caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Hajj الحج

වාක්‍ය 78 · මදීනා · revelation order 103

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිට නුඹලා බිය බැතිමත් වනු. නියත වශයෙන් ම අවසන් හෝරාවේ කම්පනය අතිබලවත් කරුණකි.

See all translations of this verse →

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එය දකින දින, කිරි දෙන සෑම මවක්ම තමන් කිරි දෙන අයගෙන් (තම අවධානය) වෙනතකට යොමු කරයි. තවද දරු ගැබ් ගත් සෑම කතක් ම ඇයගේ ගැබ්බර (බිම) හෙළයි. තවද නුඹ ජනයා මත්වූවන් සේ දකිනු ඇත. එහෙත් ඔවුන් මත්වූවන් නො වෙති. එනමුත් අල්ලාහ්ගේ දඬුවම ඉතා දැඩි ය.

See all translations of this verse →

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَٰنٍ مَّرِيدٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් සම්බන්ධයෙන් තර්ක කරන නොමඟ යවන සෑම ෂෙයිතානුවෙක්ම අනුගමනය කරන අය ජනයා අතරින් වෙති.

See all translations of this verse →

كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම කවරෙකු ඔහු භාරකාරත්වය යටතේ ගත්තේ ද නියත වශයෙන් ම ඔහු ඔහුව නොමඟ යවනු ඇත. තවද ඇවිළෙන නිරා ගින්නේ දඬුවමට ඔහු මග පෙන්වනු ඇතැයි ඔහු කෙරෙහි නියම කරන ලදි.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَٰكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍ شَيْـًٔا وَتَرَى ٱلْأَرْضَ هَامِدَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ජනයිනි! නැවත නැගිටුවනු ලැබීම පිළිබඳ නුඹලා සැකයක පසුවූයේ නම් එවිට (දැන ගනු) නුඹලාට (යථාර්ථය) පැහැදිලි කරනු වස් නියත වශයෙන් ම අපි නුඹලාව පසින්ද, පසුව ශුක්‍රාණුවෙන්ද, පසුව ලේ කැටියෙන් ද, පසුව හැඩ ඇති හා හැඩ නොමැති මස් පිඩුවෙන්ද (යන අනුපිළිවෙළින්) මැව්වෙමු. තවද අප අභිමත කරන පරිදි නියමිත කාලයක් දක්වා අපි ගැබ්තුළ රඳවන්නෙමු. පසුව අපි බිළිදෙකු ලෙසින් නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා වැඩිවියට පත් වනු ඇත. තවද නුඹලා අතර මරණයට පත්වන්නන් ද එමෙන් ම නුඹලා අතර ඥානය ලැබීමෙන් පසු කිසිවක් නොදන්නා තරමට වයෝවෘද්ධභාවය දක්වා ආයුෂ පිරිනමනු ලබන්නන්ද වෙති. තවද නුඹ මහපොළොව වියළිව දකිනු ඇත. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී, වැඩී සරුසාර සෑම වර්ගයකින් ම පැළෑටිහට ගනියි.

See all translations of this verse →

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය සත්‍යය වන බැවිනි. තවද නියත වශයෙන් ම ඔහු මළවුන්ට ජීවය දෙයි. තවද නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

See all translations of this verse →

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම අවසන් හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද නියත වශයෙන් ම මිනිවළවල් තුළ සිටින්නන්ව අල්ලාහ් නැගිටුවයි.

See all translations of this verse →

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَٰبٍ مُّنِيرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කිසිදු දැනුමකින් තොරව එමෙන් ම කිසිදු මග පෙන්වීමකින් තොරව හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථයකින් තොරව අල්ලාහ් විෂයයෙහි තර්ක කරන්නන් ජනයා අතර සිටිති.

See all translations of this verse →

ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔහු) අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග යැවීමට තම ගෙල වෙනතකට හරවමින් සිටියි. ඔහුට මෙලොවෙහි අවමානය ඇත. තවද අපි ඔහුට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැවෙන (ගින්නේ) දඬුවම භුක්ති විඳින්නට සලස්වන්නෙමු.

See all translations of this verse →

ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ

Sinhalese Translation - Rowwad Translation Centerඑය නුඹගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ.

See all translations of this verse →

وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةَ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයා අතරින් මායිමක් මත සිට අල්ලාහ්ට නැමදුම් කරන්නා ද වෙයි. යම් යහපතක් ඔහුට ඇති වූයේ නම් එමඟින් ඔහු සැනසුමට පත් වෙයි. එහෙත් ඔහුට යම් අර්බුදයක් ඇති වූයේ නම් ඔහුගේ මුහුණ මත හැරී යයි. මෙලොවෙහි හා මතුලොවෙහි ඔහු පරාජිත විය. ප්‍රකට ඉමහත් පරාජය එය ම ය.

See all translations of this verse →

يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු අල්ලාහ් හැර දමා තමන්ට හානියක් සිදු කළ නො හැකි එමෙන් ම තමන්ට ඵලක් නො දෙන දෑට අයැද සිටියි. එය මය අන්ත මුළාව වනුයේ.

See all translations of this verse →

يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ ප්‍රයෝජනයට වඩා ඔහුගේ හානිය සමීපව ඇත්තාගෙන් ඔහු අයැද සිටියි. (එසේ ඔහු පතන) එම භාරකරු නපුරු විය. තවද එම සහකරු නපුරු විය.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කොට යහකම් කළවුන් ඊට යටින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වෙත ඇතුළත් කරයි. නියත වශයෙන් ම අල්ලාහ් තමන් සිතන දෑ සිදු කරයි.

See all translations of this verse →

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ

Sinhalese Translation - Rowwad Translation Centerමෙලොව හා මතුලොව අල්ලාහ් ඔහුට උදව් නො කරන්නේ ම යැයි කවරෙකු සිතන්නේ ද, ඔහු අහස දෙසට ආධාරකයක් දිගු කොට පසුව එය කපා හරිත්වා! එවිට ඔහුගේ කුමන්ත්‍රණය ඔහු කෝපය ඇති කරන දෑ ඉවත් කරනු ඇත්දැයි ඔහු බලත්වා!

See all translations of this verse →

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ ءَايَٰتٍۭ بَيِّنَٰتٍ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද එලෙස අපි මෙය (අල් කුර්ආනය) පැහැදිලි සංඥාවන් වශයෙන් පහළ කළෙමු. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විශ්වාස කළවුන් ද, යුදෙව් වූවන් ද, සාබිඌන්වරු ද, කිතුනුවන් ද, ගිනි පුදන්නන් ද, ආදේශ කළවුන් ද නියත වශයෙන් ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් අතර විනිශ්චය ලබා දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය.

See all translations of this verse →

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌ مِّنَ ٱلنَّاسِ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි සිටින අය ද, මහපොළොවේ සිටින අය ද, හිරු ද, සඳු ද, තාරකා ද, කඳු ද, ගස් ද, සතුන් ද ජනයා අතරින් බහුතරයක් දෙනා ද නියත වශයෙන් ම අල්ලාහ්ට සුජූද් කරනු නුඹ නො දුටුවෙහි ද? නමුත් බහුතරයක් දෙනා කෙරෙහි දඬුවම නියම විය. අල්ලාහ් කවරෙකු අවමන් කළේ ද එවිට ගරු කරන කිසිවකු ඔහුට නොමැත. නියත වශයෙන් ම අල්ලාහ් ඔහු අභිමත කරන දෑ සිදු කරයි.

See all translations of this verse →

هَٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerමෙම විවාදිත දෙපිරිස තම පරාමාධිපති සම්බන්ධයෙන් විවාද කළෝ ය. එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්හට (නිරා) ගින්නෙන් වූ ඇඟලුම් වෙන් කරන ලදි. ඔවුන්ගේ හිස්වලට ඉහළින් උණු දිය වක් කරනු ලැබේ.

See all translations of this verse →

يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ උදරයන්හි ඇති දෑ හා හම් එමඟින් දිය කරනු ලැබේ.

See all translations of this verse →

وَلَهُم مَّقَٰمِعُ مِنْ حَدِيدٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට යකඩින් වූ අත් මුගුරු ඇත.

See all translations of this verse →

كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا۟ فِيهَا وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

Sinhalese Translation - Rowwad Translation Centerදුකින් ඔවුන් එතැනින් පිටත් වීමට සිතූ සෑම අවස්ථාවකම ඔවුහු ඒ තුළට නැවත යොමු කරනු ලබති. තවද නුඹලා දැවෙන ගින්නේ දඬුවම භුක්ති විඳිනු (යැයි පවසනු ලැබේ).

See all translations of this verse →

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඊට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට, විශ්වාස කොට යහකම් කළවුන් නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. එහි රනින් වූ වළලු ද, මුතු ද ඔවුනට පළඳවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ ඇඟලුම් සේද ය.

See all translations of this verse →

وَهُدُوٓا۟ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلْقَوْلِ وَهُدُوٓا۟ إِلَىٰ صِرَٰطِ ٱلْحَمِيدِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රකාශයෙන් පිවිතුරු දෑ වෙතට ඔවුහු මග පෙන්වනු ලැබූහ. තවද ප්‍රශංසනීය මාවත වෙත ද ඔවුහු මග පෙන්වනු ලැබූහ.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ ٱلَّذِى جَعَلْنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلْعَٰكِفُ فِيهِ وَٱلْبَادِ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍۭ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද තවද එහි රැඳී සිටින්නන්හට හා පිටස්තරයන්හට සමාන ලෙසින් අපි ජනයා වෙනුවෙන් පත් කළ ශුද්ධ වූ මස්ජිදයෙන් හා අල්ලාහ්ගේ මාර්ගයෙන් කවරෙකු අවහිර කරන්නේ ද තවද සාපරාධී ලෙසින් එහි කෙලසීමට කවරෙකු සිතන්නේ ද එවැනි ඔහුට වේදනීය දඬුවමකින් භුක්ති විඳින්නට අපි සලස්වමු.

See all translations of this verse →

وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මට කිසිවක් ආදේශ නො කරනු. තවද නුඹ (කඃබාව වටා) තවාෆ් කරන්නන්හටත් නැගිට නැමදුම් ඉටු කරන්නන්හටත් (කොන්ද නමා දණහිස් අල්ලා) රුකූඃ කරන්නන්හටත් (නළල බිම තබා) සුජූද් කරන්නන්හටත් මාගේ ගෘහය පිරිසිදු කරනු යැයි පවසා (කඃබාව නම්) ගෘහයේ ස්ථානය ඉබ්රාහීම්ට අපි පවරා දුන් අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

وَأَذِّن فِى ٱلنَّاسِ بِٱلْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද හජ් ගැන ජනයා අතර නුඹ නිවේදනය කරනු. ඔවුහු පා ගමනින් ද ගිරිදුර්ග ස්ථානයන්හි සිට පැමිණෙන වැහැරී ගිය සෑම ඔටුවකු මත හිද ද නුඹ වෙත පැමිණෙයි.

See all translations of this verse →

لِّيَشْهَدُوا۟ مَنَٰفِعَ لَهُمْ وَيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ فِىٓ أَيَّامٍ مَّعْلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْبَآئِسَ ٱلْفَقِيرَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සතු ප්‍රයෝජන ඔවුන් දකිනු පිණිසත් නියමිත දින ගණන්වල ගොවිපළ සතුන් අතරින් ඔහු ඔවුනට පෝෂණය කළ දෑ කෙරෙහි (ඒවා කපන විට) අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිසත් ය. එහෙයින් නුඹලා එයින් අනුභව කරනු. තවද දුෂ්කරතා ඇති දිළින්දාට ආහාර සපයනු.

See all translations of this verse →

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුන් සක්මන් කරත්වා!

