هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ
Sinhalese Translation - Rowwad Translation Centerඔහු වනාහි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම
ග්‍රන්ථයේ මූලය යි. තවද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නො දන්නේ ය. තවද අපි එය විශ්වාස කළෙමු. “‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි” යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත.