٍ يُوقِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මැවීමෙහි ද සත්වයින් ඔහු විසුරුවා ඇති ආකාරයෙහි ද තරයේ විශ්වාස කරන ජනයාට සංඥා ඇත.
See all translations of this verse →
وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن رِّزْقٍ فَأَحْيَا بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا وَتَصْرِيفِ ٱلرِّيَٰحِ ءَايَٰتٌ لِّقَوْمٍ يَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රිය හා දහවල වෙනස්වීමෙහි ද, අල්ලාහ් අහසින් පෝෂණ සම්පත් පහළ කොට මහපොළව මිය ගිය පසු එමඟින් එය නැවත ප්‍රාණවත් කිරීමෙහි ද සුළං හැමීමෙහි ද වටහා ගන්නා ජනයාට සංඥා ඇත.
See all translations of this verse →
تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَ ٱللَّهِ وَءَايَٰتِهِۦ يُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඒවා අල්ලාහ්ගේ සංඥා වේ. අපි ඔබට ඒවා සත්‍යයෙන් යුතුව පාරායනය කර පෙන්වමු. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ වදන්වලට පසුව කවර ප්‍රකාශයක් ඔවුහු විශ්වාස කරන්නෝ ද?
See all translations of this verse →
وَيْلٌ لِّكُلِّ أَفَّاكٍ أَثِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerමහත් සේ බොරු ගොතා පවසන සෑම පාපතරයකුට ම විනාශය අත් වේවා!
See all translations of this verse →
يَسْمَعُ ءَايَٰتِ ٱللَّهِ تُتْلَىٰ عَلَيْهِ ثُمَّ يُصِرُّ مُسْتَكْبِرًا كَأَن لَّمْ يَسْمَعْهَا فَبَشِّرْهُ بِعَذَابٍ أَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වෙත කියවා පෙන්වන ලද අල්ලාහ්ගේ වදන්වලට ඔහු සවන් දෙයි. පසුව ඔහු එයට සවන් නො දුන්නාක් මෙන් හිතුවක්කාර ලෙස හැසිරෙයි. එහෙයින් වේදනීය දඬුවම පිළිබඳව (නබිවරය!) නුඹ ඔහුට ශුභාරංචි දන්වනු.
See all translations of this verse →
وَإِذَا عَلِمَ مِنْ ءَايَٰتِنَا شَيْـًٔا ٱتَّخَذَهَا هُزُوًا أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු අපගේ වදන් අතරින් කිසිවක් හෝ දැන ගත් විට එය ඔහු විහිළුවට ගත්තේ ය. නින්දා සහගත දඬුවමක් ඇත්තෝ ඔවුහු ම ය.
See all translations of this verse →
مِّن وَرَآئِهِمْ جَهَنَّمُ وَلَا يُغْنِى عَنْهُم مَّا كَسَبُوا۟ شَيْـًٔا وَلَا مَا ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට පසුපසින් නිරය ඇත. ඔවුහු කවර දෙයක් උපයා ගත්තේ ද එය හෝ අල්ලාහ්ගෙන් තොරව ඔවුහු භාරකරුවන් ලෙස ගත් දෑ හෝ ඔවුනට ඵලක් නො වනු ඇත. තවද ඔවුනට මහත් දඬුවමක් ඇත.
See all translations of this verse →
هَٰذَا هُدًى وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ لَهُمْ عَذَابٌ مِّن رِّجْزٍ أَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය යහ මාර්ගයයි. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට ඉතා දරුණු වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
See all translations of this verse →
ٱللَّهُ ٱلَّذِى سَخَّرَ لَكُمُ ٱلْبَحْرَ لِتَجْرِىَ ٱلْفُلْكُ فِيهِ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ඔහුගේ නියෝගය අනුව නැව් එහි යාත්‍රා කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයන් නුඹලා සොයනු පිණිසත් නුඹලා වෙනුවෙන් මුහුද වසඟ කර දුන්නේ අල්ලාහ් ය.
