සූරා Al-Ahqaf الأحقاف
වාක්‍ය 35 · මක්කා · revelation order 66
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ حمٓ
Sinhalese Translation - Rowwad Translation Centerහා මීම්.[1]
See all translations of this verse →
تَنزِيلُ ٱلْكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ
Sinhalese Translation - Rowwad Translation Centerමෙය මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ්ගෙන් වූ ධර්ම ග්‍රන්ථයේ පහළ කිරීමකි.
See all translations of this verse →
مَا خَلَقْنَا ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى وَٱلَّذِينَ كَفَرُوا۟ عَمَّآ أُنذِرُوا۟ مُعْرِضُونَ
Sinhalese Translation - Rowwad Translation Centerසත්‍යය හේතුවක් හා නියමිත කාලයක් සඳහා මිස අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද අපි නො මැව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් ඔවුනට අවවාද කරනු ලැබූ දෑ පිටුපාන්නන් ය.
See all translations of this verse →
قُلْ أَرَءَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِى مَاذَا خَلَقُوا۟ مِنَ ٱلْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِى ٱلسَّمَٰوَٰتِ ٱئْتُونِى بِكِتَٰبٍ مِّن قَبْلِ هَٰذَآ أَوْ أَثَٰرَةٍ مِّنْ عِلْمٍ إِن كُنتُمْ صَٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන දෑ දෙස නුඹලා බැලුවෙහු ද? ඔවුන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ? යි මට නුඹලා පෙන්වනු. එසේ නැතහොත් අහස් (මැවීමෙ)හි යම් හවුලක් ඔවුනට තිබේ ද? නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මීට පෙර වූ ග්‍රන්ථයක් හෝ බුද්ධිමය සලකුණක් හෝ මා වෙත ගෙන එනු.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُۥٓ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ وَهُمْ عَن دُعَآئِهِمْ غَٰفِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් අල්ලාහ් හැර තමන්ට පිළිතුරු නො සපයන අයට ඇරයුම් කරන්නාට වඩා නොමග ගිය අය කවු ද? තවද මොවුන්ගේ ඇරයුම ගැන ඔවුහු අනවධානීහු වෙති.
See all translations of this verse →
وَإِذَا حُشِرَ ٱلنَّاسُ كَانُوا۟ لَهُمْ أَعْدَآءً وَكَانُوا۟ بِعِبَادَتِهِمْ كَٰفِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
See all translations of this verse →
وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلْحَقِّ لَمَّا جَآءَهُمْ هَٰذَا سِحْرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසුවෝ ය.
See all translations of this verse →
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَلَا تَمْلِكُونَ لِى مِنَ ٱللَّهِ شَيْـًٔا هُوَ أَعْلَمُ بِمَا تُفِيضُونَ فِيهِ كَفَىٰ بِهِۦ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මා එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නො දරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත් ය. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
قُلْ مَا كُنتُ بِدْعًا مِّنَ ٱلرُّسُلِ وَمَآ أَدْرِى مَا يُفْعَلُ بِى وَلَا بِكُمْ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ وَمَآ أَنَا۠ إِلَّا نَذِيرٌ مُّبِينٌ
Sinhalese Translation - Rowwad Translation Center“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නො වූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැ? යි මම නො දනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නො පිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
قُلْ أَرَءَيْتُمْ إِن كَانَ مِنْ عِندِ ٱللَّهِ وَكَفَرْتُم بِهِۦ وَشَهِدَ شَاهِدٌ مِّنۢ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَلَىٰ مِثْلِهِۦ فَـَٔامَنَ وَٱسْتَكْبَرْتُمْ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Center“එය අල්ලාහ් වෙතින් පැමිණ තිබියදීත්, ඉස්රාඊල් දරුවන් අතරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂිද දරා, පසුව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩඟු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
See all translations of this verse →
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوا۟ لَوْ كَانَ خَيْرًا مَّا سَبَقُونَآ إِلَيْهِ وَإِذْ لَمْ يَهْتَدُوا۟ بِهِۦ فَسَيَقُولُونَ هَٰذَآ إِفْكٌ قَدِيمٌ
Sinhalese Translation - Rowwad Translation Center“එය යහපතක් වී නම් ඒ කෙරෙහි ඔවුන් අප පසුකර නො යනු ඇත යැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසුවෝ ය. තවද එමඟින් ඔවුහු යහමග නො ලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
See all translations of this verse →
وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًا وَرَحْمَةً وَهَٰذَا كِتَٰبٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِيًّا لِّيُنذِرَ ٱلَّذِينَ ظَلَمُوا۟ وَبُشْرَىٰ لِلْمُحْسِنِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද එයට පෙර මෙහෙයවන්නක් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචියක් ලෙස ද අරාබි බසින් වූ ග්‍රන්ථයකි. (එය හා මීට පෙර පහළ වූ ග්‍රන්ථ) තහවුරු කරන්නකි.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ قَالُوا۟ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسْتَقَٰمُوا۟ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ
Sinhalese Translation - Rowwad Translation Center‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ස්වර්ග වැසියෝ ය. එහි සදාතනිකයින් ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.
