هَٰٓأَنتُمْ أُو۟لَآءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِٱلْكِتَٰبِ كُلِّهِۦ وَإِذَا لَقُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَإِذَا خَلَوْا۟ عَضُّوا۟ عَلَيْكُمُ ٱلْأَنَامِلَ مِنَ ٱلْغَيْظِ قُلْ مُوتُوا۟ بِغَيْظِكُمْ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Sinhalese Translation - Rowwad Translation Centerමෙන්න! නුඹලා ඔවුන්ව ප්‍රිය කරන්නෙහු ය. එහෙත් ඔවුහු නුඹලාව ප්‍රිය නො කරති. තවද නුඹලා ධර්ම ග්‍රන්ථය මුළුමනින් ම විශ්වාස කරන්නෙහු ය. තවද ඔවුන් නුඹලාව මුණ ගැසුණු විට “අපි විශ්වාස කළෙමු” යැයි පැවසූ නමුත් ඔවුන් වෙන්ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහිව ඇඟිලි තුඩු විකුවෝ ය. නුඹලාගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානීය යැයි (නබිවරය!) පවසනු.