caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Waaqia الواقعة

වාක්‍ය 96 · මක්කා · revelation order 46

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ

Sinhalese Translation - Rowwad Translation Centerසිදු වන දෑ (එනම් නැගිටවනු ලබන දිනය) සිදු වූ විට;

See all translations of this verse →

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑම සිදු වීම බොරුවක් නො වෙයි.

See all translations of this verse →

خَافِضَةٌ رَّافِعَةٌ

Sinhalese Translation - Rowwad Translation Center(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි.

See all translations of this verse →

إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا

Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට;

See all translations of this verse →

وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا

Sinhalese Translation - Rowwad Translation Centerතවද කඳු සුනු විසුනු කරනු ලැබූ විට;

See all translations of this verse →

فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත.

See all translations of this verse →

وَكُنتُمْ أَزْوَٰجًا ثَلَٰثَةً

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට නුඹලා වර්ග තුනක් වන්නෙහු ය.

See all translations of this verse →

فَأَصْحَٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَٰبُ ٱلْمَيْمَنَةِ

Sinhalese Translation - Rowwad Translation Centerඑනම් දකුණු පස ජනයා. එම දකුණු පස ජනයා යනු කවරෙක් ද?

See all translations of this verse →

وَأَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَٰبُ ٱلْمَشْـَٔمَةِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද වම් පස ජනයා. එම වම් පස ජනයා යනු කවරෙක් ද?

See all translations of this verse →

وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපෙරටුගාමීහු පෙරටු ගාමීහු ය.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلْمُقَرَّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති.

See all translations of this verse →

فِى جَنَّٰتِ ٱلنَّعِيمِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) සැපවත් උයන්හි සිටිති.

See all translations of this verse →

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමුල් අයගෙන් වූ පිරිසකි.

See all translations of this verse →

وَقَلِيلٌ مِّنَ ٱلْـَٔاخِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි.

See all translations of this verse →

عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) සරසන ලද ඇඳන් මත සිටිති.

See all translations of this verse →

مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَٰبِلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති.

See all translations of this verse →

يَطُوفُ عَلَيْهِمْ وِلْدَٰنٌ مُّخَلَّدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerළමා විය සදාතනික වූ ළමුන් (සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති.

See all translations of this verse →

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerදිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති.)

See all translations of this verse →

لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑයින් ඔවුනට හිසේ රුදාව ඇති නො වේ. තවද ඔවුන් මත් නො වෙති.

See all translations of this verse →

وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් කැමති පලතුරු සමග ද;

See all translations of this verse →

وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ආශා කරන කුරුලු මාංශ සමග ද (ඔවුන් වටා යති.)

See all translations of this verse →

وَحُورٌ عِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති.

See all translations of this verse →

كَأَمْثَٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) සඟවා තබන ලද මුතුවලට සමාන ය.

See all translations of this verse →

جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි.

See all translations of this verse →

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු එහි පුහු දෙයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නො දෙති.

See all translations of this verse →

إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا

Sinhalese Translation - Rowwad Translation Centerසලාම් සලාම් (ශාන්තියයි) යනුවෙන් පවසනු ලැබීම මිස.

See all translations of this verse →

وَأَصْحَٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَٰبُ ٱلْيَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerදකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද?

See all translations of this verse →

فِى سِدْرٍ مَّخْضُودٍ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහි ය.

See all translations of this verse →

وَطَلْحٍ مَّنضُودٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතර ය.

See all translations of this verse →

وَظِلٍّ مَّمْدُودٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දිගු කරනු ලැබූ සෙවණැලි අතර ය.

See all translations of this verse →

وَمَآءٍ مَّسْكُوبٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ගලා යවනු ලබන ජලය අතර ය.

See all translations of this verse →

وَفَٰكِهَةٍ كَثِيرَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද බොහෝ පලතුරු අතර ය.

See all translations of this verse →

لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerකිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත.

See all translations of this verse →

وَفُرُشٍ مَّرْفُوعَةٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද උස්ව තබන ලද ඇතිරිලි අතර ය.

See all translations of this verse →

إِنَّآ أَنشَأْنَٰهُنَّ إِنشَآءً

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම අපි ඔවුන් (ලලනාවන්) නව නිර්මාණයකින් නිර්මාණය කළෙමු.

See all translations of this verse →

فَجَعَلْنَٰهُنَّ أَبْكَارًا

Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු.

See all translations of this verse →

عُرُبًا أَتْرَابًا

Sinhalese Translation - Rowwad Translation Centerපෙම්බර සම වයසැති,

See all translations of this verse →

لِّأَصْحَٰبِ ٱلْيَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerදකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ.)

See all translations of this verse →

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි.

See all translations of this verse →

وَثُلَّةٌ مِّنَ ٱلْـَٔاخِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි.

See all translations of this verse →

وَأَصْحَٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَٰبُ ٱلشِّمَالِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද?

See all translations of this verse →

فِى سَمُومٍ وَحَمِيمٍ

Sinhalese Translation - Rowwad Translation Center(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතර ය.

See all translations of this verse →

وَظِلٍّ مِّن يَحْمُومٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කළු දුමාරයෙන් යුත් හෙවණ අතර ය.

See all translations of this verse →

لَّا بَارِدٍ وَلَا كَرِيمٍ

Sinhalese Translation - Rowwad Translation Center(එහි) කිසිදු සිසිලක් හෝ මිහිරක් හෝ නැත.

See all translations of this verse →

إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම ඔවුහු එයට පෙර සුඛෝපබෝගී ජීවිතයක් ගත කරන්නන් ලෙස සිටියහ.

See all translations of this verse →

وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.

See all translations of this verse →

وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන් ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.

See all translations of this verse →

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ

Sinhalese Translation - Rowwad Translation Center“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”

See all translations of this verse →

قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْـَٔاخِرِينَ

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوْمٍ مَّعْلُومٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සැබවින් ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.

See all translations of this verse →

ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඉන් පසු; අහෝ බොරුකාර නොමග ගියවුන් වන නුඹලා!

See all translations of this verse →

لَـَٔاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති.

See all translations of this verse →

فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑයින් කුසවල් පුරවා ගන්නෝ වෙති.

See all translations of this verse →

فَشَٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති.

See all translations of this verse →

فَشَٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerපිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති.

See all translations of this verse →

هَٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ.

See all translations of this verse →

نَحْنُ خَلَقْنَٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅප මය නුඹලාව මැව්වේ. එහෙයින් නුඹලා (එය) විශ්වාස නො කරන්නෙහු ද?

See all translations of this verse →

أَفَرَءَيْتُم مَّا تُمْنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන සිතා බැලුවෙහු ද?

See all translations of this verse →

ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَٰلِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නෝ අපි ද?

See all translations of this verse →

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අතර මරණය නිර්ණය කළේ අප ය. අපි අසමත් වන්නන් නො වෙමු.

See all translations of this verse →

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලාව (යළි) බිහි කිරීමටත් (අපි අසමත් වන්නන් නො වෙමු.)

See all translations of this verse →

وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මුල් මැවීම ගැන සැබැවින් ම නුඹලා දන්නෙහු ය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ ද?

See all translations of this verse →

أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද?

See all translations of this verse →

ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّٰرِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අපි ද?

See all translations of this verse →

لَوْ نَشَآءُ لَجَعَلْنَٰهُ حُطَٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත.

See all translations of this verse →

إِنَّا لَمُغْرَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම අපි ණය කාරයෝ වෙමු.”

See all translations of this verse →

بَلْ نَحْنُ مَحْرُومُونَ

Sinhalese Translation - Rowwad Translation Center“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත.)

See all translations of this verse →

أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා පානය කරන ජලය දෙස නුඹලා සිතා බැලුවෙහු ද?

See all translations of this verse →

ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපි ද?

See all translations of this verse →

لَوْ نَشَآءُ جَعَلْنَٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නො වේ ද?

See all translations of this verse →

أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දල්වන ගින්න සිතා බැලුවෙහු ද?

See all translations of this verse →

ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ

Sinhalese Translation - Rowwad Translation Center(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අපි ද?

See all translations of this verse →

نَحْنُ جَعَلْنَٰهَا تَذْكِرَةً وَمَتَٰعًا لِّلْمُقْوِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු.

See all translations of this verse →

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹගේ අතිමහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

فَلَآ أُقْسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි.

See all translations of this verse →

وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි.

See all translations of this verse →

إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි.

See all translations of this verse →

فِى كِتَٰبٍ مَّكْنُونٍ

Sinhalese Translation - Rowwad Translation Centerආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.

See all translations of this verse →

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති.

See all translations of this verse →

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.

See all translations of this verse →

أَفَبِهَٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?

See all translations of this verse →

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?

See all translations of this verse →

فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ

Sinhalese Translation - Rowwad Translation Center(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;

See all translations of this verse →

وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය.

See all translations of this verse →

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත.

See all translations of this verse →

فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;

See all translations of this verse →

تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.

See all translations of this verse →

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;

See all translations of this verse →

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerසැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.

See all translations of this verse →

وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;

See all translations of this verse →

فَسَلَٰمٌ لَّكَ مِنْ أَصْحَٰبِ ٱلْيَمِينِ

Sinhalese Translation - Rowwad Translation Centerදකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.

See all translations of this verse →

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;

See all translations of this verse →

فَنُزُلٌ مِّنْ حَمِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.

See all translations of this verse →

وَتَصْلِيَةُ جَحِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.

See all translations of this verse →

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ

Sinhalese Translation - Rowwad Translation Centerස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය.

See all translations of this verse →

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70