caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Nisaa النساء

වාක්‍ය 176 · මදීනා · revelation order 92

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَآءً وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මිනිසුනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු වනාහි නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේ ය. තවද එහි සහකාරිය ද ඉන් නිර්මාණය කළේ ය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින් හා ගැහැණුන් ව්‍යාප්ත කළේ ය. තවද නුඹලා එකිනෙකා කවර කරුණක (අයිතියක්) ඉල්ලා සිටින්නේ ද ඒ ගැන ද ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ගැන ද අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.

See all translations of this verse →

وَءَاتُوا۟ ٱلْيَتَٰمَىٰٓ أَمْوَٰلَهُمْ وَلَا تَتَبَدَّلُوا۟ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ إِنَّهُۥ كَانَ حُوبًا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා පිවිතුරු දෑ වෙනුවට කිලිටි දෑ හුවමාරු නො කරනු. තවද ඔවුන්ගේ වස්තුව නුඹලාගේ වස්තුව සමඟ එකතු කර කා නො දමනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි.

See all translations of this verse →

وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟

Sinhalese Translation - Rowwad Translation Centerඅනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් (ඔවුන් හැර වෙනත්) කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙක හෝ තිදෙනෙක හෝ සිව් දෙනෙක හෝ නුඹලා විවාහ කර ගනු. එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගතව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි (වහල්) කතක් හෝ පමණක් විය යුතු ය. නුඹලා අයුක්තිය ඉටු නො කිරීමට එය වඩා සමීප මාර්ගයයි.

See all translations of this verse →

وَءَاتُوا۟ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَىْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيٓـًٔا مَّرِيٓـًٔا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ (මහර් හෙවත් යුතුකමක් වශයෙන් පිරිනමන විවාහ) පරිත්‍යාග සිත් මනාපයෙන් පිරිනමනු. පසුව ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා (කිසිදු පීඩාවකින් තොරව) පහසුවෙන් අනුභව කරනු.

See all translations of this verse →

وَلَا تُؤْتُوا۟ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَٰمًا وَٱرْزُقُوهُمْ فِيهَا وَٱكْسُوهُمْ وَقُولُوا۟ لَهُمْ قَوْلًا مَّعْرُوفًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවැරූ නුඹලාගේ ධන සම්පත් බුද්ධි හීන වූ අයට නො දෙනු. තවද ඒවායෙන් ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට ප්‍රිය වදනින් කතා කරනු.

See all translations of this verse →

وَٱبْتَلُوا۟ ٱلْيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُوا۟ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًا فَٱدْفَعُوٓا۟ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ وَلَا تَأْكُلُوهَآ إِسْرَافًا وَبِدَارًا أَن يَكْبَرُوا۟ وَمَن كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَن كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِٱلْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ فَأَشْهِدُوا۟ عَلَيْهِمْ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًا

Sinhalese Translation - Rowwad Translation Centerඅනාථයින් විවාහ වියට ළඟා වූ විට ඔවුන් පරීක්ෂාවට ලක් කරනු. එවිට ඔවුන් අතුරින් (වගකීම් දරන) නිසි මඟක් දුටුවෙහු නම් ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇතැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නො කරනු. තවද කවරෙකු පොහොසතෙකු වූයේද ඔහු වැළකී සිටිය යුතු ය. තවද කවරෙකු දිළිඳු වූයේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නෙක් වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٌ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَّفْرُوضًا

Sinhalese Translation - Rowwad Translation Centerදෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයට ද ඇත. සුළු ප්‍රමාණයක් හෝ වැඩි ප්‍රමාණයක් හෝ වේවා එයින් නියම කරන ලද කොටසක් ඇත.

See all translations of this verse →

وَإِذَا حَضَرَ ٱلْقِسْمَةَ أُو۟لُوا۟ ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينُ فَٱرْزُقُوهُم مِّنْهُ وَقُولُوا۟ لَهُمْ قَوْلًا مَّعْرُوفًا

Sinhalese Translation - Rowwad Translation Centerබෙදීමේ දී (වස්තුවට උරුමකම් නො ලබන) ඥාතීන්, අනාථයින්, දුගියන් පැමිණ සිටියේ නම් එවිට නුඹලා එයින් ඔවුන්ව පෝෂණය කරනු. තවද ප්‍රිය වදනින් ඔවුනට කතා කරනු.

See all translations of this verse →

وَلْيَخْشَ ٱلَّذِينَ لَوْ تَرَكُوا۟ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَٰفًا خَافُوا۟ عَلَيْهِمْ فَلْيَتَّقُوا۟ ٱللَّهَ وَلْيَقُولُوا۟ قَوْلًا سَدِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerතමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතු ය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතු ය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතු ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ يَأْكُلُونَ أَمْوَٰلَ ٱلْيَتَٰمَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِى بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතු ය. තවද අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතු ය. තවද ඔවුන් පැහැදිලි වදනින් කතා කළ යුතු ය.

See all translations of this verse →

يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَٰدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ فَإِن كُنَّ نِسَآءً فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِن كَانَتْ وَٰحِدَةً فَلَهَا ٱلنِّصْفُ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌ فَلِأُمِّهِ ٱلسُّدُسُ مِنۢ بَعْدِ وَصِيَّةٍ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا فَرِيضَةً مِّنَ ٱللَّهِ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි, පිරිමියෙකු සතු කොටස කාන්තාවන් දෙදෙනෙකු සතු කොටස මෙන් සමාන විය යුතු යැයි උපදෙස් දෙන්නේ ය. එහෙත් (මිය ගිය අයට) දෙදෙනෙකුට වඩා කාන්තාවන් සිටියේ නම්, එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි නම්, ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතු ය. එහෙත් ඔහුට දරුවෙකු නො වී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. එහෙත් ඔහුට සහෝදරයින් සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නො දන්නෙහු ය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව; ප්‍රඥාවන්ත විය.

See all translations of this verse →

وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَٰجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌ فَإِن كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكْنَ مِنۢ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَآ أَوْ دَيْنٍ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌ فَإِن كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكْتُم مِّنۢ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَآ أَوْ دَيْنٍ وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمْرَأَةٌ وَلَهُۥٓ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَٰحِدٍ مِّنْهُمَا ٱلسُّدُسُ فَإِن كَانُوٓا۟ أَكْثَرَ مِن ذَٰلِكَ فَهُمْ شُرَكَآءُ فِى ٱلثُّلُثِ مِنۢ بَعْدِ وَصِيَّةٍ يُوصَىٰ بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّ وَصِيَّةً مِّنَ ٱللَّهِ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. එහෙත් ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නො සිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. එහෙත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) ‘කලාලා’ නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතු ය. එහෙත් ඊට වඩා අධිකව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසකට හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුමකරුවන් කිසිවෙකුට) හිංසාවක් නො විය යුතු ය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සෙනෙහෙවන්ත ය.

See all translations of this verse →

تِلْكَ حُدُودُ ٱللَّهِ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

Sinhalese Translation - Rowwad Translation Centerමේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහුව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඇතුළත් කරයි. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඉමහත් ජයග්‍රහණය එයයි.

See all translations of this verse →

وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدْخِلْهُ نَارًا خَٰلِدًا فِيهَا وَلَهُۥ عَذَابٌ مُّهِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerතවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ඔහුව ගින්නට ඇතුළත් කරයි. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත.

See all translations of this verse →

وَٱلَّٰتِى يَأْتِينَ ٱلْفَٰحِشَةَ مِن نِّسَآئِكُمْ فَٱسْتَشْهِدُوا۟ عَلَيْهِنَّ أَرْبَعَةً مِّنكُمْ فَإِن شَهِدُوا۟ فَأَمْسِكُوهُنَّ فِى ٱلْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلْمَوْتُ أَوْ يَجْعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ කාන්තාවන් අතුරින් ඇතැමුන් අශීලාචාර ක්‍රියාවක යෙදුනේ නම් එවිට ඔවුනට එරෙහිව නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට (එම කාන්තාවන්ට) මරණය එළඹෙන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවෙස්හි ඔවුන්ව රඳවා තබනු.

See all translations of this verse →

وَٱلَّذَانِ يَأْتِيَٰنِهَا مِنكُمْ فَـَٔاذُوهُمَا فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا۟ عَنْهُمَآ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අතුරින් අශීලාචාර ක්‍රියාවක යෙදුනු දෙදෙනෙකුට නුඹලා දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා පරම කරුණාභරිත විය.

See all translations of this verse →

إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُو۟لَٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව කෙටි කලකින් පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය.

See all translations of this verse →

وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُو۟لَٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් ඔවුන් නපුරුකම් කර “දැන් මම පාපක්ෂමාව අයැදිමි” යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේපකයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද (පාපක්ෂමාව) නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්තෙමු.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا۟ ٱلنِّسَآءَ كَرْهًا وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا۟ بِبَعْضِ مَآ ءَاتَيْتُمُوهُنَّ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍ مُّبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِٱلْمَعْرُوفِ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًٔا وَيَجْعَلَ ٱللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් උරුම කර ගැනීම නුඹලාට අනුමත නො වෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් නුඹලා ගෙන යනු පිණිස (ඔවුන් විවාහයක් සිදු කර ගැනීමෙන්) නුඹලා ඔවුන්ව නො වළක්වනු. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන්ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැකි ය. (එසේ පිළිකුල් කරන) දෙයෙහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන.

See all translations of this verse →

وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍ مَّكَانَ زَوْجٍ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًا فَلَا تَأْخُذُوا۟ مِنْهُ شَيْـًٔا أَتَأْخُذُونَهُۥ بُهْتَٰنًا وَإِثْمًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerභාර්යාවක ස්ථානයේ තවත් භාර්යාවක් මාරු කරන්නට නුඹලා අදහස් කරන්නේ නම් ඔවුන්ගෙන් එක් තැනැත්තියකට නුඹලා ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නො ගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා පැහැදිලි පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?

See all translations of this verse →

وَكَيْفَ تَأْخُذُونَهُۥ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنكُم مِّيثَٰقًا غَلِيظًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු සමඟ (විවාහ) සබඳතා පවත්වා ගෙන ගොස් තිබිය දී සහ නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ලබා ගෙන තිබිය දී නුඹලා එය (දුන් දෑ) ගත හැක්කේ කෙසේ ද?

