caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Aal-i-Imraan آل عمران

වාක්‍ය 200 · මදීනා · revelation order 89

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ الٓمٓ

Sinhalese Translation - Rowwad Translation Centerඅලිෆ්, ලාම්, මීම්.[1]

See all translations of this verse →

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත. සදා ජීවමාන ය, සදා පැවැත්ම ඇත්තා ය.

See all translations of this verse →

نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය) සත්‍යයෙන් යුක්ත වූ මෙම දේව ග්‍රන්ථය මෙයට පෙර පැවති දෑ සහතික කරන්නක් වශයෙන් ඔබ වෙත ඔහු පහළ කළේ ය. තවද තව්රාතය ද, ඉන්ජීලය ද ඔහු පහළ කළේ ය.

See all translations of this verse →

مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ وَٱللَّهُ عَزِيزٌ ذُو ٱنتِقَامٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මීට පෙර (විසූ) ජනයාට මඟ පෙන්වීමක් ලෙස ය. තවද සත්‍යයයෙන් අසත්‍යය වෙන්කර පෙන්වන (අල්-කුර්ආනය) ද ඔහු පහළ කළේ ය. සැබැවින් ම අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට, දැඩි දඬුවම් ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරී ය; සම ප්‍රතිචාර දක්වන්නා ය.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ්(ගේ දැනුම)ට අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් සැඟැවෙන්නේ නැත.

See all translations of this verse →

هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerගර්භාෂ තුළ නුඹලාව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය. සර්ව බලධාරී සියුම් ඥානවන්ත වූ ඔහු හැර වෙනත් දෙවියෙක් නොමැත.

See all translations of this verse →

هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තවද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නො දන්නේ ය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත.

See all translations of this verse →

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! ඔබ අපව යහමඟ යොමු කළ පසුව අපගේ හදවත් විකෘතිභාවයට පත් නො කරනු මැනව. තවද අපට ඔබ වෙතින් වූ දයාව පිරිනමනු මැනව. සැබැවින් ම ඔබ මය මහා ත්‍යාගශීලී.

See all translations of this verse →

رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! කිසිදු සැකයක් නොමැති දිනකට මිනිසුන් එක් රැස් කරන්නා නියත වශයෙන් ම ඔබ ම ය. සැබැවින් ම අල්ලාහ් ප්‍රතිඥාවන් කඩ නො කරන්නේ ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا وَأُو۟لَٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට ඔවුන්ගේ ධන සම්පත හෝ ඔවුන්ගේ දරු සම්පත හෝ අල්ලාහ්ගෙන් පැමිණෙන කිසිවකින් (මිදීමට) ඔවුනට උපකාර නො වන්නේ ම ය. නිරා ගින්නේ ඉන්ධන වනුයේ ඔවුන් ම ය.

See all translations of this verse →

كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ෆිර්අවුන්ගේ පරපුර හා ඔවුනට පෙර සිටියවුන්ගේ සිරිත මෙනි. ඔවුහු අපගේ වදන් අසත්‍ය කළෝ ය. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ පාපයන් හේතුවෙන් ඔවුන්ව (දඬුවමට) හසු කළේ ය. තවද අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩි ය.

See all translations of this verse →

قُل لِّلَّذِينَ كَفَرُوا۟ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَىٰ جَهَنَّمَ وَبِئْسَ ٱلْمِهَادُ

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා අබිබවා යනු ලබනු ඇත. තවද නිරය වෙත ඒකරාශී කරනු ලබනු ඇත” යැයි දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නුඹ පවසනු. එම නවාතැන නපුරු ය.

See all translations of this verse →

قَدْ كَانَ لَكُمْ ءَايَةٌ فِى فِئَتَيْنِ ٱلْتَقَتَا فِئَةٌ تُقَٰتِلُ فِى سَبِيلِ ٱللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْىَ ٱلْعَيْنِ وَٱللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِۦ مَن يَشَآءُ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّأُو۟لِى ٱلْأَبْصَٰرِ

Sinhalese Translation - Rowwad Translation Center(යුද්ධය සඳහා) හමු වූ දෙපිරිස තුළ නුඹලාට සංඥාවක් ඇත. පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදුණහ. අනෙක් පිරිස, ඔවුන්ව දෙගුණයක් මෙන් පියවි ඇසින් දුටු දේව ප්‍රතික්ෂේපකයෝ ය. අල්ලාහ් තමන් අභිමත කරන අයට තම උපකාරයෙන් (ජයග්‍රහණය) ස්ථීර කරන්නේ ය. මනා දැක්මකින් යුත් අයට මෙහි පාඩමක් ඇත.

See all translations of this verse →

زُيِّنَ لِلنَّاسِ حُبُّ ٱلشَّهَوَٰتِ مِنَ ٱلنِّسَآءِ وَٱلْبَنِينَ وَٱلْقَنَٰطِيرِ ٱلْمُقَنطَرَةِ مِنَ ٱلذَّهَبِ وَٱلْفِضَّةِ وَٱلْخَيْلِ ٱلْمُسَوَّمَةِ وَٱلْأَنْعَٰمِ وَٱلْحَرْثِ ذَٰلِكَ مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلْمَـَٔابِ

Sinhalese Translation - Rowwad Translation Centerකාන්තාවන්, පිරිමි දරුවන්, රන් හා රිදියෙන් රැස් කර තබන ලද ස්කන්ධ, සළකුණු තබනු ලැබූ අශ්වයින්, ගොවිපළ සතුන් හා කෙත්වතු කෙරෙහි වූ තෘෂ්ණාවෙහි ඇල්ම ජනයාට අලංකාරවත් කරන ලදි. ඒවා මෙලොව ජීවිතයේ වින්දනයන් ය. තවද අලංකාර යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වන ඔහු වෙත ය.

See all translations of this verse →

قُلْ أَؤُنَبِّئُكُم بِخَيْرٍ مِّن ذَٰلِكُمْ لِلَّذِينَ ٱتَّقَوْا۟ عِندَ رَبِّهِمْ جَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَأَزْوَٰجٌ مُّطَهَّرَةٌ وَرِضْوَٰنٌ مِّنَ ٱللَّهِ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

Sinhalese Translation - Rowwad Translation Centerමේවාට වඩා ශ්‍රේෂ්ඨ දෑ ගැන මම නුඹලාට දන්වන්නෙම් දැ? යි (නබිවරය!) විමසනු. බිය බැතිමතුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඊට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින් වෙති. පිවිතුරු අඹුවන් ද අල්ලාහ්ගෙන් වූ පිළිගැනීම ද එහි ඇත. තවද අල්ලාහ් එම ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ إِنَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ ٱلنَّارِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි ‘අපගේ පරමාධිපතියාණනි! සැබැවින් ම අපි විශ්වාස කළෙමු. එහෙයින් ඔබ අපට අපගේ පාපකම් සඳහා සමාව දෙනු මැනව! තවද නිරා ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව!’ යැයි පවසන්නෝ ය.

See all translations of this verse →

ٱلصَّٰبِرِينَ وَٱلصَّٰدِقِينَ وَٱلْقَٰنِتِينَ وَٱلْمُنفِقِينَ وَٱلْمُسْتَغْفِرِينَ بِٱلْأَسْحَارِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ඉවසිලිවන්තයින් ය. තවද සත්‍ය පවසන්නන් ය. තවද යටහත් වන්නන් ය. තවද වියදම් කරන්නන් ය. තවද අලුයම් කාලයෙහි පාප ක්ෂමාවෙහි නිරත වන්නන් ය.

See all translations of this verse →

شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلْمَلَٰٓئِكَةُ وَأُو۟لُوا۟ ٱلْعِلْمِ قَآئِمًۢا بِٱلْقِسْطِ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.

See all translations of this verse →

إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلْإِسْلَٰمُ وَمَا ٱخْتَلَفَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِـَٔايَٰتِ ٱللَّهِ فَإِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ. දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූ අය, ඔවුන් වෙත ඥානය පැමිණි පසුව ඔවුන් අතර වූ ඊර්ෂ්‍යාව හේතුවෙන් මිස ඔවුහු භේද නො වූහ. තවද කවරෙකු අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.

See all translations of this verse →

فَإِنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِىَ لِلَّهِ وَمَنِ ٱتَّبَعَنِ وَقُل لِّلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْأُمِّيِّـۧنَ ءَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُوا۟ فَقَدِ ٱهْتَدَوا۟ وَّإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَٰغُ وَٱللَّهُ بَصِيرٌۢ بِٱلْعِبَادِ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් නුඹ සමඟ ඔවුන් වාද කළේ නම් එවිට මම මාගේ මුහුණ අල්ලාහ්ට යටහත් කළෙමි. තවද මා අනුගමනය කළ අය ද (එසේ යටහත් කළෝ ය) යැයි නුඹ පවසනු. තවද නුඹලා යටහත් වූයෙහු දැ? යි දේව ග්‍රන්ථය පිරිනමනු ලැබූවන්ගෙන් හා ලිවීමේ කියවීමේ හැකියාව නො මැත්තන්ගෙන් විමසනු. ඔවුහු එසේ යටහත් වූයෙහු නම් එවිට සැබැවින් ම ඔවුහු යහමඟ ලැබුවෝ ය. ඔවුහු පිටුපෑවෙහු නම් එවිට ඔබේ වගකීම වනුයේ දන්වා සිටීම පමණ ය. තවද අල්ලාහ් ගැත්තන් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරන, කිසිදු යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරන, ජනයා අතරින් සාධාරණ ලෙස (තීන්දු තීරණ) නියෝග කරන්නන් ඝාතනය කරන අය වනාහි ඔවුන්ට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි පවසනු.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙලොව හා මතුලොව තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහු ම ය. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවකු හෝ නොමැත.

