සූරා Muhammad محمد
වාක්‍ය 38 · මදීනා · revelation order 95
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعْمَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) අවහිර කළවුන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) අපතේ හැර දැමී ය.
See all translations of this verse →
وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَءَامَنُوا۟ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ ٱلْحَقُّ مِن رَّبِّهِمْ كَفَّرَ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද විශ්වාස කර යහකම් සිදු කර මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි.
See all translations of this verse →
ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُوا۟ ٱتَّبَعُوا۟ ٱلْبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّبَعُوا۟ ٱلْحَقَّ مِن رَّبِّهِمْ كَذَٰلِكَ يَضْرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمْثَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑයට හේතුව නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙස ය.
See all translations of this verse →
فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُوا۟ فَضَرْبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثْخَنتُمُوهُمْ فَشُدُّوا۟ ٱلْوَثَاقَ فَإِمَّا مَنًّۢا بَعْدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلْحَرْبُ أَوْزَارَهَا ذَٰلِكَ وَلَوْ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنْهُمْ وَلَٰكِن لِّيَبْلُوَا۟ بَعْضَكُم بِبَعْضٍ وَٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعْمَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් නුඹලා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අබිබවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින් ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැකි ය. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුනට ඔහුම දඬුවම් කරන්නට තිබුණි. එහෙත් (ඔහු එසේ සිදු නො කළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිස ය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත.
See all translations of this verse →
سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත.
See all translations of this verse →
وَيُدْخِلُهُمُ ٱلْجَنَّةَ عَرَّفَهَا لَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත.
See all translations of this verse →
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تَنصُرُوا۟ ٱللَّهَ يَنصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථීර කරනු ඇත.
See all translations of this verse →
وَٱلَّذِينَ كَفَرُوا۟ فَتَعْسًا لَّهُمْ وَأَضَلَّ أَعْمَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු අපතේ හැර දැමී ය.
See all translations of this verse →
ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا۟ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑය නියත වශයෙන් ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේ ය.
See all translations of this verse →
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ وَلِلْكَٰفِرِينَ أَمْثَٰلُهَا
Sinhalese Translation - Rowwad Translation Centerමහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි ඔවුහු අධීක්ෂණයෙන් නො බලන්නෝ ද? අල්ලාහ් ඔවුන් මුළුමණින් ම විනාශ කළේ ය. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ද ඒ හා සමාන දෑ ඇත.
See all translations of this verse →
ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوْلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَأَنَّ ٱلْكَٰفِرِينَ لَا مَوْلَىٰ لَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑය, දේවත්වය විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන් ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ.
See all translations of this verse →
إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ وَٱلَّذِينَ كَفَرُوا۟ يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ ٱلْأَنْعَٰمُ وَٱلنَّارُ مَثْوًى لَّهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන්වලට නියත වශයෙන් ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (මෙලොව සතුට) භුක්ති විඳිමින් ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරමින් සිටිති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි.
See all translations of this verse →
وَكَأَيِّن مِّن قَرْيَةٍ هِىَ أَشَدُّ قُوَّةً مِّن قَرْيَتِكَ ٱلَّتِىٓ أَخْرَجَتْكَ أَهْلَكْنَٰهُمْ فَلَا نَاصِرَ لَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹව පිටමං කළ නුඹේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නො වීය.
See all translations of this verse →
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُم
Sinhalese Translation - Rowwad Translation Centerතම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා, තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද?
See all translations of this verse →
مَّثَلُ ٱلْجَنَّةِ ٱلَّتِى وُعِدَ ٱلْمُتَّقُونَ فِيهَآ أَنْهَٰرٌ مِّن مَّآءٍ غَيْرِ ءَاسِنٍ وَأَنْهَٰرٌ مِّن لَّبَنٍ لَّمْ يَتَغَيَّرْ طَعْمُهُۥ وَأَنْهَٰرٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشَّٰرِبِينَ وَأَنْهَٰرٌ مِّنْ عَسَلٍ مُّصَفًّى وَلَهُمْ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغْفِرَةٌ مِّن رَّبِّهِمْ كَمَنْ هُوَ خَٰلِدٌ فِى ٱلنَّارِ وَسُقُوا۟ مَآءً حَمِيمًا فَقَطَّعَ أَمْعَآءَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerබිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම්, එහි පල් නො වන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නො වන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි.