See all translations of this verse →

ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيْرٌ لَّهُۥ عِندَ رَبِّهِۦ وَأُحِلَّتْ لَكُمُ ٱلْأَنْعَٰمُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ فَٱجْتَنِبُوا۟ ٱلرِّجْسَ مِنَ ٱلْأَوْثَٰنِ وَٱجْتَنِبُوا۟ قَوْلَ ٱلزُّورِ

Sinhalese Translation - Rowwad Translation Center(කඃබාව ඉදි කිරීමේ අරමුණ) එය වේ. තවද කවරෙකු අල්ලාහ්ගේ පාරිශුද්ධ දෑට ගරු කරන්නේද එය ඔහුගේ පරමාධිපති අබියස ඔහුට යහපතක් වේ. තවද නුඹලා වෙත පාරායනය කර පෙන්වනු ලබන දෑ හැර ගොවිපළ සතුන් නුඹලාට අනුමත කරන ලදි. තවද පිළිමවල කිලිටෙන් නුඹලා වළකිනු. තවද නුඹලා බොරු කතාවෙන් වළකිනු.

See all translations of this verse →

حُنَفَآءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِۦ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخْطَفُهُ ٱلطَّيْرُ أَوْ تَهْوِى بِهِ ٱلرِّيحُ فِى مَكَانٍ سَحِيقٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුට ආදේශ නො තබන්නන් ලෙසින් හා අල්ලාහ්ට අවංකයින් ලෙසිනි. තවද කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පසුව ඔහුව පක්ෂීන් ඩැහැ ගෙන යන්නාක් මෙන් හෝ සුළඟ ඔහු දූර තැනකට රැගෙන යන්නාක් මෙන් හෝ වේ.

See all translations of this verse →

ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ

Sinhalese Translation - Rowwad Translation Center(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද සැබැවින් ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි.

See all translations of this verse →

لَكُمْ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلْبَيْتِ ٱلْعَتِيقِ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට එහි නියමිත කාලයක් දක්වා (ඒවායෙහි) ප්‍රයෝජන ඇත. පසුව එය ඉපැරණි ගෘහය වෙත ස්ථාන ගත කරනු ලබන්නක් වේ.

See all translations of this verse →

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَلَهُۥٓ أَسْلِمُوا۟ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද සෑම සමූහයක් සඳහාම ගොවිපළ සතුන් අතරින් ඔවුනට ඔහු පෝෂණය කළ දෑ මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු පිණිස නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් නුඹලාගේ දෙවිඳුන් එක ම දෙවිඳුන් ය. එහෙයින් නුඹලා ඔහුට අවනත වනු. තවද යටහත් වූවනට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වනු.

See all translations of this verse →

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَٱلصَّٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمْ وَٱلْمُقِيمِى ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි අල්ලාහ් මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනියි. තවද ඔවුනට ඇති වන දෑ මත ඉවසිලිවන්තයින් වෙති. සලාතය විධිමත්ව ඉටු කරන්නන් වෙති. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.

See all translations of this verse →

وَٱلْبُدْنَ جَعَلْنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ فَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا صَوَآفَّ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْقَانِعَ وَٱلْمُعْتَرَّ كَذَٰلِكَ سَخَّرْنَٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔටුවන් ද අපි එය නුඹලාට අල්ලාහ්ගේ සංඥා අතරින් පත් කළෙමු. නුඹලාට එහි යහපතක් ඇත. එහෙයින් නුඹලා උන් පෙළගස්වා උන් මත අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු. උන්ගේ ඇලපත් වැටෙන්නට නියම වූ විට නුඹලා ඉන් අනුභව කරනු. තවද ඉල්ලා සිටින්නාට හා ඉල්ලා නො සිටින්නාට ආහාර සපයනු. එලෙස නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස අපි නුඹලාට උන් වසඟ කර දුන්නෙමු.

See all translations of this verse →

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඋන්ගේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ අල්ලාහ් වෙත නො ලැබෙන්නේ ම ය. එනමුත් ඔහු වෙත ලැබෙනුයේ නුඹලා වෙතින් වූ බිය බැතිමත්භාවයයි. නුඹලාට ඔහු මග පෙන්වූ දෑ වෙනුවෙන් නුඹලා අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කරනු පිණිස එලෙස අපි උන් වසඟ කර දුන්නෙමු. තවද දැහැමියන්හට (නබිවරය!) නුඹ ශුභාරංචි දන්වා සිටිනු.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කළවුන්ගෙන් (ඔවුනට අත් වන හානිය) නියත වශයෙන් ම අල්ලාහ් වළක්වාලනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ගුණමකු වූ සෑම ද්‍රෝහියෙකුවම ප්‍රිය නො කරනු ඇත.

See all translations of this verse →

أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerසටන් කරන්නන්හට අනුමැතිය දෙන ලදි. හේතුව නියත වශයෙන් ම ඔවුන් අපරාධයට භාජනය කරනු ලැබූ හෙයිනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට උදව් කිරීමට ශක්තිවන්ත ය.

See all translations of this verse →

ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌ وَصَلَوَٰتٌ وَمَسَٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අපගේ පරමාධිපති අල්ලාහ්ය යැයි පැවසීම හේතුවෙන් මිස කිසිදු අයිතියකින් තොරව ඔවුන්ගේ නිවෙස්වලින් ඔවුන් බැහැර කරනු ලැබූවෝ වෙති. ජනයා, ඇතැමෙකු විසින් ඇතැමෙකුව අල්ලාහ් නො වැළැක්වූයේ නම් ආරාම, කිතුනු දේවස්ථාන, යුදෙව් නැමදුම් ස්ථාන හා අල්ලාහ්ගේ නාමය අධිකව එහි මෙනෙහි කරනු ලබන මස්ජිදයන් විනාශ කරනු ලබන්නට තිබුණි. කවරෙකු ඔහුට (අල්ලාහ්ට) උදව් කරන්නේ ද නියත වශයෙන් ම අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය.

See all translations of this verse →

ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ أَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ وَأَمَرُوا۟ بِٱلْمَعْرُوفِ وَنَهَوْا۟ عَنِ ٱلْمُنكَرِ وَلِلَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි මහපොළොවෙහි අපි ඔවුනට පහසුකම් ලබා දුන්නේ නම් ඔවුහු සලාතය විධිමත්ව ඉටු කරති. තවද zසකාත් පිරිනමති. තවද යහපත විධානය කොට අයහපතින් වළක්වති. තවද සියලු කරුණුවල අවසානය අල්ලාහ් සතු ය.

See all translations of this verse →

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු නුඹව බොරු කරන්නේ නම් එවිට (නුඹ දැන ගනු) ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද, ආද් ජනයා ද, සමූද් ජනයා ද සැබැවින් ම (ඔවුන්ගේ නබිවරුන්) බොරු කළෝ ය.

See all translations of this verse →

وَقَوْمُ إِبْرَٰهِيمَ وَقَوْمُ لُوطٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඉබ්රාහීම්ගේ ජනයා ද, ලූත්ගේ ජනයා ද,

See all translations of this verse →

وَأَصْحَٰبُ مَدْيَنَ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ فَكَيْفَ كَانَ نَكِيرِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මද්යන් වාසීහු ද (බොරු කළෝ ය.) එලෙස මූසා ද බොරු කරනු ලැබී ය. එවිට දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට මම අවකාශය දුනිමි. පසුව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වී ද?

See all translations of this verse →

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا وَهِىَ ظَالِمَةٌ فَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ

Sinhalese Translation - Rowwad Translation Centerකොපමණ ගම්මානයන්වී ද? ඒවා අපරාධ කරමින් සිටිය දී අපි විනාශ කළෙමු. ඒවා උඩු වියන් සමඟ ගරා වැටී ඇත. එමෙන් ම කොපමණ හැර දමන ලද ළිං හා පාළු වී ගිය මන්දිර වී ද?

See all translations of this verse →

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَٰرُ وَلَٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු මහපොළොවේ ගමන් කළ යුතු නො වේ ද? එසේ (ගමන් කළේ නම්) එමඟින් වටහා ගත හැකි සිත් හා එමඟින් සවන් දිය හැකි කන් ඔවුනට පිහිටනු ඇත. නිසැකවම දෘෂ්ඨීන් අන්ධ නො වෙයි. එහෙත් හදවත් තුළ ඇති සිත් අන්ධ වෙයි.

See all translations of this verse →

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු එම දඬුවම ඉක්මන් කරන මෙන් ඔබගෙන් පතති. තවද අල්ලාහ් ඔහුගේ පොරොන්දුව කඩ නො කරන්නේ ම ය. තවද නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති අබියස එක් දිනයක්, නුඹලා ගණනය කරන අවුරුදු දාහකට සමාන ය.

See all translations of this verse →

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කෙතරම් ගම්මානයන් වී ද? ඒවා අපරාධකරමින් සිටිය දී එයට මම අවකාශ දුනිමි. පසුව මම ඒවා ග්‍රහණය කළෙමි. තවද (ඔවුන්ගේ) නැවත පැමිණීමේ ස්ථානය ඇත්තේ මා වෙත ය.

See all translations of this verse →

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمْ نَذِيرٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව ද ගෞරවනීය පෝෂණය ද ඇත.

See all translations of this verse →

وَٱلَّذِينَ سَعَوْا۟ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ වදන් නිෂ්ඵල කරන්නට උත්සාහ දැරූවන් වන ඔවුහු මය නිරයේ සගයෝ.

See all translations of this verse →

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (නබිවරය!) ඔබට පෙර අප එවූ කිසිදු නබිවරයකු හෝ ධර්ම දූතයකු හෝ වේවා, ඔහු පාරායනා කරන විට ෂෙයිතාන් ඔහුගේ පාරායනයෙහි (ව්‍යාකූලත්වය) හෙළා සිටියා මිස නැත. එවිට ෂෙයිතාන් හෙළන දෑ අල්ලාහ් නිෂ්ප්‍රභ කරයි. පසුව අල්ලාහ් ඔහුගේ වදන් ස්ථීර කරනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී ය; මහා ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةً لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍ

Sinhalese Translation - Rowwad Translation Center(එය) තම හදවත් තුළ රෝගී බව ඇති අයට හා තම හදවත් දැඩිවූවන්හට ෂෙයිතාන් හෙළන දෑ පරීක්ෂණයක් බවට ඔහු පත් කරනු පිණිස ය. තවද නියත වශයෙන් ම අපරාධකරුවන් අන්ත බෙදීම් තුළ වෙති.

See all translations of this verse →

وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا۟ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද (එය) සැබැවින් ම මෙය නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය බව ඥානය දෙනු ලැබූවන් දැන; එය විශ්වාස කොට; ඔවුන්ගේ හදවත් එයට යටහත් වනු පිණිස ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් දේවත්වය විශ්වාස කළවුනට ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නා ය.

See all translations of this verse →

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى مِرْيَةٍ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ක්ෂණිකව ඔවුන් වෙත අවසන් හෝරාව පැමිණෙන තෙක් හෝ නිසරු දිනයක දඬුවම ඔවුන් වෙත පැමිණෙන තෙක් හෝ ඒ ගැන සැකයෙන් ඉවත් නො වෙති.

See all translations of this verse →

ٱلْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින සියලු බලය අල්ලාහ් සතු ය. ඔවුන් අතර ඔහු තීන්දු දෙයි. එහෙයින් දේවත්වය විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු සැප පහසුකම් ඇති (ස්වර්ග) උයන්හි වෙති.

See all translations of this verse →

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වනාහි ඔවුනට අවමන් සහගත දඬුවමක් ඇත.

See all translations of this verse →

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓا۟ أَوْ مَاتُوا۟ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًا وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගොස් ඝාතනය කරනු ලැබූවන් හෝ මියගියවුන් වනාහි නියත වශයෙන් ම අල්ලාහ් ඔවුනට යහපත් පෝෂණයකින් පෝෂණය කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය පෝෂණය කරන්නන් අතරින් ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ.