See all translations of this verse →
وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ إِحْسَٰنًا حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا وَحَمْلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهْرًا حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතුව ඉසිලුවා ය. තවද දුෂ්කරත්වයෙන් යුතුව ඇය ඔහු ප්‍රසූත කළා ය. ඔහුව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත්ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන් ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන් ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ نَتَقَبَّلُ عَنْهُمْ أَحْسَنَ مَا عَمِلُوا۟ وَنَتَجَاوَزُ عَن سَيِّـَٔاتِهِمْ فِىٓ أَصْحَٰبِ ٱلْجَنَّةِ وَعْدَ ٱلصِّدْقِ ٱلَّذِى كَانُوا۟ يُوعَدُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සිදු කළ අලංකාර දෑ ඔවුන්ගෙන් අප පිළිගත් අය ඔවුහු ම ය. තවද අපි ඔවුන්ගේ පාපකම් නො සළකා හරිමු. (ඔවුහු) ස්වර්ගවාසීහු අතර ය. (එය) ඔවුනට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි සත්‍යයේ ප්‍රතිඥාවක් වශයෙනි.
See all translations of this verse →
وَٱلَّذِى قَالَ لِوَٰلِدَيْهِ أُفٍّ لَّكُمَآ أَتَعِدَانِنِىٓ أَنْ أُخْرَجَ وَقَدْ خَلَتِ ٱلْقُرُونُ مِن قَبْلِى وَهُمَا يَسْتَغِيثَانِ ٱللَّهَ وَيْلَكَ ءَامِنْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ فَيَقُولُ مَا هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද තම දෙමාපියන්ට (නොමනා වචනයෙන්) ‘චී’ යැයි පැවසූ කෙනෙකු “නුඹ දෙදෙනා මා (මිනි වළෙන්) ගොඩ ගනු ලබනු ඇතැයි පවසා මා බිය වද්දන්නෙහු ද? මට පෙර ද පරම්පරාවන් ඉකුත්ව ගොස් ඇතැ”යි පැවසී ය. තවද ඔවුන් දෙදෙනා අල්ලාහ්ගෙන් උදව් පතමින් “නුඹට විනාශයයි. නුඹ විශ්වාස කරනු. නියත වශයෙන් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි.” පැවසූ විට ඔහු “මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැතැ”යි පැවසී ය.
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ فِىٓ أُمَمٍ قَدْ خَلَتْ مِن قَبْلِهِم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنَّهُمْ كَانُوا۟ خَٰسِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතමන් වෙත (දඬුවමේ) ප්‍රකාශය නියම වූ ඔවුහු ඔවුනට පෙර ඉකුත්ව ගිය ජින්නුන් හා මිනිසුන් අතරින් වූ සමූහයන් අතර ය. නියත වශයෙන් ම ඔවුහු පරාජිතයින් වූවෝ ය.
See all translations of this verse →
وَلِكُلٍّ دَرَجَٰتٌ مِّمَّا عَمِلُوا۟ وَلِيُوَفِّيَهُمْ أَعْمَٰلَهُمْ وَهُمْ لَا يُظْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerසෑම කෙනෙකුට ම ඔවුන් සිදු කළ දැයින් තරාතිරම් ඇත. තවද ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව ඔවුනට පූර්ණව ප්‍රතිඵල දෙනු ඇත. තවද ඔවුහු අපරාධ සිදු කරනු නො ලබති.
See all translations of this verse →
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَذْهَبْتُمْ طَيِّبَٰتِكُمْ فِى حَيَاتِكُمُ ٱلدُّنْيَا وَٱسْتَمْتَعْتُم بِهَا فَٱلْيَوْمَ تُجْزَوْنَ عَذَابَ ٱلْهُونِ بِمَا كُنتُمْ تَسْتَكْبِرُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَبِمَا كُنتُمْ تَفْسُقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්නට ඉදිරිපත් කරනු ලබන දින, නුඹලාගේ මෙලොව ජීවිතයේ දී නුඹලාගේ යහපත් දෑ නුඹලා ඉවත් කර ගෙන ඇත. තවද නුඹලා ඒවා භුක්ති විඳ ඇත. එහෙයින් අද දින නුඹලා කිසිදු සාධාරණයකින් තොරව උඩඟුකම් පෑ හේතුවෙන් ද නුඹලා පාපකම් සිදු කරමින් සිටි හේතුවෙන් ද නින්දිත දඬුවම ප්‍රතිඵල වශයෙන් දෙනු ලබන්නෙහු ය.
See all translations of this verse →
وَٱذْكُرْ أَخَا عَادٍ إِذْ أَنذَرَ قَوْمَهُۥ بِٱلْأَحْقَافِ وَقَدْ خَلَتِ ٱلنُّذُرُ مِنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦٓ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ආද්ගේ සහෝදරයා වැලිකඳු මත සිට තම ජනයාට අවවාද කළ අවස්ථාව නුඹ මෙනෙහි කරනු. ඔහුට පෙර ද ඔහුට පසු ද මෙවන් අවවාද කරන්නන් ඉකුත්ව ගොස් ඇත. “අල්ලාහ් හැර නුඹලා (වෙනත් කිසිවකුට) නැමදුම් නො කරනු. නියත වශයෙන් ම මහත් වූ දිනයක දඬුවම නුඹලා වෙත පැමිණීම ගැන නියත වශයෙන් ම මම බිය වෙමි” (යැයි ඔහු පැවසීය).
See all translations of this verse →
قَالُوٓا۟ أَجِئْتَنَا لِتَأْفِكَنَا عَنْ ءَالِهَتِنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
Sinhalese Translation - Rowwad Translation Center“අපගේ දෙවිවරුන්ගෙන් අප වෙනතකට යොමු කිරීම සඳහා නුඹ අප වෙත පැමිණියෙහි ද? එසේ නුඹ සත්‍යවාදීන් අතරින් කෙනෙකු වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු” යැයි ඔවුහු පැවසුවෝ ය.
See all translations of this verse →
قَالَ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَأُبَلِّغُكُم مَّآ أُرْسِلْتُ بِهِۦ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًا تَجْهَلُونَ
Sinhalese Translation - Rowwad Translation Center“නියත වශයෙන් ම එම දැනුම අල්ලාහ් අබියස ය. තවද කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය මා නුඹලාට දැනුම් දෙමි. එහෙත් වටහා නො ගන්නා පිරිසක් ලෙස මම නුඹලා දකිමි” යැයි ඔහු පැවසී ය.
See all translations of this verse →
فَلَمَّا رَأَوْهُ عَارِضًا مُّسْتَقْبِلَ أَوْدِيَتِهِمْ قَالُوا۟ هَٰذَا عَارِضٌ مُّمْطِرُنَا بَلْ هُوَ مَا ٱسْتَعْجَلْتُم بِهِۦ رِيحٌ فِيهَا عَذَابٌ أَلِيمٌ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ මිටියාවත දෙසට එය වලාකුළක් සේ ළඟා වනු ඔවුහු දුටු කල්හි, “මෙය අපට වැසි ගෙන දෙන වලාකුළකි” යැයි ඔවුහු පැවසූහ. “එසේ නො ව, එය නුඹලා කවර දෙයක් ඉක්මණින් පැතුවෙහු ද එයයි. දැඩි සුළගකි. එහි වේදනීය දඬුවමක් ඇත.”
