caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Israa الإسراء

වාක්‍ය 111 · මක්කා · revelation order 50

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ سُبْحَٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَٰتِنَآ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ සංඥාවන් ඔහුට පෙන්වනු පිණිස (මක්කාහ්වේ පිහිටි) මස්ජිදුල් හරාම්හි සිට ඒ අවට අපි සමෘද්ධිමත් කළ (ජෙරුසලමේ පිහිටි) මස්ජිදුල් අක්සා දක්වා තම ගැත්තාව එක් රාත්‍රියක ගමන් කෙරෙව්වා වූ ඔහු (අල්ලාහ්) සුවිශුද්ධ ය. නියත වශයෙන් ම ඔහු මය සර්ව ශ්‍රාවක. සර්ව නිරීක්ෂක.

See all translations of this verse →

وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَٰهُ هُدًى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُوا۟ مِن دُونِى وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹලා මගෙන් තොරව භාරකරුවකු නො ගනු යැයි පවසා ඉස්රාඊල්ගේ දරුවන්ට එය මග පෙන්වීමක් බවට පත් කළෙමු.

See all translations of this verse →

ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ إِنَّهُۥ كَانَ عَبْدًا شَكُورًا

Sinhalese Translation - Rowwad Translation Center(නුඹලා) නූහ් සමඟ අප (නැවෙහි) ඉසිලූ අයගේ පරපුරයි. නියත වශයෙන් ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය.

See all translations of this verse →

وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද "නියත වශයෙන් ම, නුඹලා මහපොළොවේ දෙවරක් කලහකම් කරනු ඇතැයි ද නුඹලා මහත් උදම්වීමකින් (අපරාධ ක්‍රියා කරමින්) උදම් වනු ඇතැයි ද ඉස්රාඊල් දරුවන්ට අපේ ධර්ම ග්‍රන්ථයේ තීන්දු කළෙමු.

See all translations of this verse →

فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًا لَّنَآ أُو۟لِى بَأْسٍ شَدِيدٍ فَجَاسُوا۟ خِلَٰلَ ٱلدِّيَارِ وَكَانَ وَعْدًا مَّفْعُولًا

Sinhalese Translation - Rowwad Translation Centerඒ දෙකින් පළමු ප්‍රතිඥාව පැමිණි විට අප සතු වඩාත් බලවත් ගැත්තන් නුඹලාට එරෙහිව අපි එව්වෙමු. එවිට ඔවුහු නිවෙස් අතරට රිංගා ගියෝ ය. එය සිදු කරනු ලබන ප්‍රතිඥාවක් විය.

See all translations of this verse →

ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَٰكُم بِأَمْوَٰلٍ وَبَنِينَ وَجَعَلْنَٰكُمْ أَكْثَرَ نَفِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුනට එරෙහිව වාරය නුඹලා වෙත අපි නැවත ලබා දුනිමු. තවද ධනයෙන් හා දරුවන්ගෙන් අපි නුඹලාට උපකාර කළෙමු. තවද අපි නුඹලාව පිරිස් බලයෙන් අධික කළෙමු.

See all translations of this verse →

إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ لِيَسُـۥٓـُٔوا۟ وُجُوهَكُمْ وَلِيَدْخُلُوا۟ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا۟ مَا عَلَوْا۟ تَتْبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා යහපත කර ඇත්නම් (එසේ) නුඹලා යහපත කර ඇත්තේ නුඹලාගේ ආත්මාවන්ට ය. තවද නුඹලා නපුරක් කර ඇත්නම් එය ද එයට ම ය. එහෙයින් අවසන් ප්‍රතිඥාව පැමිණි විට නුඹලාගේ මුහුණු ඔවුන් අවමන් කිරීමටත්, ඔවුන් එහි මුල්වරට පිවිසුණාක් මෙන් මස්ජිදයට පිවිසීමටත්, ඔවුහු උදම් වූ දෑ දැඩි ලෙස විනාශ කර දැමීමටත් (අපි ඔවුන්ව එව්වෙමු.)

See all translations of this verse →

عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ حَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ පරමාධිපති නුඹලාට කරුණාව පෙන්විය හැකි ය. තවද නුඹලා නැවත හැරුණේ නම් අපි ද හැරෙන්නෙමු. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට නිරය සිර ගෙයක් බවට අපි පත් කළෙමු.

See all translations of this verse →

إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙම කුර්ආනය වඩාත් නිවැරදි දෑ වෙතට මග පෙන්වයි. තවද යහකම් කරන දේවත්වය විශ්වාස කරන්නන්හට සැබැවින් ම ඔවුනට මහත් වූ කුලිය ඇති බවට එය ශුභාරංචි දන්වයි.

See all translations of this verse →

وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මතුලොව පිළිබඳව විශ්වාස නො කරන්නන් වන ඔවුනට වේදනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.

See all translations of this verse →

وَيَدْعُ ٱلْإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ وَكَانَ ٱلْإِنسَٰنُ عَجُولًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද තමන්ගේ යහපත උදෙසා මිනිසා ප්‍රාර්ථනා කරන්නා සේම (සිය අඥානකම නිසා ඇතැම් විට) අයහපත උදෙසා ද ඔහු ප්‍රාර්ථනා කරයි. තවද මිනිසා ඉක්මන් සුළු විය.

See all translations of this verse →

وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةً لِّتَبْتَغُوا۟ فَضْلًا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ وَكُلَّ شَىْءٍ فَصَّلْنَٰهُ تَفْصِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රිය හා දහවල සංඥාවන් දෙකක් බවට අපි පත් කළෙමු. එවිට අපි රාත්‍රියේ සංඥාව මකා දමා දහවලේ සංඥාව පෙනෙන්නක් බවට පත් කළෙමු. එය නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් වූ භාග්‍යය සොයනු පිණිසත් වසර ගණන් හා කාල ගණනය නුඹලා දැන ගනු පිණිසත් ය. තවද සෑම දෙයක්ම, අපි එය විස්තරාත්මකව පැහැදිලි කළෙමු.

See all translations of this verse →

وَكُلَّ إِنسَٰنٍ أَلْزَمْنَٰهُ طَٰٓئِرَهُۥ فِى عُنُقِهِۦ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ كِتَٰبًا يَلْقَىٰهُ مَنشُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සෑම මිනිසකුට ම ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ ගෙලෙහි අපි බැන්ඳෙමු. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්‍රියා ලේඛනය අපි ඔහුට හෙළි කරන්නෙමු. ඔහු එය විවෘත කරනු ලැබූවක් ලෙස දකිනු ඇත.

See all translations of this verse →

ٱقْرَأْ كِتَٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ නුඹේ ක්‍රියා ලේඛනය කියවනු. අද දින නුඹට එරෙහිව විනිශ්චයකරු වශයෙන් නුඹ ම ප්‍රමාණවත් ය.

See all translations of this verse →

مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු යහමඟ ලැබුවේ ද එසේ ඔහු යහමඟ ලබනුයේ ඔහුගේ ආත්මය වෙනුවෙනි. තවද කවරෙකු නොමඟ ගියේ ද එසේ ඔහු නොමඟ යනුයේ එයට එරෙහිව ය. තවද බර උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර නො උසුලයි. තවද අපි ධර්ම දූතයකු එවන තෙක් (කිසිදු සමාජයකට) දඬුවම් කරන්නන් ලෙස නො සිටියෙමු.

See all translations of this verse →

وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَٰهَا تَدْمِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද යම් ගම්මානයක් අපි විනාශ කිරීමට සිතූ විට එහි සැප විඳිමින් සිටින්නන්හට (අපගේ නියෝගයන්ට අවනත වන මෙන්) අණ කළෙමු. එහෙත් ඔවුහු පාපකම් කළෝ ය. එහෙයින් ඒ වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම විය. එවිට අපි එය සුණු විසුණු කළෙමු.

See all translations of this verse →

وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නූහ්ගෙන් පසුව පරම්පරාවන් කොපමණක් විනාශ කළෙමු ද? තවද තම ගැත්තන්ගේ පාපකම් පිළිබඳව නුඹගේ පරමාධිපති අභිඥානවන්තයකු ලෙසින් හා නිරීක්ෂක ලෙසින් ප්‍රමාණවත් විය.

See all translations of this verse →

مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَىٰهَا مَذْمُومًا مَّدْحُورًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු මෙලොව පතන්නේ ද අපි ප්‍රිය කරන අයට අපගේ අභිමතය පරිදි එහි ඔහුට ඉක්මන් කර දෙන්නෙමු. පසුව නිරය ඔහුට නියම කරන්නෙමු. ඔහු එහි අවමානයට ලක් වූ අභාග්‍ය සම්පන්නයෙකු සේ පිවිස දැවෙනු ඇත.

See all translations of this verse →

وَمَنْ أَرَادَ ٱلْـَٔاخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُو۟لَٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවරෙකු මතු ලොව අපේක්ෂා කොට දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙසින් ඒ වෙනුවෙන් එහි මහත් පරිශ්‍රමයකින් වෙහෙසෙන්නේ ද එවිට ඔවුන්ගේ පරිශ්‍රමය කෘතඥතාවට ලක් වූවෝ ඔවුහු ම ය.

See all translations of this verse →

كُلًّا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا

Sinhalese Translation - Rowwad Translation Center(මෙලොව පතන) ඔවුන් හා (මතු ලොව පතන) මොවුන් යන සියල්ලන්ට ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රසාදයෙන් අපි පිරිනමන්නෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නො වීය.

See all translations of this verse →

ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَلَلْـَٔاخِرَةُ أَكْبَرُ دَرَجَٰتٍ وَأَكْبَرُ تَفْضِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා අපි උසස් කළේ කෙසේ දැ? යි නුඹ අධීක්ෂණය කරනු. තවද මතුලොව තරාතිරම්වලින් අතිමහත් ය. එමෙන් ම මහිමයට පත් කිරීමෙන් ද අතිමහත් ය.

See all translations of this verse →

لَّا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සමඟ වෙනත් දෙවියකු නො ගනු. එසේ කළහොත් නුඹ නින්දාවටත් අසරණ බවටත් පත්වනු ඇත.

See all translations of this verse →

وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًا كَرِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ඔහුට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නො කළ යුතු බවටත්, දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේ ය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනා ම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචන) නො පවසනු. තවද ඔවුන් දෙදෙනාව පලවා නො හරිනු. ඔවුන් දෙදෙනා ගෞරවනීය වදනින් අමතනු.

See all translations of this verse →

وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerකරුණාවෙන් යුත් මෘදු පියාපත් ඔවුන් දෙදෙනාට නුඹ පහත් කරනු. තවද මාගේ පරමාධිපතියණනි! ඔවුන් දෙදෙනා මා කුඩා අවදියේ හදාවඩා ගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ද කරුණා කරනු මැනව!

See all translations of this verse →

رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِى نُفُوسِكُمْ إِن تَكُونُوا۟ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلْأَوَّٰبِينَ غَفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ පරමාධිපති නුඹලාගේ සිත් තුළ ඇති දෑ මැනවින් දන්නා ය. නුඹලා දැහැමියන් වන්නේ නම් නියත වශයෙන් ම ඔහු වෙත නැඹුරුවන්නන්හට අතික්ෂමාශීලී විය.