See all translations of this verse →
وَسَخَّرَ لَكُم مَّا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ جَمِيعًا مِّنْهُ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සියල්ල ඔහු නුඹලාට වසඟ කර දුන්නේ ය. නියත වශයෙන් ම සිතන ජනයාට මෙහි සංඥා ඇත.
See all translations of this verse →
قُل لِّلَّذِينَ ءَامَنُوا۟ يَغْفِرُوا۟ لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ ٱللَّهِ لِيَجْزِىَ قَوْمًۢا بِمَا كَانُوا۟ يَكْسِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ (දඬුවම්) දිනයන් අපේක්ෂා නො කරන්නන්හට සමාව දෙන්නැයි දේවත්වය විශ්වාස කළවුනට (නබිවරය!) නුඹ පවසනු. එය ඔහු පිරිසකට ඔවුන් උපයමින් සිටි දෑට ප්‍රතිවිපාක පිරිනැමීම සඳහා ය.
See all translations of this verse →
مَنْ عَمِلَ صَٰلِحًا فَلِنَفْسِهِۦ وَمَنْ أَسَآءَ فَعَلَيْهَا ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු යම් යහපතක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නපුරක් සිදු කළේ ද (එය) ඔහුට එරෙහිව ය. පසුව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَى ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි ඉස්රාඊල් දරුවනට ධර්ම ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, නබිත්වය ද පිරිනැමුවෙමු. තවද අපි ඔවුනට යහපත් දැයින් පෝෂණ සම්පත් ලබා දුනිමු. තවද ලෝවැසියන්ට වඩා අපි ඔවුන් උසස් කළෙමු.
See all translations of this verse →
وَءَاتَيْنَٰهُم بَيِّنَٰتٍ مِّنَ ٱلْأَمْرِ فَمَا ٱخْتَلَفُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සියලු (ආගමික) කරුණුවල පැහැදිලිතාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහෙත් ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසුව ඔවුන් අතර වූ (ඊර්ෂ්‍යා සහගත) අසාධාරණකම් හේතුවෙන් මිස වෙනත් කිසිවක් සඳහා ඔවුන් මතභේද ඇති කර ගත්තේ නැත. ඔවුන් මතභේද ඇති කර ගනිමින් සිටි විෂය පිළිබඳ නියත වශයෙන් ම ඔබේ පරමාධිපති මතුලොවෙහි තීන්දු දෙනු ඇත.
See all translations of this verse →
ثُمَّ جَعَلْنَٰكَ عَلَىٰ شَرِيعَةٍ مِّنَ ٱلْأَمْرِ فَٱتَّبِعْهَا وَلَا تَتَّبِعْ أَهْوَآءَ ٱلَّذِينَ لَا يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව (ධර්ම දූතයින්ට නියෝග කළ) එම කරුණෙන් වූ පිළිවෙතක් මත අපි නුඹව පත් කළෙමු. එහෙයින් නුඹ එය අනුගමනය කරනු. තවද දැනුම නොමැති අයගේ ආශාවන් නුඹ අනුගමනය නො කරනු.
See all translations of this verse →
إِنَّهُمْ لَن يُغْنُوا۟ عَنكَ مِنَ ٱللَّهِ شَيْـًٔا وَإِنَّ ٱلظَّٰلِمِينَ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ وَٱللَّهُ وَلِىُّ ٱلْمُتَّقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන් අල්ලාහ්ගෙන් වූ කිසිවකින් නුඹව මුදවා ගන්නේ ම නැත. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ භාරකරුවෝ ය. තවද අල්ලාහ් බිය බැතිමතුන්ගේ භාරකරු ය.
See all translations of this verse →
هَٰذَا بَصَٰٓئِرُ لِلنَّاسِ وَهُدًى وَرَحْمَةٌ لِّقَوْمٍ يُوقِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය මිනිස් සංහතිය සඳහා වූ පැහැදිලි සාධක වෙයි. තවද තරයේ විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.