See all translations of this verse →

وَلَا تَنكِحُوا۟ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدْ سَلَفَ إِنَّهُۥ كَانَ فَٰحِشَةً وَمَقْتًا وَسَآءَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ නො කරනු. එහෙත් පෙර පැවති සිදුවීම් හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරු ය.

See all translations of this verse →

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَٰتُكُمْ وَعَمَّٰتُكُمْ وَخَٰلَٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمْ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا۟ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَٰبِكُمْ وَأَن تَجْمَعُوا۟ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ මව්වරුන්, නුඹලාගේ දූවරුන්, නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්), නුඹලාගේ මවගේ සහෝදරියන්, (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන්, සහෝදරියගේ දූවරුන්, නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන්, කිරි පෙවීම හේතුවෙන් වූ නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් සහ නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑවරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ දූරුවන් නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදි. එහෙත් නුඹලා ඔවුන් (එම බිරියන්) වෙත ප්‍රවේශ නො වූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑවරුන් (ලේලියන්) ද පෙර පැවති දෑ හැර (මින් පසු), සහෝදරියන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදි. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; පරම කරුණාභරිත ය.

See all translations of this verse →

وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ كِتَٰبَ ٱللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا۟ بِأَمْوَٰلِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ فَمَا ٱسْتَمْتَعْتُم بِهِۦ مِنْهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَٰضَيْتُم بِهِۦ مِنۢ بَعْدِ ٱلْفَرِيضَةِ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Center(යුධ සිරකාරියන් අතරින්) නුඹලාගේ පාලනය යටතෙහි සිටින (වහල්) කාන්තාවන් හැර සෙසු විවාහක කාන්තාවන් (සමඟ විවාහ වීම ද තහනම් කරන ලදි. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. මොවුන් හැරුණු විට (වෙනත් ස්ත්‍රීන් කාමයේ) වරදවා හැසිරීමකින් තොරව පතිවත රකිමින් නුඹලාගේ සම්පත් (මහර් පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදි. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී (මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර්හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳව නුඹලා එකිනෙකා අතර එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින් ම අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්තය

See all translations of this verse →

وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ ٱلْمُحْصَنَٰتِ ٱلْمُؤْمِنَٰتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلْمُؤْمِنَٰتِ وَٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِكُم بَعْضُكُم مِّنۢ بَعْضٍ فَٱنكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلْمَعْرُوفِ مُحْصَنَٰتٍ غَيْرَ مُسَٰفِحَٰتٍ وَلَا مُتَّخِذَٰتِ أَخْدَانٍ فَإِذَآ أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَٰحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى ٱلْمُحْصَنَٰتِ مِنَ ٱلْعَذَابِ ذَٰلِكَ لِمَنْ خَشِىَ ٱلْعَنَتَ مِنكُمْ وَأَن تَصْبِرُوا۟ خَيْرٌ لَّكُمْ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කළ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතුරින් නුඹලා සතු දේවත්වය විශ්වාස කරන වහල් කාන්තාවන්ගෙන් (විවාහය) විය යුතු ය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නා ය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නො යෙදන, එමෙන් ම රහසිගතව හෝ දුරාචාරයේ නො යෙදන කාන්තාවන්ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) යහ අයුරින් පිරිනමා නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයට ය. එහෙත් නුඹලා ඉවසිලිමත්ව කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ ٱلَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُوا۟ مَيْلًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. එහෙත් මනෝ ආශාවන් අනුගමනය කරන්නෝ නුඹලා සම්පූරණයෙන් ම (නොමඟට) නැඹුරු වීම අපේක්ෂා කරති.

See all translations of this verse →

يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ وَخُلِقَ ٱلْإِنسَٰنُ ضَعِيفًا

Sinhalese Translation - Rowwad Translation Center(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٍ مِّنكُمْ وَلَا تَقْتُلُوٓا۟ أَنفُسَكُمْ إِنَّ ٱللَّهَ كَانَ بِكُمْ رَحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නො කරනු. තවද නුඹලා නුඹලාව ම ඝාතනය නො කරනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය.

See all translations of this verse →

وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَٰنًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු සතුරුකමින් හා අයුක්ති සහගත ලෙස එය සිදු කරන්නේ ද එවිට අපි ඔහුව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය.

See all translations of this verse →

إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًا كَرِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerකවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලාව ගෞරවනීය පිවිසුම් ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු.

See all translations of this verse →

وَلَا تَتَمَنَّوْا۟ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا ٱكْتَسَبُوا۟ وَلِلنِّسَآءِ نَصِيبٌ مِّمَّا ٱكْتَسَبْنَ وَسْـَٔلُوا۟ ٱللَّهَ مِن فَضْلِهِۦٓ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගෙන් ඇතැමෙකුව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නො කරනු. පුරුෂයින්ට ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන් ම කාන්තාවන්ට ද ඔවුන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.

See all translations of this verse →

وَلِكُلٍّ جَعَلْنَا مَوَٰلِىَ مِمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ وَٱلَّذِينَ عَقَدَتْ أَيْمَٰنُكُمْ فَـَٔاتُوهُمْ نَصِيبَهُمْ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدًا

Sinhalese Translation - Rowwad Translation Center(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුට ම, දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට, භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් අය වනාහි ඔවුනට ඔවුන්ගේ කොටස පිරිනමනු. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සාක්ෂිකරු ය.

See all translations of this verse →

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَٰلِهِمْ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ وَٱلَّٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّا كَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerපුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝ ය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. දැහැමි කාන්තාවෝ (සැමියාට) අවනත වන, අල්ලාහ්ගේ ආරක්ෂාවෙන් (සිය සැමියන්) නැති විටක (ඔවුන්ගේ අයිතිවාසිකම්) ආරක්ෂා කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බිය වන අය වනාහි ඔවුනට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන්ව දුරස් කරනු. තවද ඔවුනට (තරවටු කිරීමක් වශයෙන්) ගසනු. ඉන් පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නො සොයනු. සැබැවින් ම අල්ලාහ් අතිඋත්තරීතර අතිමහත් ය.

See all translations of this verse →

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُوا۟ حَكَمًا مِّنْ أَهْلِهِۦ وَحَكَمًا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَٰحًا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද ඇයගේ පවුලෙන් යුක්තිය පසිඳලන කෙනෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَٱعْبُدُوا۟ ٱللَّهَ وَلَا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًٔا وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَٰنُكُمْ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًا فَخُورًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නො කරනු. තවද දෙමාපියන් සමඟ උපකාරශීලීව කටයුතු කරනු. තවද ඥාතී අයවලුන්, අනාථයින්, දුගියන්, ඥාති අසල්වැසියා, (ඥාති නො වන) අසල්වැසියා, අසලින් සිටින සගයා, මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (නුඹලා යටතේ සිටින වහලුන්) සමඟ ද උපාකාරශීලීව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අයව ප්‍රිය නො කරන්නේ ය.

See all translations of this verse →

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًا مُّهِينًا

Sinhalese Translation - Rowwad Translation Centerමසුරුකම් කර, මසුරුකම කෙරෙහි මිනිසුනට නියෝග කර, අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන්ට පිරිනැමූ දෑ වසන් කරන අය වනාහි (එවන්) ප්‍රතික්ෂේපකයින්ට අපි නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.

See all translations of this verse →

وَٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَمَن يَكُنِ ٱلشَّيْطَٰنُ لَهُۥ قَرِينًا فَسَآءَ قَرِينًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නො කරන ඔවුන් (ෂයිතාන්වරුන්ගේ මිතුරන් ය) ෂයිතාන් කවරකුගේ මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය.

See all translations of this verse →

وَمَاذَا عَلَيْهِمْ لَوْ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَأَنفَقُوا۟ مِمَّا رَزَقَهُمُ ٱللَّهُ وَكَانَ ٱللَّهُ بِهِمْ عَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අල්ලාහ්ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට එරෙහිව පිහිටනුයේ කුමක් ද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳව සර්වඥානී ය.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِن تَكُ حَسَنَةً يُضَٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නො කරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු ගුණ කරනු ඇත. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි.

See all translations of this verse →

فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰٓؤُلَآءِ شَهِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerසෑම සමූහයකින් ම අප සාක්ෂිකරුවෙකු ගෙන ආ විට මොවුන්ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආවේ නම් (ප්‍රතික්ෂේප කළ වුන්ගේ තත්ත්වය) කෙසේ වන්නේ ද?

See all translations of this verse →

يَوْمَئِذٍ يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ وَعَصَوُا۟ ٱلرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ ٱلْأَرْضُ وَلَا يَكْتُمُونَ ٱللَّهَ حَدِيثًا

Sinhalese Translation - Rowwad Translation Center(අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කොට, රසූල්වරයාට පිටු පෑ අය වනාහි එදින ඔවුන් මහ පොළොව සමඟ සමතලා කරනු ලැබුවේ නම්! යැයි ප්‍රිය කරති. කිසිදු සිදුවීමක් ඔවුන් අල්ලාහ් හමුවෙහි වසන් නො කරනු ඇත.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءً فَتَيَمَّمُوا۟ صَعِيدًا طَيِّبًا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලා මත්ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නො වනු. තවද කිලිටි තත්ත්වයේ සිටින්නා ද ස්නානය කරන තෙක් (සලාතයට) ළං නො වනු. එහෙත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේ ම නුඹලා රෝගීව හෝ යම් ගමනක හෝ පසුවෙත් නම් හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නො ලැබූනේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද, නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින් ම අල්ලාහ් (සෑම වරදකට ම දඬුවමන් නො කර) නො සලකා හැර පාපක්ෂමාව පිරිනමන්නා ය.

See all translations of this verse →

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًا مِّنَ ٱلْكِتَٰبِ يَشْتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا۟ ٱلسَّبِيلَ

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්‍රිය කරති.

