caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Az-Zukhruf الزخرف

වාක්‍ය 89 · මක්කා · revelation order 63

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ

Sinhalese Translation - Rowwad Translation Centerහා මීම්.[1]

See all translations of this verse →

وَٱلْكِتَٰبِ ٱلْمُبِينِ

Sinhalese Translation - Rowwad Translation Centerපැහැදිලි ධර්ම ග්‍රන්ථය මත දිවුරමින්.

See all translations of this verse →

إِنَّا جَعَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّا لَّعَلَّكُمْ تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා වටහා ගත හැකි වනු පිණිස අරාබි බසින් වූ පාරායනයක් බවට නියත වශයෙන් ම අපි එය පත් කළෙමු.

See all translations of this verse →

وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَٰبِ لَدَيْنَا لَعَلِىٌّ حَكِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම එය අප අබියස ඇති ප්‍රඥාවෙන් සපිරුණු උත්කෘෂ්ට මව් ග්‍රන්ථයේ විය.

See all translations of this verse →

أَفَنَضْرِبُ عَنكُمُ ٱلذِّكْرَ صَفْحًا أَن كُنتُمْ قَوْمًا مُّسْرِفِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් ලෙස සිටි බැවින් උපදෙස් කිරීම නුඹලාගෙන් වළක්වා අපි රඳවා ගන්නෙමු ද?

See all translations of this verse →

وَكَمْ أَرْسَلْنَا مِن نَّبِىٍّ فِى ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මුතුන් මිත්තන් අතරට කොපමණක් දෝ නබිවරුන් එවා ඇත්තෙමු.

See all translations of this verse →

وَمَا يَأْتِيهِم مِّن نَّبِىٍّ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කිසියම් නබිවරයකු ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔහුට සරදම් කරමින් සිටියා මිස නැත.

See all translations of this verse →

فَأَهْلَكْنَآ أَشَدَّ مِنْهُم بَطْشًا وَمَضَىٰ مَثَلُ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුනට වඩා දරුණු අය ග්‍රහණය කොට විනාශ කර ඇත්තෙමු. මුතුන් මිත්තන්ගේ උදාහරණ ඉකුත්ව ගොස් ඇත.

See all translations of this verse →

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلْعَزِيزُ ٱلْعَلِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන් දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින් ම ඔවුන් පවසනු ඇත.

See all translations of this verse →

ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි නුඹලාට මහපොළොව තොටිල්ලක් බවට පත් කළේ ය. තවද නුඹලා මග ලැබිය හැකි වනු පිණිස නුඹලා වෙනුවෙන් එහි මංමාවත් ඇති කළේ ය.

See all translations of this verse →

وَٱلَّذِى نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَنشَرْنَا بِهِۦ بَلْدَةً مَّيْتًا كَذَٰلِكَ تُخْرَجُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි අහසින් ජලය සීමා කරමින් පහළ කරයි. එවිට අපි මියැදුණු භූමියක් එමඟින් පුබුදුමත් කළෙමු. එලෙසය නුඹලා බැහැර කරනු ලබනුයේ.

See all translations of this verse →

وَٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلْفُلْكِ وَٱلْأَنْعَٰمِ مَا تَرْكَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි ජෝඩු සියල්ල මැව්වේ ය. තවද නැව් හා ගොවිපළ සතුන් අතරින් නුඹලා ප්‍රවාහනය කරන දෑ ඇති කළේ ය.

See all translations of this verse →

لِتَسْتَوُۥا۟ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذْكُرُوا۟ نِعْمَةَ رَبِّكُمْ إِذَا ٱسْتَوَيْتُمْ عَلَيْهِ وَتَقُولُوا۟ سُبْحَٰنَ ٱلَّذِى سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقْرِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි පිට මත නුඹලා අසුන් ගෙන යනු පිණිසත් පසුව ඒ මත නුඹලා නැග යන විට නුඹලාගේ පරමාධිපතිගේ ආශිර්වාදය මෙනෙහි කරනු පිණිසත් තවද නුඹලා මෙසේ පවසනු පිණිසත් ය; ‘අපට මෙය වසඟ කර දුන් ඔහු සුවිශුද්ධ ය. තවද අපි එයට හැකියාවන්තයින් ලෙස නො සිටියෙමු.

