قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌ وَلَمْ يَمْسَسْنِى بَشَرٌ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ إِذَا قَضَىٰٓ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ
Sinhalese Translation - Rowwad Translation Center‘මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නො කර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ දැ?’ යි ඇය විමසුවා ය. එලෙසය, අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේ. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය, එය වහාම සිදු වන්නේ ය.