See all translations of this verse →

وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සමීප ඥාතිත්වය ඇත්තාහට ඔහුගේ උරුමය නුඹ දෙනු. තවද දුගියාට හා මගියාට ද දෙනු. තවද නුඹලා නාස්තිකාර ලෙසින් අපතේ නො යවනු.

See all translations of this verse →

إِنَّ ٱلْمُبَذِّرِينَ كَانُوٓا۟ إِخْوَٰنَ ٱلشَّيَٰطِينِ وَكَانَ ٱلشَّيْطَٰنُ لِرَبِّهِۦ كَفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නාස්තිකාරයින් ෂෙයිතානුන්ගේ සහෝදරයෝ වූහ. තවද ෂෙයිතාන් තම පරමාධිපතිට මහත් ගුණමකුවකු විය.

See all translations of this verse →

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ٱبْتِغَآءَ رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًا مَّيْسُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹගේ පරමාධිපතිගෙන් නුඹ බලාපොරොත්තු වන දයාලුභාවය අපේක්ෂාවෙන් සිටියදී (කෙනෙක් ඔබෙන් යමක් ඉල්ලා ඔබට එය දීමට නොහැකිව) ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමට සිදු වන්නේ නම් එවිට නුඹ ඔවුනට මෘදු වදනින් අමතනු.

See all translations of this verse →

وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ ٱلْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ (කිසිවක් වියදම් නො කර) නුඹගේ අත නුඹගේ ගෙල වෙත විලංගු දමනු ලබන්නක් බවට පත් නො කරනු. තවද (සියල්ල වියදම් කර) එකවර දිගු නො හරිනු. එවිට නුඹ නින්දා අපහාසයට ලක්ව දරිද්‍රතාවයට ද පත් වනු ඇත.

See all translations of this verse →

إِنَّ رَبَّكَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණය විස්තීරණය කරයි. එමෙන් ම ඔහු සීමා ද කරයි. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳ මනා ඥානය ඇති සර්ව නිරීක්ෂක විය.

See all translations of this verse →

وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُمْ خَشْيَةَ إِمْلَٰقٍ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْـًٔا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා මරා නො දමනු. ඔවුන්ට ද නුඹලාට ද පෝෂණය ලබා දෙනුයේ අප ය. නියත වශයෙන් ම ඔවුන්ව මරා දැමීම මහත් පවක් විය.

See all translations of this verse →

وَلَا تَقْرَبُوا۟ ٱلزِّنَىٰٓ إِنَّهُۥ كَانَ فَٰحِشَةً وَسَآءَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා කාම අපචාරයට ළං නො වනු. නියත වශයෙන් ම එය අශික්ෂිත කරුණකි. තවද එය මාර්ගයෙන් ද නපුරු විය.

See all translations of this verse →

وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ وَمَن قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَٰنًا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِ إِنَّهُۥ كَانَ مَنصُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් තහනම් කළ ආත්මයක් උරුමයකින් තොරව නුඹලා ඝාතනය නො කරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින් ම අපි බලයක් පැවරුවෙමු. එහෙත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නො යා යුතු ය. නියත වශයෙන් ම ඔහු උදව් කරනු ලබන්නෙක් විය.

See all translations of this verse →

وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ وَأَوْفُوا۟ بِٱلْعَهْدِ إِنَّ ٱلْعَهْدَ كَانَ مَسْـُٔولًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අනාථයාගේ වස්තුවට ඔහු වැඩිවියට පත් වන තෙක් වඩාත් යහපත් වන දෙයකින් හැර නුඹලා සමීප නො වනු. තවද නුඹලා ගිවිසුම පූර්ණවත් කරනු. නියත වශයෙන් ම ගිවිසුම විමසනු ලබන්නක් විය.

See all translations of this verse →

وَأَوْفُوا۟ ٱلْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මනින විට මිණුම සම්පූර්ණ කරනු. තවද නිවැරදි තුලාවකින් නුඹලා කිරනු. එය උතුම් ය. තවද අවසානය ද වඩාත් අලංකාර ය.

See all translations of this verse →

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُو۟لَٰٓئِكَ كَانَ عَنْهُ مَسْـُٔولًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹට කවර දෙයක් පිළිබඳ දැනුමක් නොමැත්තේ ද එවන් දෑ මත නුඹ රැඳී නො සිටිනු. නියත වශයෙන් ම ශ්‍රවණය බැල්ම හා සිත යන ඒවා සියල්ල ඒ පිළිබඳව විමසනු ලබන්නක් විය.

See all translations of this verse →

وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا إِنَّكَ لَن تَخْرِقَ ٱلْأَرْضَ وَلَن تَبْلُغَ ٱلْجِبَالَ طُولًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවේ උඩඟුවෙන් ගමන් නො කරනු. නියත වශයෙන් ම නුඹට මහපොළොව හාරා ගමන් කළ නො හැක්කේ ම ය. තවද උසින් කඳුවලට ළං විය නො හැක්කේ ම ය.

See all translations of this verse →

كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًا

Sinhalese Translation - Rowwad Translation Centerමේ සියල්ලෙහි නපුර නුඹේ පරමාධිපති අබියස පිළිකුල් සහගත විය.

See all translations of this verse →

ذَٰلِكَ مِمَّآ أَوْحَىٰٓ إِلَيْكَ رَبُّكَ مِنَ ٱلْحِكْمَةِ وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًا مَّدْحُورًا

Sinhalese Translation - Rowwad Translation Centerමෙය ප්‍රඥාවෙන් යුතුව නුඹගේ පරමාධිපති නුඹ වෙත දන්වා සිටි දැයිනි. තවද නුඹ අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු පත් නො කරනු. එවිට නුඹ දොස් නගනු ලැබ (සියල්ල) අහිමි කර ගත් අයකු සේ නිරයට හෙළනු ලබනු ඇත.

See all translations of this verse →

أَفَأَصْفَىٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَٰٓئِكَةِ إِنَٰثًا إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ පරමාධිපති නුඹලාට පිරිමි දරුවන් තෝරා දී ඔහු මලක්වරුන් අතරින් ගැහැනුන් ගත්තේ ද? නියත වශයෙන් ම නුඹලා බරපතල ප්‍රකාශයක් පවසන්නෙහු ය.

See all translations of this verse →

وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُوا۟ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් මෙනෙහි කරනු පිණිස මෙම අල් කුර්ආනයේ සැබැවින් ම අපි බොහෝ කරුණු පැහැදිලි කළෙමු. එහෙත් එය පිළිකුල මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි නො කළේ ය.

See all translations of this verse →

قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් පවසන අයුරින් ඔහු සමඟ දෙවිවරුන් වී නම් එවිට ඔවුන් අර්ෂ්හි හිමිපාණන් වෙත මග සොයන්නට තිබුණි යැයි නුඹ පවසනු.

See all translations of this verse →

سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් පවසන දැයින් ඔහු සුවිශුද්ධ ය. අතිඋත්තරීතර භාවයෙන් ඔහු උසස් විය.

See all translations of this verse →

تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින අය ද ඔහුව සුවිශුද්ධ කරයි. ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ නො කරන කිසිවක් නැත. එහෙත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නො ගන්නෙහු ය. නියත වශයෙන් ම ඔහු දයාලු ය; අතික්ෂමාශීලී ය.

See all translations of this verse →

وَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ حِجَابًا مَّسْتُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ අල් කුර්ආනය පාරායනය කළ විට නුඹ අතර හා මතු ලොව විශ්වාස නො කරන්නන් අතර ආවරණය කරනු ලබන තිරයක් අපි ඇති කළෙමු.

See all translations of this verse →

وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًا وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْا۟ عَلَىٰٓ أَدْبَٰرِهِمْ نُفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් එය වටහා ගත නොහැකි සේ ඔවුන්ගේ හදවත් මත ආවරණ ද ඔවුන්ගේ කන් තුළ බිහිරිබව ද ඇති කළෙමු. අල් කුර්ආනයේ නුඹ නුඹේ පරමාධිපති ගැන පමණක් මෙනෙහි කළ විට ඔවුන් (ඉන්) ඈත් වී ඔවුන්ගේ පසුපස ලා පිළිකුලෙන් හැරී යති.

See all translations of this verse →

نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِۦٓ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰٓ إِذْ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් නුඹ වෙත සවන් දෙන අවස්ථාවේ ඔවුන් කවර දෙයක් පිළිබඳව සවන් දෙන්නේ ද ඒ පිළිබඳව මැනවින් දන්නේ අපම ය. අපරාධකරුවෝ ‘නුඹලා හූනියම් කරනු ලැබූ මිනිසෙකු මිස අනුගමනය නො කරන්නෙහුය’ යැයි පවසමින් ඔවුහු රහසින් කතා කළ අවස්ථාවද (මැනවින් දන්නේ අපම ය.)

See all translations of this verse →

ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَالَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු නුඹට උපමාවන් ගෙන හැර පෑවේ කෙසේ දැ? යි නුඹ අවධානයෙන් බලනු. එවිට ඔවුහු නොමග ගියෝ ය. එහෙයින් කිසිදු මගක් (සොයා ගැනීමට) ඔවුහු හැකියාව නො ලබති.

See all translations of this verse →

وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අපි අස්ථි හා දූවිලි බවට පත් වූ විට නව මැවීමක් ලෙස නැවත නැගිටුවනු ලබන්නන් වෙමු දැ? යි ඔවුහු විමසුවෝ ය.

See all translations of this verse →

قُلْ كُونُوا۟ حِجَارَةً أَوْ حَدِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ගලක් හෝ යකඩයක් හෝ වනු යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

أَوْ خَلْقًا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًا

Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන් දැ? යි ඔවුහු විමසනු ඇත. නුඹලාව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැ? යි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු.

See all translations of this verse →

يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹලාව කැඳ වන දින නුඹලා ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නො සිටි බව නුඹලා සිතනු ඇත.

See all translations of this verse →

وَقُل لِّعِبَادِى يَقُولُوا۟ ٱلَّتِى هِىَ أَحْسَنُ إِنَّ ٱلشَّيْطَٰنَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلْإِنسَٰنِ عَدُوًّا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද වඩාත් අලංකාර දෑ පවසන්නැයි මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ පවසනු. නියත වශයෙන් ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන් ම ෂෙයිතාන් මිනිසාට ප්‍රකට සතුරෙකු විය.

See all translations of this verse →

رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ وَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියා ය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ නො එව්වෙමු.

See all translations of this verse →

وَرَبُّكَ أَعْلَمُ بِمَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعْضٍ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳව මැනවින් දන්නා නුඹගේ පරමාධිපති ය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකුව සැබැවින් ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.

See all translations of this verse →

قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِهِۦ فَلَا يَمْلِكُونَ كَشْفَ ٱلضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු හැර දමා නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. එහෙත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නො දරති, යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් කවරෙකුට අයැද සිටින්නේද එවැන්නන් වනාහි, ඔවුන්ගෙන් වඩාත් සමීප වූවන් ඔවුන්ගේ පරමාධිපති වෙත මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි.

See all translations of this verse →

وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ ٱلْقِيَٰمَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًا شَدِيدًا كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَٰبِ مَسْطُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද (අපරාධ කරමින් සිටි) කිසියම් ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නො සිටියෙමු. එය ලේඛනයේ සටහන් කරනු ලබන්නක් විය.