See all translations of this verse →

لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُۥ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ඒ ගැන තෘප්තියට පත් වන පිවිසුමකින් ඔවුන්ව ඔහු ඇතුළත් කරනු ඇත. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; මහත් ඉවසිලිවන්ත ය.

See all translations of this verse →

ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑය (අල්ලාහ්ගේ නියමයයි). තවද කවරෙකු කවර දෙයකින් දඬුවම් කරනු ලැබුවේ ද ඒ හා සමානව ඔහුට දඬුවම් කොට, එයට පසුව ඔහු කෙරෙහි සීමාව ඉක්මවා හිංසා කරනු ලබයි නම් එවිට අල්ලාහ් සැබැවින් ම ඔහුට උදව් කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් ඉවසන්නා ය; අතික්ෂමාශීලී ය.

See all translations of this verse →

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑය නියත වශයෙන් ම අල්ලාහ් රාත්‍රිය දහවලෙහි ඇතුළු කරන බැවින් ද, දහවල රාත්‍රිය තුළ ඇතුළු කරන බැවින් ද වේ. තවද නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerඑය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය.

See all translations of this verse →

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට පසුව මහපොළොව සරුසාරවත් වීම නුඹ නො දුටුවෙහි ද? නියත වශයෙන් ම අල්ලාහ් මෛත්‍රි ය; අභිඥානවන්ත ය.

See all translations of this verse →

لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස් තුළ ඇති දෑ ද, මහපොළොව තුළ ඇති දෑ ද ඔහු සතු ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු මය අවශ්‍යතාවන්ගෙන් තොර, ප්‍රශංසාලාභී වනුයේ.

See all translations of this verse →

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොවේ ඇති දෑ ද ඔහුගේ නියෝගය පරිදි මුහුදේ ගමන් කරන නැව් ද අල්ලාහ් නුඹලාට වසඟ කර දී ඇති බව නුඹ නො දුටුවෙහි ද? ඔහුගේ අනුබලයෙන් තොරව මහපොළොව මතට අහස කඩා නො වැටෙන සේ ඔහු රඳවා තබයි. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා කෙරෙහි සෙනෙහෙවන්ත ය; මහා කරුණාවන්ත ය.

See all translations of this verse →

وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට ජීවය ලබා දී පසුව නුඹලාව මරණයට පත් කොට ඉන්පසුව යළි නුඹලාට ජීවය ලබා දෙනුයේ ඔහු ය. නියත වශයෙන් ම මිනිසා ගුණමකු ය.

See all translations of this verse →

لِّكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ فَلَا يُنَٰزِعُنَّكَ فِى ٱلْأَمْرِ وَٱدْعُ إِلَىٰ رَبِّكَ إِنَّكَ لَعَلَىٰ هُدًى مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම සමූහයකට ම ඔවුන් ඔහුට නමදින අයුරින් නැමදුම් පිළිවෙතක් අපි ඇති කළෙමු. එහෙයින් එම කරුණ සම්බන්ධයෙන් ඔවුහු නුඹ සමඟ ගැටලු ඇති කර ගත නො යුතු ය. තවද නුඹගේ පරමාධිපති වෙත නුඹ ඇරයුම් කරනු. නියත වශයෙන් ම නුඹ ඍජු මාර්ගය මත ය.

See all translations of this verse →

وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු නුඹ සමඟ තර්ක කළේ නම් එවිට නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා බව (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

ٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කවර විෂයක් මත ගැටුම් ඇති කර ගත්තේද ඒ ගැන අල්ලාහ් නුඹලා අතර තීන්දු කරයි.

See all translations of this verse →

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّ ذَٰلِكَ فِى كِتَٰبٍ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දන්නෙහි ද? නියත වශයෙන් ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන් ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි.

