ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّنۢ بَعْدِ ٱلْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَىٰ طَآئِفَةً مِّنكُمْ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِٱللَّهِ غَيْرَ ٱلْحَقِّ ظَنَّ ٱلْجَٰهِلِيَّةِ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلْأَمْرِ مِن شَىْءٍ قُلْ إِنَّ ٱلْأَمْرَ كُلَّهُۥ لِلَّهِ يُخْفُونَ فِىٓ أَنفُسِهِم مَّا لَا يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ ٱلْأَمْرِ شَىْءٌ مَّا قُتِلْنَا هَٰهُنَا قُل لَّوْ كُنتُمْ فِى بُيُوتِكُمْ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيْهِمُ ٱلْقَتْلُ إِلَىٰ مَضَاجِعِهِمْ وَلِيَبْتَلِىَ ٱللَّهُ مَا فِى صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِى قُلُوبِكُمْ وَٱللَّهُ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
Sinhalese Translation - Rowwad Translation Centerඅනතුරුව එම තැවුලෙන් පසුව ඔහු නුඹලා වෙත සහනයක් ලබා දෙන සුළු නින්දක් පහළ කළේ ය. එය නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරගත්තේ ය. තවද (තවත්) පිරිසක්, ඔවුන්ගේ සිත් ඔවුන් කෙරෙහි ම ශෝකය ඇති කළේ ය. ඔවුහු අඥාන යුගයේ සිතුවිලි මෙන් අල්ලාහ් ගැන සත්‍ය නො වන දෑ සිතමින් “මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට ඇත්තේ දැ” යි විමසති. ‘සියලු කරුණු අල්ලාහ්ට’ යැයි පවසනු. නුඹට හෙළි නො කරන දෑ ඔවුහු ඔවුන්ගේ සිත් තුළ සඟවා ගනිති. ‘අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නො වන්නෙමු’ යැයි පවසති. ‘නුඹලා නුඹලාගේ නිවෙස්වල සිටිය ද ඝාතනය කරනු ලැබීමට නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේ ම ය’ යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය.