إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُۥنَ عَلَىٰٓ أَحَدٍ وَٱلرَّسُولُ يَدْعُوكُمْ فِىٓ أُخْرَىٰكُمْ فَأَثَٰبَكُمْ غَمًّۢا بِغَمٍّ لِّكَيْلَا تَحْزَنُوا۟ عَلَىٰ مَا فَاتَكُمْ وَلَا مَآ أَصَٰبَكُمْ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerධර්ම දූතයා (මුහම්මද්) නුඹලා පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී, කිසිවකු දෙස හැරී නො බලා නුඹලා (කන්ද ට) නැග ගිය සැටි මෙනෙහි කර බලනු. මේ හේතුවෙන් නුඹලාට ද තැවුලෙන් තැවුල විපාක දුන්නේ ය. කුමක් නිසාද යත් නුඹලාට අත පසු වූ දෙය ගැන ද, නුඹලාට හටගත් සිදුවීම ගැනද නුඹලා ශෝකයට පත් නො වනු පිණිසයි. අල්ලාහ් නුඹලා කරන දේ ගැන මහා ප්‍රඥාවන්ත ය.