See all translations of this verse →

وَٱللَّهُ أَعْلَمُ بِأَعْدَآئِكُمْ وَكَفَىٰ بِٱللَّهِ وَلِيًّا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳව මැනවින් දන්නා ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِى ٱلدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerවචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන අය යුදෙව් වූවන් අතුරින් වෙති. එමෙන් ම ඔවුන් අපි සවන් දුනිමු, අපි පිටුපෑ වෙමු යැයි ද ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු යැයි ද (විකෘති අදහසක් ගෙන දෙන) "රාඉනා" යැයි ද දහමෙහි අඩු පාඩු නගමින් වචන වෙනස් කර පවසති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු යැයි ද සවන් දෙනු යැයි ද "උන්ළුර්නා" (අප ගැන සැලකිලිමත් වනු) යැයි ද පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේ ය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නො කරති.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ ءَامِنُوا۟ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰٓ أَدْبَارِهَآ أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّآ أَصْحَٰبَ ٱلسَّبْتِ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ධර්ම ග්‍රන්ථය දෙනු ලැබූවනි! අපි ඔබේ මුහුණු විකෘති කොට ඒවා පිටු පසට හැරවීමට පෙර හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් අප ශාප කිරීමට පෙර හෝ නුඹලා සතුව ඇති දෑ තහවුරු කරමින් අපි නුඹලාට පහළ කළ දෑ විශ්වාස කරනු. තවද අල්ලාහ්ගේ නියෝගය අනිවාර්යයෙන් ම සිදු කරනු ලබන්නක් විය.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ කරනු ලැබීම සමාව නො දෙයි. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ කරන්නේ ද සැබැවින් ම ඔහු මහත් පාපයක් ගෙතුවේ ය.

See all translations of this verse →

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم بَلِ ٱللَّهُ يُزَكِّى مَن يَشَآءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ඔවුන්වම පිවිතුරු කර ගන්නන් දෙස නුඹ නො බැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත කළ අයව පිවිතුරු කරනුයේ අල්ලාහ් ය. තවද ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නො ලැබේ.

See all translations of this verse →

ٱنظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَكَفَىٰ بِهِۦٓ إِثْمًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ? යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් වශයෙන් එය ප්‍රමාණවත් විය.

See all translations of this verse →

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًا مِّنَ ٱلْكِتَٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථයෙන් කොටසක් දෙනු ලැබූවන් දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු මිථ්‍යාවන් සහ නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද “විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි” යැයි ඔවුහු ප්‍රතික්ෂේප කළවුනට පවසති.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ وَمَن يَلْعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් ශාප කළවුන් මොවුහු ම ය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කරන්නේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු කිසිවිටක නුඹ නො දකින්නෙහි ම ය.

See all translations of this verse →

أَمْ لَهُمْ نَصِيبٌ مِّنَ ٱلْمُلْكِ فَإِذًا لَّا يُؤْتُونَ ٱلنَّاسَ نَقِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නො නමති.

See all translations of this verse →

أَمْ يَحْسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ فَقَدْ ءَاتَيْنَآ ءَالَ إِبْرَٰهِيمَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَءَاتَيْنَٰهُم مُّلْكًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝ ද? සැබැවින් ම ඉබ්රාහීම්ගේ පවුලට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.

See all translations of this verse →

فَمِنْهُم مَّنْ ءَامَنَ بِهِۦ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඒ අනුව ඔවුන් අතුරින් එය විශ්වාස කළවුන් ද වෙති. එමෙන් ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති. ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් විය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُم بَدَّلْنَٰهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا۟ ٱلْعَذَابَ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි මතු දිනයේ දී ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම කලකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًا لَّهُمْ فِيهَآ أَزْوَٰجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන් ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු බිරින්දෑවරුන් වෙති. තවද අපි ඔවුන්ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا۟ ٱلْأَمَٰنَٰتِ إِلَىٰٓ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ ٱلنَّاسِ أَن تَحْكُمُوا۟ بِٱلْعَدْلِ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعًۢا بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerපැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගතව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන් ම අල්ලාහ් අණ කරයි. සැබැවින් ම අල්ලාහ් ඒ පිළිබඳව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ فَإِن تَنَٰزَعْتُمْ فِى شَىْءٍ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන් ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. එහෙත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨ ය. එමෙන් ම (එහි) අවසානය ද වඩා අලංකාර ය.

See all translations of this verse →

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ ءَامَنُوا۟ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓا۟ إِلَى ٱلطَّٰغُوتِ وَقَدْ أُمِرُوٓا۟ أَن يَكْفُرُوا۟ بِهِۦ وَيُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُضِلَّهُمْ ضَلَٰلًۢا بَعِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන් ම තමන් විශ්වාස කළ බවට සිතමින් සිටි අය දෙස නුඹ නො බැලුවෙහි ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. සැබැවින් ම එය ප්‍රතික්ෂේප කරන ලෙස ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. තවද ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන්ව මුළා කිරීමට අපේක්ෂා කරයි.

See all translations of this verse →

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට, කුහකයින් නුඹෙන් දැඩි ලෙස වැළකී සිටිනු නුඹ දුටුවෙහි ය.

See all translations of this verse →

فَكَيْفَ إِذَآ أَصَٰبَتْهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآءُوكَ يَحْلِفُونَ بِٱللَّهِ إِنْ أَرَدْنَآ إِلَّآ إِحْسَٰنًا وَتَوْفِيقًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට ඉන් පසුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නො කරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණි විට කෙසේ වේවි ද?

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَعْلَمُ ٱللَّهُ مَا فِى قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِىٓ أَنفُسِهِمْ قَوْلًۢا بَلِيغًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේ ය. එබැවින් ඔවුන්ව නො සලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ සිත් තුළට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.

See all translations of this verse →

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ ٱللَّهِ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوٓا۟ أَنفُسَهُمْ جَآءُوكَ فَٱسْتَغْفَرُوا۟ ٱللَّهَ وَٱسْتَغْفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُوا۟ ٱللَّهَ تَوَّابًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ අනුමැතියෙන් පිළිපදිනු ලැබීමට මිස කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු. සැබැවින් ම ඔවුන් ඔවුන්ට ම අපරාධ කරගත් අවස්ථාවක, ඔවුන් නුඹ වෙත පැමිණ, තවද ඔවුන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියදී, රසූල්වරයා (වන ඔබත්) ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටියේ නම්, අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත්, අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් ඔහු දැක ගනු ඇත.

See all translations of this verse →

فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො ව, නුඹගේ පරමාධිපති මත දිවුරමින්! ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී, ඔවුන් නුඹව විනිශ්චය කරුවෙකු ලෙස පිළිගෙන, පසුව නුඹ දුන් තීන්දුවේ කිසිදු වරදක් ඔවුන් තුළ නො දැක, ඔවුන් පූර්ණව අවනත වන තෙක් ඔවුන් විශ්වාස නො කරනු ඇත.

See all translations of this verse →

وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِّنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُوا۟ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيْرًا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًا

Sinhalese Translation - Rowwad Translation Center“නුඹලා නුඹලාව ම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස්වලින් බැහැර කරනු” යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නො කරනු ඇත. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත්වයක් වන්නට තිබිණ.

See all translations of this verse →

وَإِذًا لَّـَٔاتَيْنَٰهُم مِّن لَّدُنَّآ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි.

See all translations of this verse →

وَلَهَدَيْنَٰهُمْ صِرَٰطًا مُّسْتَقِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි.

See all translations of this verse →

وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّٰلِحِينَ وَحَسُنَ أُو۟لَٰٓئِكَ رَفِيقًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුහු මය අල්ලාහ්ගේ ආශිර්වාද කළ නබිවරුන්, සත්‍යවාදීන්, දිවිපිදූවන් හා දැහැමියන් ආදීන් සමඟ සිටින්නෝ. මිතුරකු වශයෙන් යහපත් වනුයේ ඔවුහු ම ය.

See all translations of this verse →

ذَٰلِكَ ٱلْفَضْلُ مِنَ ٱللَّهِ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerමෙම භාග්‍යය අල්ලාහ් වෙතිනි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝ ම එකට හෝ පිටත්ව යනු.

See all translations of this verse →

وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَٰبَتْكُم مُّصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ ٱللَّهُ عَلَىَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද සැබැවින් ම නුඹලා අතරින් (යුද්ධයට නො යා) පසුබට වන්නන් ද වෙති. එවිට (යුද්ධයේ දී) නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට "මා ඔවුන් සමඟ සහාභාගී නො වීමෙන් අල්ලාහ් මට ආශිර්වාද කර ඇතැ" යි පවසයි.

See all translations of this verse →

وَلَئِنْ أَصَٰبَكُمْ فَضْلٌ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُنۢ بَيْنَكُمْ وَبَيْنَهُۥ مَوَدَّةٌ يَٰلَيْتَنِى كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් "අහෝ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත් වූ ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි" යනුවෙන් නුඹලාටත් ඔහුටත් අතරේ කිසිදු සම්බන්ධයක් නො තිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ.

See all translations of this verse →

فَلْيُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْـَٔاخِرَةِ وَمَن يُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerමතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා. කවරෙකු හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලබන්නේ නම් හෝ ජයග්‍රහණය කරන්නේ නම් හෝ මහත් වූ ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.

See all translations of this verse →

وَمَا لَكُمْ لَا تُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخْرِجْنَا مِنْ هَٰذِهِ ٱلْقَرْيَةِ ٱلظَّالِمِ أَهْلُهَا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Center“අපගේ පරමාධිපතියාණනි! අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් අපව පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!” යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී, අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නො වැද සිටීමට නුඹලාට කුමක් වී ද?

See all translations of this verse →

ٱلَّذِينَ ءَامَنُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلَّذِينَ كَفَرُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱلطَّٰغُوتِ فَقَٰتِلُوٓا۟ أَوْلِيَآءَ ٱلشَّيْطَٰنِ إِنَّ كَيْدَ ٱلشَّيْطَٰنِ كَانَ ضَعِيفًا

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන් ම ප්‍රතික්ෂේප කළවුන් නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිනු. සැබැවින් ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය.

See all translations of this verse →

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓا۟ أَيْدِيَكُمْ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةً وَقَالُوا۟ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ قُلْ مَتَٰعُ ٱلدُّنْيَا قَلِيلٌ وَٱلْـَٔاخِرَةُ خَيْرٌ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ අත් (සටන් කිරීමෙන්) වළක්වා ගනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණනි! අපහට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලකට අපව ප්‍රමාද කරන්නට තිබුණා නො වේ දැ? යි පවසති. (නබිවරය!) පවසනු මෙලොව වින්ඳනය අල්ප ය. බිය බැතිමතුන්හට මතු ලොව ශ්‍රේෂ්ඨ ය. ඉඳි ගෙඩියක සිවිය තරම් වුව ද නුඹලා අපරාධ කරනු නො ලබන්නෙහු ය.

See all translations of this verse →

أَيْنَمَا تَكُونُوا۟ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍ مُّشَيَّدَةٍ وَإِن تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِكَ قُلْ كُلٌّ مِّنْ عِندِ ٱللَّهِ فَمَالِ هَٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලා හමුවට ළඟා වනු ඇත. නුඹලා බලවත් බලකොටුවක් තුළ සිටිය ද. (නබිවරය!) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයාට සිදු වී ඇත්තේ කුමක්ද? ඔවුන් (ඔබේ) පුවත අවබෝධ කර ගැනීමට තැත් නො කරති.

See all translations of this verse →

مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ ٱللَّهِ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ وَأَرْسَلْنَٰكَ لِلنَّاسِ رَسُولًا وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) නුඹට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි. (යැයි පවසනු) තවද අපි නුඹව ජනයාට ධර්ම දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින් ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස යැව්වේ නැත.

See all translations of this verse →

وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඅපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. එහෙත් නුඹ වෙතින් ඔවුහු බැහැරව ගිය විට ඔවුන් අතරින් පිරිසක් නුඹ නො පැවසූ දෑ ගැන රාත්‍රිය පුරා ම කුමන්ත්‍රණය කරති. ඔවුන් රාත්‍රියේ කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَٰفًا كَثِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නො වේ ද? එය අල්ලාහ් නො වන කෙනෙකු වෙතින් වූයේ නම් එහි ඔවුහු පරස්පර වෙනස්කම් බොහෝමයක් ම දකිනු ඇත.

See all translations of this verse →

وَإِذَا جَآءَهُمْ أَمْرٌ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَٱتَّبَعْتُمُ ٱلشَّيْطَٰنَ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Center(පොදු) ආරක්ෂාව හෝ භීතිය ගැන තොරතුරක් ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය පතුරවා හරිති. තවද ඔවුන් එය (අල්ලාහ්ගේ) දූතයා වෙතටත් ඔවුන් අතරින් කටයුතු භාර උදවිය වෙතටත් යොමු කළේ නම් ඒ ගැන පරිශීලනය කරන්නන් එය දැන ගනු ඇත. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නො වී නම් ස්වල්ප දෙනකු හැර නුඹලා ෂෙයිතාන්ව අනුගමනය කරන්නට තිබිණ.

See all translations of this verse →

فَقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ وَحَرِّضِ ٱلْمُؤْمِنِينَ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأْسَ ٱلَّذِينَ كَفَرُوا۟ وَٱللَّهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නම් (නබිවරය!) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. නුඹට මිස වෙනත් කිසිවකුට බල කරනු නො ලැබේ. තවද දේවත්වය විශ්වාස කළවුන්ව දිරි ගන්වනු. දේව ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රහාරය අල්ලාහ් මැඩපවත්වනු ඇත. තවද අල්ලාහ් ප්‍රහාර එල්ල කිරීමෙහි ඉතා දැඩි ය; තවද දඬුවම් දීමෙහි ද ඉතා දැඩි ය.

See all translations of this verse →

مَّن يَشْفَعْ شَفَٰعَةً حَسَنَةً يَكُن لَّهُۥ نَصِيبٌ مِّنْهَا وَمَن يَشْفَعْ شَفَٰعَةً سَيِّئَةً يَكُن لَّهُۥ كِفْلٌ مِّنْهَا وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ مُّقِيتًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමි ය. එමෙන් ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමි ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂක ය.

See all translations of this verse →

وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٍ فَحَيُّوا۟ بِأَحْسَنَ مِنْهَآ أَوْ رُدُّوهَآ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ حَسِيبًا

Sinhalese Translation - Rowwad Translation Centerසුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතනු. එසේ නැතහොත් එයම ආපසු ප්‍රතිචාර ලෙස දක්වනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ ගණනය කරන්නා ය.

See all translations of this verse →

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ حَدِيثًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් වනාහි ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු නුඹලාව රැස් කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්‍යවාදී කවු ද?

See all translations of this verse →

فَمَا لَكُمْ فِى ٱلْمُنَٰفِقِينَ فِئَتَيْنِ وَٱللَّهُ أَرْكَسَهُم بِمَا كَسَبُوٓا۟ أَتُرِيدُونَ أَن تَهْدُوا۟ مَنْ أَضَلَّ ٱللَّهُ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerකුහකයින් විෂයයෙහි නුඹලා දෙපිරිසක් වන්නේ ඇයි? ඔවුන් ඉපැයූ දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව අවමානයට පත් කළේ ය. අල්ලාහ් නොමඟ යන්නට ඉඩ හැරී අයහට මඟපෙන්වීමට නුඹලා අපේක්ෂා කරන්නෙහු ද? අල්ලාහ් කවරෙකු නොමඟ යන්නට ඉඩ හරින්නේ ද එවිට නුඹ ඔහු වෙනුවෙන් කිසිදු මඟක් නො දකින්නෙහි ම ය.

See all translations of this verse →

وَدُّوا۟ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا۟ فَتَكُونُونَ سَوَآءً فَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ أَوْلِيَآءَ حَتَّىٰ يُهَاجِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ فَإِن تَوَلَّوْا۟ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ وَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ وَلِيًّا وَلَا نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු ප්‍රතික්ෂේප කළාක් මෙන් නුඹලා ද ප්‍රතික්ෂේප කර නුඹලා (ඔවුන් හා) සමාන වීම ගැන ඔවුහු ප්‍රිය කරති. එබැවින් ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන් අතරින් කිසිවකු නුඹලා මිතුරන් ලෙස නො ගනු. ඔවුන් පිටුපෑවේ නම් ඔවුන්ව (සිරකරුවන් ලෙස) නුඹලා හසු කර ගනු. (‍ද්‍රෝහි වී ඉන් මිදීමට තැත් කළ විට) නුඹලා ඔවුන්ව දුටු තැන මරා දමනු. ඔවුන්ගෙන් කිසිවකු භාරකරුවකු වශයෙන් හෝ උදව් කරුවකු වශයෙන් හෝ නො ගනු.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَٰتِلُوكُمْ أَوْ يُقَٰتِلُوا۟ قَوْمَهُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَٰتَلُوكُمْ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් සමඟ සේන්දු වන අය හෝ නුඹලා සමඟ සටන් වැදීමෙන් හා ඔවුන්ගේ පිරිස සමඟ සටන් වැදීමෙන් තම හදවත් මැඩ පවත්වා ගනිමින් නුඹලා වෙත පැමිණි අය හෝ හැර. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන්ව ඔහු පත් කර පසුව ඔවුහු නුඹලා සමඟ සටන් වදින්නට තිබිණ. එබැවින් ඔවුන් නුඹලාගෙන් ඉවත්ව නුඹලා සමඟ සටන් නො වැද නුඹලාට සාමය ඉදිරිපත් කළේ නම් ඔවුනට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට අල්ලාහ් නුඹලාට කිසිදු මගක් ඇති නො කළේ ය.

See all translations of this verse →

سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأُو۟لَٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَٰنًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerතවත් පිරිසක් නුඹලා මතුවට දකිනු ඇත. ඔවුහු නුඹලාගෙන් රැකවරණය පැතීමටත් (ඔබගේ ප්‍රතිවාදී) තම ජනයාගෙන් රැකවරණය පැතීමටත් අපේක්ෂා කරති. කලහකම් වෙත ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම විටකම ඔවුහු එහි දැඩිව නියැළෙති. එබැවින් ඔවුන් නුඹලාගෙන් ඉවත් වී නුඹලා වෙත සාමය ඉදිරිපත් කර, ඔවුන්ගේ දෑත් නුඹලාගෙන් ඉවත් කර නො ගත්තේ නම්, නුඹලා ඔවුන්ව හසු කර ගනු. තවද ඔවුන් දුටු තැන මරා දමනු. එවැන්නන්ට එරෙහි වීමට, අපි ප්‍රකට බලයක් නුඹලාට ඇති කළෙමු.

See all translations of this verse →

وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَـًٔا وَمَن قَتَلَ مُؤْمِنًا خَطَـًٔا فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُوا۟ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّ لَّكُمْ وَهُوَ مُؤْمِنٌ فَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ وَإِن كَانَ مِن قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ فَدِيَةٌ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦ وَتَحْرِيرُ رَقَبَةٍ مُّؤْمِنَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةً مِّنَ ٱللَّهِ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerවැරදීමකින් මිස දේවත්වය විශ්වාස කළ අයකු ඝාතනය කිරීමට දේවත්වය විශ්වාස කළ අයකුට සුදුසු නො වීය. තවද කවරෙකු දේවත්වය විශ්වාස කළ අයකුව වැරැදීමකින් ඝාතනය කළේ ද එවිට ඔහු දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක් ද පිරිනැමිය යුතු වේ. එහෙත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට සතුරු පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේවත්වය විශ්වාස කරන අයෙකු ලෙස ද සිටී නම් දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු ය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. දේවත්වය විශ්වාස කළ වහලෙක් නිදහස් කළ යුතු ය. තවද කවරෙකු (මේවා) නො ලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතු ය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدًا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු දේවත්වය විශ්වාස අයෙකුව උවමනාවෙන් ඝාතනය කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිවිපාකය නිරය වේ. එහි ඔහු සදාතනිකයකු වේ. තවද අල්ලාහ් ඔහු කෙරෙහි කෝප විය. තවද ඔහුට ශාප කළේ ය. තවද ඔහු වෙනුවෙන් අතිමහත් දඬුවමක් පිළියෙල කර ඇත්තේ ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُوا۟ وَلَا تَقُولُوا۟ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَٰمَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓا۟ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වැදීමට) ගිය විට (සතුරා කවුරුන් දැ? යි) පැහැදිලි කර ගනිවු. නුඹලාට සලාම් (සමාදානය) ඉදිරිපත් කළ අයට නුඹලා මෙලොව ජීවිතයේ සම්පත් සොයමින් ‘නුඹ දේවත්වය විශ්වාස කළ අයකු නො වේ’ යැයි නො පවසනු. අල්ලාහ් අබියස බොහෝ සම්පත් ඇත. මීට පෙර නුඹලා ද සිටියේ මෙලෙස ම ය. පසුව අල්ලාහ් නුඹලාට උපකාර කළේ ය. එබැවින් පැහැදිලි කර ගනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

See all translations of this verse →

لَّا يَسْتَوِى ٱلْقَٰعِدُونَ مِنَ ٱلْمُؤْمِنِينَ غَيْرُ أُو۟لِى ٱلضَّرَرِ وَٱلْمُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ عَلَى ٱلْقَٰعِدِينَ دَرَجَةً وَكُلًّا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ وَفَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ عَلَى ٱلْقَٰعِدِينَ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කළ අය අතරින් බාධක කරුණු ඇත්තන් හැර (සටනට නො ගොස්) රැඳී සිටියවුන්, අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව ද තම ජීවිත ද කැප කළවුන්ට සමාන නො වන්නේ ය. (එසේ) රැඳී සිටියවුන්ට වඩා තම වස්තුව ද තම ජීවිත ද කැපකළවුන්ව අල්ලාහ් තරාතිරමින් උසස් කළේ ය. අල්ලාහ් සියල්ලන්හට යහපත දෙන බව පොරොන්දු වී ඇත. අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැපකළවුන්ව (සටනට නො ගොස්) රැඳී සිටියවුන්ට වඩා, අල්ලාහ් අතිමහත් ප්‍රතිඵලවලින් උසස් කර ඇත.