See all translations of this verse →
وَمِنْهُم مَّن يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰٓ إِذَا خَرَجُوا۟ مِنْ عِندِكَ قَالُوا۟ لِلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مَاذَا قَالَ ءَانِفًا أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَٱتَّبَعُوٓا۟ أَهْوَآءَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් අතරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිටව ගිය විට “මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?”යි ඥානය දෙනු ලැබූවන්ගෙන් ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහු ම ය.
See all translations of this verse →
وَٱلَّذِينَ ٱهْتَدَوْا۟ زَادَهُمْ هُدًى وَءَاتَىٰهُمْ تَقْوَىٰهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේ ය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනැමුවේ ය.
See all translations of this verse →
فَهَلْ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأْتِيَهُم بَغْتَةً فَقَدْ جَآءَ أَشْرَاطُهَا فَأَنَّىٰ لَهُمْ إِذَا جَآءَتْهُمْ ذِكْرَىٰهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඅවසන් හෝරාව අනපේක්ෂිත ලෙස ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින් ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත එය පැමිණි විට ඔවුනට ඔවුන්ගේ මෙනෙහි කිරීම කෙසේ නම් (ඵලක්) වෙත් ද?
See all translations of this verse →
فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ وَٱللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَىٰكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (නබිවරය!) නුඹ දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. නුඹේ පාපයන්ටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන්හටත් සමාව අයැදිනු. තවද නුඹලාගේ ක්‍රියාකාරකම් හා නුඹලාගේ නවාතැන අල්ලාහ් දනී.
See all translations of this verse →
وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُوا۟ لَوْلَا نُزِّلَتْ سُورَةٌ فَإِذَآ أُنزِلَتْ سُورَةٌ مُّحْكَمَةٌ وَذُكِرَ فِيهَا ٱلْقِتَالُ رَأَيْتَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ يَنظُرُونَ إِلَيْكَ نَظَرَ ٱلْمَغْشِىِّ عَلَيْهِ مِنَ ٱلْمَوْتِ فَأَوْلَىٰ لَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද (යුද්ධය සම්බන්ධ ව) පරිච්ඡේදයක් පහළ කරනු ලැබිය යුතු නො වේ දැ? යි විශ්වාස කළවුන් විමසති. එහෙත් තීරණාත්මක පරිච්ඡේදයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැති වී බලන්නාක් මෙන් නුඹ දෙස ඔවුහු බලති. එහෙයින් ඔවුනට වඩාත් සුදුසු ය.
See all translations of this verse →
طَاعَةٌ وَقَوْلٌ مَّعْرُوفٌ فَإِذَا عَزَمَ ٱلْأَمْرُ فَلَوْ صَدَقُوا۟ ٱللَّهَ لَكَانَ خَيْرًا لَّهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑනම් අවනතභාවය හා යහපත් ප්‍රකාශය (ඔවුනට වඩාත් සුදුසුය). එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ්ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත.
See all translations of this verse →
فَهَلْ عَسَيْتُمْ إِن تَوَلَّيْتُمْ أَن تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ وَتُقَطِّعُوٓا۟ أَرْحَامَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා පිටුපා මහපොළොවේ කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?
See all translations of this verse →
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰٓ أَبْصَٰرَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් ශාප කළවුන් ඔවුහු ම ය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේ ය. තවද ඔවුන්ගේ බැල්ම අන්ධභාවයට පත් කළේ ය.
See all translations of this verse →
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَآ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නො කරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුල් (දමා) තිබේ ද?