See all translations of this verse →

وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْـَٔايَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةً فَظَلَمُوا۟ بِهَا وَمَا نُرْسِلُ بِٱلْـَٔايَٰتِ إِلَّا تَخْوِيفًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සංඥාවන් පෙර සිටියවුන් බොරු කළ හෙයින් මිස ඒවා එවීම අපව වැළක්වූයේ නැත. තවද අපි සමූද් ජනයාට ඔටු දෙන පැහැදිලි සංඥාවක් ලෙස පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඌට අපරාධ කළෝ ය. තවද බිය ගැන්වීමට මිස අපි එම සංඥාවන් නො එවන්නෙමු.

See all translations of this verse →

وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِ وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَٰكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلْمَلْعُونَةَ فِى ٱلْقُرْءَانِ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَٰنًا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන්වූ සිහිනය ද අල් කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නො කළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට එය වර්ධනය නො කරනු ඇත.

See all translations of this verse →

وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِـَٔادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ආදම්ට සුජූද් කරනු යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු අය) සුජූද් කළෝ ය. නුඹ මැටියෙන් මැවූ අයට මම සුජූද් කළ යුතු දැ? යි ඔහු(ඉබ්ලීස්) විමසුවේ ය.

See all translations of this verse →

قَالَ أَرَءَيْتَكَ هَٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerමට වඩා නුඹ ගරු කළ ඔහු ගැන නුඹ කුමක් පවසන්නෙහි ද? මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් නුඹ මා ප්‍රමාද කරන්නේ නම් ස්වල්ප දෙනෙකුව හැර ඔහුගේ පරපුර සැබැවින් ම මම මුලිනුපුටා දමමි යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءً مَّوْفُورًا

Sinhalese Translation - Rowwad Translation Center(එවිට අල්ලාහ්) නුඹ ද ඔවුන්ගෙන් නුඹව අනුගමනය කළ අය ද පිටව යනු. පරිපූර්ණයෙන් දෙනු ලබන නුඹලාගේ ප්‍රතිවිපාකය නිරය වේ යැයි පැවසුවේ ය.

See all translations of this verse →

وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් අතරින් නුඹට හැකි අය නුඹේ හඬින් මුලා කරනු. ඔවුනට එරෙහිව නුඹගේ අශ්වාරෝහකයින් හා නුඹගේ පාබල සේනාව විධිමත් කර ගනු. තවද වස්තුවෙහි හා දරුවන්හි නුඹ ඔවුනට හවුල් වනු. තවද නුඹ ඔවුනට ප්‍රතිඥා දෙනු. ෂෙයිතාන් ඔවුනට රැවටීම මිස වෙනත් කිසිවක් පොරොන්දු නො දෙයි.

See all translations of this verse →

إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මාගේ (යහපත්) ගැත්තන් වනාහි, ඔවුනට එරෙහිව නුඹට කිසිදු බලයක් නොමැත. තවද භාරකරු වශයෙන් නුඹගේ පරමාධිපති ප්‍රමාණවත් ය.

See all translations of this verse →

رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦٓ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ඔහුගේ භාග්‍යය සෙවීම පිණිස නුඹලා වෙනුවෙන් මුහුදෙහි නැව් යාත්‍රා කරවනුයේ නුඹලාගේ පරමාධිපති ය. නියත වශයෙන් ම ඔහු නුඹලාට මහා කාරුණික විය.

See all translations of this verse →

وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ ٱلْإِنسَٰنُ كَفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට මුහුදෙහි පීඩාවක් ඇති වූ කල්හි ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය මුවා වී යනු ඇත. ඔහු නුඹලාව මුදවා ගොඩබිම වෙත ගෙන ආ විට නුඹලා පිටුපාන්නෙහු ය. තවද මිනිසා මහා ගුණමකුවකු විය.

See all translations of this verse →

أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًا ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹලාව පොළොවේ පැත්තක ගිල්වීමෙන් හෝ නුඹලා වෙත ගල්වරුසාවක් යැවීමෙන් හෝ නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ සිදු වුවහොත්) පසුව නුඹලා වෙනුවෙන් කිසිදු භාරකරුවකු නුඹලා නො දකිනු ඇත.

See all translations of this verse →

أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් නුඹලාව එහි නැවත වාරයක් ගෙන්වා නුඹලා වෙත චණ්ඩමාරුතයක් එවා නුඹලා ප්‍රතික්ෂේප කළ හේතුවෙන් නුඹලාව ගිල්වීම පිළිබඳ නුඹලා නිර්භියව සිටින්නෙහු ද? (එසේ සිදු වුවහොත්) පසුව නුඹලා වෙනුවෙන් අපගෙන් ඒ ගැන විමසන්නට කිසිදු ලුහුබඳින්නෙකු නුඹලා නො දකිනු ඇත.

See all translations of this verse →

وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි ආදම්ගේ දරුවන් ගෞරවයට ලක් කළෙමු. තවද ගොඩබිමෙහි හා මුහුදෙහි අපි ඔවුන් ඉසිලීමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය කළෙමු. තවද අප මැව්වා වූ දැයින් බොහෝ දෑට වඩා අපි ඔවුන්ව මහිමයට පත් කිරීමෙන් උසස් කළෙමු.

See all translations of this verse →

يَوْمَ نَدْعُوا۟ كُلَّ أُنَاسٍۭ بِإِمَٰمِهِمْ فَمَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُو۟لَٰٓئِكَ يَقْرَءُونَ كِتَٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerසෑම ජන සමූහයක් ම ඔවුන්ගේ මෙහෙයුම්කරු සමඟ අපි අමතන දින, කවරෙකුට තම දකුණතෙහි තම වාර්තා පොත දෙනු ලැබුවේ ද එවිට ඔවුහු ඔවුන්ගේ වාර්තා පොත කියවති. තවද සිවියක් තරම් හෝ ඔවුහු අපරාධ කරනු නො ලබති.