See all translations of this verse →

وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නෝම ය.

See all translations of this verse →

وَجَعَلُوا۟ لَهُۥ مِنْ عِبَادِهِۦ جُزْءًا إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු ඔහුගේ ගැත්තන්ගෙන් පිරිසකට ඔහු(ගේ දේවත්වය) සතු කොටසක් පත් කළෝ ය. නියත වශයෙන් ම මිනිසා පැහැදිලි ගුණමකුවෙකි.

See all translations of this verse →

أَمِ ٱتَّخَذَ مِمَّا يَخْلُقُ بَنَاتٍ وَأَصْفَىٰكُم بِٱلْبَنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔහු මවන දැයින් ඔහු ගැහැනු දරුවන් ගෙන නුඹලාට ඔහු පිරිමි දරුවන් තෝරා දුන්නේ ද?

See all translations of this verse →

وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحْمَٰنِ مَثَلًا ظَلَّ وَجْهُهُۥ مُسْوَدًّا وَهُوَ كَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහා කරුණාන්විතයාණන්හට උදාහරණ ලෙස ගෙන හැර දැක් වූ දෑ (ගැහැනු දරුවන්) පිළිබඳව ඔවුන්ගෙන් කිසිවකුට ශුභාරංචි වශයෙන් දන්වනු ලැබූ විට ඔහු කෝපයට පත්ව ඔහුගේ මුහුණ කළු පැහැ ගැන් විය.

See all translations of this verse →

أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerපැහැදිලිව කතා නො කරන ආභරණයන්ගෙන් වඩවනු ලැබූ අයව ද? (ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත ආදේශ කරනුයේ?)

See all translations of this verse →

وَجَعَلُوا۟ ٱلْمَلَٰٓئِكَةَ ٱلَّذِينَ هُمْ عِبَٰدُ ٱلرَّحْمَٰنِ إِنَٰثًا أَشَهِدُوا۟ خَلْقَهُمْ سَتُكْتَبُ شَهَٰدَتُهُمْ وَيُسْـَٔلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මලක්වරුන් මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් ව සිටියදී ඔවුන් ගැහැනුන් බවට මොවුහු පත් කර ගත්තෝය. ඔවුන් මැවීමේ දී මොවුහු සහභාගි වී සිටියෝ ද? මොවුන්ගේ සාක්ෂිය සටහන් කරනු ලබනු ඇත. තවද ඔවුහු ප්‍රශ්න කරනු ලබනු ඇත.

See all translations of this verse →

وَقَالُوا۟ لَوْ شَآءَ ٱلرَّحْمَٰنُ مَا عَبَدْنَٰهُم مَّا لَهُم بِذَٰلِكَ مِنْ عِلْمٍ إِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද “මහා කරුණාන්විතයාණන් අභිමත කර තිබුණේ නම් අපි ඔවුනට ගැතිකම් නො කරන්නට තිබුණි.” යැයි ඔවුහු පැවසූහ. ඒ පිළිබඳ ඔවුනට දැනුමක් නැත. ඔවුන් අනුමාන කරනු මිස නැත.

See all translations of this verse →

أَمْ ءَاتَيْنَٰهُمْ كِتَٰبًا مِّن قَبْلِهِۦ فَهُم بِهِۦ مُسْتَمْسِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් මීට පෙර ධර්ම ග්‍රන්ථයක් අපි ඔවුනට පිරිනමා ඔවුහු එය ග්‍රහණය කර ගෙන සිටියෝ ද?

See all translations of this verse →

بَلْ قَالُوٓا۟ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් යම් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත මග ලැබූවන් වූයෙමු.” යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

وَكَذَٰلِكَ مَآ أَرْسَلْنَا مِن قَبْلِكَ فِى قَرْيَةٍ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَآ إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එසේ නුඹට පෙර ද ගම්මානයක් වෙත අවවාද කරන්නෙකු අපි එවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කළවුන් “නියත වශයෙන් ම අපගේ මුතුන් මිත්තන් එක් පිළිවෙතක සිටිනු අපි දුටුවෙමු. තවද නියත වශයෙන් ම අපි ඔවුන්ගේ පා සලකුණු මත අනුගමනය කරනු ලැබූවෝ වෙමු” යැයි පවසා සිටියා මිස (වෙනත් දෙයක් සිදු වූයේ) නැත.

See all translations of this verse →

قَٰلَ أَوَلَوْ جِئْتُكُم بِأَهْدَىٰ مِمَّا وَجَدتُّمْ عَلَيْهِ ءَابَآءَكُمْ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلْتُم بِهِۦ كَٰفِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකවර දෙයක් මත නුඹලාගේ මුතුන් මිත්තන් සිටිනු නුඹලා දුටුවේ ද ඊට වඩා නිවැරදි දෑ මම නුඹලා වෙත නො ගෙනාවෙමි දැ? යි ඔහු විමසී ය. එයට “කවර දෙයක් සමඟ නුඹලා එවනු ලැබුවේ ද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.” යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

فَٱنتَقَمْنَا مِنْهُمْ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අපි ඔවුනට ප්‍රතිචාර දැක්වූයෙමු. එහෙයින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි නුඹ අධීක්ෂණයෙන් බලනු.

See all translations of this verse →

وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ وَقَوْمِهِۦٓ إِنَّنِى بَرَآءٌ مِّمَّا تَعْبُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද “නියත වශයෙන් ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

إِلَّا ٱلَّذِى فَطَرَنِى فَإِنَّهُۥ سَيَهْدِينِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මා මැවූ අය හැර. නියත වශයෙන් ම ඔහු මට මග පෙන්වනු ඇත.

See all translations of this verse →

وَجَعَلَهَا كَلِمَةًۢ بَاقِيَةً فِى عَقِبِهِۦ لَعَلَّهُمْ يَرْجِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහුගෙන් පසු පැවත එන්නන් අතර එය පවතින ප්‍රකාශයක් බවට පත් කළේ ය. එය ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස ය.

See all translations of this verse →

بَلْ مَتَّعْتُ هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمْ حَتَّىٰ جَآءَهُمُ ٱلْحَقُّ وَرَسُولٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් මොවුන් හා මොවුන්ගේ මුතුන් මිත්තන්හට ඔවුන් වෙත සත්‍යය හා පැහැදිලි ධර්ම දූතයකු පැමිණෙන තෙක් භුක්ති විඳින්නට මම සැලැස්වූයෙමි.

See all translations of this verse →

وَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ قَالُوا۟ هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ‘මෙය හූනියමකි. තවද නියත වශයෙන් ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු.’ යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

وَقَالُوا۟ لَوْلَا نُزِّلَ هَٰذَا ٱلْقُرْءَانُ عَلَىٰ رَجُلٍ مِّنَ ٱلْقَرْيَتَيْنِ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද “මෙම කුර්ආනය ගම්මාන දෙකෙහි ප්‍රබල මිනිසෙකු වෙත පහළ කරනු ලැබිය යුතු නො වේ ද?” යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ نَحْنُ قَسَمْنَا بَيْنَهُم مَّعِيشَتَهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَٰتٍ لِّيَتَّخِذَ بَعْضُهُم بَعْضًا سُخْرِيًّا وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය බෙදා හරිනුයේ ඔවුන් ද? මෙලොව ජීවිතයේ දී ඔවුන්ගේ ජීවන සම්පත් ඔවුන් අතර බෙදා හැරියේ අප ය. තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් සේවා සලසා ගැනීම සඳහා ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉහළින් තරාතිරම්වලින් උසස් කළෙමු. ඔබේ පරමාධිපතිගේ ආශිර්වාදය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨ ය.

See all translations of this verse →

وَلَوْلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةً وَٰحِدَةً لَّجَعَلْنَا لِمَن يَكْفُرُ بِٱلرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِّن فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයා එක ම සමූහයක් නො වන්නේ නම් මහා කරුණාන්විතයාණන් ප්‍රතික්ෂේප කරන්නන්හට ඔවුන්ගේ නිවෙස් රිදියෙන් වූ වියනින් ද ඒ මත ඔවුන් නැග යන පියගැට පෙළින් ද අපි ඇති කරන්නට තිබුණි.

See all translations of this verse →

وَلِبُيُوتِهِمْ أَبْوَٰبًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِـُٔونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගේ නිවෙස් දොරටුවලින් ද ඔවුන් ඒ මත හාන්සිව සිටින කවිච්චිවලින් ද (අපි ඇති කරන්නට තිබුණි.)

See all translations of this verse →

وَزُخْرُفًا وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةُ عِندَ رَبِّكَ لِلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද විසිතුරු භාණ්ඩ වලින් ද (අපි ඇති කරන්නට තිබුණි.) මේ සියල්ල මෙලොව ජීවිතයේ (සුළු) භුක්ති විඳීමක් මිස නැත. තවද නුඹේ පරමාධිපති අබියස මතු ලොව (සමෘද්ධිය) බිය බැතිමතුන්හට ය.

See all translations of this verse →

وَمَن يَعْشُ عَن ذِكْرِ ٱلرَّحْمَٰنِ نُقَيِّضْ لَهُۥ شَيْطَٰنًا فَهُوَ لَهُۥ قَرِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහා කරුණාන්විතයාණන් මෙනෙහි කිරීම කවරෙකු පිටුපාන්නේ ද අපි ඔහුට ෂෙයිතානුවෙකු පවරන්නෙමු. එවිට ඔහු ඔහුට සමීප මිතුරෙකු වනු ඇත.

See all translations of this verse →

وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ ٱلسَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔවුහු (ෂෙයිතානුන්) ඔවුන් යහ මාර්ගයෙන් වළක්වති. තවද නියත වශයෙන් ම තමන් යහ මග ලැබූවෝ යැයි ඔවුහු සිතති.

See all translations of this verse →

حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيْتَ بَيْنِى وَبَيْنَكَ بُعْدَ ٱلْمَشْرِقَيْنِ فَبِئْسَ ٱلْقَرِينُ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු අප වෙත පැමිණි අවස්ථාවේ ‘මා අතර හා ඔබ අතර නැගෙනහිර හා බටහිර මෙන් දුරස්ථභාවයක් තිබුණා විය යුතු නො වේ ද?’ යැයි ඔහු පවසයි. එසේ එම සමීප මිතුරා නපුරු විය.

See all translations of this verse →

وَلَن يَنفَعَكُمُ ٱلْيَوْمَ إِذ ظَّلَمْتُمْ أَنَّكُمْ فِى ٱلْعَذَابِ مُشْتَرِكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අපරාධ කර ඇති බැවින් අද දින නුඹලාට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. නියත වශයෙන් ම නුඹලා දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.

See all translations of this verse →

أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ أَوْ تَهْدِى ٱلْعُمْىَ وَمَن كَانَ فِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ බිහිරාට සවන් වැකෙන්නට සලස්වන්නෙහි ද? එසේ නැතහොත් අන්ධයාට හා පැහැදිලි මුළාවෙහි සිටින්නාට නුඹ මග පෙන්වන්නෙහි ද?

See all translations of this verse →

فَإِمَّا نَذْهَبَنَّ بِكَ فَإِنَّا مِنْهُم مُّنتَقِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) අපි ඔබ (මෙලොවින්) ඉවත් කළ ද, සැබැවින් ම අපි ඔවුනට ප්‍රතිචාර දක්වන්නෝ වෙමු.

See all translations of this verse →

أَوْ نُرِيَنَّكَ ٱلَّذِى وَعَدْنَٰهُمْ فَإِنَّا عَلَيْهِم مُّقْتَدِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුනට අපි ප්‍රතිඥා දුන් දෑ, අපි නුඹට පෙන්වන්නෙමු. සැබැවින් ම අපි ඔවුන් මත බලය දරන්නෝ වෙමු.

See all translations of this verse →

فَٱسْتَمْسِكْ بِٱلَّذِىٓ أُوحِىَ إِلَيْكَ إِنَّكَ عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ ග්‍රහණය කර ගනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය.

See all translations of this verse →

وَإِنَّهُۥ لَذِكْرٌ لَّكَ وَلِقَوْمِكَ وَسَوْفَ تُسْـَٔلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මෙය නුඹට හා නුඹේ සමූහයාට අනුශාසනාවකි. තවද නුඹලා මතු ප්‍රශ්න කරනු ලබනු ඇත.

See all translations of this verse →

وَسْـَٔلْ مَنْ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رُّسُلِنَآ أَجَعَلْنَا مِن دُونِ ٱلرَّحْمَٰنِ ءَالِهَةً يُعْبَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමහා කරුණාන්විතයාණන් හැර දමා ගැතිකම් කරනු ලබන්නට වෙනත් දෙවිවරුන් අප පත් කළෙමු දැ? යි නුඹට පෙර අප එවූ අපගේ දූතවරුන්ගෙන් නුඹ විමසනු.

See all translations of this verse →

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَقَالَ إِنِّى رَسُولُ رَبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerෆිර්අවුන් හා ඔහුගේ පිරිස වෙත සැබැවින් ම අපි අපගේ සාධක සමඟ මූසාව එව්වෙමු. එවිට “ඔහු නියත වශයෙන් ම මම ලෝකයන්හි පරමාධිපතිගේ ධර්ම දූතයා වෙමි” යැයි පැවසී ය.

See all translations of this verse →

فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنْهَا يَضْحَكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ අපගේ සාධක සමඟ ඔහු ඔවුන් වෙත පැමිණි කල්හි එවිට ඔවුහු ඒ ගැන සිනහසුනෝ ය.

See all translations of this verse →

وَمَا نُرِيهِم مِّنْ ءَايَةٍ إِلَّا هِىَ أَكْبَرُ مِنْ أُخْتِهَا وَأَخَذْنَٰهُم بِٱلْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුනට කවර සාධකයක් පෙන්වුව ද එයට පෙර පැවති දෑට වඩා විශාල දෙයක් මිස එය නො වීය. තවද ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස අපි ඔවුන් දඬුවමින් හසු කර ගත්තෙමු.

See all translations of this verse →

وَقَالُوا۟ يَٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද “අහෝ මායාකරුව! ඔබ අබියස ගිවිස ගත් දෑ අනුව ඔබ අප වෙනුවෙන් ඔබේ පරමාධිපතිගෙන් අයැද සිටිනු. නියත වශයෙන් ම අපි යහ මග ලැබූවෝ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝ ය.

See all translations of this verse →

فَلَمَّا كَشَفْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِذَا هُمْ يَنكُثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් එම දඬුවම අපි ඉවත් කළ කල්හි එසැණින් ඔවුහු (දිවුරුම) කඩ කරති.

See all translations of this verse →

وَنَادَىٰ فِرْعَوْنُ فِى قَوْمِهِۦ قَالَ يَٰقَوْمِ أَلَيْسَ لِى مُلْكُ مِصْرَ وَهَٰذِهِ ٱلْأَنْهَٰرُ تَجْرِى مِن تَحْتِىٓ أَفَلَا تُبْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ෆිර්අවුන් තම සමූහයා අතර අමතා “අහෝ ජනයිනි! මිසරයේ ආධිපත්‍යය මා සතු නො වේ ද? මෙම ගංගාවන් මාගේ (පාලනය) යටතේ ගලා යයි. එහෙයින් නුඹලා නො දකින්නෙහු ද?