See all translations of this verse →

دَرَجَٰتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතරාතිරමෙන් ද සමාවෙන් ද ආශිර්වාදයෙන් ද (අල්ලාහ් ඔවුන්ව උසස් කර ඇත). තවද අල්ලාහ් අතික්ෂමාශීලී; මහා කරුණාභරිතය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ قَالُوا۟ فِيمَ كُنتُمْ قَالُوا۟ كُنَّا مُسْتَضْعَفِينَ فِى ٱلْأَرْضِ قَالُوٓا۟ أَلَمْ تَكُنْ أَرْضُ ٱللَّهِ وَٰسِعَةً فَتُهَاجِرُوا۟ فِيهَا فَأُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَسَآءَتْ مَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerතමන්ට ම අපරාධ කර ගත්තවුන් ලෙස සිටිය දී ඔවුන්ව මලක්වරු මරණයට පත් කරන විට “නුඹලා කවර තත්ත්වයක සිටියෙහු දැ” යි විමසති. එවිට “මහපොළොවේ අපි දුබලයින් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති. “අල්ලාහ්ගේ මහපොළොව විශාල නො වී ද? එහෙයින් නුඹලා එහි සංක්‍රමණය වීමට තිබුණි” යැයි පවසති. මොවුන් පිවිසෙන ස්ථානය නිරය වේ. එය නවාතැනින් ඉතා නපුරු විය.

See all translations of this verse →

إِلَّا ٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ لَا يَسْتَطِيعُونَ حِيلَةً وَلَا يَهْتَدُونَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට කිසිදු උපාය මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති, කිසිදු මාර්ගයක් මඟ පෙන්වනු නො ලැබූ, පිරිමින් අතුරින් දුබලයින් ද කාන්තාවන් ද ළමුන් ද හැර.

See all translations of this verse →

فَأُو۟لَٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඑවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකි ය. තවද අල්ලාහ් සමාව දෙන්නා ය; අතික්ෂමාශීලී ය.

See all translations of this verse →

وَمَن يُهَاجِرْ فِى سَبِيلِ ٱللَّهِ يَجِدْ فِى ٱلْأَرْضِ مُرَٰغَمًا كَثِيرًا وَسَعَةً وَمَن يَخْرُجْ مِنۢ بَيْتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدْرِكْهُ ٱلْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُۥ عَلَى ٱللَّهِ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු නික්ම යන්නේ ද ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැරව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ කුලිය අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنَّ ٱلْكَٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා භූමියෙහි ගමන් කළ විට, දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට කලහකම් ඇති කරනු ඇතැයි නුඹලා බිය වෙතොත්, සලාතය කෙටි කිරීම නුඹලාට වරදක් නැත. සැබැවින් ම දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාට ප්‍රකට සතුරන් වූහ.

See all translations of this verse →

وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا۟ فَلْيَكُونُوا۟ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا۟ فَلْيُصَلُّوا۟ مَعَكَ وَلْيَأْخُذُوا۟ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ وَدَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَٰحِدَةً وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰٓ أَن تَضَعُوٓا۟ أَسْلِحَتَكُمْ وَخُذُوا۟ حِذْرَكُمْ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًا مُّهِينًا

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය! යුධ අවස්ථාවක) නුඹ ඔවුන් අතර වී ඔවුනට සලාතය මෙහෙය වන්නෙහි නම් ඔවුන්ගෙන් පිරිසක් නුඹ සමඟ (සලාතය) ඉටු කළ යුතු ය. ඔවුන් ඔවුන්ගේ ආයුධ (අතට) ගත යුතු ය. ඔවුහු සුජූද් කළ විට නුඹලාට පිටුපසින් ඔවුන් විය යුතු ය. සලාතය ඉටු නො කළ අනෙක් පිරිස (එහි) පැමිණිය යුතු ය. නුඹ සමඟ ඔවුන් ද සලාතය ඉටු කළ යුතු ය. ඔවුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ ආයුධ ඔවුන් ගත යුතු ය. දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ ආයුධ හා නුඹලාගේ මෙවලම් පිළිබඳ නුඹලා අනවධානීව සිටියේ නම් එවිට ඔවුහු නුඹලා වෙත එකවර යොමු වී කඩා පනින්නට ප්‍රිය කරති. වර්ෂාවෙන් ඇති වන බාධාවක් නිසා හෝ නුඹලා රෝගීන්ව සිටියේ නම් හෝ නුඹලාගේ ආයුධ බිම තැබීම නුඹලා කෙරෙහි වරදක් නොමැත. එහෙත් නුඹලාගේ ආරක්ෂාව ගැන නුඹලා (වග බලා) ගත යුතු ය. සැබැවින් ම අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට නින්දනීය දඬුවමක් සූදානම් කොට ඇත.

See all translations of this verse →

فَإِذَا قَضَيْتُمُ ٱلصَّلَوٰةَ فَٱذْكُرُوا۟ ٱللَّهَ قِيَٰمًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِكُمْ فَإِذَا ٱطْمَأْنَنتُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَٰبًا مَّوْقُوتًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා සලාතය ඉටු කළේ නම් පසුව නුඹලා සිට ගනිමින් ද, වාඩිවෙමින් ද, නුඹලාගේ ඇලපත් මත(ට ඇල) වෙමින් ද අල්ලාහ්ව මෙනෙහි කරනු. නුඹලා සැනසුනමට පත් වූයෙහු නම් දැන් නුඹලා සලාතය (පූර්ණ ව) ඉටු කරනු. සැබැවින් ම සලාතය දේව විශ්වාසවන්තයින් කෙරෙහි කාල නියමයක් වශයෙන් නියම කරනු ලැබූවකි.

See all translations of this verse →

وَلَا تَهِنُوا۟ فِى ٱبْتِغَآءِ ٱلْقَوْمِ إِن تَكُونُوا۟ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ وَتَرْجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرْجُونَ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑම (සතුරු) පිරිස සොයා යාමෙහි නුඹලා පසු නො බසිනු. නුඹලා වේදනාවට පත් වුව ද එසේ නුඹලා වේදනාවට පත්වනවාක් මෙන් ම ඔවුන් ද වේදනාවට පත් වනු ඇත. එමෙන් ම ඔවුන් අපේක්ෂා නො කරන දෙයක් නුඹලා අල්ලාහ්ගෙන් අපේක්ෂා කරන්නෙහු ය. තවද අල්ලාහ් සර්වඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ وَلَا تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) අල්ලාහ් නුඹට පෙන්වා දුන් දෑ තුළින් ජනයා අතර නුඹ තීන්දු ලබා දීම පිණිස සැබැවින් ම සත්‍යයයෙන් යුතුව අපි නුඹ වෙත අල් කුර්ආනය පහළ කළෙමු. තවද වංචනිකයින් වෙනුවෙන් වාද කරන්නෙකු නො වනු.

See all translations of this verse →

وَٱسْتَغْفِرِ ٱللَّهَ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹ අල්ලාහ්ගෙන් සමාව අයැදිනු. සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී හා අසමසම කරුණාවන්ත ය.

See all translations of this verse →

وَلَا تُجَٰدِلْ عَنِ ٱلَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතමන්ට ම වංචා කරන්නන් ගැන නුඹ වාද නො කරනු. සැබැවින් ම අල්ලාහ් ද්‍රෝහීන් හා පාපතරයින්ව ප්‍රිය නො කරයි.

See all translations of this verse →

يَسْتَخْفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ ٱلْقَوْلِ وَكَانَ ٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් ජනතාවගෙන් සැඟවිය හැකි ය. එහෙත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි ය. දෙවියන් ප්‍රිය නො කරන කථා රාත්‍රියේ දී කතා කරමින් කුමන්ත්‍රණ කළ විට ඔහු ඔවුන් සමඟ සිටියේ ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන සහමුලින් ම දැන සිටියේ ය.

See all translations of this verse →

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ جَٰدَلْتُمْ عَنْهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنْهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerමෙන්න! නුඹලා මෙලොව ජීවිතයෙහි ඔවුන් ගැන වාද කරන්නෙහු ය. එහෙත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ගැන අල්ලාහ් සමඟ වාද කරනුයේ කවුරු ද? එසේ නොමැති නම් ඔවුන් කෙරෙහි භාරකරුවෙකු වනුයේ කවුරු ද?

See all translations of this verse →

وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු (අනුන්ට) යම් නපුරක් සිදු කර හෝ නැතිනම් තමන්ට ම අපරාධයක් සිදු කර පසුව අල්ලාහ්ගෙන් සමාව අයැදින්නේ ද, ඔහු අල්ලාහ්ව අතික්ෂමාශීලී අසමසම කරුණාන්විතයකු ලෙස දකිනු ඇත.

See all translations of this verse →

وَمَن يَكْسِبْ إِثْمًا فَإِنَّمَا يَكْسِبُهُۥ عَلَىٰ نَفْسِهِۦ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු පාපයක් උපයන්නේ ද ඔහු එය උපයනුයේ තමන්ට ම එරෙහිව ය. තවද අල්ලාහ් සර්වඥානී; සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَمَن يَكْسِبْ خَطِيٓـَٔةً أَوْ إِثْمًا ثُمَّ يَرْمِ بِهِۦ بَرِيٓـًٔا فَقَدِ ٱحْتَمَلَ بُهْتَٰنًا وَإِثْمًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු වරදක් හෝ පාපයක් හෝ උපයා පසුව එය නිර්දෝෂී කෙනෙකු මත හෙළන්නේ ද එවිට ඔහු අවලාදයක් හා ප්‍රකට පාපයක් උසුලා ගත්තේ ය.

See all translations of this verse →

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) තවද නුඹ කෙරෙහි අල්ලාගේ ආශිර්වාදය හා ඔහුගේ කරුණාව නො වී නම් ඔවුන් අතරින් පිරිසක් නුඹව නොමඟ යැවීමට උත්සාහ දරන්නට තිබිණ. එහෙත් ඔවුන්ව ම මිස වෙන කිසිවකු ඔවුන් නොමඟ හැරියේ නැත. කිසිවකින් හෝ ඔවුන් නුඹට පීඩාවක් නො කරනු ඇත. තවද අල්ලාහ් නුඹ කෙරෙහි පුස්තකය (අල් කුර්ආනය) හා ප්‍රඥාව පහළ කළේ ය. තවද නුඹ නොදැන සිටි දෑ ඔහු නුඹට ඉගැන්වී ය. තවද නුඹ කෙරෙහි වූ අල්ලාහ්ගේ භාග්‍යය අතිමහත් ය.

See all translations of this verse →

لَّا خَيْرَ فِى كَثِيرٍ مِّن نَّجْوَىٰهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَٰحٍۭ بَيْنَ ٱلنَّاسِ وَمَن يَفْعَلْ ذَٰلِكَ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerදානයක් ගැන හෝ යහපතක් ගැන හෝ ජනයා අතර සමාදානයක් ඇති කිරීම ගැන හෝ කවරෙකු විසින් විධානයක් කළේ ද ඔහුගෙන් හැර ඔවුන් අතර කෙරෙන රහස් කතාවන් බොහෝමයක යහපත නොමැත. කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය බලා පොරොත්තුවෙන් සිදු කරන්නේ ද එවිට අපි ඔහුට අතිමහත් ප්‍රතිඵල මතුවට පිරිනමන්නෙමු.

See all translations of this verse →

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ وَسَآءَتْ مَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකුට යහමඟ පැහැදිලි වූවායින් පසුව මෙම රසූල්වරයාට පිටු පා, දේවත්වය විශ්වාස කළවුන්ගේ මඟ හැර වෙනත් මඟක් අනුගමනය කරන්නේ ද, අපි ඔහු හැරී ගිය දෑ වෙතට ඔහුව යොමු කරන්නෙමු. තවද ඔහුව නිරයට ඇතුළත් කරන්නෙමු. නවාතැනින් එය නපුරු ස්ථානයක් විය.

See all translations of this verse →

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීමට සමාව නො දෙන්නේ ය. ඒ හැර (අනෙකුත්) දෑට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් මුලා විය.

See all translations of this verse →

إِن يَدْعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثًا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَٰنًا مَّرِيدًا

Sinhalese Translation - Rowwad Translation Center(අල්ලාහ් වන) ඔහුගෙන් තොරව දේවතාවියන්ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත. තවද දූෂිත ෂෙයිතාන්ව මිස ඔවුහු අයැද සිටින්නේ නැත.

See all translations of this verse →

لَّعَنَهُ ٱللَّهُ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًا مَّفْرُوضًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් ඔහුට (ෂෙයිතාන්ට) ශාප කළේ ය. එවිට ඔහු (ෂෙයිතාන්) "සැබැවින් ම මම නුඹගේ ගැත්තන් අතරින් නියමිත කොටසක් ග්‍රහණය කර ගනිමි" යැයි පැවැසුවේ ය.

See all translations of this verse →

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَـَٔامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَٰمِ وَلَـَٔامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَٰنَ وَلِيًّا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම මම ඔවුන්ව නොමඟ හරිමි. ඔවුනට (නොමනා) ආශාවන් ඇති කරමි. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් ගොවිපළ සතුන්ගේ කන් කපා හරිනු ඇත. තවද මම ඔවුනට නියෝග කරමි. එවිට ඔවුන් අල්ලාහ්ගේ මැවීම් වෙනස් කරනු ඇත යැයි පැවසුවේ ය. තවද කවරෙකු අල්ලාහ් හැර ෂෙයිතාන්ව භාරකරුවකු ලෙස ගන්නේද සැබැවින් ම ඔහු පැහැදිලි පාඩුවකින් පාඩු වින්දේ ය.

See all translations of this verse →

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුනට ඔහු පොරොන්දු දෙයි. තවද ඔවුනට ආශාවන් ඇති කරයි. ෂෙයිතාන් රැවටීම මිස ඔවුනට පොරොන්දු නො දෙයි.

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි ඔවුන්ගේ නවාතැන නිරයයි. එයින් කිසිදු ගැලවුමක් ඔවුන් නො දකිනු ඇත.

See all translations of this verse →

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًا وَعْدَ ٱللَّهِ حَقًّا وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ قِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerවිශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඊට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තුළට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති. අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවක් විය. තවද අල්ලාහ්ට වඩා කියමනෙන් වඩාත් සත්‍යවන්නේ කවරෙකු ද?

See all translations of this verse →

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَآ أَمَانِىِّ أَهْلِ ٱلْكِتَٰبِ مَن يَعْمَلْ سُوٓءًا يُجْزَ بِهِۦ وَلَا يَجِدْ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාගේ ආශාවන් හෝ පුස්තක ලත් ජනයාගේ ආශාවන් අනුව නො වේ. කවරෙකු නපුරක් කරන්නේ ද ඒ අනුව ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. අල්ලාහ්ගෙන් තොරව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔහු නො ලබනු ඇත.

See all translations of this verse →

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerපිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා තමන් විශ්වාසකරන්නෙකුව සිටිය දී කවරෙකු හෝ දැහැමි ක්‍රියාවන් සිදු කරන්නේ ද එවිට ඔවුහු ස්වර්ගයට පිවිසෙති. ඉඳි ගෙඩි සිවියක ප්‍රමාණයකින්වත් ඔවුහු අපරාධ කරනු නො ලබති.

See all translations of this verse →

وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌ وَٱتَّبَعَ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًا وَٱتَّخَذَ ٱللَّهُ إِبْرَٰهِيمَ خَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerදැහැමියකුව සිට තම මුහුණ අල්ලාහ් වෙතට අවනත කරවා ඉබ්රාහීම්ගේ පිළිවෙත අවංකව පිළිපදින්නෙකුට වඩා දහමින් ඉතා අලංකාර වන්නේ කවරෙකු ද? අල්ලාහ් ඉබ්රාහීම්ව මිතුරෙකු බවට ගත්තේ ය.

See all translations of this verse →

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ مُّحِيطًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ්ට ම හිමි ය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වප්‍රකාරයෙන් දන්නා ය.

See all translations of this verse →

وَيَسْتَفْتُونَكَ فِى ٱلنِّسَآءِ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ فِى يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّٰتِى لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلْوِلْدَٰنِ وَأَن تَقُومُوا۟ لِلْيَتَٰمَىٰ بِٱلْقِسْطِ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුහු නුඹගෙන් ආගමික තීන්දු විමසති. නුඹ පවසනු. ඔවුන් සම්බන්ධයෙන් ද ධර්ම පුස්තකයේ නුඹලා වෙත පාරායනය කර පෙන්වා ඇති පරිදි ඔවුනට නියම කරනු ලැබූ දෑ ඔවුනට ලබා නො දී ඔවුන්ව විවාහ කර ගැනීමට නුඹලා ආශා කරන අනාථ කාන්තාවන් සම්බන්ධයෙන් ද දරුවන් අතුරින් දුර්වලයින් සම්බන්ධයෙන් ද අනාථයිනට යුක්ති ගරුකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අල්ලාහ් නුඹලාට ආගමික තීන්දු දෙනු ඇත. නුඹලා කවර යහපතක් කළ ද අල්ලාහ් ඒ පිළිබඳව සර්වඥානී ය.

See all translations of this verse →

وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَٱلصُّلْحُ خَيْرٌ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ وَإِن تُحْسِنُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerකාන්තාවක් ඇයගේ සැමියාගෙන් යම් පිළිකුලක් හෝ පිටුපෑමක් ගැන බිය වෙතොත් ඔවුන් දෙදෙනා අතර එකඟතාවකින් සමතයට පැමිණීම ඔවුන් දෙදෙනා මත වරදක් නො වේ. සමතය ශ්‍රේෂ්ඨ ය. ආත්මාවන් මසුරුකමට බඳුන් වී ඇත. නුඹලා (එකිනෙකාට) සහය දී බිය බැතිමත් වන්නේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥාන වන්ත ය.

See all translations of this verse →

وَلَن تَسْتَطِيعُوٓا۟ أَن تَعْدِلُوا۟ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ فَلَا تَمِيلُوا۟ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ وَإِن تُصْلِحُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නො දරන්නෙහු ම ය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇයව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නො දමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّا مِّن سَعَتِهِۦ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, සෑම කෙනෙකුව ම අල්ලාහ් තම පහසුකම් තුළින් අවශ්‍යතා රහිත කරවයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාප්ත ය. සර්ව ප්‍රඥාවන්තය ය.

See all translations of this verse →

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමි ය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද, නුඹලාට ද, අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින් ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් පොහොසත් ය; ප්‍රශංසාලාභී ය.

See all translations of this verse →

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමි ය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا ٱلنَّاسُ وَيَأْتِ بِـَٔاخَرِينَ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලාව පහකොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්ත ය.

See all translations of this verse →

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerකවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතුලොව කුසල් අල්ලාහ් අබියස ය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ بِٱلْقِسْطِ شُهَدَآءَ لِلَّهِ وَلَوْ عَلَىٰٓ أَنفُسِكُمْ أَوِ ٱلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًا فَٱللَّهُ أَوْلَىٰ بِهِمَا فَلَا تَتَّبِعُوا۟ ٱلْهَوَىٰٓ أَن تَعْدِلُوا۟ وَإِن تَلْوُۥٓا۟ أَوْ تُعْرِضُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි වුව ද දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාට ම වඩාත් උචිත ය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් නො පිළිපදිනු. තවද නුඹලා (සාක්ෂි) විකෘති කළ ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ පුස්තකය ද ඊට පෙර පහළ කළා වූ පුස්තක ද විශ්වාස කරනු. කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරු ද ඔහුගේ පුස්තක ද ඔහුගේ දූතවරුන් ද අවසන් දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින් ම ඔහු අන්ත මුළාවකින් නොමඟ ගියේ ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًۢا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, නැවතත් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කොට, පසුව ප්‍රතික්ෂේපය වර්ධනය කර ගත්තවුනට සමාව දීම හෝ ඔවුනට යම් මඟක් පෙන්වීම අල්ලාහ්ට යුතු නො වීය.

See all translations of this verse →

بَشِّرِ ٱلْمُنَٰفِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම තමන්ට වේදනීය දඬුවමක් ඇති බව කුහකයින්ට ශුභාරංචි දන්වනු.

See all translations of this verse →

ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ أَيَبْتَغُونَ عِندَهُمُ ٱلْعِزَّةَ فَإِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًا

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කළවුන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව භාරකරුවන් ලෙස ගත්තවුන් ඔවුන් වෙතින් ගෞරවය සොයන්නෝ ද? (දැන ගනු) සැබැවින් ම සියලු ගෞරවයන් අල්ලාහ් සතු ය.

See all translations of this verse →

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ أَنْ إِذَا سَمِعْتُمْ ءَايَٰتِ ٱللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا۟ مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦٓ إِنَّكُمْ إِذًا مِّثْلُهُمْ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلْمُنَٰفِقِينَ وَٱلْكَٰفِرِينَ فِى جَهَنَّمَ جَمِيعًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනු ලැබීම, ඒවා සමච්චලයට ලක් කරනු ලැබීම නුඹලාගේ සවනට වැකුණේ නම්, ඔවුහු ඒ හැර වෙනත් කතාවක නියැළෙන තෙක් නුඹලා ඔවුන් සමඟ වාඩි නො වනු. (නැතහොත්) නියත වශයෙන් ම නුඹලා ද එවිට ඔවුන් මෙන් වන්නෙහුය යැයි ධර්ම ග්‍රන්ථයේ නුඹලා වෙත පහළ කර ඇත. නියත වශයෙන් ම අල්ලාහ් කුහකයින් හා දේව ප්‍රතික්ෂේපකයින් යන සියල්ලෝ ම නිරයට එක් රැස් කරන්නා ය.

See all translations of this verse →

ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَٰفِرِينَ نَصِيبٌ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නො වේ දැ? යි පවසති. එහෙත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලාව අබිබවා යන්නට තිබුණද දේවත්වය විශ්වාස කළවුන්ගෙන් අපි නුඹලාව වැළැක්වූයේ නැති දැ? යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේවත්වය විශ්වාස කළවුන්ට එරෙහිව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ට අල්ලාහ් (ඉඩ) නො තැබුවේ ම ය.

See all translations of this verse →

إِنَّ ٱلْمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمْ وَإِذَا قَامُوٓا۟ إِلَى ٱلصَّلَوٰةِ قَامُوا۟ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذْكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම කුහකයින් අල්ලාහ්ව මුළා කරන්නට බලති. එහෙත් ඔහු ඔවුන් මුළාවෙහි හැර දමා ඇත. තවද ඔවුහු සලාතය සඳහා සිට ගත් විට ජනයාට පෙන්වමින් අලසකමින් සිට ගනිති. ඔවුහු අල්ලාහ්ව සුඵ වශයෙන් මිස මෙනෙහි නො කරති.

See all translations of this verse →

مُّذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු (දේව විශ්වාසය හා ප්‍රතික්ෂේපය යන) ඒ අතර දෝලනය වෙමින් සිටිති. ඔවුහු මොවුන් වෙතද නො වෙති. තවද ඔවුන් වෙත ද නො වෙති. තවද අල්ලාහ් කවරෙකුව නොමඟ යන්නට ඉඩ හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් වූ කිසිදු මඟක් නුඹ නො දකින්නෙහි ම ය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ أَتُرِيدُونَ أَن تَجْعَلُوا۟ لِلَّهِ عَلَيْكُمْ سُلْطَٰنًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් හැර දමා දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව සමීප මිතුරන් ලෙස නො ගනු. (මෙමඟින්) නුඹලාට එරෙහිව අල්ලාහ් කෙරෙහි පැහැදිලි සාධකයක් ඇති කර දීමට නුඹලා ප්‍රිය කරන්නෙහු ද?

See all translations of this verse →

إِنَّ ٱلْمُنَٰفِقِينَ فِى ٱلدَّرْكِ ٱلْأَسْفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම කුහකයින් නිරා ගින්නෙහි පහළ ම තලයේ වෙයි. ඔවුන් වෙනුවෙන් නුඹ කිසිදු උදව් කරුවකු නො ලබන්නේහි ම ය.

See all translations of this verse →

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَٱعْتَصَمُوا۟ بِٱللَّهِ وَأَخْلَصُوا۟ دِينَهُمْ لِلَّهِ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් පාප සමාව අයැද තමන්ව හැඩගස්වා අල්ලාහ්ව තදින් ග්‍රහණය කොට තම දහම අල්ලාහ්ට පමණක් අවංකව පිළිපඳින්නන් හැර. ඔවුහු දේවත්වය විශ්වාස කළවුන් සමඟ ය. දේවත්වය විශ්වාස කළවුන්ට අල්ලාහ් අතිමහත් ප්‍රතිඵල දෙනු ඇත.

See all translations of this verse →

مَّا يَفْعَلُ ٱللَّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَءَامَنتُمْ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදී ය; සර්වඥානී ය.

See all translations of this verse →

لَّا يُحِبُّ ٱللَّهُ ٱلْجَهْرَ بِٱلسُّوٓءِ مِنَ ٱلْقَوْلِ إِلَّا مَن ظُلِمَ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅපරාධයට ලක්වූවන් හැර වෙනත් කිසිවෙකු පරුෂ වදන් ප්‍රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්‍රිය නො කරයි. තවද අල්ලාහ් සර්වශ්‍රාවක; සර්වඥානී ය.

See all translations of this verse →

إِن تُبْدُوا۟ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا۟ عَن سُوٓءٍ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا قَدِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerයම් යහපතක් නුඹලා හෙළි කළ ද එය නුඹලා සැඟවුව ද යම් නපුරකට නුඹලා සමාව දුන්න ද සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී මහා ශක්තිවන්තයා ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُوا۟ بَيْنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَن يَتَّخِذُوا۟ بَيْنَ ذَٰلِكَ سَبِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්‍රතික්ෂේප කර අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් අතර වෙනස්කම් කොට ඇතැමුන්ව අපි විශ්වාස කරමු. එමෙන් ම ඇතැමුන්ව අපි ප්‍රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්‍රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…

See all translations of this verse →

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًا مُّهِينًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබෑ ලෙසින් ප්‍රතික්ෂේප කළවුන් මොවුහු ම ය. තවද අපි ප්‍රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.

See all translations of this verse →

وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمْ يُفَرِّقُوا۟ بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُو۟لَٰٓئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් විශ්වාස කර ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනස් කම් නො කළවුන් වනාහි ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු ඔවුනට මතු පිරිනමනු ඇත. තවද අල්ලාහ් අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විත ය.

See all translations of this verse →

يَسْـَٔلُكَ أَهْلُ ٱلْكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَٰبًا مِّنَ ٱلسَّمَآءِ فَقَدْ سَأَلُوا۟ مُوسَىٰٓ أَكْبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓا۟ أَرِنَا ٱللَّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ بِظُلْمِهِمْ ثُمَّ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ فَعَفَوْنَا عَن ذَٰلِكَ وَءَاتَيْنَا مُوسَىٰ سُلْطَٰنًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථ ලද්දවුන් තමන් වෙත අහසින් ග්‍රන්ථයක් නුඹ පහළ කළ යුතු යැයි නුඹෙන් විමසා සිටිති. ඔවුහු මූසාගෙන් ද මීට වඩා බරතපතළ දෑ ඉල්ලා සිටියහ. ඔවුහු “අපට අල්ලාහ්ව ප්‍රසිද්ධියේ පෙන්වන්නැ”යි විමසා සිටියෝ ය. පසුව ඔවුන් කළ අපරාධ හේතුවෙන් ඔවුන්ව අකුණු හඬ හසුකර ගත්තේ ය. පසුව ඔවුන් තමන්ට පැහැදිලි සාධක පැමිණි පසුව වසු පැටවා (නැමදුමට) ගත්හ. අනතුරුව අපි ඒ සඳහා සමාව දුනිමු. තවද අපි මූසාට පැහැදිලි සාධකයක් පිරිනැමුවෙමු.

See all translations of this verse →

وَرَفَعْنَا فَوْقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمْ وَقُلْنَا لَهُمُ ٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا۟ فِى ٱلسَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَٰقًا غَلِيظًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීම සඳහා තූර් කන්ද ඔවුනට ඉහළින් අපි ඔසවා තැබුවෙමු. තවද ‘හිස නමා දොරටුවෙන් ඇතුළු වනු’ යැයි අපි ඔවුනට පැවසුවෙමු. තවද ‘සෙනසුරාදා සීමාව ඉක්මවා නො යනු’ යැයි ද අපි ඔවුනට පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු.

See all translations of this verse →

فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ وَكُفْرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتْلِهِمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌۢ بَلْ طَبَعَ ٱللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන්ගේ ප්‍රතිඥාවන් ඔවුන් බිඳ දැමූ හෙයින් ද අල්ලාහ්ගේ සංඥාවන් ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද කිසිදු යුක්තියකින් තොරව නබිවරුන්ව ඔවුන් ඝාතනය කළ හෙයින් ද අපගේ හදවත් වැසී ඇතැයි ඔවුන් පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) එමෙන් ම ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් ඒ මත අල්ලාහ් මුද්‍රා තැබුවේ ය. එබැවින් ස්වල්ප දෙනෙකු මිස ඔවුහු විශ්වාස නො කරති.