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ ٱرْتَدُّوا۟ عَلَىٰٓ أَدْبَٰرِهِم مِّنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَى ٱلشَّيْطَٰنُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසුව නියත වශයෙන් ම පසුපස හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එය) ඔවුනට අලංකාර කළේ ය. තවද ඔහු ඔවුනට ආශාවන් ඇති කළේ ය.
See all translations of this verse →
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑය, සැබැවින් ම ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුන්ට " (මේ) කරුණු අතරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.
See all translations of this verse →
فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ ٱلْمَلَٰٓئِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَٰرَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන්ගේ මුහුණුවලට හා පිටවල්වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වී ද?
See all translations of this verse →
ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُوا۟ مَآ أَسْخَطَ ٱللَّهَ وَكَرِهُوا۟ رِضْوَٰنَهُۥ فَأَحْبَطَ أَعْمَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerමෙයට හේතුව එය නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිම ය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේ ය.
See all translations of this verse →
أَمْ حَسِبَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخْرِجَ ٱللَّهُ أَضْغَٰنَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් ඔවුන්ගේ ක්‍රෝධය අල්ලාහ් හෙළි නො කරන්නේ ම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?
See all translations of this verse →
وَلَوْ نَشَآءُ لَأَرَيْنَٰكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَٰهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِى لَحْنِ ٱلْقَوْلِ وَٱللَّهُ يَعْلَمُ أَعْمَٰلَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අප අභිමත කරන්නේ නම් අප නුඹට ඔවුන්ව පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මඟින් හඳුනා ගනු ඇත. සැබැවින් ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී.
See all translations of this verse →
وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ ٱلْمُجَٰهِدِينَ مِنكُمْ وَٱلصَّٰبِرِينَ وَنَبْلُوَا۟ أَخْبَارَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අතරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප පෙන්වා දෙනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන් ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّوا۟ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْهُدَىٰ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا وَسَيُحْبِطُ أَعْمَٰلَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසුව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නො හැක්කේ ම ය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත.
See all translations of this verse →
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَلَا تُبْطِلُوٓا۟ أَعْمَٰلَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නො ගනු.
See all translations of this verse →
إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُوا۟ وَهُمْ كُفَّارٌ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසුව ප්‍රතික්ෂේපකයින් ලෙසින් ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නො දෙන්නේ ම ය.
See all translations of this verse →
فَلَا تَهِنُوا۟ وَتَدْعُوٓا۟ إِلَى ٱلسَّلْمِ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ وَٱللَّهُ مَعَكُمْ وَلَن يَتِرَكُمْ أَعْمَٰلَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඑහෙයින් (යුද බිමෙහි) නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නො කරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමඟ ය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නො කරන්නේ ම ය.
See all translations of this verse →
إِنَّمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا لَعِبٌ وَلَهْوٌ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْـَٔلْكُمْ أَمْوَٰلَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මෙලොව ජීවිතය කෙළි සෙල්ලමකි. විනෝදයකි. තවද නුඹලා විශ්වාස කර, බිය බැතිමත් වන්නෙහු නම් නුඹලාගේ කුලිය ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලාගේ ධනය ඔහු නුඹලාගෙන් ඉල්ලා නො සිටියි.
See all translations of this verse →
إِن يَسْـَٔلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا۟ وَيُخْرِجْ أَضْغَٰنَكُمْ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු නුඹලාගෙන් එය (ධනය) ඉල්ලා; බල කර සිටියේ නම් (එවිට) නුඹලා මසුරු වන්නෙහු ය. තවද නුඹලාගේ ක්‍රෝධය ඔහු හෙළි කරන්නේ ය.
See all translations of this verse →
هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ تُدْعَوْنَ لِتُنفِقُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبْخَلُ وَمَن يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَن نَّفْسِهِۦ وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ وَإِن تَتَوَلَّوْا۟ يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوٓا۟ أَمْثَٰلَكُم
Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන් ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන් ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. එහෙත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොර ය. තවද නුඹලා දිළින්දෝ ය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නො වනු ඇත.
See all translations of this verse →
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
→