يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَكُونُوا۟ كَٱلَّذِينَ كَفَرُوا۟ وَقَالُوا۟ لِإِخْوَٰنِهِمْ إِذَا ضَرَبُوا۟ فِى ٱلْأَرْضِ أَوْ كَانُوا۟ غُزًّى لَّوْ كَانُوا۟ عِندَنَا مَا مَاتُوا۟ وَمَا قُتِلُوا۟ لِيَجْعَلَ ٱللَّهُ ذَٰلِكَ حَسْرَةً فِى قُلُوبِهِمْ وَٱللَّهُ يُحْىِۦ وَيُمِيتُ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Sinhalese Translation - Rowwad Translation Center‘අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නො වනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් හට; මහපොළොවෙහි ඔවුන් ගමන් කළ විට හෝ යුද බටයින් ලෙස සිටින විට ඔවුන් අප සමඟ සිටියේ නම් මරණයට පත් නො වනු ඇත. එමෙන් ම ඝාතනය කරනු නො ලබනු ඇත’ යැයි පැවසූහ. අල්ලාහ් මෙසේ කරන්නේ, ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද අල්ලාහ් ජීවය දෙයි, මරණයට පත් කරයි. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.