See all translations of this verse →

أَمْ أَنَا۠ خَيْرٌ مِّنْ هَٰذَا ٱلَّذِى هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් පැහැදිලිව කතා කළ නොහැකි මේ නින්දිත පුද්ගලයාට වඩා මා ශ්‍රේෂ්ඨ නො වේ ද?

See all translations of this verse →

فَلَوْلَآ أُلْقِىَ عَلَيْهِ أَسْوِرَةٌ مِّن ذَهَبٍ أَوْ جَآءَ مَعَهُ ٱلْمَلَٰٓئِكَةُ مُقْتَرِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේනම් රනින් වූ වළලු ඔහු වෙත පලඳවනු ලැබිය යුතු නො වේ ද? එසේ නැතහොත් ඔහු සමඟ පරිවාරකයින් ලෙස මලක්වරුන් පැමිණියේ ද?”

See all translations of this verse →

فَٱسْتَخَفَّ قَوْمَهُۥ فَأَطَاعُوهُ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَٰسِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු තම ජනයා සුළුකොට සැලකුවේ ය. එහෙයින් ඔවුහු ඔහුට අවනත වූවෝ ය. නියත වශයෙන් ම ඔවුහු දුෂ්ඨ පිරිසක් වූවෝ ය.

See all translations of this verse →

فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَٰهُمْ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අප කෝපයට පත් කළ කල්හි අපි ඔවුනට දඬුවම් කළෙමු. එවිට අපි ඔවුන් සියලු දෙනා (දියේ) ගිල්වූයෙමු.

See all translations of this verse →

فَجَعَلْنَٰهُمْ سَلَفًا وَمَثَلًا لِّلْـَٔاخِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඉකුත්ව ගිය පරපුරක් ලෙසත් පසු පැමිණෙන්නන්හට උදාහරණයක් ලෙසත් අපි ඔවුන් පත් කළෙමු.

See all translations of this verse →

وَلَمَّا ضُرِبَ ٱبْنُ مَرْيَمَ مَثَلًا إِذَا قَوْمُكَ مِنْهُ يَصِدُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මර්යම්ගේ පුතණුවන් උපමාවක් ලෙස ගෙන හැර පෙන්වනු ලැබූ කල්හි එවිට නුඹේ ජනයා ඒ ගැන (අපහාස ලෙස) සිනහසුනෝ ය.

See all translations of this verse →

وَقَالُوٓا۟ ءَأَٰلِهَتُنَا خَيْرٌ أَمْ هُوَ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද “ශ්‍රේෂ්ඨ වනුයේ අපගේ දෙවියන් ද එසේ නැතහොත් ඔහු දැ?”යි ඔවුහු විමසුවෝ ය. තර්කයක් ලෙසින් මිස ඔවුහු එය ඔබට ඉදිරිපත් නො කළෝ ය. එසේ ය. ඔවුහු තර්ක කරන පිරිසක් වෙති.

See all translations of this verse →

إِنْ هُوَ إِلَّا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَٰهُ مَثَلًا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු.

See all translations of this verse →

وَلَوْ نَشَآءُ لَجَعَلْنَا مِنكُم مَّلَٰٓئِكَةً فِى ٱلْأَرْضِ يَخْلُفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අභිමත කර තිබුණේ නම් නුඹලා අතරින් මහපොළොවේ නියෝජනය කරමින් පැමිණෙන මලක්වරුන් පත් කරන්නට තිබුණි.

See all translations of this verse →

وَإِنَّهُۥ لَعِلْمٌ لِّلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَٱتَّبِعُونِ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම (ඊසා වන) ඔහු (පැමිණීමට ඇති) අවසන් හෝරාවේ සංඥාවයි. එහෙයින් ඒ ගැන නුඹලා සැක නො කරනු. තවද නුඹලා මා අනුගමනය කරනු. මෙය ඍජු මාර්ගයයි.