See all translations of this verse →
أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَوَآءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ سَآءَ مَا يَحْكُمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් කළවුන් මෙන් පාපකම් උපයා ගත් අය ඔවුන්ගේ ජීවිතය හා ඔවුන්ගේ මරණය අපි එක සමාන ලෙස පත් කරන්නෙමු යැයි සිතුවෝ ද? ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
See all translations of this verse →
وَخَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ وَلِتُجْزَىٰ كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් අහස් හා මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. තවද සෑම ආත්මයක් ම එය උපයා ගත් දෑ එයට පිරිනමනු ලබනු ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
See all translations of this verse →
أَفَرَءَيْتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ وَأَضَلَّهُ ٱللَّهُ عَلَىٰ عِلْمٍ وَخَتَمَ عَلَىٰ سَمْعِهِۦ وَقَلْبِهِۦ وَجَعَلَ عَلَىٰ بَصَرِهِۦ غِشَٰوَةً فَمَن يَهْدِيهِ مِنۢ بَعْدِ ٱللَّهِ أَفَلَا تَذَكَّرُونَ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) කවුරුන් තම මනෝභාවය දෙවියන් බවට පත් කර ගත්තේද ඔහුව නුඹ දුටුවෙහි ද? දැනුවත්වම අල්ලාහ් ඔහු නොමග යන්නට ඉඩ හැරියේ ය. තවද ඔහුගේ සවන හා ඔහුගේ හදවත මත මුද්‍රා තැබුවේ ය. තවද ඔහුගේ බැල්ම මත ආවරණයක් ඇති කළේ ය. අල්ලාහ්ගෙන් පසුව ඔහුට මග පෙන්වනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි නො කරන්නෙහු ද?
See all translations of this verse →
وَقَالُوا۟ مَا هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ وَمَا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَظُنُّونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද “මෙය අපගේ මෙලොව ජීවිතය මිස නැත. අපි මරණයට පත් වෙමු. තවද අපි ජීවත් වෙමු. කාලය මිස වෙන කිසිවක් අප විනාශ නො කරනු ඇත” යැයි ඔවුහු පවසති. එහෙත් ඒ පිළිබඳව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.
See all translations of this verse →
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ مَّا كَانَ حُجَّتَهُمْ إِلَّآ أَن قَالُوا۟ ٱئْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ වදන් ඔවුන් වෙත පැහැදිලි ලෙසින් පාරායනය කරනු ලබන විට, “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් ගෙන එනු යැයි” ඔවුහු පවසා සිටියා මිස වෙනකක් ඔවුන්ගේ සාධකය නො වීය.
See all translations of this verse →
قُلِ ٱللَّهُ يُحْيِيكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يَجْمَعُكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් නුඹලා ජීවත් කරවයි; පසුව නුඹලා මරණයට පත් කරයි; පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත නුඹලා එක්රැස් කරයි; එහි කිසිදු සැකයක් නැත. එහෙත් ජනයා අතරින් බහුතරයක් දෙනා නො දනිති.
See all translations of this verse →
وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍ يَخْسَرُ ٱلْمُبْطِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ ආධිපත්ය අල්ලාහ් සතු ය. එම හෝරාව ක්‍රියාත්මක වන දින, එදින බොරුකරන්නෝ පරාජයට පත් වෙති.
See all translations of this verse →
وَتَرَىٰ كُلَّ أُمَّةٍ جَاثِيَةً كُلُّ أُمَّةٍ تُدْعَىٰٓ إِلَىٰ كِتَٰبِهَا ٱلْيَوْمَ تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerසෑම සමූහයක් ම දණින් වැටී සිටිනු නුඹ දකිනු ඇත. සෑම සමූහයක් ම ඔවුන්ගේ වාර්තාව වෙත ඇරයුම් කරනු ලබති. “අද දින නුඹලා කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ය.” (යැයි කියනු ලැබේ.)
See all translations of this verse →
هَٰذَا كِتَٰبُنَا يَنطِقُ عَلَيْكُم بِٱلْحَقِّ إِنَّا كُنَّا نَسْتَنسِخُ مَا كُنتُمْ تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය නුඹලාට එරෙහිව සත්‍යයෙන් යුතුව කතා කරන අපගේ වාර්තාවයි. නියත වශයෙන් ම අපි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සටහන් කරමින් සිටියෙමු.
See all translations of this verse →
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُدْخِلُهُمْ رَبُّهُمْ فِى رَحْمَتِهِۦ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْمُبِينُ
Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් කළවුන් වූ කලී ඔවුන්ගේ පරමාධිපති ඔහුගේ කරුණාව තුළට ඔවුන් ඇතුළත් කරනු ඇත. එයයි පැහැදිලි ජයග්‍රහණ ය.
See all translations of this verse →
وَأَمَّا ٱلَّذِينَ كَفَرُوٓا۟ أَفَلَمْ تَكُنْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَٱسْتَكْبَرْتُمْ وَكُنتُمْ قَوْمًا مُّجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රතික්ෂේප කළවුන් වූ කලී, (ඔවුන්හට) “නුඹලා වෙත මාගේ වදන් පාරායනය කරමින් නො තිබුණේ ද? එවිට නුඹලා උඩඟු වූයෙහු ය. තවද නුඹලා වැරදි කරන පිරිසක් වූයෙහු ය. (යැයි කියනු ලැබේ.)
See all translations of this verse →
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ وَٱلسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُم مَّا نَدْرِى مَا ٱلسَّاعَةُ إِن نَّظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
Sinhalese Translation - Rowwad Translation Center“තවද නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද අවසන් හෝරාව එහි කිසිදු සැකයක් නැත” යැයි කියනු ලැබූ විට අවසන් හෝරාව කුමක් දැ? යි අපි නො දනිමු. එය අනුමානයක් ලෙසින් මිස අපි නො සිතමු. තවද අපි එය තරයේ විශ්වාස කරන්නන් නො වූයෙමු යැයි නුඹලා පැවසුවෙහු ය.
See all translations of this verse →
وَبَدَا لَهُمْ سَيِّـَٔاتُ مَا عَمِلُوا۟ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් සිදු කළ දෑහි නපුර ඔවුනට හෙළි විය. ඔවුන් කවර දෙයක් සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටලා ගත්තේ ය.
See all translations of this verse →
وَقِيلَ ٱلْيَوْمَ نَنسَىٰكُمْ كَمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَا وَمَأْوَىٰكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن نَّٰصِرِينَ
Sinhalese Translation - Rowwad Translation Center“නුඹලාගේ මෙම දිනයේ හමුව නුඹලා අමතක කළාක් මෙන් අද දින අපි නුඹලා අමතක කරන්නෙමු. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්න ය. තවද නුඹලාට උදව්කරුවන් කිසිවෙකු නොමැත.” යැයි පවසනු ලැබේ.
See all translations of this verse →
ذَٰلِكُم بِأَنَّكُمُ ٱتَّخَذْتُمْ ءَايَٰتِ ٱللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فَٱلْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ
Sinhalese Translation - Rowwad Translation Center“මෙයට හේතුව, නියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් නුඹලා සරදමට ගත් බැවින් හා මෙලොව ජීවිතය නුඹලාව මුළා කර ඇති බැවිනි.” එහෙයින් අද දින ඔවුහු එයින් බැහැර නො වනු ඇත. තවද ඔවුහු පිළිගනු ලබන්නන් නො වෙති.
See all translations of this verse →
فَلِلَّهِ ٱلْحَمْدُ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَرَبِّ ٱلْأَرْضِ رَبِّ ٱلْعَٰلَمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි පරමාධිපති වූ ද මහපොළොවේ පරමාධිපති වූ ද ලෝකයන්හි පරමාධිපති වූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා!
See all translations of this verse →
وَلَهُ ٱلْكِبْرِيَآءُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ සියලු සාඩම්බරයන් ඔහු සතු ය. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→