See all translations of this verse →

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًا مِّنَ ٱلْكِتَٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ

Sinhalese Translation - Rowwad Translation Centerපුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්‍රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝ ය. පසුව ඔවුන් අතුරින් පිරිසක් පිටු දකින්නන් ලෙස හැරී ගියෝ ය.

See all translations of this verse →

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًا مَّعْدُودَٰتٍ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑය, නියමිත දින ගණනකට පමණක් මිස (නිරා) ගින්න අපව ස්පර්ශ නො කරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තවද ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගේ දහම තුළ ඔවුන් රවටා දැමුවේ ය.

See all translations of this verse →

فَكَيْفَ إِذَا جَمَعْنَٰهُمْ لِيَوْمٍ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඒ ගැන කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන්ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලබන විට එය කෙසේ වේ ද? තවද ඔවුහු අපරාධ කරනු නො ලබන්නෝ ය.

See all translations of this verse →

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ بِيَدِكَ ٱلْخَيْرُ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. සියලු පාලනයන්හි පාලකයා වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්‍ය පාලනය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත අයගෙන් රාජ්‍ය පාලනය උදුරා දමන්නෙහි ය. තවද ඔබ අභිමත අයව උසස් කරන්නෙහි ය. ඔබ අභිමත අයව පහත් කරන්නෙහි ය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන් ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.

See all translations of this verse →

تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍ

Sinhalese Translation - Rowwad Translation Centerඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහි ය. දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහි ය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහි ය. ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහි ය. තවද ඔබ අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නෙහි ය.

See all translations of this verse →

لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةً وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කළවුන් දේවත්වය විශ්වාස කළවුන්ව හැර දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස නො ගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නො වනු ඇත. එහෙත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. එමෙන් ම ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය.

See all translations of this verse →

قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ හදවත් තුළ නුඹලා (යමක්) සඟවන්නේ නම් හෝ එය නුඹලා හෙළි කරන්නේ නම් හෝ අල්ලාහ් එය දන්නේ ය. තවද අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු දන්නේ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

See all translations of this verse →

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوٓءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًا وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම ආත්මයක් ම, තමන් කළ යහපත් දෑ ද තමන් කළ නපුරු දෑ ද (තමන්) ඉදිරියේ දකින දිනයේ දී, එය අතර හා තමන් අතර ඉතා දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරනු ඇත. තවද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේ ය. තවද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය.

See all translations of this verse →

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අල්ලාහ්ව ප්‍රිය කරමින් සිටියෙහු නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලාව ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන්ට ඔහු සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය යැයි (නබිවරය!) නුඹ පවසනු.

See all translations of this verse →

قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Center(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. එහෙත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින්ව ප්‍රිය කරන්නේ නැත.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًا وَءَالَ إِبْرَٰهِيمَ وَءَالَ عِمْرَٰنَ عَلَى ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් ආදම්, නූහ්, ඉබ්රාහීම්ගේ පවුල හා ඉම්රාන්ගේ පවුල ලෝවැසියනට වඩා ඉහළින් තෝරා ගත්තේ ය.

See all translations of this verse →

ذُرِّيَّةًۢ بَعْضُهَا مِنۢ بَعْضٍ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් පැවත එන පරපුරකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය.

See all translations of this verse →

إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّىٓ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලබන්නක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. එබැවින් මගෙන් (එය) පිළිගනු මැනව. නියත වශයෙන් ම ඔබ සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානීය’ යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ وَإِنِّى سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّىٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඇය එය ප්‍රසූත කළ කල්හි ‘මාගේ පරමාධිපතියාණනි! සැබැවින් ම මම එය ප්‍රසූත කළේ ගැහැනු දරුවකු ලෙසිනි. තවද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නො වේ. තවද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තවද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම ඔබ වෙතින් පතන්නෙමි’ යැයි ඇය පැවසුවා ය.

See all translations of this verse →

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا قَالَ يَٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇයව පිළිගත්තේ ය. තවද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේ ය. ඇයව zසකරිය්යාට භාර කළේ ය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේ ය. ‘අහෝ මර්යම්! ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද?’ යැයි ඔහු ඇසුවේ ය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවා ය. නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොරව පෝෂණය ලබා දෙන්නේ ය.

See all translations of this verse →

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ

Sinhalese Translation - Rowwad Translation Centerඑම අවස්ථාවේ දී zසකරිය්යා තම පරමාධිපතිව අයැද සිටියේ ය. ‘මාගේ පරමාධිපතියාණනි! ඔබ වෙතින් මට දැහැමි පරපුරක් පිරිනමනු මැනව! සැබැවින් ම ඔබ ප්‍රාර්ථනාවට සවන් දෙන්නා’ යැයි ඔහු පැවසුවේ ය.

See all translations of this verse →

فَنَادَتْهُ ٱلْمَلَٰٓئِكَةُ وَهُوَ قَآئِمٌ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍ مِّنَ ٱللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ ٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු නැමදුම් ස්ථානයෙහි, සිට ගෙන සලාතය ඉටු කරමින් සිටිය දී, සැබැවින් ම අල්ලාහ්ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු, නායකයෙකු, (කාන්තාවන්ගෙන්) වැළකුණු අයෙකු සහ දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස වූ යහ්යා පිළිබඳ අල්ලාහ් නුඹට ශුභාරංචිය දන්වන්නේ යැයි සුරදූතයින් ඔහු අමතා පැවසුහ.

See all translations of this verse →

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවය මා වෙත ළඟා වී ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි’ යැයි ඔහු පැවසුවේ ය. ‘එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

See all translations of this verse →

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةً قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا وَٱذْكُر رَّبَّكَ كَثِيرًا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව!’ යැයි ඔහු පැවසුවේ ය. ‘ඔබේ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නො කිරීම ය. තවද ඔබ ඔබේ පරමාධිපතිව අධිකව මෙනෙහි කරනු. තවද උදේ සවස පිවිතුරු කරනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේ ය.

See all translations of this verse →

وَإِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබව තෝරා ගත්තේ ය. ඔබව පිවිතුරු කළේ ය. තවද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබව (ඉහළින්) තෝරා ගත්තේ ය’ යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මර්යම්! ඔබ ඔබේ පරමාධිපතිට අවනත වනු. (නළල බිම තබා) සුජූද් කරනු. තවද (නැවී තිරස් ව) රුකූඋ කරන්නන් සමඟ ඔබ ද රුකූඋ කරනු.’

See all translations of this verse →

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය අදෘශ්‍යමාන පුවත් අතරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නො සිටියෙහි ය. එමෙන් ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නො සිටියෙහි ය.

See all translations of this verse →

إِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේ ය. ඔහු නමින් මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් වන අතර ඔහු මෙලොව හා මතුලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතරින් කෙනෙකි.

See all translations of this verse →

وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًا وَمِنَ ٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද, තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තවද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි.

See all translations of this verse →

قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නො කර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ දැ?’ යි ඇය විමසුවා ය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේ ය.

See all translations of this verse →

وَيُعَلِّمُهُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔහු ඔහුට දේව ග්‍රන්ථය ද, ප්‍රඥාව ද, තව්රාතය ද, ඉන්ජීලය ද උගන්වන්නේ ය.

See all translations of this verse →

وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍ مِّن رَّبِّكُمْ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘ඉස්රාඊල් දරුවන්ට ධර්ම දූතයෙකු ලෙසින් ද නියත වශයෙන් ම මම නුඹලාට නුඹලාගේ පරමාධිපතිගෙන් සංඥාවක් ගෙන ආවෙමි. සැබැවින් ම මම නුඹලාට පක්ෂියෙකු හැඩය මෙන් (ජීවියෙකු) මැටියෙන් මවා එහි පිඹිමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් පක්ෂියෙකු වනු ඇත. තවද මම උපතින් අන්ධ අය ද ළාදුරු රෝගීන් ද සුව කරමි. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්‍රාණය දෙමි. නුඹලා අනුභව කරන දෑ ගැන ද නුඹලාගේ නිවෙස් තුළ නුඹලා රැස් කර තබා ඇති දෑ ගැන ද මම නුඹලාට දන්වා සිටිමි. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින් ම නුඹලාට මෙහි සාධකයක් ඇත.’

See all translations of this verse →

وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُم بِـَٔايَةٍ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Sinhalese Translation - Rowwad Translation Center‘තවද මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද නුඹලා වෙත තහනම් කරනු ලැබූ ඇතැම් දෑ නුඹලාට මා අනුමත කරනු පිණිස ද වේ. තවද නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මම නුඹලා වෙත ගෙන ආවෙමි. එබැවින් නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.’

See all translations of this verse →

إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් මාගේ පරමාධිපති ය. නුඹලාගේ ද පරමාධිපති ය. එබැවින් නුඹලා ඔහුට නැමදුම් ඉටු කරනු. ඍජු මාර්ගය මෙයයි.

See all translations of this verse →

فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් වූ දේව ප්‍රතික්ෂේපය ඊසා වටහා ගත් කල්හි ''අල්ලාහ් වෙනුවෙන් මට උදව් කරන්නන් කවුරුන් දැ?'' යි විමසා සිටියේ ය. ගෝලයෝ ''අල්ලාහ්ගේ උදව් කරුවෝ අපි වෙමු. අපි අල්ලාහ්ව විශ්වාස කළෙමු. තවද නියත වශයෙන් ම අපි මුස්ලිම්වරුන් බවට ඔබ සාක්ෂි දරනු'' යැයි පවසා සිටියෝ ය.

See all translations of this verse →

رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපගේ පරමාධිපතියාණනි! ඔබ පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. රසූල්වරයාව ද අපි අනුගමනය කළෙමු. එබැවින් ඔබ අපව සාක්ෂිකරුවන් සමඟ සටහන් කර ගනු මැනව!’

See all translations of this verse →

وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු කුමන්ත්‍රණ කළෝ ය. අල්ලාහ් ද කුමන්ත්‍රණ කළේ ය. තවද අල්ලාහ් කුමන්ත්‍රණ කරන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨයා ය.

See all translations of this verse →

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ ඊසා! සැබැවින් ම මම නුඹව අත්පත් කර ගනිමි. නුඹව මා වෙතට ඔසවා ගනිමි. ප්‍රතික්ෂේප කළවුන්ගෙන් මම නුඹව පිවිතුරු කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින දක්වා නුඹව ප්‍රතික්ෂේප කළවුනට වඩා නුඹව පිළිපැද්දවුන්ව ඉහළින් තබමි. පසුව මා වෙතය නුඹලාගේ නැවත යොමු වන ස්ථානය ඇත්තේ. එවිට නුඹලා අතර නුඹලා කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ ගැන තීන්දු දෙමි’ යැයි අල්ලාහ් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂෙප කළවුන් වූ කලි, ඔවුනට මෙලොවෙහි හා මතු ලොවෙහි දැඩි දඬුවමකින් මම දඬුවම් කරමි. තවද ඔවුනට උදව්කරුවන්ගෙන් කිසිවෙක් නොමැත.

See all translations of this verse →

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් කළවුන් වූ කලි, ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට ඔහු පූර්ණව පිරිනමයි. එමෙන් ම අල්ලාහ් අපරාධකරුවන් ප්‍රිය නො කරයි.

See all translations of this verse →

ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْـَٔايَٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerඑය, මෙම වදන් හා සියුම් ඥානාන්විත මෙනෙහි කිරීම තුළින් අපි නුඹට කියවා පෙන්වූ දෑ ය.

See all translations of this verse →

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ خَلَقَهُۥ مِن تُرَابٍ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අල්ලාහ් ඉදිරියේ ඊසාගේ උපමාව ආදම්ගේ උපමාව මෙනි. ඔහුව ඔහු පසින් මවා පසුව ඔහුට “වනු” යැයි පැවසුවේ ය. එවිට ඔහු ඇති විය.

See all translations of this verse →

ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙම සත්‍යය නුඹගේ පරමාධිපතිගෙනි. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් කෙනෙකු නො වනු.

See all translations of this verse →

فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ වෙත නිවැරදි දැනුම පැමිණි පසුව ඒ (ඊසා) සම්බන්ධයෙන් කවුරුන් හෝ නුඹ සමඟ වාද කළේ නම්, එවිට ඔවුනට නුඹ, “නුඹලා එනු. අපි අපගේ දරුවන් හා නුඹලාගේ දරුවන් ද අපගේ කාන්තාවන් හා නුඹලාගේ කාන්තාවන් ද අප හා නුඹලා ද කැඳවා පසුව අපි අල්ලාහ්ගේ ශාපය බොරු කාරයින් මත පත් කරමු” යැයි (නබිවරය) පවසනු.

See all translations of this verse →

إِنَّ هَٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම සත්‍ය කතාන්තරය වනුයේ මෙයයි. තවද අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත. තවද සැබැවින් ම අල්ලාහ් වන ඔහු මය සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත වනුයේ.

See all translations of this verse →

فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් ඔවුහු පිටුපෑවෙහු නම් එවිට නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් පිළිබඳව සර්ව ඥානී ය.

See all translations of this verse →

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِّن دُونِ ٱللَّهِ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නො නමදිමු. ඔහුට කිසිවක් ආදේශ නො තබමු. අල්ලාහ්ගෙන් තොරව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුව දෙවියන් ලෙස නො ගත යුතුය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය!) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු.

See all translations of this verse →

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ أَفَلَا تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘දහම් ලත් ජනයිනි! ඉබ්රාහීම් සම්බන්ධයෙන් නුඹලා වාද කරනුයේ මන් ද? ඔහුගෙන් පසුව මිස තව්රාතය හා ඉන්ජීලය පහළ වූයේ නැත. (ඒ ගැන) නුඹලා වටහා ගන්නේ නැති ද?’

See all translations of this verse →

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ حَٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙන්න මේ නුඹලා! නුඹලාට කවර දෙයක් ගැන දැනුමක් ඇත්තේ ද එවැනි දෙයක් පිළිබඳව නුඹලා වාද කර ඇත. එහෙත් කවර දෙයක් පිළිබඳව නුඹලාට දැනුමක් නොමැත්තේ ද එවැනි දෙයක් පිළිබඳ නුඹලා වාද කරනුයේ මන් ද? තවද අල්ලාහ් දන්නේ ය. එහෙත් නුඹලා නො දන්නෙහු ය.

See all translations of this verse →

مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّا وَلَا نَصْرَانِيًّا وَلَٰكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඉබ්රාහීම් යුදෙව්වෙකු හෝ කිතුනුවෙකු හෝ නො වීය. එනමුත් ඔහු අවංක මුස්ලිම්වරයෙකු විය. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් ද නො වීය.

See all translations of this verse →

إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම මිනිසුන්ගෙන් ඉබ්රාහීම්ට වඩා සමීපතම අය වනුයේ, ඔහුව ද, මෙම නබිවරයාව ද, අනුගමනය කළවුන් හා විශ්වාස කළවුන් ය. තවද අල්ලාහ් විශ්වාස කරන්නන්ගේ භාරකරු ය.

See all translations of this verse →

وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹලාව නොමඟ යවන්නට ඇත් නම්’ යැයි දහම් ලත් ජනයා අතරින් පිරිසක් ප්‍රිය කරති. ඔවුන්ව ම මිස වෙනත් කිසිවෙකුව ඔවුන් නොමඟ හැරියේ නැත. එහෙත් ඔවුහු (එය) වටහා නො ගන්නෝ ය.

See all translations of this verse →

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ දහම් ලත් ජනයිනි! නුඹලා සාක්ෂි දරමින් සිටිය දී අල්ලාහ්ගේ වැකි නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ මන් ද?’

See all translations of this verse →

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘දහම් ලත් ජනයිනි! සත්‍යය සමඟ අසත්‍යය නුඹලා මුසු කරනුයේ මන් ද? නුඹලා දැනුවත්ව සිටිය දී සත්‍යය වසන් කරන්නෙහු ය.’

See all translations of this verse →

وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerදහම් ලත් ජනයා අතුරින් පිරිසක් (තම වාර්ගිකයින්ට) “විශ්වාස කළවුනට පහළ කළ දෑ නුඹලා දහවල් කාලයේ විශ්වාස කර, එහි අවසන් භාගයේ නුඹලා ප්‍රතික්ෂේප කරනු. ඔවුන්(ගේ විශ්වාසයෙන්) නැවත හැරී පැමිණිය හැකි” යැයි පවසති.

See all translations of this verse →

وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ‘නුඹලාගේ දහම පිළිපදින අයව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ද ඔවුහු පවසති.) ‘සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම’ යැයි (නබිවරය!) නුඹ පවසනු. ‘(තවදුරටත්) නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ ඔවුන් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නො කරනු.’ (යැයි ඔවුහු පවසති) “සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේ ය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය; සර්ව ඥානී ය” යැයි (නබිවරය නුඹ) පවසනු.

See all translations of this verse →

يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerතමන් අභිමත කරන උදවියට අල්ලාහ් ඔහුගේ දයාව නියම කරන්නේ ය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යයෙන් යුක්ත ය.

See all translations of this verse →

وَمِنْ أَهْلِ ٱلْكِتَٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّـۧنَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerදහම් ලත් ජනයා අතුරින් ඇතැම්හු නුඹ ඔහුට රන් පොදියක් භාර කළේ නම් එය නුඹට නැවත ලබා දෙති. එමෙන් ම තවත් ඇතැම්හු නුඹ ඔහුට දීනාරයක් භාර කළේ නම්, ඒ කෙරෙහි නුඹ නිරන්තරයෙන් (ඉල්ලා) සිටින තෙක් මිස නුඹ වෙත එය නැවත ලබා නො දෙති. එය, ලිවීමට කියවීමට නො දත් අය අතර අපට විරුද්ධව කිසිදු මඟක් නො මැතැ යි ඔවුන් පැවසූ බැවිනි. තවද ඔවුහු දැනදැන ම අල්ලාහ් ගැන බොරු ප්‍රකාශ කරති.