See all translations of this verse →

وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَٰنًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද ඔවුන් ප්‍රතික්ෂේප කළ හෙයින් ද මර්යම් කෙරෙහි මහත් අවලාද පැවසූ හෙයින් ද (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය).

See all translations of this verse →

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ لَفِى شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينًۢا

Sinhalese Translation - Rowwad Translation Center‘අල්ලාහ්ගේ දූතයකු වන මර්යම්ගේ පුත් ඊසාව සැබැවින් ම අපි ඝාතනය කළෙමු’ යැයි ඔවුන් පැවසූ හෙයින් (අල්ලාහ් ඔවුන්ව ඔහුගේ දයාවෙන් නෙරපා දැමුවේ ය) නමුත් ඔවුහු ඔහුව ඝාතනය නො කළෝ ය. එමෙන් ම ඔවුහු ඔහුව කුරුසයේ තබා ඇණ ගැසුවේ ද නැත. එහෙත් ඔවුනට (වෙනත් පුදගලයෙකු) ඔහුට සමාන කර පෙන්වන ලදි. තවද සැබැවින් ම ඔහු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් වනාහි ඔහු පිළිබඳව සැකයෙහි පසුවෙති. ඔවුන් අනුමාන පිළිපැදීම හැර ඔහු ගැන වෙනත් කිසිදු දැනුමක් ඔවුනට නොමැත. ඔවුහු ඔහුව තිරසාරව ඝාතනය නො කළෝ ය.

See all translations of this verse →

بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيْهِ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් අල්ලාහ් තමන් වෙත ඔහුව ඔසවා ගත්තේ ය. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

وَإِن مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِۦ قَبْلَ مَوْتِهِۦ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථය ලැබූ කිසිවෙකු ඔහු (මෙලොවට පැමිණ) මරණයට පත් වීමට මත්තෙන් ඒ ගැන විශ්වාස කරනවා මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ඔවුනට එරෙහිව සාක්ෂිකරුවකු වනු ඇත.

See all translations of this verse →

فَبِظُلْمٍ مِّنَ ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَٰتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerයුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත කරනු ලැබූ පිවිතුරු දෑ අපි ඔවුනට තහනම් කළෙමු. තවද එය අල්ලාහ්ගේ මාර්ගයෙන් බොහෝ දෙනාව ඔවුන් අවහිර කළ බැවිනි.

See all translations of this verse →

وَأَخْذِهِمُ ٱلرِّبَوٰا۟ وَقَدْ نُهُوا۟ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerතවද පොලිය තහනම් කරනු ලැබ තිබිය දී ඔවුන් එය ගත් බැවින් ද අනිසි අයුරින් ජනයාගේ වස්තුව ඔවුන් අනුභව කළ බැවින් ද වේ. තවද අපි ඔවුන් අතුරින් වූ දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට වේදනා සහගත දඬුවමක් සූදානම් කළෙමු.

See all translations of this verse →

لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ مِنْهُمْ وَٱلْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ وَٱلْمُقِيمِينَ ٱلصَّلَوٰةَ وَٱلْمُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلْمُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ أُو۟لَٰٓئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් ඔවුන් අතුරින් දැනුමෙහි තීක්ෂණ බුද්ධියක් ඇත්තවුන් ද දේවත්වය විශ්වාස කළ අය ද නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද, නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද සලාතය විධිමත්ව ඉටු කරන්නන් ද, zසකාත් දෙන්නන් ද, අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ද වන මොවුනට අපි අතිමහත් ප්‍රතිඵල පිරිනමන්නෙමු.

See all translations of this verse →

إِنَّآ أَوْحَيْنَآ إِلَيْكَ كَمَآ أَوْحَيْنَآ إِلَىٰ نُوحٍ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعْدِهِۦ وَأَوْحَيْنَآ إِلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيْمَٰنَ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًا

Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින් ම අපි වහී පහළ කළෙමු. (ඒ අනුව) අපි ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ්, අස්බාත් (හෙවත් යඃකූබ්ගේ පරපුර) ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන් හා සුලෙයිමාන් යන අයට ද වහී පහළ කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ධර්ම ග්‍රන්ථය) පිරිනැමුවෙමු.

See all translations of this verse →

وَرُسُلًا قَدْ قَصَصْنَٰهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلًا لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكْلِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන මීට පෙර අපි නුඹට පවසා ඇත. තවද ඇතැම් රසූල්වරුන්, ඔවුන් ගැන අපි නුඹට පවසා නැත. තවද අල්ලාහ් මූසා සමඟ කතා කළේ ය.

See all translations of this verse →

رُّسُلًا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඑම රසූල්වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහිව ජනයාට නො වනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

لَّٰكِنِ ٱللَّهُ يَشْهَدُ بِمَآ أَنزَلَ إِلَيْكَ أَنزَلَهُۥ بِعِلْمِهِۦ وَٱلْمَلَٰٓئِكَةُ يَشْهَدُونَ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerඑහෙත් නුඹ වෙත පහළ කළ දෑට අල්ලාහ් සාක්ෂි දරනු ඇත. එය ඔහුගේ අනු දැනුමෙන් පහළ කළේ ය. තවද මලාඉකාවරු ද සාක්ෂි දරති. සාක්ෂි දරන්නා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ قَدْ ضَلُّوا۟ ضَلَٰلًۢا بَعِيدًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළවුන් වනාහි සැබැවින් ම අන්ත මුළාවකින් මුළා වූහ.

See all translations of this verse →

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَظَلَمُوا۟ لَمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම ප්‍රතික්ෂේප කොට අපරාධ කළවුන් වනාහි ඔවුනට සමාව දීමට හෝ ඔවුන්ව යහමඟ යැවීමට හෝ අල්ලාහ්ට කිසිදු මඟක් නො වීය.

See all translations of this verse →

إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerනිරයේ මාර්ගය මිස. ඔවුහු එහි නිරන්තරයෙන් ම සදාතනිකයින් වෙති. තවද අල්ලාහ්ට එය පහසු කාර්යයක් විය.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلْحَقِّ مِن رَّبِّكُمْ فَـَٔامِنُوا۟ خَيْرًا لَّكُمْ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සත්‍යය රැගෙන මෙම රසූල්වරයා නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරනු. නුඹලාට එය යහපතකි. එහෙත් නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට (දැන ගනු) සැබැවින් ම අහස්හි හා මිහිතලයෙහි ඇති දෑ අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් සර්ව ඥානී ය; සර්ව ප්‍රඥාවන්ත ය.

See all translations of this verse →

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌ مِّنْهُ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَا تَقُولُوا۟ ثَلَٰثَةٌ ٱنتَهُوا۟ خَيْرًا لَّكُمْ إِنَّمَا ٱللَّهُ إِلَٰهٌ وَٰحِدٌ سُبْحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Sinhalese Translation - Rowwad Translation Centerධර්ම ග්‍රන්ථ ලැබූවනි! නුඹලාගේ දහමෙහි නුඹලා සීමාව ඉක්මවා නො යනු. අල්ලාහ් කෙරෙහි සත්‍යය මිස (වෙන කිසිවක්) නො පවසනු. සැබැවින් ම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකි. තවද ඔහුගේ වදනකි. එය මර්යම් වෙත හෙළුවේ ය. තවද ඔහුගෙන් වූ ආත්මයකි. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරු ද විශ්වාස කරනු. ත්‍රිත්වය යැයි නො පවසනු (එයින්) වැළකෙනු. නුඹලාට යහපත් වනු ඇත. සැබැවින් ම අල්ලාහ් ඒකීය දෙවියා ම ය. ඔහුට දරුවකු වීමෙන් ඔහු පිවිතුරු ය. අහස්හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතු ය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.

See all translations of this verse →

لَّن يَسْتَنكِفَ ٱلْمَسِيحُ أَن يَكُونَ عَبْدًا لِّلَّهِ وَلَا ٱلْمَلَٰٓئِكَةُ ٱلْمُقَرَّبُونَ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِۦ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් මසීහ් හෝ සමීප මලාඉකාවරුන් හෝ හෙළා නො දකින්නේ ම ය. ඔහුට ගැතිකම් කිරීමෙන් කවරෙකු හෙළා දැක උඩඟු වන්නේ ද එවිට (දැන ගනු) ඔහු වෙත ඔවුන් සියල්ල ම ඔහු එක් රැස් කරනු ඇත.

See all translations of this verse →

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ وَأَمَّا ٱلَّذِينَ ٱسْتَنكَفُوا۟ وَٱسْتَكْبَرُوا۟ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا

Sinhalese Translation - Rowwad Translation Centerදේවත්වය විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු පූර්ණව දෙනු ඇත. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අමතරව දෙනු ඇත. එහෙත් හෙළා දැක උඩඟු වූ අය කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. ඔවුනට භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුන් නො ලබනු ඇත.

See all translations of this verse →

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُم بُرْهَٰنٌ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًا مُّبِينًا

Sinhalese Translation - Rowwad Translation Centerඅහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු.

See all translations of this verse →

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱعْتَصَمُوا۟ بِهِۦ فَسَيُدْخِلُهُمْ فِى رَحْمَةٍ مِّنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَٰطًا مُّسْتَقِيمًا

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ව විශ්වාස කොට ඔහුව තදින් ග්‍රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්‍යයෙහි ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. තවද ඔහු ඔවුනට ඍජු මාර්ගයෙන් ඔහු වෙත මඟ පෙන්වනු ඇත.

See all translations of this verse →

يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَٰلَةِ إِنِ ٱمْرُؤٌا۟ هَلَكَ لَيْسَ لَهُۥ وَلَدٌ وَلَهُۥٓ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌ فَإِن كَانَتَا ٱثْنَتَيْنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِن كَانُوٓا۟ إِخْوَةً رِّجَالًا وَنِسَآءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ أَن تَضِلُّوا۟ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ

Sinhalese Translation - Rowwad Translation Center(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. “කලාලා” (එකකුස උපන් සහෝදර සහෝදරියන්) සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක් සිටිය දී තමන්ට දරුවකු නො වූ තත්ත්වයක පුද්ගලයකු මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතු ය. එමෙන් ම ඇයට දරුවකු නො වූයේ නම් ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන් ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතු ය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන්ව වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (පංගුවක්) පිරිමියාට හිමි විය යුතුයි. නුඹලා නොමඟ නො යනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේ ය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානී ය.

See all translations of this verse →

Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70