See all translations of this verse →

وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيْطَٰنُ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ෂෙයිතාන් නුඹලාට බාධා නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

See all translations of this verse →

وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلْبَيِّنَٰتِ قَالَ قَدْ جِئْتُكُم بِٱلْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعْضَ ٱلَّذِى تَخْتَلِفُونَ فِيهِ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Centerඊසා පැහැදිලි සාධක සමඟ පැමිණි කල්හි, “මම නුඹලා වෙත ප්‍රඥාව සමඟ ද නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගන්නෙහු ද එහි ඇතැම් දෑ මම නුඹලාට පැහැදිලි කරනු පිණිස ද පැමිණ ඇත්තෙමි. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.” යැයි ඔහු පැවසී ය.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ هُوَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මාගේ පරමාධිපති ය. තවද නුඹලාගේද පරමාධිපති ය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.”

See all translations of this verse →

فَٱخْتَلَفَ ٱلْأَحْزَابُ مِنۢ بَيْنِهِمْ فَوَيْلٌ لِّلَّذِينَ ظَلَمُوا۟ مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන් අතරින් වූ කණ්ඩායම් මත භේද ඇති කර ගත්තෝ ය. එහෙයින් අපරාධ කළවුන්ට වේදනීය දිනයේ දඬුවමින් විනාශය අත් වේවා!

See all translations of this verse →

هَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් නො හගමින් සිටිය දී අනපේක්ෂිතව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණීම හැර (වෙනත් කිසිවක්) ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද?

See all translations of this verse →

ٱلْأَخِلَّآءُ يَوْمَئِذٍۭ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا ٱلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමිතුරෝ එදින එකිනෙකාට සතුරු වෙති. එහෙත් දේව බිය බැතිමතුන් හැර.

See all translations of this verse →

يَٰعِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ ٱلْيَوْمَ وَلَآ أَنتُمْ تَحْزَنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මාගේ ගැත්තනි! අද දින නුඹලා වෙත කිසිදු බියක් නැත. තවද නුඹලා දුකට පත් නො වන්නෙහු ය.

See all translations of this verse →

ٱلَّذِينَ ءَامَنُوا۟ بِـَٔايَٰتِنَا وَكَانُوا۟ مُسْلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි අපගේ වදන් විශ්වාස කොට අවනත වන්නන් වූහ.

See all translations of this verse →

ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ أَنتُمْ وَأَزْوَٰجُكُمْ تُحْبَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා හා නුඹලාගේ බිරියන් සතුටු කරවනු ලබන තත්ත්වයේ නුඹලා ස්වර්ගයට පිවිසෙනු (යැයි එදින ඔවුනට කියනු ලැබේ.)

See all translations of this verse →

يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ وَأَنتُمْ فِيهَا خَٰلِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerරනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පින වන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.

See all translations of this verse →

وَتِلْكَ ٱلْجَنَّةُ ٱلَّتِىٓ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලාට උරුම කර දෙනු ලැබූ ස්වර්ගය එයයි.

See all translations of this verse →

لَكُمْ فِيهَا فَٰكِهَةٌ كَثِيرَةٌ مِّنْهَا تَأْكُلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට එහි බොහෝමයක් පලතුරු ඇත. එයින් නුඹලා අනුභව කරනු ඇත.

See all translations of this verse →

إِنَّ ٱلْمُجْرِمِينَ فِى عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම වැරදිකරුවන් නිරයේ දඬුවම තුළ සදාතනිකයෝ වෙති.

See all translations of this verse →

لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් (දඬුවම) ලිහිල් කරනු නො ලැබේ. ඔවුහු එහි බලාපොරොත්තු සුන් කර ගත්තෝ වෙති.

See all translations of this verse →

وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن كَانُوا۟ هُمُ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට අපරාධ නො කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ට ම අපරාධ කර ගන්නන් ලෙස සිටියෝ ය.