See all translations of this verse →

بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොව කවරෙකු තම ගිවිසුම ඉටු කර බැතිමත් වූයේ ද සැබැවින් ම අල්ලාහ් බැතිමත් අයව ප්‍රිය කරන්නේ ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَٰنِهِمْ ثَمَنًا قَلِيلًا أُو۟لَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمْ فِى ٱلْـَٔاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ්ගේ ගිවිසුම ද ඔවුන්ගේ දිවුරුම් ද සුළු මිලකට විකුණන්නන් වනාහි මතු ලොවෙහි කිසිදු කොටසක් නො ලබනුයේ ඔවුහු ම ය. එමෙන් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී අල්ලාහ් ඔවුන් සමඟ කතා නො කරයි. ඔවුන් දෙස නො බලයි. තවද ඔවුන්ව පිවිතුරු නො කරයි. ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.

See all translations of this verse →

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔවුන් අතරින් තවත් පිරිසක් ද වෙති. ඔවුහු ධර්ම ග්‍රන්ථය දිවවල් හරවමින් කියවති. එය, ධර්ම ග්‍රන්ථයේ දෙයක් බව නුඹලා සිතනු පිණිස ය. එහෙත් එය ධර්ම ග්‍රන්ථයෙන් නො වෙයි. එමෙන් ම එය අල්ලාහ් වෙතින් යැයි පවසති. එහෙත් එය අල්ලාහ් වෙතින් ද නො වෙයි. තවද ඔවුහු දැනුවත්ව ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පවසති.

See all translations of this verse →

مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًا لِّى مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُوا۟ رَبَّٰنِيِّـۧنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ

Sinhalese Translation - Rowwad Translation Centerකෙනෙකුට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද නබිත්වය ද පිරිනමා තිබිය දී, ඉන් අනතුරුව අල්ලාහ්ව හැර දමා මට ම දාසයින් වී සිටිනු යැයි ජනයාට පැවසීමට කිසිදු මිනිසෙකුට බලයක් නැත. එහෙත් දේව ග්‍රන්ථය නුඹලා උගන්වමින් සිටින බැවින් ද, නුඹලා ඉගෙන ගනිමින් සිටින බැවින් ද නුඹලා ගැඹුරු ප්‍රඥාවෙන් යුත් විද්වතුන් වනු. (යැයි ඔහු පවසනු ඇත)

See all translations of this verse →

وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّـۧنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මලක්වරුන් හා නබිවරුන් දෙවිවරුන් ලෙස ගැනීමට ඔහු නුඹලාට නියෝග නො කරයි. නුඹලා මුස්ලිම්වරුන් බවට පත් වූ පසු දේව ප්‍රතික්ෂේපය ඔහු නුඹලාට අණ කරනු ඇත් ද?

See all translations of this verse →

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّـۧنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍ وَحِكْمَةٍ ثُمَّ جَآءَكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى قَالُوٓا۟ أَقْرَرْنَا قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ලබා ගත් අවස්ථාව සිහිපත් කරනු. (ඔවුන් අමතා) මා නුඹලාට දේව ග්‍රන්ථය හා ප්‍රඥාව ප්‍රදානය කර ඇත්තෙමි. ඉන් පසුව නුඹලා සමඟ ඇති දහම් කරුණු සත්‍යය කර වන ධර්ම දූතයෙකු පැමිණෙයි. නුඹලා ඔහුව සැබෑ ලෙස විශ්වාස කළ යුතු ය. නුඹලා ඔහුට සැබැවින් ම උදව් කළ යුතු ය. මෙය නුඹලා පිළිගත්තෙහු ද, ඒ සම්බන්ධයෙන් වූ මාගේ බලවත් ප්‍රතිඥාව නුඹලා ගත්තෙහු ද? යනුවෙන් ඔහු (අල්ලාහ්) විමසුවේ ය. අපි "පිළිගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝ ය. එසේ නම් නුඹලා එයට සාක්ෂි දරනු. තවද මම ද නුඹලා සමඟ සාක්ෂි දරන්නන් අතුරින් වෙමි යැයි පැවසුවේ ය.

See all translations of this verse →

فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් කවරෙකු ඉන් පසුව පිටුපෑවේ ද එවිට පාපතරයෝ වන්නෝ ඔවුහු ම ය.

See all translations of this verse →

أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ දහම හැර ඔවුන් සොයන වෙනත් යමක් තිබේ ද? අහස් හා මහපොළොව තුළ ඇති අය කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ ඔහුට ම යටහත් වෙති. තවද ඔහු වෙත ම ඔවුහු නැවත යොමු කරනු ලබන්නෝ ය.

See all translations of this verse →

قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Center‘අපි අල්ලාහ්ව ද, අප වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගේ පරපුරට දෙනු ලැබු දෑ ද තම පරමාධිපතිගෙන් මූසා, ඊසා හා නබිවරුන්ට දෙනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතරින් කිසිවෙකු අතර වෙනස්කම් ඇති නො කරමු. තවද අපි ඔහුට අවනත වන්නෝ (මුස්ලිම්වරුන්) වෙමු’ යැයි නුඹ පවසනු.

See all translations of this verse →

وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَٰمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْـَٔاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නො ලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි.

See all translations of this verse →

كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًا كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّ وَجَآءَهُمُ ٱلْبَيِّنَٰتُ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerරසූල්වරයා සත්‍යය යැයි සාක්ෂි දරා ඔහුව ඔවුන් විශ්වාස කොට ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුවත් ප්‍රතික්ෂේප කළ ජනයාව අල්ලාහ් යහ මඟ යොමු කරනුයේ කෙසේ ද? අල්ලාහ් මෙවැනි අපරාධකාර පිරිසට මඟ පෙන්වන්නේ නැත.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ඔවුන් වනාහි ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ ද මලක්වරුන්ගේ ද සියලු මිනිසුන්ගේ ද ශාපය ප්‍රතිඵල වශයෙන් හිමි වන්නෝ.

See all translations of this verse →

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි (නිරයේ) ඔවුන් සදාතනිකයින් ය. ඔවුන්ගෙන් දඬුවම සැහැල්ලු කරනු නො ලැබේ. තවද ඔවුනට අවකාශය දෙනු නො ලැබේ.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඉන්පසුව පශ්චාත්තාප වී තමන් නිවැරදි කර ගත් අය හැර. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම තම විශ්වාසයෙන් පසුව ප්‍රතික්ෂේප කොට අනතුරුව ප්‍රතික්ෂේපය අධික වූවන් වනාහි ඔවුන්ගේ පශ්චාත්තාපය පිළිගනු නො ලබන්නේ ම ය. තවද මුළාවූවෝ ඔවුහු ම ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දීම මිය ගියවුන් වනාහි මහපොළොව රනින් පිරී එය වන්දි වශයෙන් ගෙවනු ලැබුව ද ඔවුන් කිසිවෙකුගෙන් එය පිළිගනු නො ලබන්නේ ම ය. ඔවුනට වේදනීය දඬුවම ඇත. තවද ඔවුනට උදව්කරුවන් අතරින් කිසිවෙකු ද නොමැත.

See all translations of this verse →

لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා ප්‍රිය කරන දැයින් වියදම් කරන තෙක් නුඹලා යහපත නො ලබන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද ඒ පිළිබඳව නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය.

See all translations of this verse →

كُلُّ ٱلطَّعَامِ كَانَ حِلًّا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَٰٓءِيلُ عَلَىٰ نَفْسِهِۦ مِن قَبْلِ أَن تُنَزَّلَ ٱلتَّوْرَىٰةُ قُلْ فَأْتُوا۟ بِٱلتَّوْرَىٰةِ فَٱتْلُوهَآ إِن كُنتُمْ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල් (යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර සෙසු ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමතව තිබිණ’ යැයි (නබිවරය!) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.

See all translations of this verse →

فَمَنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ مِنۢ بَعْدِ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් කවරෙක් එයට පසුව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.

See all translations of this verse →

قُلْ صَدَقَ ٱللَّهُ فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹ පවසනු. ‘අල්ලාහ් සත්‍ය පැවසුවේ ය. එබැවින් නුඹලා අවංක ලෙසින් ඉබ්රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නො වීය.’

See all translations of this verse →

إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِى بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerලෝ වැසියනට මඟ පෙන්වන්නක් හා සෞභාග්‍යක් ලෙස ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය බක්කා (හෙවත් මක්කා) වෙහි පිහිටා ඇත.

See all translations of this verse →

فِيهِ ءَايَٰتٌۢ بَيِّنَٰتٌ مَّقَامُ إِبْرَٰهِيمَ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنًا وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්රාහිම් සිට ගත් ස්ථානය ද ඇත. තවද කවරෙකු එයට ප්‍රවේශ වූයේ ද ඔහු සුරක්ෂිතයකු වෙයි. තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය.

See all translations of this verse →

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ සඳහා සාක්ෂිකරු ය.

