සූරා Al-Muminoon المؤمنون
වාක්‍ය 118 · මක්කා · revelation order 74
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කරන්නෝ සැබැවින් ම ජය ලැබුවෝ ය.
See all translations of this verse →
ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَٰشِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.
See all translations of this verse →
وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.
See all translations of this verse →
وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَٰعِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි zසකාත් ඉටු කරන්නෝ වෙති.
See all translations of this verse →
وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
See all translations of this verse →
إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමඟ) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන් ම ඔවුහු දොස් නගනු ලබන්නන් නො වෙති.
See all translations of this verse →
فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහු මය සීමාව ඉක්මවා යන්නෝ.
See all translations of this verse →
وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති.
See all translations of this verse →
وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් පිළිබඳ සුපරීක්ෂාවෙන් කටයුතු කරන්නෝ වෙති.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු මය උරුමක්කරුවෝ.
See all translations of this verse →
ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَٰلِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
See all translations of this verse →
وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن سُلَٰلَةٍ مِّن طِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.
See all translations of this verse →
ثُمَّ جَعَلْنَٰهُ نُطْفَةً فِى قَرَارٍ مَّكِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.
See all translations of this verse →
ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَٰمًا فَكَسَوْنَا ٱلْعِظَٰمَ لَحْمًا ثُمَّ أَنشَأْنَٰهُ خَلْقًا ءَاخَرَ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَٰلِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි එම ශුක්‍රාණුව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසුව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසුව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසුව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසුව අපි ඔහුව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් උත්පාදකයින්ගෙන් වඩාත් අලංකාර වූ අල්ලාහ් අතිඋත්කෘෂ්ට විය.
See all translations of this verse →
ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඉන් අනතුරුව නියත වශයෙන් ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.
See all translations of this verse →
ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ تُبْعَثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැගිටුවනු ලබති.
See all translations of this verse →
وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَٰفِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳව අපි අනවධානීන් නො වූයෙමු.
See all translations of this verse →
وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍ فَأَسْكَنَّٰهُ فِى ٱلْأَرْضِ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَٰدِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන් ම නියත වශයෙන් ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.
See all translations of this verse →
فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّٰتٍ مِّن نَّخِيلٍ وَأَعْنَٰبٍ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි එමඟින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරු ද ඇත. එමඟින් නුඹලා අනුභව කරන්නෙහු ය.
See all translations of this verse →
وَشَجَرَةً تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍ لِّلْـَٔاكِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල ද අනුභව කරන්නන්හට ව්‍යංජනයක් ද හට ගන්වයි.
See all translations of this verse →
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةً نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහු ය.
See all translations of this verse →
وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහු ය.
See all translations of this verse →
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ أَفَلَا تَتَّقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් නො වන්නෙහු ද?
See all translations of this verse →
فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةً مَّا سَمِعْنَا بِهَٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහුගේ ජනයා අතරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.
See all translations of this verse →
إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු උමතුව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.
See all translations of this verse →
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ إِنَّهُم مُّغْرَقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින් ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි විනිශ්චය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමඟ කතා නො කරනු. නියත වශයෙන් ම ඔවුහු ගිල් වනු ලබන්නෝ වෙති.
See all translations of this verse →
فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹ හා නුඹ සමඟ වූවන් නැවට නැග සිටි විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.
See all translations of this verse →
وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًا مُّبَارَكًا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ පරමාධිපතියාණනි! සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු.
See all translations of this verse →
إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَٰتٍ وَإِن كُنَّا لَمُبْتَلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එහි සංඥා ඇත. තවද සැබැවින් ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.
See all translations of this verse →
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.
See all translations of this verse →
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ أَفَلَا تَتَّقُونَ
Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ?’ යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.
See all translations of this verse →
وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْـَٔاخِرَةِ وَأَتْرَفْنَٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَٰذَآ إِلَّا بَشَرٌ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ ජනයා අතරින් (සත්‍යය) ප්‍රතික්ෂේප කළ, පරමාන්ත දිනයේ හමුව (ගැන) බොරු කළ, තවද මෙලොවෙහි ඔවුනට සුපෝඛබෝගී ජීවිතයක් අප පිරිනැමූ ප්‍රධානීහු "මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත, නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි" යැයි පැවසුවෝ ය.