See all translations of this verse →

وَمَن كَانَ فِى هَٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْـَٔاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවරෙකු මෙ(ලොවෙ)හි අන්ධයකු වූයේ ද ඔහු මතු ලොවෙහි ද අන්ධයකු වේ. තවද මාර්ගයෙන් දැඩි මුළාවූවකු ද වේ.

See all translations of this verse →

وَإِن كَادُوا۟ لَيَفْتِنُونَكَ عَنِ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ لِتَفْتَرِىَ عَلَيْنَا غَيْرَهُۥ وَإِذًا لَّٱتَّخَذُوكَ خَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹ වෙත දන්වා සිටි දේ හැර දමා, නුඹ අපට එරෙහිව ඒ හැර වෙනත් දෙයක් ගොතා පවසන මෙන් (පොළඹවා) ඔවුන් නුඹව වෙනතකට යොමු කිරීමට තැත් කළෝ ය. (නුඹ එසේ කළේ නම්) එවිට නුඹව මිතුරෙකු සේ ඔවුන් ගනු ඇත.

See all translations of this verse →

وَلَوْلَآ أَن ثَبَّتْنَٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْـًٔا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹව ස්ථාවර නො කළේ නම් සැබැවින් ම නුඹ අල්ප දෙයකින් ඔවුන් වෙත නැඹුරුවන්නට තිබුණි.

See all translations of this verse →

إِذًا لَّأَذَقْنَٰكَ ضِعْفَ ٱلْحَيَوٰةِ وَضِعْفَ ٱلْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අපි (මෙලොව) ජීවිතයේ දෙගුණයක් ද මරණයේ දී දෙගුණයක් ද (දඬුවම්) අපි නුඹට විඳවන්නට සලස්වමු. පසුව නුඹ අපට එරෙහිව කිසිදු උදව්කරුවකු නො දකිනු ඇත.

See all translations of this verse →

وَإِن كَادُوا۟ لَيَسْتَفِزُّونَكَ مِنَ ٱلْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا وَإِذًا لَّا يَلْبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹව මෙම භූමියෙන් පිටුවහල් කරනු පිණිස නුඹව එයින් පලවා හරින්නට ඔවුන් තැත් කළෝ ය. (එසේ කළේ නම්) එවිට නුඹෙන් පසුව මද කලක් මිස ඔවුන් ද (එහි) රැඳී නො සිටිනු ඇත.

See all translations of this verse →

سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ රසූල්වරුන් අතුරින් නුඹට පෙර සැබැවින් ම අප එවූ අයගේ පිළිවෙතය (මෙය). තවද අපගේ පිළිවෙතට වෙනස් කිරීමක් නුඹ නො දකිනු ඇත.

See all translations of this verse →

أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًا

Sinhalese Translation - Rowwad Translation Centerහිරු මුදුනින් අවරට යෑමේ සිට රාත්‍රි ඝනාන්ධකාරය හට ගන්නා තෙක් සලාතය විධිමත්ව ඉටු කරනු. අලුයම් කාලයේ පාරායනය (හෙවත් ෆජ්රු සලාතය) ද ඉටු කරනු. නියත වශයෙන් ම අලුයම් කාලයේ පාරායනය (සහභාගී වූ බවට) සාක්ෂි දරනු ලබන්නක් විය.

See all translations of this verse →

وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةً لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද රාත්‍රියෙහි නුඹ වෙත (පැවරුණු) අතිරේක (සලාත)යක් වශයෙන් ම එහි තහජ්ජුද් (සලාතය) ඉටු කරනු. නුඹේ පරමාධිපති නුඹව මකාම් මහ්මූද් (හෙවත් ප්‍රශංසාලාභී ස්ථානයෙ)හි සැබැවින් ම නුඹව නැගිටුවනු ඇත.

See all translations of this verse →

وَقُل رَّبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِى مُخْرَجَ صِدْقٍ وَٱجْعَل لِّى مِن لَّدُنكَ سُلْطَٰنًا نَّصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ පරමාධිපතියාණනි! සත්‍යයේ පිවිසුමෙන් ඔබ මා ඇතුළු කරනු මැනව! තවද සත්‍යයේ පිටවුමෙන් ඔබ මා පිටත් කරනු මැනව! තවද නුඹ වෙතින් වූ උපකාරී වන බලයක් මා වෙත ඇති කරනු මැනව! යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَقُلْ جَآءَ ٱلْحَقُّ وَزَهَقَ ٱلْبَٰطِلُ إِنَّ ٱلْبَٰطِلَ كَانَ زَهُوقًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සත්‍යය පැමිණියේ ය. අසත්‍යය විනාශ වී ගියේ ය. නියත වශයෙන් ම අසත්‍යය විනාශ වී යන්නක්ම විය යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌ وَرَحْمَةٌ لِّلْمُؤْمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය විශ්වාස කරන්නන්හට දයාව හා සුවය ඇති දෑ අපි අල් කුර්ආනයෙන් පහළ කරන්නෙමු. එහෙත් අපරාධකරුවන්ට අලාභය මිස වෙනත් කිසිවක් එය වැඩි නො කරනු ඇත.

See all translations of this verse →

وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනිසාට අපි ආශිර්වාද කළ විට ඔහු පිටුපා ඒ අසලින් හැරී යයි. එහෙත් ඔහුට පීඩාවක් ස්පර්ශ වූ විට ඔහු බලාපොරොත්තු සුන් කරගන්නා අයෙකු විය.