See all translations of this verse →

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَآءُ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන්ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන්ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන් දැ? යි (නබිවරය!) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අනවධානියෙකු නො වේ.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَٰنِكُمْ كَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූ අය අතරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසුව නුඹලාව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.

See all translations of this verse →

وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَىٰ عَلَيْكُمْ ءَايَٰتُ ٱللَّهِ وَفِيكُمْ رَسُولُهُۥ وَمَن يَعْتَصِم بِٱللَّهِ فَقَدْ هُدِىَ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාහට අල්ලාහ්ගේ වැකි පාරායනා කරනු ලබමින් නුඹලා සිටිය දී එමෙන් ම නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ්ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබී ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් විය යුතු සැබෑ අයුරින් ම නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා අවනත වන්නන් ලෙස සිටිය දී මිස මරණයට පත් නො වනු.

See all translations of this verse →

وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا۟ وَٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَآءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِۦٓ إِخْوَٰنًا وَكُنتُمْ عَلَىٰ شَفَا حُفْرَةٍ مِّنَ ٱلنَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන්ව නො යනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන්ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේ ය. එවිට නුඹලා ඔහුගේ ආශිර්වාදයෙන් සහෝදරයන් බවට පත් වූයෙහු ය. තවද නුඹලා නිරා ගින්නෙන් යුත් අගාධ අද්දරයෙහි සිටියෙහු ය. එවිට ඔහු නුඹලාව එයින් මුදවා ගත්තේ ය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.

See all translations of this verse →

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى ٱلْخَيْرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerහොඳ දෑ වෙත ඇරයුම් කරන, යහපත නියෝග කරන, පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතරින් සිටිය යුතුයි. තවද ජයග්‍රාහකයෝ ඔවුහු ම ය.

See all translations of this verse →

وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَٰتُ وَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerපැහැදිලි සාධක ඔවුන් වෙත පැමිණි පසුව වෙන්ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නො වනු. තවද ඔවුන් වනාහි (පරලොව) අතිමහත් දඬුවම ඔවුනට ඇත.

See all translations of this verse →

يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا ٱلَّذِينَ ٱسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُم بَعْدَ إِيمَٰنِكُمْ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْفُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය කලී, "නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේප කළෙහු ද, එසේනම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු". (යැයි කියනු ලැබේ.)

See all translations of this verse →

وَأَمَّا ٱلَّذِينَ ٱبْيَضَّتْ وُجُوهُهُمْ فَفِى رَحْمَةِ ٱللَّهِ هُمْ فِيهَا خَٰلِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතම මුහුණු සුදු පැහැ ගැන් වූවන් වූ කලී, ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි සදාතනිකයෝ ය.

See all translations of this verse →

تِلْكَ ءَايَٰتُ ٱللَّهِ نَتْلُوهَا عَلَيْكَ بِٱلْحَقِّ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلْمًا لِّلْعَٰلَمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමේවා අල්ලාහ්ගේ වැකි වේ. ඒවා අපි නුඹ වෙත සත්‍යයෙන් යුතුව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නො වේ.

See all translations of this verse →

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.

See all translations of this verse →

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَتُؤْمِنُونَ بِٱللَّهِ وَلَوْ ءَامَنَ أَهْلُ ٱلْكِتَٰبِ لَكَانَ خَيْرًا لَّهُم مِّنْهُمُ ٱلْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ ٱلْفَٰسِقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerජනයා වෙනුවෙන් බිහි කරන ලද ශ්‍රේෂ්ඨතම ජන සමාජය නුඹලා වූයෙහු ය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහු ය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහු ය. තවද දේව ග්‍රන්ථය ලැබූ ජනයා ද විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක් ම වනු ඇත. ඔවුන් අතරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය.

See all translations of this verse →

لَن يَضُرُّوكُمْ إِلَّآ أَذًى وَإِن يُقَٰتِلُوكُمْ يُوَلُّوكُمُ ٱلْأَدْبَارَ ثُمَّ لَا يُنصَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසුළු වේදනාවක් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නො හැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසුව ඔවුහු උදව් කරනු නො ලබති.

See all translations of this verse →

ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍ مِّنَ ٱللَّهِ وَحَبْلٍ مِّنَ ٱلنَّاسِ وَبَآءُو بِغَضَبٍ مِّنَ ٱللَّهِ وَضُرِبَتْ عَلَيْهِمُ ٱلْمَسْكَنَةُ ذَٰلِكَ بِأَنَّهُمْ كَانُوا۟ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّ ذَٰلِكَ بِمَا عَصَوا۟ وَّكَانُوا۟ يَعْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසුන්ගේ රැහැනින් ඔවුහු මිදුණේ නම් මිස. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ද ලක් වූහ. එමෙන් ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එයට හේතුව ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොරව නබිවරුන් ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපා සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.

See all translations of this verse →

لَيْسُوا۟ سَوَآءً مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ ءَايَٰتِ ٱللَّهِ ءَانَآءَ ٱلَّيْلِ وَهُمْ يَسْجُدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු (සියල්ලෝ ම) එක සමාන නො වූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීරව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ සුජූද් (හිස නමා නමස්කාර) කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.

See all translations of this verse →

يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَيَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَأُو۟لَٰٓئِكَ مِنَ ٱلصَّٰلِحِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු අල්ලාහ්ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතුවල යුහුසුලුව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති.

See all translations of this verse →

وَمَا يَفْعَلُوا۟ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوهُ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් යම් යහපතක් කරන්නේ නම්, එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නො ලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැතිමතුන් පිළිබඳව සර්ව ඥානී ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا وَأُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ هُمْ فِيهَا خَٰلِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් වනාහි අල්ලාහ්ගෙන් වූ කිසිවකට (දඬුවමකට) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්‍රයෝජනවත් නො වන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය.

See all translations of this verse →

مَثَلُ مَا يُنفِقُونَ فِى هَٰذِهِ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑට උපමාව නම් තමන්ට ම අපරාධ කර ගත් ජන පිරිසකගේ කෙතට පතිත වී එය විනාශ කර දැමූ අධිසීතල සහිත දැඩි සුළඟක් මෙනි. අල්ලාහ් ඔවුනට අපරාධ නො කළේ ය. එහෙත් ඔවුන් ඔවුනට ම අපරාධ කර ගන්නෝ ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ بِطَانَةً مِّن دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا۟ مَا عَنِتُّمْ قَدْ بَدَتِ ٱلْبَغْضَآءُ مِنْ أَفْوَٰهِهِمْ وَمَا تُخْفِى صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ ٱلْـَٔايَٰتِ إِن كُنتُمْ تَعْقِلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලාගෙන් තොරව වෙනත් අය සමීපත ම මිතුරන් ලෙස නො ගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙහි අඩුවක් නො කරති. නුඹලා පීඩා විඳීම ඔවුහු ප්‍රිය කළෝ ය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණු ය. සැබැවින් ම නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු. නුඹලා වටහා ගන්නන් ලෙස සිටියෙහු නම්.

See all translations of this verse →

هَٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Sinhalese Translation - Rowwad Translation Centerමෙන්න! නුඹලා ඔවුන්ව ප්‍රිය කරන්නෙහු ය. එහෙත් ඔවුහු නුඹලාව ප්‍රිය නො කරති. තවද නුඹලා ධර්ම ග්‍රන්ථය මුළුමනින් ම විශ්වාස කරන්නෙහු ය. තවද ඔවුන් නුඹලාව මුණ ගැසුණු විට “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ නමුත් ඔවුන් වෙන්ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහිව ඇඟිලි තුඩු විකුවෝ ය. නුඹලාගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානීය යැයි (නබිවරය!) පවසනු.

See all translations of this verse →

إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا۟ بِهَا وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْـًٔا إِنَّ ٱللَّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් අත් වූයේ නම් එමඟින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නො වෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව සර්ව ප්‍රකාරයෙන් ම දන්නා ය.

See all translations of this verse →

وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ ٱلْمُؤْمِنِينَ مَقَٰعِدَ لِلْقِتَالِ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය! උහද්) යුද්ධය සඳහා නියමිත ස්ථානයන්හි විශ්වාස කළ අයව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුලෙන් උදෑසන පිටත්ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්රාවක ය; සර්ව ඥානී ය.

See all translations of this verse →

إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلَا وَٱللَّهُ وَلِيُّهُمَا وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අතරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත්ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ් ය. එබැවින් විශ්වාස කළවුන් සියල්ල භාර කළ යුත්තේ අල්ලාහ් කෙරෙහි ම ය.

See all translations of this verse →

وَلَقَدْ نَصَرَكُمُ ٱللَّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දුබලයින්ව සිටිය දී ඇත්තෙන් ම අල්ලාහ් බද්ර් (සටනෙ)හි නුඹලාට උදව් කළේ ය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු.

See all translations of this verse →

إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيَكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلَٰثَةِ ءَالَٰفٍ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُنزَلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් පහළ කර නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නො වන්නේ දැ? යි දේව විශ්වාස කළ අයට (නබිවරය!) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

See all translations of this verse →

بَلَىٰٓ إِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَٰذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ ءَالَٰفٍ مِّنَ ٱلْمَلَٰٓئِكَةِ مُسَوِّمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනොඑසේ ය. නුඹලා ඉවසා බිය බැතිමත් වී නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණිකව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුධ) සලකුණු තබනු ලැබූ මලක්වරු පන් දහසක් මඟින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උදව් කරනු ඇත.