See all translations of this verse →
وَلَئِنْ أَطَعْتُم بَشَرًا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًا لَّخَٰسِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් එවිට නියත වශයෙන් ම නුඹලා අලාභවන්තයෝ වන්නෙහු ය.
See all translations of this verse →
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًا وَعِظَٰمًا أَنَّكُم مُّخْرَجُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන් ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට ප්‍රතිඥාවක් දෙන්නේ ද?
See all translations of this verse →
هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ දුරස්ය. ඉතා දුරස් ය.
See all translations of this verse →
إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නො වේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නො වෙමු.
See all translations of this verse →
إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු අල්ලාහ්ට එරෙහිව බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහුව විශ්වාස කරන්නන් නො වෙමු.
See all translations of this verse →
قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව! යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
قَالَ عَمَّا قَلِيلٍ لَّيُصْبِحُنَّ نَٰدِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමද කලකින් සැබැවින් ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَٰهُمْ غُثَآءً فَبُعْدًا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට මහා හඬ සැබෑ ලෙසින් ම ඔවුන්ව හසු කර ගත්තේ ය. පසුව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. එහෙයින් අපරාධකාරී ජනයාට ශාපයක් ම වේවා!
See all translations of this verse →
ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅනතුරුව ඔවුන්ගෙන් පසුව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.
See all translations of this verse →
مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerකිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නො යනු ඇත. තවද ඔවුහු ප්‍රමාද ද නො වනු ඇත.
See all translations of this verse →
ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا كُلَّ مَا جَآءَ أُمَّةً رَّسُولُهَا كَذَّبُوهُ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًا وَجَعَلْنَٰهُمْ أَحَادِيثَ فَبُعْدًا لِّقَوْمٍ لَّا يُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි පණිවිඩකරුවෙකු පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝ ය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට පසු අනුගමනය කිරීමට සැළැස්සුවෙමු. තවද ඔවුන්ව (පුරාණ ඉතිහාස) පුවත් බවට පත් කළෙමු. එහෙයින් දේවත්වය විශ්වාස නො කරන ජනයාට (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරසක් ම වේවා!
See all translations of this verse →
ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerපසුව අපි අපගේ සංඥා හා පැහැදිලි සාධක සමඟ මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.
See all translations of this verse →
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ
Sinhalese Translation - Rowwad Translation Centerෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. එහෙත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.
See all translations of this verse →
فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَٰبِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කළ යුතු ද? ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නනෝ වෙති යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝ ය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතරින් වූහ.
See all translations of this verse →
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින් ම අපි මූසාට ධර්ම ග්‍රන්ථය පිරිනැමුවෙමු.
See all translations of this verse →
وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةً وَءَاوَيْنَٰهُمَآ إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. තවද උල්පත් හා නිශ්චල උස් තැනි තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.
See all translations of this verse →
يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعْمَلُوا۟ صَٰلِحًا إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දූතවරුනි! පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන් ම මා නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ඥානී ය.
See all translations of this verse →
وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةً وَٰحِدَةً وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ මෙම සමාජය එක ම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.
See all translations of this verse →
فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًا كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන්ව බෙදා වෙන් කර ගත්තෝ ය. සෑම පක්ෂයක් ම ඔවුන් සතු දෑ පිළිබඳව සතුටු වන්නෝ වූහ.
See all translations of this verse →
فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.
See all translations of this verse →
أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍ وَبَنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමඟින්...
See all translations of this verse →
نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ بَل لَّا يَشْعُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝ ද? නැත. ඔවුහු (ඒ බව) නො හඟති.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගත් අය ද,
See all translations of this verse →
وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ විශ්වාස කරන අය ද,
See all translations of this verse →
وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ නො තබන අය ද,
See all translations of this verse →
وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ පිරිනමන අය ද,
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَٰبِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද (මෙවැන්නන්) යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහු ම ය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.