See all translations of this verse →

وَنَادَوْا۟ يَٰمَٰلِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُم مَّٰكِثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහෝ (නිරයේ භාරකරු වන) “මාලික්! ඔබේ පරමාධිපති (අපේ අවසානය) අප මත තීන්දු කරත්වා! යැයි ඔවුහු අමතති. (එවිට) “නියත වශයෙන් ම නුඹලා රැඳී සිටින්නෝ වෙති” යැයි ඔහු පවසයි.

See all translations of this verse →

لَقَدْ جِئْنَٰكُم بِٱلْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَٰرِهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපි සත්‍යය සමඟ නුඹලා වෙත පැමිණියෙමු. එහෙත් නුඹලාගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වෙති.

See all translations of this verse →

أَمْ أَبْرَمُوٓا۟ أَمْرًا فَإِنَّا مُبْرِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුහු යම් කරුණක් තීන්දු කර ඇත්තෝ ද? එවිට නියත වශයෙන් ම අපි ද තීන්දු කරන්නෝ වෙමු.

See all translations of this verse →

أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَىٰهُم بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් රහසින් පවසන දෑට හා ඔවුන්ගේ රහස් සාකච්ඡාවලට සැබැවින් ම අප සවන් නො දෙනු ඇතැයි ඔවුහු සිතන්නෝ ද? එසේ නොව ඔවුන් අබියසට වී අපගේ දූතවරු (සියල්ල) සටහන් කරති.

See all translations of this verse →

قُلْ إِن كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ ٱلْعَٰبِدِينَ

Sinhalese Translation - Rowwad Translation Center“මහා කරුණාන්විතයාණන්හට දරුවකු වී නම් ගැතිකම් කරන්නන් අතරින් පළමුවැන්නා මම වෙමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

سُبْحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවේ හිමිපාණන් වන එමෙන් ම අර්ෂ්හි හිමිපාණන් (වන ඔහු) ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධ ය.

See all translations of this verse →

فَذَرْهُمْ يَخُوضُوا۟ وَيَلْعَبُوا۟ حَتَّىٰ يُلَٰقُوا۟ يَوْمَهُمُ ٱلَّذِى يُوعَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන ඔවුන්ගේ දිනය හමු වන තෙක් එසේ ඔවුන් නිරත වන්නටත් සෙල්ලම් කරන්නටත් ඔබ ඔවුන් අත්හැර දමනු.

See all translations of this verse →

وَهُوَ ٱلَّذِى فِى ٱلسَّمَآءِ إِلَٰهٌ وَفِى ٱلْأَرْضِ إِلَٰهٌ وَهُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වනාහි අහස්හි දෙවිඳා ය. මහපොළොවෙහි ද දෙවිඳා ය. තවද මහා ප්‍රඥාවන්ත ය; සර්වඥානී ය.

See all translations of this verse →

وَتَبَارَكَ ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِندَهُۥ عِلْمُ ٱلسَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය තමන් සතු වන ඔහු අතිඋත්කෘෂ්ඨ විය. තවද අවසන් හෝරාව පිළිබඳ දැනුම ඔහු වෙත ය. තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත ම ය.

See all translations of this verse →

وَلَا يَمْلِكُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلْحَقِّ وَهُمْ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු හැර ඔවුන් ඇරයුම් කරන අයට මැදිහත් වීමට බලය නොමැත. නමුත්, දැනුවත්ව සත්‍යයට සාක්ෂි දැරූවන් හැර.

See all translations of this verse →

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَهُمْ لَيَقُولُنَّ ٱللَّهُ فَأَنَّىٰ يُؤْفَكُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?

See all translations of this verse →

وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَٰٓؤُلَآءِ قَوْمٌ لَّا يُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මොවුහු විශ්වාස නො කරන පිරිසකි යන (නබිවරයාගේ) ප්‍රකාශය ද (අල්ලාහ් දනී).

See all translations of this verse →

فَٱصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَٰمٌ فَسَوْفَ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔබ ඔවුන් නො සළකා හරිනු. තවද සලාම් (ශාන්තිය) යැයි පවසනු. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70