See all translations of this verse →

قُلْ كُلٌّ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerසෑම කෙනෙකුම තම මාර්ගයට අනුව කටයුතු කරයි. එහෙයින් මාර්ගයෙන් වඩාත් නිවැරදි අය කවුරුන් දැ? යි නුඹලාගේ පරමාධිපති මැනවින් දන්නාය යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු රූහ් (හෙවත් ප්‍රාණය) පිළිබඳ නුඹගෙන් විමසති. රූහ් (පිළිබඳ දැනුම) මාගේ පරමාධිපතිගේ නියෝගයෙන් වූවකි. තවද දැනුමෙන් නුඹලා වෙත පිරිනමනු ලැබ ඇත්තේ ස්වල්පයක් මිස නැතැයි නුඹ පවසනු.

See all translations of this verse →

وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيْنَا وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අභිමත කළේ නම් නුඹ වෙත අපි දන්වා සිටි දෑ (නුඹෙන්) ඉවත් කරන්නෙමු. පසුව නුඹ ඒ සම්බන්ධයෙන් අපට එරෙහිව කිසිදු භාරකරුවකු නො දකිනු ඇත.

See all translations of this verse →

إِلَّا رَحْمَةً مِّن رَّبِّكَ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹගේ පරමාධිපතිගෙන් වූ දයාලුභාවයක් ලෙසින් මිස (එය පැවතියේ) නැත. නියත වශයෙන් ම නුඹ වෙත වූ ඔහුගේ භාග්‍යය අතිමහත් විය.

See all translations of this verse →

قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerමෙම අල්-කුර්ආනය හා සමාන දෙයක් ගෙන ඒමට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා ඒකරාශී වුව ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරට උර සිටිය ද ඒ හා සමාන දෙයක් ඔවුහු ගෙන එන්නේ නැත යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මෙම අල්-කුර්ආනයෙහි සෑම උපමාවක් තුළින් ම (විවිධ පැතිකඩ වලින්) අපි විස්තර කළෙමු. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස සිටියා මිස (එය) පිළිගත්තේ නැත.

See all translations of this verse →

وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද මහපොළොවෙන් උල්පතක් අප වෙත නුඹ මතු කර දෙන තෙක් අපි නුඹව විශ්වාස නො කරන්නේ මය යැයි ඔවුහු පැවසූහ.

See all translations of this verse →

أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ ٱلْأَنْهَٰرَ خِلَٰلَهَا تَفْجِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් ඉඳි හා මිදිවලින් යුත් උයනක් නුඹට තිබී ඒ අතර ගංගාවන් නුඹ මතු කරන තෙක් හෝ,

See all translations of this verse →

أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ قَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් නුඹ ප්‍රතිඥා කළ පරිදි අප වෙත අහස කැබලිවලට කඩා නුඹ බිම හෙළෙන තෙක් හෝ නැතහොත් අල්ලාහ් හා මලක්වරුන් (අප) ඉදිරියට නුඹ ගෙන එන තෙක් හෝ,

See all translations of this verse →

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَٰبًا نَّقْرَؤُهُۥ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا

Sinhalese Translation - Rowwad Translation Centerනැතහොත් නුඹට රනින් වූ නිවසක් තිබෙන තෙක් හෝ නැතහොත් අහසට නුඹ නැග යන තෙක් හෝ (අපි නුඹව විශ්වාස නො කරන්නේ ම ය.) තවද නුඹ අප වෙත ග්‍රන්ථයක් පහළ කොට එය අපි කිය වන තෙක් නුඹගේ ආරෝහණ ගමන සැබැවින් ම අපි විශ්වාස නො කරන්නෙමු. මාගේ පරමාධිපති සුවිශුද්ධ ය. මම ධර්ම දූතයකු වූ මිනිසෙකු විනා (වෙනත් ස්වරූපයකින්) මම සිටියෙමි දැ? යි (නබිවරය! ඔවුන්ගෙන්) නුඹ විමසනු.

See all translations of this verse →

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓا۟ أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයා වෙත යහ මග පැමිණි විට "අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකුවද යැව්වේ" යැයි විමසීම මිස වෙනත් කිසිවක් ඔවුන් විශ්වාස කිරීමෙන් ඔවුන්ව වැළැක්වූයේ නැත.

See all translations of this verse →

قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَٰٓئِكَةٌ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًا رَّسُولًا

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොවේ මලක්වරු සන්සුන්ව සැරිසරමින් (ජීවත් ව) පැමිණ තිබුණා නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන් මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerමා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. නියත වශයෙන් ම ඔහු තම ගැත්තන් පිළිබඳව අභිඥානවන්ත නිරීක්ෂක විය යැයි නුඹ පවසනු.

See all translations of this verse →

وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَّأْوَىٰهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَٰهُمْ سَعِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් කවරෙකුට යහ මග පෙන්වන්නේ ද ඔහු යහ මග ලැබූවෙකි. තවද ඔහු කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට ඔවුන් වෙනුවෙන් ඔහු හැර වෙනත් කිසිවකු භාරකරුවන් වශයෙන් නුඹ නො දකිනු ඇත. තවද අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන්ගේ මුහුණු මුණින් අත තිබිය දී අන්ධ, ගොළු හා බිහිරි ලෙසින් අපි ඔවුන් නැගිටුවන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී ගිය සෑම විටකම අපි ඔවුනට දලු ලා ඇවිළෙන ගින්න අධික කළෙමු.

See all translations of this verse →

ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًا جَدِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑය සැබැවින් ම ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කළ බැවින් හා අප අස්ථි හා දූවිලි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නව මැවීමක් ලෙස නැගිටුවනු ලබන්නන් වන්නෙමු දැ? යි ඔවුහු විමසා සිටි බැවින් ඔවුනට සතු ප්‍රතිවිපාකයයි.