See all translations of this verse →
وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا وَلَدَيْنَا كِتَٰبٌ يَنطِقُ بِٱلْحَقِّ وَهُمْ لَا يُظْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නො පටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
See all translations of this verse →
بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍ مِّنْ هَٰذَا وَلَهُمْ أَعْمَٰلٌ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَٰمِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් (අයහපත්) ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුන් අතර වූ සුඛෝපභෝගී ජීවිතයක් දෙනු ලැබූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.
See all translations of this verse →
لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅද දින නුඹලා බැගෑපත් නො වනු. නියත වශයෙන් ම නුඹලා අපගෙන් උදව් නො ලබනු ඇත.
See all translations of this verse →
قَدْ كَانَتْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ تَنكِصُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. එහෙත් නුඹලා (එයින්) වැළකී නුඹලා හැරී පලා යමින් සිටියෙහු ය.
See all translations of this verse →
مُسْتَكْبِرِينَ بِهِۦ سَٰمِرًا تَهْجُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතාවල නිරතවෙමින් සිටියෙහු ය.
See all translations of this verse →
أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුහු එම ප්‍රකාශය (අල් කුර්ආනය) පරිශීලනය නො කළෝ ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?
See all translations of this verse →
أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, පසුව ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
See all translations of this verse →
أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَٰرِهُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔහු උමතුවෙන් පෙළෙනු ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නො ව, ඔහු ඔවුන් වෙත සත්‍යය සමඟ පැමිණියේ ය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ.
See all translations of this verse →
وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ بَلْ أَتَيْنَٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද දූෂිත වී යනු ඇත. එසේ නො ව, ඔවුනට උපදෙසක් අපි පිරිනැමුවෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.
See all translations of this verse →
أَمْ تَسْـَٔلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත්, නුඹ ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨ ය. තවද ඔහු පෝෂකයින් අතරින් ද ශ්‍රේෂ්ඨයා ය.
See all translations of this verse →
وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහි ය.
See all translations of this verse →
وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْـَٔاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම මතු ලොව විශ්වාස නො කරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.
See all translations of this verse →
وَلَوْ رَحِمْنَٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّ لَّلَجُّوا۟ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට අත් වූ පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.
See all translations of this verse →
وَلَقَدْ أَخَذْنَٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. එහෙත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නො වූහ. තවද ඔවුහු බැගෑපත් නො වූහ.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅවසානයේ අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.
See all translations of this verse →
وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට ශ්‍රවණය ද, දෘෂ්ටීන් ද, හදවත් ද නිර්මාණය කළේ ඔහු ම ය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.
See all translations of this verse →
وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොවේ නුඹලාව මැව්වේ ඔහු ම ය. තවද ඔහු වෙත ම නුඹලා රැස් කරනු ලබනු ඇත.
See all translations of this verse →
وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ أَفَلَا تَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ජීවය දෙන්නා ද, මරණයට පත් කරන්නා ද ඔහු ය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතු ය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නො වේ ද?
See all translations of this verse →
بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝ ය.
See all translations of this verse →
قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැ? යි ඔවුහු විමසූවෝ ය.
See all translations of this verse →
لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස වෙනත් කිසිවක් නැත.
See all translations of this verse →
قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතු දැ? යි නුඹ විමසනු.
See all translations of this verse →
سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَذَكَّرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ? යි විමසනු.
See all translations of this verse →
قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerඅහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන් දැ? යි නුඹ විමසනු.
See all translations of this verse →
سَيَقُولُونَ لِلَّهِ قُلْ أَفَلَا تَتَّقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි නුඹ විමසනු.
See all translations of this verse →
قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerසියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන් දැ? යි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නො ලබයි. නුඹලා දැන සිටියාහු නම්!
See all translations of this verse →
سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ විමසනු.
See all translations of this verse →
بَلْ أَتَيْنَٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَٰذِبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන් ම ඔවුහු මුසාවාදීහු ම ය.
See all translations of this verse →
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَٰهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කිසිදු දරුවකු නො ගත්තේ ය. තවද ඔහු සමඟ කිසිදු දෙවියකු ද නො වීය. එසේ (දෙවිවරු කිහිප දෙනෙකු) වූ විට සෑම දෙවියෙකු ම ඔහු මැවූ දෑ සමඟ පහව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරු ය.