See all translations of this verse →

وَمَا جَعَلَهُ ٱللَّهُ إِلَّا بُشْرَىٰ لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِۦ وَمَا ٱلنَّصْرُ إِلَّا مِنْ عِندِ ٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَكِيمِ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට ශුභාරංචියක් ලෙස හා එමඟින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු කළේ නැත. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නො වීය.

See all translations of this verse →

لِيَقْطَعَ طَرَفًا مِّنَ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُوا۟ خَآئِبِينَ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීම සඳහා හා ඔවුන්ව නින්දාවට පත් කර පසුව ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යාම සඳහා ය.

See all translations of this verse →

لَيْسَ لَكَ مِنَ ٱلْأَمْرِ شَىْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَٰلِمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ නුඹට කිසිදු බලයක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.

See all translations of this verse →

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහු අභිමත කළ අයට සමාව දෙන්නේ ය. අභිමත කළ අයට දඬුවම් කරන්නේ ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوا۟ ٱلرِّبَوٰٓا۟ أَضْعَٰفًا مُّضَٰعَفَةً وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය ගුණයෙන් ගුණය වැඩි කර අනුභව නො කරනු. තවද නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.

See all translations of this verse →

وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දේවත්වය ප්‍රතික්ෂේප කළ වුනට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු.

See all translations of this verse →

وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු.

See all translations of this verse →

وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ පරමාධිපති වෙතින් වූ සමාව වෙත ද දේව බිය බැතිමතුන්හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්‍රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙත ද නුඹලා යුහුසුලු වනු.

See all translations of this verse →

ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි සැපවත් මෙන් ම දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ ගන්නන් වෙති. තවද මිනිසුනට සමාව දෙන්නන් වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන්ව ප්‍රිය කරන්නේ ය.

See all translations of this verse →

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ්ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත්ව සිටිය දී ඔවුන් කළ දෑ හී ඔවුහු අඛණ්ඩව නිරත නො වෙති.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් සදාතනිකයින් ලෙස හිමි කරගන්නෝ ඔවුහු ම ය. යහකම් කළවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.

See all translations of this verse →

قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට පෙර ද (මෙවැනි) පිළිවෙත් ඉකුත්ව ගොස් හමාර ය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරා බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ? යි අධීක්ෂණය කරනු.

See all translations of this verse →

هَٰذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය ජනයාහට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.

See all translations of this verse →

وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා දුර්වල නො වනු. තවද නුඹලා දුක් නො වනු. නුඹලා විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් ශ්‍රේෂ්ඨයෝ නුඹලා ම ය.

See all translations of this verse →

إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌ مِّثْلُهُۥ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට (උහද් සටනෙහි) තුවාල ඇති වන්නේ නම් දැන ගනු සැබැවින් ම) එවැනි ම තුවාල එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද අපි මෙවැනි (ජය හෝ පරාජිත) දිනයන් ජනයා අතර මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන්ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන්ව ප්‍රිය නො කරයි.

See all translations of this verse →

وَلِيُمَحِّصَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَمْحَقَ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑමෙන් ම විශ්වාස කළවුන්ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්‍රතික්ෂේපකයින්ව විනාශ කරනු පිණිසත් ය.

See all translations of this verse →

أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُوا۟ ٱلْجَنَّةَ وَلَمَّا يَعْلَمِ ٱللَّهُ ٱلَّذِينَ جَٰهَدُوا۟ مِنكُمْ وَيَعْلَمَ ٱلصَّٰبِرِينَ

Sinhalese Translation - Rowwad Translation Center(විශ්වාස කළවුනි!) නුඹලා අතරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නො දැන, එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳව ද ඔහු නො දැන, ස්වර්ග උයනට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?

See all translations of this verse →

وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ ٱلْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා (වීර) මරණය හමු වීමට පෙර සැබැවින් ම එය අපේක්ෂා කරමින් සිටියෙහු ය. (දැන්) නුඹලා එය අධීක්ෂණය කරමින් සියැසින් ම දුටුවෙහු ය.

See all translations of this verse →

وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ ٱلرُّسُلُ أَفَإِي۟ن مَّاتَ أَوْ قُتِلَ ٱنقَلَبْتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ وَمَن يَنقَلِبْ عَلَىٰ عَقِبَيْهِ فَلَن يَضُرَّ ٱللَّهَ شَيْـًٔا وَسَيَجْزِى ٱللَّهُ ٱلشَّٰكِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද මුහම්මද් ධර්ම දූතයෙකු මිස වෙනත් කෙනෙකු නො වේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ (පසුව) නුඹලා නුඹලාගේ විලුඹු මත (දහමින්) ආපසු හැරී යන්නෙහු ද? තවද කවරෙකු තම විලුඹු දෙක මත (දහමින්) ආපසු හැරී යන්නේ ද එවිට එය අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නො කරන්නේ ම ය. අල්ලාහ් කෘතවේදීන්ට ප්‍රතිඵල පිරිනමනු ඇත.

See all translations of this verse →

وَمَا كَانَ لِنَفْسٍ أَن تَمُوتَ إِلَّا بِإِذْنِ ٱللَّهِ كِتَٰبًا مُّؤَجَّلًا وَمَن يُرِدْ ثَوَابَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ ٱلْـَٔاخِرَةِ نُؤْتِهِۦ مِنْهَا وَسَنَجْزِى ٱلشَّٰكِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව මරණයට පත්වීම කිසිදු ආත්මයකට යුතු නො වීය. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි යහපත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.

See all translations of this verse →

وَكَأَيِّن مِّن نَّبِىٍّ قَٰتَلَ مَعَهُۥ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا۟ لِمَآ أَصَابَهُمْ فِى سَبِيلِ ٱللَّهِ وَمَا ضَعُفُوا۟ وَمَا ٱسْتَكَانُوا۟ وَٱللَّهُ يُحِبُّ ٱلصَّٰبِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerනබිවරුන්ගෙන් කොපමණ දෙනෙක්, ඔවුන් සමඟ එක්ව (සතුරන්ට එරෙහි ව) දැහැමියෝ බොහෝ දෙනෙක් සටන් කර තිබේ ද?. එනමුදු ඔවුනට අල්ලාහ්ගේ මාර්ගයේ සිදු වූ දුෂ්කරතා හේතුවෙන් ඔවුහු අධෛර්ය නො වූහ. තවද ඔවුහු දුර්වල ද නො වූහ. එමෙන් ම (සතුරන්ට) යටහත් ද නො වූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින්ව ප්‍රිය කරයි.

See all translations of this verse →

وَمَا كَانَ قَوْلَهُمْ إِلَّآ أَن قَالُوا۟ رَبَّنَا ٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِىٓ أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَٱنصُرْنَا عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම්වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහිව ද අපට උදව් කරනු මැනව! යනුවෙන් පැවසීම මිස ඔවුන්ගේ වෙනත් වදනක් නො වීය.

See all translations of this verse →

فَـَٔاتَىٰهُمُ ٱللَّهُ ثَوَابَ ٱلدُّنْيَا وَحُسْنَ ثَوَابِ ٱلْـَٔاخِرَةِ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමී ය. තවද අල්ලාහ් දැහැමියන්ව ප්‍රිය කරයි.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ ٱلَّذِينَ كَفَرُوا۟ يَرُدُّوكُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ فَتَنقَلِبُوا۟ خَٰسِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලාව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා පරාජතයින් ලෙස නැවත හැරෙන්නෙහු ය.

See all translations of this verse →

بَلِ ٱللَّهُ مَوْلَىٰكُمْ وَهُوَ خَيْرُ ٱلنَّٰصِرِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයා ය.

See all translations of this verse →

سَنُلْقِى فِى قُلُوبِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلرُّعْبَ بِمَآ أَشْرَكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًا وَمَأْوَىٰهُمُ ٱلنَّارُ وَبِئْسَ مَثْوَى ٱلظَّٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerකවර දෙයක් සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් අල්ලාහ් ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නො කළේ ද, එවැනි දෙයක් ඔවුහු ඔහුට ආදේශ තැබූ හේතුවෙන්, ප්‍රතික්ෂේප කළවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරුවන්ගේ නවාතැන ඉතා නපුරු ය.

See all translations of this verse →

وَلَقَدْ صَدَقَكُمُ ٱللَّهُ وَعْدَهُۥٓ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِۦ حَتَّىٰٓ إِذَا فَشِلْتُمْ وَتَنَٰزَعْتُمْ فِى ٱلْأَمْرِ وَعَصَيْتُم مِّنۢ بَعْدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلْـَٔاخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَٱللَّهُ ذُو فَضْلٍ عَلَى ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහුගේ අනුමැතියෙන් නුඹලා ඔවුන්ව මරා දැමූ අවස්ථාවේදී අල්ලාහ් සැබැවින් ම ඔහුගේ ප්‍රතිඥාව සැබෑ කළේ ය. අවසානයේ දී නුඹලා පරාජයට පත් වී නුඹලා වෙත පැනවූ අණ පිළිබඳ මත භේද ඇති කරගත්තෝ ය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන්වූ පසුව ද නුඹලා පිටුපෑවෝ ය. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසුව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලාව ඔවුන්ගෙන් හැරෙව්වේ ය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේ ය. තවද අල්ලාහ් විශ්වාස කළවුන් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත ය.