See all translations of this verse →

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًا وَمَا لَيْسَ لَهُم بِهِۦ عِلْمٌ وَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් හැර දමා කිසිදු බලයක් එයට පහළ නො කළා වූ දෑට හා ඒ ගැන කිසිදු දැනුමක් ඔවුනට නොමැති දෑට ඔවුහු නැමැදුම් කරති. තවද අපරාධකරුවන්හට කිසිදු උදව් කරුවකු නොමැත.

See all translations of this verse →

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَٰتِنَا قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكُمُ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَبِئْسَ ٱلْمَصِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් වෙත අපගේ වදන් පැහැදිලි ලෙස පාරායනය කර පෙන් වනු ලබන විට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ගේ මුහුණුවල පිළිකුල් බව නුඹ දකිනු ඇත. ඔවුන් වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන්නන්හට පහර දීමට ඔවුහු තැත් කරති. එහෙයින් නුඹ පවසනු. මීට වඩා නපුරු දෙයක් පිළිබඳ නුඹලාට මම දැනුම් දෙන්න ද? (එය දේව වදන්) ප්‍රතික්ෂේප කරන්නන්ට අල්ලාහ් ප්‍රතිඥා කළ (නිරා) ගින්න ය. තවද යොමු වන ස්ථානය වන එය නපුරු විය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٌ فَٱسْتَمِعُوا۟ لَهُۥٓ إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخْلُقُوا۟ ذُبَابًا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ وَإِن يَسْلُبْهُمُ ٱلذُّبَابُ شَيْـًٔا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ضَعُفَ ٱلطَّالِبُ وَٱلْمَطْلُوبُ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදි. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන් ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අය වනාහි ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නො හැක්කේ ම ය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය ඔවුන් මුදවා ගන්නට පවා ඔවුනට නොහැකි ය. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර්වල විය.

See all translations of this verse →

مَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ව ගරු කළ යුතු ප්‍රමාණයට ඔවුහු ඔහුට ගරු නො කළෝ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතිබලවත්ය; සර්ව බලධාරී ය.

See all translations of this verse →

ٱللَّهُ يَصْطَفِى مِنَ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًا وَمِنَ ٱلنَّاسِ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerමලක්වරුන් අතරින් හා ජනයා අතරින් අල්ලාහ් දූතවරුන් තෝරා ගත්තේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ඉදිරියේ ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ ඔහු දනියි. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා (නැවී) රුකූඋ කරනු. තවද (නළල බිම තබා) සුජූද් කරනු. තවද නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කරනු. තවද යහකම් සිදු කරනු. නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස.

See all translations of this verse →

وَجَٰهِدُوا۟ فِى ٱللَّهِ حَقَّ جِهَادِهِۦ هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍ مِّلَّةَ أَبِيكُمْ إِبْرَٰهِيمَ هُوَ سَمَّىٰكُمُ ٱلْمُسْلِمِينَ مِن قَبْلُ وَفِى هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱعْتَصِمُوا۟ بِٱللَّهِ هُوَ مَوْلَىٰكُمْ فَنِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කැප විය යුතු නියම අයුරින් කැපවනු. ඔහු නුඹලාව තෝරා ගෙන ඇත. තවද නුඹලා වෙත දහමෙහි කිසිදු දුෂ්කරත්වයක් ඔහු ඇති නො කළේ ය. එය නුඹලාගේ පියාණන් වූ ඉබ්රාහීම්ගේ පිළිවෙතයි. රසූල්වරයා නුඹලාට සාක්ෂිකරුවකු වනු පිණිසත් නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත් මීට පෙර ද මෙහි (අල්කුර්ආනයෙහි) ද මුස්ලිම්වරුන් යැයි නුඹලාට නම් කළේ ඔහු (අල්ලාහ්) ය. එහෙයින් නුඹලා විධිමත් ලෙස සලාතය ඉටු කරනු. තවද zසකාත් පිරිනමනු. තවද අල්ලාහ් තදින් ග්‍රහණය කර ගනු. ඔහු නුඹලාගේ භාරකරු ය. එම භාරකරු යහපත් විය. එමෙන් ම එම උදව්කරු යහපත් විය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70