See all translations of this verse →
عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු අදෘශ්‍යමාන දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානී ය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.
See all translations of this verse →
قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු.
See all translations of this verse →
رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයා අතරට මා පත් නො කරනු මැනව! (යැයි නුඹ පවසනු.)
See all translations of this verse →
وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَٰدِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අප ඔවුනට පොරොන්දු වන දෑ නුඹට පෙන්වීමට නියත වශයෙන් ම අපි බලය ඇත්තෝ වෙමු.
See all translations of this verse →
ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ
Sinhalese Translation - Rowwad Translation Centerවඩාත් අලංකාර වනුයේ කුමක් ද? එමඟින් (නබිතුමණි) නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳව අපි මැනවින් දන්නෙමු.
See all translations of this verse →
وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ පරමාධිපතියාණනි! ෂෙයිතානුන්ගේ පෙලඹවීම්වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.
See all translations of this verse →
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.
See all translations of this verse →
حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ
Sinhalese Translation - Rowwad Translation Centerඅවසානයේ ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි! නුඹ මා නැවත හරවා යවනු මැනව! යැයි ඔහු පවසයි.
See all translations of this verse →
لَعَلِّىٓ أَعْمَلُ صَٰلِحًا فِيمَا تَرَكْتُ كَلَّآ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමා අතපසු කළ දෑහි දැහැමි දෑ ඉටු කිරීම සඳහා (එසේ හරවා යවනු මැනව!) එසේ නොව නියත වශයෙන් ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසුව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.
See all translations of this verse →
فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَآءَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර සම්බන්ධතා නො පවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නො ගනිති.
See all translations of this verse →
فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහු මය ජයග්‍රාහකයෝ.
See all translations of this verse →
وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَٰلِدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද කවරෙකුගේ තුලාවන් බරින් සැහැල්ලු වූයේ ද තමන්ට ම අලාභහානි කර ගත්තෝ ඔවුහු ම ය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.
See all translations of this verse →
تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَٰلِحُونَ
Sinhalese Translation - Rowwad Translation Center(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි විකෘති වූවෝ වෙති.
See all translations of this verse →
أَلَمْ تَكُنْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නො ලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහු ය.
See all translations of this verse →
قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَآلِّينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! “අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු” යැයි ඔවුහු පවසති.
See all translations of this verse →
رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَٰلِمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! අපව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි (නොමඟ වෙත) හැරුණේ නම් එවිට නියත වශයෙන් ම අපි අපරාධකරුවෝ වෙමු. (යැයි ඔවුහු පවසති.)
See all translations of this verse →
قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එහි පහත් බවින් සිටිනු. තවද නුඹලා මට කතා නො කරනු යැයි ඔහු පවසයි.
See all translations of this verse →
إِنَّهُۥ كَانَ فَرِيقٌ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මාගේ ගැත්තන් අතරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි! අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව! තවද අපට කරුණා කරනු මැනව! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.
See all translations of this verse →
فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කර වන තෙක් නුඹලා ඔවුන් සරදමට ගත්තෙහු ය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහු ය.
See all translations of this verse →
إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ
Sinhalese Translation - Rowwad Translation Center(නුඹලාගේ සරදම් නො තකා) ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන් ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන් ම ඔවුහු මය ජයග්‍රාහකයෝ.
See all translations of this verse →
قَٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද? යැයි ඔහු විමසනු ඇත.
See all translations of this verse →
قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَسْـَٔلِ ٱلْعَآدِّينَ
Sinhalese Translation - Rowwad Translation Centerදිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු යැයි ඔවුහු පවසති.
See all translations of this verse →
قَٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًا لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නො සිටියෙහු ය. නියත වශයෙන් ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَٰكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන් ම නුඹලා අප වෙත නැවත හැරී නො එනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?
See all translations of this verse →
فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතර ය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ්හි හිමිපාණන් ය.
See all translations of this verse →
وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرْهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَٰفِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද කවරෙකු අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියස ය. නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇත.
See all translations of this verse →
وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! නුඹ සමාව දෙනු මැනව! තවද කරුණා කරනු මැනව! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අතිශ්‍රේෂ්ඨය යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→