See all translations of this verse →

إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَٰبَكُمْ غَمًّۢا بِغَمٍّ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَٰبَكُمْ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම දූතයා (මුහම්මද්) නුඹලා පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නො බලා නුඹලා (කන්ද ට) නැග ගිය සැටි මෙනෙහි කර බලනු. මේ හේතුවෙන් නුඹලාට ද තැවුලෙන් තැවුල විපාක දුන්නේ ය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය ගැන ද, නුඹලාට හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නො වනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන මහා ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَىٰ طَآئِفَةً مِّنكُمْ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَٰهِلِيَّةِ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌ مَّا قُتِلْنَا هَٰهُنَا قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

Sinhalese Translation - Rowwad Translation Centerඅනතුරුව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේ ය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේ ය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේ ය. ඔවුහු අඥාන යුගයේ සිතුවිලි මෙන් අල්ලාහ් ගැන සත්‍ය නො වන දෑ සිතමින් “මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට ඇත්තේ දැ” යි විමසති. ‘සියලු කරුණු අල්ලාහ්ට’ යැයි පවසනු. නුඹට හෙළි නො කරන දෑ ඔවුහු ඔවුන්ගේ සිත් තුළ සඟවා ගනිති. ‘අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නො වන්නෙමු’ යැයි පවසති. ‘නුඹලා නුඹලාගේ නිවෙස්වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේ ම ය’ යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ تَوَلَّوْا۟ مِنكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ إِنَّمَا ٱسْتَزَلَّهُمُ ٱلشَّيْطَٰنُ بِبَعْضِ مَا كَسَبُوا۟ وَلَقَدْ عَفَا ٱللَّهُ عَنْهُمْ إِنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; ඉතා ඉවසිලිවන්ත ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةً فِى قُلُوبِهِمْ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් හට; මහපොළොවෙහි ඔවුන් ගමන් කළ විට හෝ යුද බටයින් ලෙස සිටින විට ඔවුන් අප සමඟ සිටියේ නම් මරණයට පත් නො වනු ඇත. එමෙන් ම ඝාතනය කරනු නො ලබනු ඇත’ යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද අල්ලාහ් ජීවය දෙයි, මරණයට පත් කරයි. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

وَلَئِن قُتِلْتُمْ فِى سَبِيلِ ٱللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ ٱللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑට වඩා අතිඋතුම් ය.

See all translations of this verse →

وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى ٱللَّهِ تُحْشَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහු ය.

See all translations of this verse →

فَبِمَا رَحْمَةٍ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ ٱلْقَلْبِ لَٱنفَضُّوا۟ مِنْ حَوْلِكَ فَٱعْفُ عَنْهُمْ وَٱسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى ٱللَّهِ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَوَكِّلِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදුව කටයුතු කළෙහි ය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත්ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කටයුතුවල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ ස්ථීර කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් (එසේ) භාර කරන්නන්ව ප්‍රිය කරන්නේ ය.

See all translations of this verse →

إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලාව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසුව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද? තවද විශ්වාස කළවුන් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය.

See all translations of this verse →

وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَٰمَةِ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerවංචා කිරීම කිසිදු නබිවරයෙකුට (සුදුසු) නො වීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙනු ඇත. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණව දෙනු ලැබේ. තවද ඔවුන් අපරාධ කරනු නො ලබනු ඇත.

See all translations of this verse →

أَفَمَنِ ٱتَّبَعَ رِضْوَٰنَ ٱللَّهِ كَمَنۢ بَآءَ بِسَخَطٍ مِّنَ ٱللَّهِ وَمَأْوَىٰهُ جَهَنَّمُ وَبِئْسَ ٱلْمَصِيرُ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළේ කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරය ය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.

See all translations of this verse →

هُمْ دَرَجَٰتٌ عِندَ ٱللَّهِ وَٱللَّهُ بَصِيرٌۢ بِمَا يَعْمَلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

لَقَدْ مَنَّ ٱللَّهُ عَلَى ٱلْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِّنْ أَنفُسِهِمْ يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَإِن كَانُوا۟ مِن قَبْلُ لَفِى ضَلَٰلٍ مُّبِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerතම (අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන, තවද ඔවුන්ව පිවිතුරු කර වන, තවද ඔවුනට ග්‍රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේ ය. විශ්වාස කළවුන් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටියහ.

See all translations of this verse →

أَوَلَمَّآ أَصَٰبَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا قُلْ هُوَ مِنْ عِندِ أَنفُسِكُمْ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට දුෂ්කර තත්ත්වයක් ඇති වූ කල්හි ඒ හා සමාන දෙගුණයක් (බදිර් හි) නුඹලා අත් වින්දෙහු ය. මෙය කෙසේ දැ? යි නුඹලා ඇසූහ. මෙය නුඹලා(ගේ වරද) තුළින් ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

See all translations of this verse →

وَمَآ أَصَٰبَكُمْ يَوْمَ ٱلْتَقَى ٱلْجَمْعَانِ فَبِإِذْنِ ٱللَّهِ وَلِيَعْلَمَ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ (හිංසන වැනි) දෑ (සිදු වූයේ) අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු (මෙසේ කළේ සත්‍ය) විශ්වාස කළවුන්ව හඳුන්වා දෙනු පිණිස ය.

See all translations of this verse →

وَلِيَعْلَمَ ٱلَّذِينَ نَافَقُوا۟ وَقِيلَ لَهُمْ تَعَالَوْا۟ قَٰتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَوِ ٱدْفَعُوا۟ قَالُوا۟ لَوْ نَعْلَمُ قِتَالًا لَّٱتَّبَعْنَٰكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَٰنِ يَقُولُونَ بِأَفْوَٰهِهِم مَّا لَيْسَ فِى قُلُوبِهِمْ وَٱللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කුහකයින් (කවුරුන් දැ? යි) ඔහු හඳුන්වා දෙනු පිණිස ය. නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් ම යැයි දන්නේ නම් අපි ද නුඹලාව පිළිපදින්නෙමු යැයි පැවසූහ. ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්‍රතික්ෂේප කිරීමට ඉතා සමීපයෙන් එදින සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛවලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳව මැනවින් දන්නා ය.

See all translations of this verse →

ٱلَّذِينَ قَالُوا۟ لِإِخْوَٰنِهِمْ وَقَعَدُوا۟ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا۟ قُلْ فَٱدْرَءُوا۟ عَنْ أَنفُسِكُمُ ٱلْمَوْتَ إِن كُنتُمْ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Center(යුද්ධයට නො ගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින් හමුවෙහි මොවුහු "අපට අවනත වූයේ නම් ඝාතනය කරනු නො ලබන්නට තිබුණි" යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් "මරණය නුඹලාගෙන් වළක්වා ගනු" යැයි (නබිවරය!) නුඹ විමසනු.

See all translations of this verse →

وَلَا تَحْسَبَنَّ ٱلَّذِينَ قُتِلُوا۟ فِى سَبِيلِ ٱللَّهِ أَمْوَٰتًۢا بَلْ أَحْيَآءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නො සිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් ඔවුන්ගේ පරමාධිපති අබියස ජීවත්ව සිටින්නෝ ය.

See all translations of this verse →

فَرِحِينَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَيَسْتَبْشِرُونَ بِٱلَّذِينَ لَمْ يَلْحَقُوا۟ بِهِم مِّنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සෙන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත. තවද තමන් දුකට පත්වන්නන් ද නොවෙතැ යි ඔවුහු ප්‍රීතිමත් වෙති.

See all translations of this verse →

يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ ٱللَّهِ وَفَضْلٍ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්‍යයන් පිළිබඳව ඔවුහු ප්‍රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස කළවුන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නො කරන්නේ ය.

See all translations of this verse →

ٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِلَّهِ وَٱلرَّسُولِ مِنۢ بَعْدِ مَآ أَصَابَهُمُ ٱلْقَرْحُ لِلَّذِينَ أَحْسَنُوا۟ مِنْهُمْ وَٱتَّقَوْا۟ أَجْرٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු තමන්ට තුවාල ඇති වූ පසුව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි ලෙස කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත.

See all translations of this verse →

ٱلَّذِينَ قَالَ لَهُمُ ٱلنَّاسُ إِنَّ ٱلنَّاسَ قَدْ جَمَعُوا۟ لَكُمْ فَٱخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَٰنًا وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ وَنِعْمَ ٱلْوَكِيلُ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි නියත වශයෙන් ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස්වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේ ය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.

See all translations of this verse →

فَٱنقَلَبُوا۟ بِنِعْمَةٍ مِّنَ ٱللَّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوٓءٌ وَٱتَّبَعُوا۟ رِضْوَٰنَ ٱللَّهِ وَٱللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerඑබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නො වීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝ ය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.

See all translations of this verse →

إِنَّمَا ذَٰلِكُمُ ٱلشَّيْطَٰنُ يُخَوِّفُ أَوْلِيَآءَهُۥ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම එලෙසය ෂෙයිතාන් තම මිතුරන් ගැන බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නො වනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු.

See all translations of this verse →

وَلَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَٰرِعُونَ فِى ٱلْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا يُرِيدُ ٱللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِى ٱلْـَٔاخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය ප්‍රතික්ෂේප කිරීමෙහි යුහුසුලුව කටයුතු කරන අය නුඹව දුකට පත් නො කළ යුතු ය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නො හැක්කේ ම ය. ඔවුනට මතු ලොවෙහි කොටසක් ඇති නො කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلْكُفْرَ بِٱلْإِيمَٰنِ لَن يَضُرُّوا۟ ٱللَّهَ شَيْـًٔا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය මිලට ගත්තවුන් වනාහි අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට ඔවුන්හට නො හැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

See all translations of this verse →

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِى لَهُمْ لِيَزْدَادُوٓا۟ إِثْمًا وَلَهُمْ عَذَابٌ مُّهِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප කල් දීම තමන්ට යහපතක් යැයි ඔවුන් නො සිතිය යුතු ය. අප එසේ ඔවුනට කල් දෙනුයේ ඔවුන් අධිකව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන්හට නින්දා සහගත දඬුවම ඇත.

See all translations of this verse →

مَّا كَانَ ٱللَّهُ لِيَذَرَ ٱلْمُؤْمِنِينَ عَلَىٰ مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ ٱلْخَبِيثَ مِنَ ٱلطَّيِّبِ وَمَا كَانَ ٱللَّهُ لِيُطْلِعَكُمْ عَلَى ٱلْغَيْبِ وَلَٰكِنَّ ٱللَّهَ يَجْتَبِى مِن رُّسُلِهِۦ مَن يَشَآءُ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَإِن تُؤْمِنُوا۟ وَتَتَّقُوا۟ فَلَكُمْ أَجْرٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින්ව අතහැර දමන්නට නො වීය. එමෙන් ම අදෘශ්‍යමාන දෑ නුඹලාට පෙන්වා දෙන්නට ද අල්ලාහ්ට නො වීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත කළ අයව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කර; බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.

See all translations of this verse →

وَلَا يَحْسَبَنَّ ٱلَّذِينَ يَبْخَلُونَ بِمَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ هُوَ خَيْرًا لَّهُم بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا۟ بِهِۦ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරු වන්නන්, එය (එසේ මසුරු වීම) තමන්ට යහපතක් යැයි නො සිතිය යුතු ය. එහෙත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරු වූයේ ද එමඟින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්හට ගෙල මාල පලඳවනු ලබන්නේ ය. තවද අහස්හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

See all translations of this verse →

لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَآءُ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු වෙමු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේ දී) පවසන්නෙමු.

See all translations of this verse →

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّامٍ لِّلْعَبِيدِ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන් ම අල්ලාහ් ගැත්තන්හට (කිසිදු අයුරින්) අරපාධ කරන්නෙක් නො වේ.

See all translations of this verse →

ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيْنَآ أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ ٱلنَّارُ قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌ مِّن قَبْلِى بِٱلْبَيِّنَٰتِ وَبِٱلَّذِى قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි කුර්බානයක් (කැපයක්) අප වෙත රැගෙන විත් ගින්න එය ගිල දමන තෙක් කිසිදු ධර්ම දූතයෙකුව අප විශ්වාස නො කරන්නෙමු යැයි අල්ලාහ් අප සමඟ ගිවිසගෙන ඇතැයි පැවසුවෝ ය. මට පෙර ද පැහැදිලි සාධක සමඟ හා නුඹලා පවසා සිටි දෑ සමඟ ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා ඔවුන් ඝාතනය කළේ මන්දැ යි අසනු.

See all translations of this verse →

فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَآءُو بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلْكِتَٰبِ ٱلْمُنِيرِ

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නුඹව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු), නුඹට පෙර පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ආලෝකමත් ධර්ම ග්‍රන්ථ සමඟ ද පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.

See all translations of this verse →

كُلُّ نَفْسٍ ذَآئِقَةُ ٱلْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فَمَن زُحْزِحَ عَنِ ٱلنَّارِ وَأُدْخِلَ ٱلْجَنَّةَ فَقَدْ فَازَ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ

Sinhalese Translation - Rowwad Translation Centerසෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නකි. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේ ය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.

See all translations of this verse →

لَتُبْلَوُنَّ فِىٓ أَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوٓا۟ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ වස්තු හා නුඹලා තුළ ද සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහු ය. තවද නුඹලාට පෙර විසූ ධර්ම ග්‍රන්ථ පිරිනමනු ලැබූවන් හා ආදේශ කළ අයගෙන් බොහෝ වදවේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය ස්ථීර කරුණු අතුරින් වෙයි.

See all translations of this verse →

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًا قَلِيلًا فَبِئْسَ مَا يَشْتَرُونَ

Sinhalese Translation - Rowwad Translation Centerවේද ග්‍රන්ථය දෙනු ලැබූවන්ගෙන් "නුඹලා ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු. තවද නුඹලා එය වසන් නොකරනු" යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන්ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්‍රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය.

See all translations of this verse →

لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍ مِّنَ ٱلْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) තමන් ගෙන ආ දෑ පිළිබඳ සතුටු වන අය ගැන හා තමන් නො කළ දෑ පිළිබඳව ප්‍රශංසා කරනු ලැබීම ප්‍රිය කරනවුන් ගැන නුඹ නො සිතනු. එමෙන් ම දඬුවමින් (මිදී) ජයග්‍රහණය ඔවුනට තිබේ යැයි නුඹ නො සිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.

See all translations of this verse →

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.

See all translations of this verse →

إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَـَٔايَٰتٍ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.

See all translations of this verse →

ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැතිවලට ඇල වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපතියාණනි! නුඹ මෙය නිකරුණේ නො මැව්වෙහි ය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව!

See all translations of this verse →

رَبَّنَآ إِنَّكَ مَن تُدْخِلِ ٱلنَّارَ فَقَدْ أَخْزَيْتَهُۥ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ කවෙරෙකුව නිරා ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම නුඹ ඔහුව අවමානයට පත් කරන්නෙහි ය. තවද අපරාධ කරුවන්ට උදව් කරුවන් කිසිවෙකු නොමැත.

See all translations of this verse →

رَّبَّنَآ إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِى لِلْإِيمَٰنِ أَنْ ءَامِنُوا۟ بِرَبِّكُمْ فَـَٔامَنَّا رَبَّنَا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلْأَبْرَارِ

Sinhalese Translation - Rowwad Translation Centerඅපගේ පරමාධිපතියාණනි! “නුඹලාගේ පරමාධිපතිව නුඹලා විශ්වාස කරනු” යැයි, දේව විශ්වාසය වෙත කැඳ වන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අපව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!

See all translations of this verse →

رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ ٱلْقِيَٰمَةِ إِنَّكَ لَا تُخْلِفُ ٱلْمِيعَادَ

Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් වෙතින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපව දුකට පත් නො කරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන් කඩ නො කරන්නෙහි ය.” (යැයි ප්‍රාර්ථනා කරති.)

See all translations of this verse →

فَٱسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّى لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٍ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ بَعْضُكُم مِّنۢ بَعْضٍ فَٱلَّذِينَ هَاجَرُوا۟ وَأُخْرِجُوا۟ مِن دِيَٰرِهِمْ وَأُوذُوا۟ فِى سَبِيلِى وَقَٰتَلُوا۟ وَقُتِلُوا۟ لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ثَوَابًا مِّنْ عِندِ ٱللَّهِ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلثَّوَابِ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේ ය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නො කරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙන් ය. එබැවින් දේශ තරණය කොට තම නිවෙස්වලින් බැහැර කරනු ලදුව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන්හි ඔවුන්ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ තිළිණයක් ලෙසිනි. තවද අල්ලාහ් වනාහි ඔහු වෙතය අලංකාර කුසල් ඇත්තේ.

See all translations of this verse →

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى ٱلْبِلَٰدِ

Sinhalese Translation - Rowwad Translation Centerවිවිධ දේශයන්හි ප්‍රතික්ෂේප කළවුන්ගේ (ආඩම්බර) සැරිසැරීම (නබිවරය!) නුඹව රවටා නො දැමිය යුතු ය.

See all translations of this verse →

مَتَٰعٌ قَلِيلٌ ثُمَّ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَبِئْسَ ٱلْمِهَادُ

Sinhalese Translation - Rowwad Translation Center(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසුව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.

See all translations of this verse →

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ جَنَّٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلًا مِّنْ عِندِ ٱللَّهِ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌ لِّلْأَبْرَارِ

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වනාහි ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයින් වෙති. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨ ය.

See all translations of this verse →

وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًا قَلِيلًا أُو۟لَٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ධර්ම ග්‍රන්ථ හිමි අය අතුරින් අල්ලාහ්ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත්ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නො ගනිති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් හිමි කර ගන්නෝ ඔවුහු ම ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත් ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱصْبِرُوا۟ وَصَابِرُوا۟ وَرَابِطُوا۟ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා ඉවසනු. තවද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන් වනු. තවද නුඹලා ස්ථාවරව සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70