See all translations of this verse →
تُدَمِّرُ كُلَّ شَىْءٍۭ بِأَمْرِ رَبِّهَا فَأَصْبَحُوا۟ لَا يُرَىٰٓ إِلَّا مَسَٰكِنُهُمْ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ
Sinhalese Translation - Rowwad Translation Center“එය එහි පරමාධිපතිගේ නියෝගය අනුව සියලු දෑ සුනු විසුනු කරනු ඇත.” එවිට ඔවුන්ගේ වාසස්ථාන හැර (කිසිවෙකු) දකින්නට නො ලබන තත්ත්වයට ඔවුහු පත් වූහ. වැරදි කරන ජනයාහට අපි ප්‍රතිවිපාක පිරිනමනුයේ එලෙස ය.
See all translations of this verse →
وَلَقَدْ مَكَّنَّٰهُمْ فِيمَآ إِن مَّكَّنَّٰكُمْ فِيهِ وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَٰرًا وَأَفْـِٔدَةً فَمَآ أَغْنَىٰ عَنْهُمْ سَمْعُهُمْ وَلَآ أَبْصَٰرُهُمْ وَلَآ أَفْـِٔدَتُهُم مِّن شَىْءٍ إِذْ كَانُوا۟ يَجْحَدُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද කවර විෂයක අපි නුඹලාට පහසුකම් ලබා නො දුන්නෙමු ද එවන් දෑහි සැබැවින් ම අපි ඔවුනට පහසුකම් ලබා දුනිමු. තවද අපි ඔවුනට සවන්, බැල්ම හා හදවත් ද ඇති කළෙමු. එහෙත් අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් ඔවුන්ගේ සවන් හෝ ඔවුන්ගේ බැල්ම හෝ ඔවුන්ගේ හදවත් කිසිවකින් හෝ ඔවුනට ඵලක් ගෙන දුන්නේ නැත. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේ ය.
See all translations of this verse →
وَلَقَدْ أَهْلَكْنَا مَا حَوْلَكُم مِّنَ ٱلْقُرَىٰ وَصَرَّفْنَا ٱلْـَٔايَٰتِ لَعَلَّهُمْ يَرْجِعُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අවට පිහිටි ගම්මාන (රාශියක්) සැබැවින් ම අපි විනාශ කළෙමු. ඔවුන් නැවත යොමු විය හැකි වනු පිණිස එම සංඥා අපි විවිධාකාරයෙන් ගෙන හැර පෑවෙමු.
See all translations of this verse →
فَلَوْلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ قُرْبَانًا ءَالِهَةًۢ بَلْ ضَلُّوا۟ عَنْهُمْ وَذَٰلِكَ إِفْكُهُمْ وَمَا كَانُوا۟ يَفْتَرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හැර දමා සමීපවීමේ මාර්ගයක් ලෙස ඔවුන් ගත් (වෙනත්) දෙවිවරුන් ඔවුනට උදව් කර තිබිය යුතු නො වේ ද? එසේ නොව ඔවුහු ඔවුන්ගෙන් සැඟවී වී ඇත. තවද එය ඔවුන්ගේ බොරුව හා ඔවුන් ගොතමින් සිටි දෑ ය.
See all translations of this verse →
وَإِذْ صَرَفْنَآ إِلَيْكَ نَفَرًا مِّنَ ٱلْجِنِّ يَسْتَمِعُونَ ٱلْقُرْءَانَ فَلَمَّا حَضَرُوهُ قَالُوٓا۟ أَنصِتُوا۟ فَلَمَّا قُضِىَ وَلَّوْا۟ إِلَىٰ قَوْمِهِم مُّنذِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අප නුඹ වෙත අල් කුර්ආනය සවන් දෙන්නට ජින් වර්ගයාගෙන් පිරිසක් යොමු කළ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔවුන් ඔහු වෙත පැමිණි කල්හි “නුඹලා නිහඬව සවන් දෙනු” යැයි ඔවුහු පැවසුවෝ ය. පසුව (පාරායනය)අවසන් වූ කල්හි ඔවුහු තම සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියහ.
See all translations of this verse →
قَالُوا۟ يَٰقَوْمَنَآ إِنَّا سَمِعْنَا كِتَٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ يَهْدِىٓ إِلَى ٱلْحَقِّ وَإِلَىٰ طَرِيقٍ مُّسْتَقِيمٍ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ අපගේ ජනයිනි! මූසාගෙන් පසු ව, එයට ඉදිරියේ පැවති දෑ තහවුරු කරමින් පහළ කරන ලද ධර්ම ග්‍රන්ථයකට නියත වශයෙන් ම අපි සවන් දුනිමු. එය සත්‍යය වෙත හා ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇත.