See all translations of this verse →

أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ් ඔවුන් මෙන් දෑ මැවීමට ශක්තිය ඇත්තා බව ඔවුහු නො දුටුවෝ ද? තවද ඔවුනට නියමිත කාලයක් ඔහු ඇති කළේ ය. එහි කිසිදු සැකයක් නැත. එහෙත් අපරාධකරුවෝ දැඩි ප්‍රතික්ෂේපකයින් ලෙස මිස එය පිළිගත්තේ නැත.

See all translations of this verse →

قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِ وَكَانَ ٱلْإِنسَٰنُ قَتُورًا

Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩා නුඹලා සතු කර ඇත්තේ නම් එවිට වියදම් කිරීමට බියෙන් නුඹලා රඳවා ගනු ඇත. තවද මිනිසා මසුරු විය යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَٰتٍۭ بَيِّنَٰتٍ فَسْـَٔلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسْحُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි මූසාට පැහැදිලි සංඥා නවයක් පිරිනැමුවෙමු. එහෙයින් (ඒ ගැන) ඉස්රාඊල් දරුවන්ගෙන් විමසනු. ඔවුන් වෙත ඔහු පැමිණි විට අහෝ මූසා! නියත වශයෙන් ම නුඹ හූනියම් කරනු ලැබූවෙකි යැයි මම සිතමි යැයි ෆිර්අවුන් ඔහු අමතා පැවසුවේ ය.

See all translations of this verse →

قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَٰفِرْعَوْنُ مَثْبُورًا

Sinhalese Translation - Rowwad Translation Centerමේවා පැහැදිලි සාධක ලෙස අහස්හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නො කළ බව සැබැවින් ම නුඹ දන්නෙහි ය. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින් ම මම සිතමි යැයි ඔහු කීවේ ය.

See all translations of this verse →

فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මහපොළොවෙන් ඔවුන්ව පන්නා දමන්නට ඔහු (ෆිර්අවුන්) සිතුවේ ය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූ සියල්ලන් දියෙහි ගිල්වූයෙමු.

See all translations of this verse →

وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْـَٔاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘නුඹලා මෙම භූමියේ වාසය කරනු. අවසන් දින පිළිබඳ ප්‍රතිඥාව පැමිණි විට නුඹලා සියලු දෙනා එකට වෙළා ගනිමින් අපි ගෙන එන්නෙමු යැයි ඔහුගෙන් පසුව ඉස්රාඊල් දරුවන්ට අපි කීවෙමු.

See all translations of this verse →

وَبِٱلْحَقِّ أَنزَلْنَٰهُ وَبِٱلْحَقِّ نَزَلَ وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ කළෙමු. තවද එය සත්‍යය පදනම් කර ගනිමින් පහළ විය. තවද නුඹව ශුභාරංචි දන්වන්නෙකු හා අවවාද කරන්නෙකු ලෙස මිස අපි නො එව්වෙමු.

See all translations of this verse →

وَقُرْءَانًا فَرَقْنَٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍ وَنَزَّلْنَٰهُ تَنزِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කුර්ආනය, එය නවත නවතා ජනයාට නුඹ පාරායනා කරනු පිණිස අපි එය කොටස් කළෙමු. තවද අපි එය (වෙන් වෙන් වූ) පහළ කිරීම් වශයෙන් අපි එය පහළ කළෙමු.

See all translations of this verse →

قُلْ ءَامِنُوا۟ بِهِۦٓ أَوْ لَا تُؤْمِنُوٓا۟ إِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مِن قَبْلِهِۦٓ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එය විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නො කරනු යැයි (නබිවරය!) නුඹ පවසනු. නියත වශයෙන් ම මීට පෙර දැනුම දෙනු ලැබූවන් වූ ඔවුන් වෙත එය පාරායනය කරනු ලබන විට සුජූද් කරන්නන් ලෙසින් ඔවුහු මුණින් ඇද වැටෙති.

See all translations of this verse →

وَيَقُولُونَ سُبْحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ පරමාධිපති සුවිශුද්ධ ය. අපගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සිදු කරනු ලබන්නක්ම විය යැයි ඔවුහු පවසති.

See all translations of this verse →

وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු අඩමින් (සුජූද් කරන්නන් ලෙසින්) මුණින් ඇද වැටෙති. තවද එය ඔවුනට යටහත් පහත්භාවය වර්ධනය කරනු ඇත.

See all translations of this verse →

قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَٰنَ أَيًّا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අල්ලාහ් යැයි අමතනු. නැතහොත් රහ්මාන් යැයි අමතනු. නුඹලා කවර දෙයක් පවසා ඇමතුව ද ඔහුට අලංකාර නාමයන් ඇත. තවද නුඹගේ සලාතය හඬ නගා ඉටු නො කරනු. තවද එය පහත් හඬින් ද ඉටු නො කරනු. ඒ අතර වූ මාර්ගයක් සොයනු.

See all translations of this verse →

وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌ فِى ٱلْمُلْكِ وَلَمْ يَكُن لَّهُۥ وَلِىٌّ مِّنَ ٱلذُّلِّ وَكَبِّرْهُ تَكْبِيرًۢا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සියලු ප්‍රශංසා අල්ලාහ්ට ම ය. ඔහු වනාහි ඔහු දරුවෙකු නො ගත්තේ ය. තවද පාලනයෙහි ඔහුට කිසිදු හවුල්කරුවකු ද නො වීය. ඔහුට ආරක්ෂකයකු ගැනීමට තරම් ඔහු පහත්භාවයෙන් යුත් නො වීය යැයි නුඹ පවසනු. තවද නුඹ ඔහුව අතිශ්‍රේෂ්ඨ අන්දමින් විභූතිමත් කරනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70