caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Ahqaf, වාක්‍ය 15

මක්කා · revelation order 66 · 46:15

وَوَصَّيْنَا ٱلْإِنسَٰنَ بِوَٰلِدَيْهِ إِحْسَٰنًا حَمَلَتْهُ أُمُّهُۥ كُرْهًا وَوَضَعَتْهُ كُرْهًا وَحَمْلُهُۥ وَفِصَٰلُهُۥ ثَلَٰثُونَ شَهْرًا حَتَّىٰٓ إِذَا بَلَغَ أَشُدَّهُۥ وَبَلَغَ أَرْبَعِينَ سَنَةً قَالَ رَبِّ أَوْزِعْنِىٓ أَنْ أَشْكُرَ نِعْمَتَكَ ٱلَّتِىٓ أَنْعَمْتَ عَلَىَّ وَعَلَىٰ وَٰلِدَىَّ وَأَنْ أَعْمَلَ صَٰلِحًا تَرْضَىٰهُ وَأَصْلِحْ لِى فِى ذُرِّيَّتِىٓ إِنِّى تُبْتُ إِلَيْكَ وَإِنِّى مِنَ ٱلْمُسْلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතුව ඉසිලුවා ය. තවද දුෂ්කරත්වයෙන් යුතුව ඇය ඔහු ප්‍රසූත කළා ය. ඔහුව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත්ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා මා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන් ම මම පාප සමාව අයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන් ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතරිනි යැයි ඔහු පැවසුවේ ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70