See all translations of this verse →
يَٰقَوْمَنَآ أَجِيبُوا۟ دَاعِىَ ٱللَّهِ وَءَامِنُوا۟ بِهِۦ يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُجِرْكُم مِّنْ عَذَابٍ أَلِيمٍ
Sinhalese Translation - Rowwad Translation Center“අහෝ අපගේ ජනයිනි! අල්ලාහ්ගේ කැඳවුම්කරුට නුඹලා ප්‍රතිචාර දක්වනු. තවද නුඹලා ඔහු විශ්වාස කරනු. නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙන්නේ ය. තවද වේදනීය දඬුවමින් ඔහු නුඹලා මුදවා ගන්නේ ය.
See all translations of this verse →
وَمَن لَّا يُجِبْ دَاعِىَ ٱللَّهِ فَلَيْسَ بِمُعْجِزٍ فِى ٱلْأَرْضِ وَلَيْسَ لَهُۥ مِن دُونِهِۦٓ أَوْلِيَآءُ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍ مُّبِينٍ
Sinhalese Translation - Rowwad Translation Center“තවද, කවරෙකු අල්ලාහ්ගේ කැඳවුම්කරුට ප්‍රතිචාර නො දක්වන්නේ ද එවිට ඔහු මහපොළොවේ (අල්ලාහ්ව අබිබවා යන්නට) හැකියාව ඇත්තෙක් නො වේ. තවද ඔහුගෙන් තොරව ඔහුට ආරක්ෂකයෙක් නොමැත. ඔවුහු පැහැදිලි මුළාවෙහි ය.
See all translations of this verse →
أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَلَمْ يَعْىَ بِخَلْقِهِنَّ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحْـِۧىَ ٱلْمَوْتَىٰ بَلَىٰٓ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අහස් හා මහපොළොව මවා, ඒවා මැවීමෙන් නිරායාසයට පත් නො වූ අල්ලාහ් මළවුන්ට යළි ජීවය දෙන්නට ශක්තිය ඇත්තා බව ඔවුහු නො දුටුවෝ ද? එසේය, නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය.
See all translations of this verse →
وَيَوْمَ يُعْرَضُ ٱلَّذِينَ كَفَرُوا۟ عَلَى ٱلنَّارِ أَلَيْسَ هَٰذَا بِٱلْحَقِّ قَالُوا۟ بَلَىٰ وَرَبِّنَا قَالَ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ප්‍රතික්ෂේප කළවුන් (නිරා) ගින්න වෙත ඉදිරිපත් කරනු ලබන දිනයේ “මෙය සත්‍යය නො වේ ද” (යැයි විමසනු ලබති). “අපගේ පරමාධිපති මත දිවුරා (එය) එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් එම දඬුවම නුඹලා භුක්ති විඳිනු” යැයි ඔහු පවසයි.
See all translations of this verse →
فَٱصْبِرْ كَمَا صَبَرَ أُو۟لُوا۟ ٱلْعَزْمِ مِنَ ٱلرُّسُلِ وَلَا تَسْتَعْجِل لَّهُمْ كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَ مَا يُوعَدُونَ لَمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةً مِّن نَّهَارٍۭ بَلَٰغٌ فَهَلْ يُهْلَكُ إِلَّا ٱلْقَوْمُ ٱلْفَٰسِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ධර්ම දූතවරුන් අතරින් දැඩි අධිෂ්ඨානයෙන් යුක්ත වූවන් ඉවසුවාක් මෙන් නුඹ ද ඉවසනු. තවද ඔවුන් සඳහා නුඹ ඉක්මන් නො වනු. ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින දින (එය) දහවල් කාලයේ හෝරාවක් මිස තමන් නතර නො වූවාක් මෙනි. (නුඹේ කාර්යය) දැනුම් දීමකි. දුෂ්ඨ ජනයා හැර (වෙනත් කිසිවෙකු) විනාශ කරනු ලබන්නේ ද?
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→